Image: Vikalpa File/මරා දැමුනු පට්ටානි රාසික්ගේ අවසන් කටයුතු සිදුවූ මොහොත
2005-2015 කාලය ප්රජාතන්ත්රවාදය අගයන බොහෝ දෙනා අමතක කිරීමට කැමති කාල වකවානුවකි. මේ කාලය පුරාවට රාජපක්ෂවරුන් හෝ ඔවුන්ගේ සහචරයින් නිර්ලජජිතව මිනිමැරීම්, ස්ති‍්‍ර දූෂනයන්, දැවැන්ත මූල්‍ය අක්රමිකතාවන් ආදී බොහෝ ප්රජාතන්ත්ර විරෝධි කි‍්‍රයාවල නිරත වුණි. මෙම අසාධාරණයට එරෙහි ව හඩ නැගූවන්ට සිදු වූයේ මහමග පිහිපාරවල් කන්නය. එසේත් නැතිනම් රාජ්‍ය ආනුග්රහය යටතේ කි‍්‍රයාත්මක වූ සුදුවෑන් රථවලින් පැහැර ගෙන ගොස් සදාකාලිකවම අතුරුදහන් වූවන්ගේ ලේඛනයට ඇතුලත් වීමටය. මේ තත්වය තුළ පුරවැසියන්ට සිදු වූයේ නිවටුන් සේ නිහඩව සිටිමටය. නමුත් කිසිවෙකුත් නොසිතූ ලෙස ජනවාරි 8 වෙනිදා සබුද්ධික ජනතාව එකතු වී කිසිදා පැරදවිය නොහැකි යයි හදුන්වනු ලැබු රාජපක්ෂ රෙජීමය පරාජය කරන ලදී.
නමුත් පුරවැසියන් එකතු වී කරන ලද මෙම පෙරළියේ සැබෑ අර්ථය බලයට පත් ආණ්ඩුව හරි හැටි තේරුම් ගෙන නැතැයි පෙනෙන්නට තිබේ. මන්ද ඔවුන්ද කටයුතු කරන්නේ සැබෑ ජනතා අභිලාෂයන් වෙනුවෙන් නොව තම තමන්ගේ පක්ෂ න්‍යාය පත්රයන්ට අදාළව බව පෙනෙන්නට තිබේ. මෙවැනිම පරිවර්තනයක් 88/89 යුගයෙන් පසු 1994දී පොදු ජන එක්සත් පෙරමුණ බලයට පත් වීමෙන් දක්නට ලැබිණි. මහින්ද රාජපක්ෂ රෙජීමයේ භිෂණයේ සංඛේතය ‘සුදු වෑන්’ වූවා මෙන් 88/89 යුගයෙන් භිෂණයේ සංකේතය ‘ටයරය’ විය. එකල දහස් ගණනක් වූ තරුණ තරුණියන් අනේක විධ වද විද ටයර් සෑයක් මත පිළිස්සුණි. එකල මෙම කි‍්‍රයාවන්ට විරුද්ධව ජනතාව පෙළ ගස්සනු ලැබූ ප්රමුඛ පෙළේ පුද්ගලයෙක් වූයේ වර්තමාන සුුදුවෑන් සංස්කෘතියේ ආරක්ෂකයා වන මහින්ද රාජපක්ෂය වීම උත්ප්රාසජනකය. 1994දී බලයට පත් රජය මෙම ඝාතනයන් ජන්ද ගුණ්ඩු ලෙස පාවිච්චි කළා විනා වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉෂ්ඨ කිරීමට තීරණාත්මක ලෙස මැදිහත් වුණේ නැත. මෙහි ඛේදවාචකය කොතෙක්ද යත් මෙම කාල සීමාවට ආසන්න කාලය තුළ සිදුවූ ඝාතනයකට යුක්තිය ඉටු වුණේ වසර 25කට පසුවය. එනම් 2015දීය.
මානව හිමිකම් කි්රයාදරයෙක් වන පට්ටානී රසීක් මහතා අතුරුදහන් වන්නේ 2010 පෙබරවාරි මස 11 වන දිනය. එතැන් සිට අද දක්වා එතුමාගේ පවුලේ සාමාජිකයන් සහ අනෙක් සිවිල් සමාජ කි‍්‍රයාකාරීන් මේ සම්බන්ධව කටයුතු කරන අතර වසර 5කටත් වඩා ගත වී ඇතත් මේ සම්බන්ධ යුක්තිය පෙනෙන තෙක් මානයකවත් නැත. අතුරුදහන් වූ රසීක්ගේ සිරුර යැයි සැක කළ හැකි සිරුරක් 2011 ජූලි මස 28 දින වාලච්චේන ප්‍රදේශයෙන් හමු වෙන අතර රසීක්ගේ පුත් රිස්කාන් එය තම පියාගේ යයි හදුනා ගන්නා ලදී.
රාජපක්ෂ රෙජීමය යටතේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් පොලීසිය අනුගමනය කරන කි‍්‍රයාමාර්ගය බෙහෙවින් ප්රශ්නකාරිය. රාජ්‍ය ආයතනයක් වන පොලිසිය නීතිය කි‍්‍රයාත්මක කිරීමේ කි‍්‍රයාවලියේ කේනද්‍රීය සාධකයකි. මෙවැනි සිදුවීමක් වූ විට පළමුව මෙම අසාධාරණය සම්බන්ධයෙන් කරුණු සොයා බලා අධිකරණයට වාර්තා කරන්නේ පොලීසියයි. නමුත් පසුගිය කාල සමය තුළ සිදු වුයේ පොලීසිය හිතාමතාම කරුණු විකෘති කිරීමයි. එසේත් නැතිනම් ඉතාම මන්දගාමී ලෙස විමර්ශන කටයුතු සිදු කිරීමයි. මෙමගින් සිදු වන්නේ මහජනයා තුළ නිතිය පිළිබද විශ්වාසය බිද වැටීමයි. ජනවාරි 8 සිදු වූ වෙනස නීතියේ ආධිපත්‍යය වෙනුවෙනු වෙන් පුරවැසියන් කරන ලද අරගලයක ද ප්‍රතිඵලයක් වේ.
පට්ටානී රසීක් මහතාගේ අතුරුදහන් වීම සම්බන්ධ අධිකරණ කි‍්‍රයාමාර්ගය ද ඉහත සදහන් කළ නීතියේ ආධිපත්‍යය බිද වැටීම පිළිබද ඉතා හොද උදාහරණයකි. පොලීසිය මෙම අතුරුදහන් වීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් සම්බන්ධ බවට ප්‍රකාශ කරන ලදී. එසේ ප්‍රකාශ කොට ඔවුන්ගෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් අතර තෙවැන්නා ඒ වන විට සිටියේ මැද පෙරදිගය. පසුව පොලීසිය ඔවුන්ගෙන් එක් අයෙක් රජයේ සාක්ෂිකාරයෙක් කරන ලදී. නමුත් රසීක්ගේ පවුලේ අය විශ්වාස කරන්නේ මෙම කි‍්‍රයාව පිටුපස අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් සිටින බවයි. එසේම රසීක් අතුරුදහන් වීම සමබන්ධයෙන් අනෙක් සැකකරුගේ සම්බන්ධය අපැහැදිලිය. මන්ද ඔහු රසීක්ව නොහදුනන්නෙක් වීමයි. එසේම පොලීසිය මේ පිළිබද විමර්ශන අරඹන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කරමින්ය. සැකකරුවන්ට විරුද්ධව එසේ පවරනු ලැබූ චෝදනා අතර ඔවුන් එල්.ටී.ටී.ඊයට සම්බන්ධ බවට චෝදනාද තිබේ. පැහැදිලිව පෙනෙන්න තිබෙන කාරණය වන්නේ පොලිසිය අනවශ්‍ය කාරණාද රසීක්ගේ අතුරුදහන් වීමට සම්බන්ධ කර ව්‍යාකූල තත්වයක් ඇති කිරීමයි.
වඩා වැදගත්ම කාරණය වන්නේ රසීක්ගේ අතුරුදහන් වීම සම්බන්ධව ප්‍රධාන වශයෙන්ම සැකය යොමු වූ නිහමත් නම් පුද්ගලයා සම්බන්ධයෙන් කිසිම විමර්ශනයක් සිදු නොවීමයි. නිහමත් යනු රසික් රාජකාරි කළ Community Trust Fund (CTF) ආයතනයේ රසීක් දැරු Trustee General of CTF නම් තනතුර දැරු පුද්ගලයායි. එමෙන්ම තවත් වැදගත් කාරණයක් වන්නේ රසීක් පැහැර ගනු ලැබූවන් විසින් කරන ලද කප්පම් කොන්දේසිවල එක් කොන්දේසියක් වූයේ CTF හී වත්කම් පිළිබද තොරතුරු හෙළිදරව් කරන ලෙසත් එම වත්කම් Nujoom Trust නම් අරමුදලට ලබා දෙන ලෙසත්ය. මෙම Nujoom Trust අරමුදල නිහමත් විසින් 2009දී ආරම්භ කරන ලද්දකි. මේ ආකාරයෙන් බලන කළ මෙම අතුරුදහන් කිරිම සහ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීමට පැහැදිලි සහ ප්‍රබල සාක්ෂි තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේදී මෛති‍්‍රපාල සිරිසේන මහතා වට ගොඩ නැගුණු ජන බලවේගයේ එක් කේන්ද්‍රීය ඉල්ලීමක් වූයේ අතුරුදහන් කිරීම්වලට සහ මරා දැමීම් වලට සාධාරණයක් ඉෂ්ඨ කිරීමයි. මහින්ද රාජපක්ෂ රජය සමයේ සියල්ලන්ම බියෙන් සිටින විට අතුරුදහන් කරවනු ලැබූ ප්‍රගීත් එක්නැලිගොඩ නම් තම ස්වාමිපුරුෂයා සොයා සන්ධ්‍යා එක්නැලිගොඩ ජනාධිපතිවරයා නැවති සිටි අරලියගහ මන්දිරය ඉදිරිපිට පොල් ගැසීමට තරම් නිරභීත වූවාය. වර්තමාන රජය බලයට පත් වන්නේ මෙවන් අසාධාරණයට ලක් වූවන් දහස් ගණනකගේ උත්සාහයන් මැදිනි. එම නිසා වර්තමාන රජයට මෙවැනි කාරණ සම්බන්ධයෙන් නොදැක්කා සේ සිටිය නොහැක.
නමුත් පෙනී යන ආකාරයට කරුණු කාරණා සිද්ධ වන්නේ අප බලාපොරොත්තු වන ආකාරයෙන් නොවේ. ජනවාරි 8 වෙනිදා සිට අද වන තෙක් රසික්ගේ ඝාතනය පිළිබද තිබි ඇත්තේ නඩුවාර 2ක් පමණි. මැයි මාසයෙන් පසුව ඊලග නඩුවාරය ඇත්තේ ඔක්තෝම්බර් මස 7 වන දිනටය. එනම් මාස 5කට පමණ පසුවය. මෙසේ කල් මැරීම අධිකරණ ක්‍රමය නිසා සිදු වන්නක් ආදී වූ සරල පිළිතුරු මෙම ආණ්ඩුවට ලබා දිය නොහැක. මන්ද මෙම ආණ්ඩුව යුක්තිය අගයන ජනතාව පත් කරන ලද්දේ මෙවැනි දූෂිත ක්රමයන් වෙනස් කිරීමට විනා එවා පිටුපස හැංගීමට නොවේ. එමෙන්ම පසුගිය මස රසික්ගේ නඩුවේ තෙවැනි සැකකරු ලංකාවට පැමිණි පසු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව සලකන්නේ රසික් පැහැර ගනු ලැබූ වෑන් රථයේ රියදුරු ලෙසටය. දැන් පරීක්ෂණයට අවශ්‍ය සියලුම සැකකරුවන් සිටින බැවින් පොලිසියට ඉක්මණින් රසීක්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ සම්බන්ධතාවයන් පිළිබද සොයා ගත හැක.
නමුත් ප්‍රබල දේශපාලන හස්තයක් කි‍්‍රයාත්මක වීම මත රසීක්ගේ පරීක්ෂණය මන්දගාමී වි තිබේ. මෙම දේශපාලනඥයා මහින්ද රාජපක්ෂ රෙජිමයේ සිටි ඇමතිවරයෙක් වන අතර පසුව වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ වී නැවතත් ඇමති තනතුරක් ගත්ත අයෙක් වෙයි. මෙම තත්වය රසීක්ගේ ඝාතනය සම්බන්ධයෙන්ම පමණක් නොව අනෙකුත් අතුරුදහන් වීම්, මරා දැමීම් ආදීය සම්බන්දයෙන් දක්නට ලැබෙන පොදු තත්වයකි. උදාහරණයක් දක්වනවා නම් 2013 සැප්තැම්බර් මස 02 දින අනුරාධපුර නගරයේදී මාංචු දමා, පොලිස් හැදුනුම්පත් පෙන්වා සුදු වෑන් රථයකින් පැහැර ගනු ලැබු මධුෂ්ක හරිස් ද සිල්වා සම්බන්ද පරීක්ෂණයත් පොලිසිය විසින් මේ ආකාරයෙන්ම කඩාකප්පල් කර තිබේ. මෙයට ආසන්න හේතුව ලෙස මධුෂ්කගේ පවුලේ අයට ලැබි තිබෙන තොරතුරු අනුව සදහන් වන්නේ් මධුෂ්කගේ පැහැර ගැනීමට වර්තමාන පොලිස්පතිවරයාගේ සෘජු සම්බන්ධයක් තිබෙන බවයි. ජනවාරි 8 සිදු වු වෙනසට මැදිහත් වූ බොහෝ පුරවැසියන්ගේ අප්‍රසාදය වර්තමාන ආණ්ඩුව වෙත එල්ල වීමට පටන් ගෙන තිබෙන්නේ මෙවැනි කාරණා නිසාය. එනම් ජනවාරි 8 දින ජය ගනු ලැබු අදහස් අභිබවා නැවත වතාවක් ජනවාරි 8ට පෙර තිබූ ප්රජාතන්ත්රවිරෝධි අදහස් ඉස්මතු වීමයි.
මෙවැනි කාරණාවලින් පැහැදිලිව පෙනෙන්නේ වර්තමාන ආණ්ඩුව පුරවැසියන් විසින් පත් කරන ගනු ලැබුවද මෙම ආණඩුවේද සිටින්නේ රාජපක්ෂ රෙජීමයේ සිටි පුද්ගලයින් බවයි. එවැනි තත්වයක් තුළ ජනවාරි 8 වැනිදා ජයගත් ජනතා අභිලාෂවලට දැඩි බලපෑමක් වී ඇත. එබැවින් කිව හැක්කේ ජනතා අභිලාෂවලට මෙම රජය පිටුපාන්නේ නම් රාජපක්ෂ රෙජිමයට එරෙහිව එස වුනු දෑත් මෙම රජයට එරෙහිවද එසවීමට පුරවැසියන් දෙවරක් නොසිතනු ඇති බවයි.
සමල් විමුක්ති හේමචන්ද්‍ර | Samal Vimukthi Hemachandra