Image courtesy: Daily News
වසර 15ට පෙර එනම් වසර 2000 දී හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හිදී හමුදා භටයන් පිරිසක් විිසින් වයස අවුරුදු දහතුනක දරුවකු සමග දෙමළ සිවිල් වැසියන් අටදනෙකු අල්ලා දෑස් බැඳි ඔවුන්ගේ උගුර කපා ම්ලේඡ්ච අන්දමින් ඝාතනයක් කර මළ සිරුරු මිරුසුවිල් හි වැසිකිළි වළක දමා ඇත. හමුදා අත් අඩංගුවෙන් මිදී පලායාමට සමත්වූ එක් අයෙකුගේ ඇසින් දුටු සාක්ෂිය අනුව මෙම සිද්ධිය හෙලිදරව් කිරීමෙන් පසු හමුදා භටයන් 14 දෙනෙකුව අත් අඩංගුවට ගත්තේය. නීතිපති කාර්යාලය විසින් අත්අඩංගුවට ගත් 14 දෙනාගෙන් 5 දෙනෙකුට අධිචෝදනා එල්ලකරනු ලැබූවද දෙදෙනෙකු වරදකරුවන් බවට පත්කරන ලදි. මාණ්ඩලික සැරයන් රත්නායකව කොළඹ මහාධිකරණයයේ, දෙදෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් වරදකරුකොට මරණ දඩුවම් නියම කරන ලදි. වසර ගණනක් පුරා නඩු අසා නීතියෙන් වරදකරුවෙකු වූ මෙම මිරුසුවිල් ඝාතන සඳහා වගකිව යුතු පුද්ගලයාට මරණ දඬුවම දීම ගැන පොදු ප්රතිචාරයන් දෙකක් මතුවී තිබිණි. එක් අතකින් මෙලෙස දඩුවම් නියම කිරිමේ විශේෂත්වය නම් යුක්තිය ඉටුකර ඇති බව සඳහන් කරීමයි.
යුක්තිය නිසිපරිදි ඉටුකළ බවට රජයේ සහ යුද හමුදාවේ නිල ස්ථාවරය මෙයින් පැහැදිලි වේ. දේශීය අධිකරණ පද්ධතිය ක්‍රියාත්මකවූ බවත්, එය ක්‍රියාකාරීවීමට සමත් වුන බවත් පෙන්වා දීමට යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතන දෙකම ඉක්මන් විය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මතවූ පසුව විනිසුරුවන්ව ස්වාධීන කළවිට, අපේ රටේ නීති පද්ධතිය විශ්වාස කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය සෑම විටම ඉදිරිපත් කර ඇත. පුද්ගලයින් කවුරුන්ද ඔවුන්ගේ තරාතිරම කුමක්ද යන්න ගැන නොතකා ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ස්වාධීන, අපක්ෂපාතී හා දෘඩත්වය පෙන්විය හැකි බවට, මෙය පැහැදිලි සාක්ෂි ලෙස දක්වා ඇත. වැළලී ගිය බරපතල ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් දේශීය නීති පද්ධතිය තුළ කටයුතු කළ හැකි බව ශ්‍රී ලංකා අධිකරණ මෙයින් ප්‍රකාශකර සිටින්නාහ.
අනෙක් අතට මෙම මාණ්ඩලික සැරයන් රත්නායක, නිර්භීත සෙබළෙක් බවත් ඔහු රට වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ කොටි සංවිධානය සමග සටන් කළ බවත් මෙය දිගුදුර මෙහෙයුමකදී ත්රස්තවාදීන් මරාදැමීමක් බවත් එවැනි විරෝධාර දිගුදුර විමර්ශන මුර සංචාරක සාමාජිකයෙකුට එරෙහිව කෙළෙහි ගුණ නොදැක්වූ ක්‍රියාවක් ලෙස හුවා දක්වන අය එහි වෙති. විශේෂයෙන් ඝාතන චෝදනා බොහෝමයක් සඳහා වගකියන හිටපු කොටි සාමාජිකයින් තවමත් නිදහසේ රැඳී සිටින අතර, මෙම රණවිරුවන් සඳහා ප්‍රතිඋපකාර කිරීමට මාර්ගයක් නොවන බව ඔවුහු පවසති. මිරුසවිලෙයි තීන්දුව මගින් හමුදා භටයන්ට දඬුවම් දීමෙන් ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කිරීමට සිදුකළ ප්‍රදර්ශනාත්මක නඩුවක් යන සිතුවිලි ධාරාව ඔස්සේ පුද්ගලයන් චෝදනා නගන්නේය.
මෙම ආඛ්‍යානයන් දෙකම නිවැරදි විය නොහැක. එක්කෝ චෝදනා මත දුන් දඬුවම අසාධාරණය නැතහොත් නෛතික යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර සම්මතයන් අනුව අධිකරණය කටයුතු කළේය. එහෙත් ඇත්තටම මෙම නඩුවේ සිදු වූ දේ තේරුම් ගැනීමට නම්, අප ශ්‍රී ලංකාව තුළ ඝාතන සම්බන්ධ ඉතිහාසය සහ රාජ්‍ය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සමග කටයුතු කර ඇති ආකාරය පරීක්ෂා කළ යුතුය.
ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂිකා මොයිරා ලින්ච් විසින් 2012 දී ප්‍රකාශයට පත් කළ අධ්‍යනයකට අනුව, 1974 සහ 2008 අතර කාලය තුළ උතුරේ සහ දකුණේ රාජ්‍ය ආරක්ෂක හමුදා විසින් මරා දමා ඇති තහවුරු කරගත් සිවිල් වැසියන් ගණන 16,475 වුවද සැබෑව මෙයට වඩා ඉහල විය හැකි නමුත් විද්වත් පර්යේෂක විසින් තහවුරු කර ඇති සංඛ්‍යාව ලෙස මෙය පිළිගැනේ. මෙම 16475 අතරින් මරණ 300 ක් පමණක් රජය විසින් පරීක්ෂණයට ලක් කර ඇත. මෙයින් ගම්‍යවන්නේ ආරක්ෂක හමුදා නිලධාරීන් සම්බන්ධ මරණ 98.2% ම පරීක්ෂණයට ලක් කර නොමැති බවය. මෙම වකවානුව තුළින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා සම්බන්ධ නඩු 28 විභාගකර අභිචෝදනා ලැබූ පුද්ගලයන් 284 දෙනෙකු අතරින් වරදකරුවන් කර ඇත්තේ 13 දෙනෙකු පමණක් බව ඇය දක්වා සිටින්නීය.
මෙවැනි වැළලීයන ඝාතනවලට අදාල බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නිසි අධිකරණ පිළියම් නොමැති වීමට බොහෝ හේතු තිබේ. මෙම පරීක්ෂණ මෙහෙය වන්නේ පොලිසිය විසිනි. එහිදී දැඩි පරීක්ෂණ කටයුතු සිදුකර සැකෙන් තොර ශක්තිමත් සාක්ෂි මත පදනම්ව නඩු ඉදිරිපත් කිරීමට නිතරම උනන්දුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවක් පොලීසියට නැත. බොහෝ විට, පොලීසිය සෘජු ලෙස වගකිව යුතුවීම හෝ පොලීසිය වෙනත් ක්‍රමවලින් දූෂණයන්ට පැටලී සිටීම විය හැකිය.
බලවත් චූදිතයන් සම්බන්ධවන අවස්ථාවලදී, පොලිසිය ස්වාධීනව කටයුතු කිරීමට අසමත් වේ. නීතිපති කාර්යාලය අධිචෝදනා ගෙන ඒමට නිතරම අලසකමක් දක්වයි. එම දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය ගැනද බොහෝ වතාවක් ප්‍රශ්න කිරීමට ලක්කර ඇත. උදාහරණ අතර වසර 4ට පෙරාතුව අධිකරණය වෙත චෝදනා ගෙනා ඒමට තිබූ නමුත් ඇඹිලිපිටිය නඩු පරීක්ෂණය පිළිබඳ කොමිෂන් වාර්තාවෙන් ගන්නා තුරු එය කල්ගතවිය. ඇඹිලිපිටිය පරීක්ෂණ කොමිසම සිසුන් 50 දෙනකුගේ මරණවලට බොහෝ ජේ්‍යෂ්ඨ දේශපාලකයන් හා හමුදා නිළධාරීන් ගණනාවක් මැදිහත්ව ඇති බවට පැහැදිලි සාක්ෂි ඉදිරිපත්කර තිබිය දීත්, නීතිපති දෙපාර්තමේන්තුව පහළ මට්ටමේ හමුදා භටයන් පසුපස පැන්නුවේය.
මිරුසවිලෙයි නඩුව පිළිබඳ සුපරික්ෂාවෙන් බලනවිට පැහැදිලිවන දෙයක් නම්, එම පරීක්ෂණ කටයුතු සිදු කරන ලද ආකාරය සමග බරපතල වැරද්දක් සිදුවී ඇති බවය. දෙවන ලූතිනන් ඇතුළු මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතාගේ ආධාරකරුවන් පස් දෙනා සම්බන්ධ සෘජු සාක්ෂි නොමැති නිසා ඔවුන් නිදහස් කරන ලදී. රත්නායක මහතා චෝදනා 17කට වරදකරු විය. එහි සිටි අනිත් අයට සම්බන්ධ, එකම චෝදනාව නම් තුවාල සහ ඝාතනය සිදු කිරීමට පොදු අරමුණින් නීති විරෝධීව රැස්වීම වේ. ඉන් අදහස් වන්නේ ඔවුන්ද එයට මැදිහත්වී ඇති බවයි. අධිකරණය නිදහස් කළ ඒ අය එම ස්ථානයේ සිටියදී එක් මිනිසෙකු පමණක් තනි අතින් 8 දෙනෙකුගේ ඇස් වසා බැඳ මරාදැමීම කෙසේ විය හැකි දැයි තේරුම්ගැනීමට අපහසු ප්‍රහෙළිකාවක් පැන නගී. හමුදා පොලීසිය වෙත සිදු කරන ලද පෙර පාපෝච්චාරනය, සමහර අධිකරණ විසින් නොසලකා ඇති බව ප්‍රකාශණ වලින් වාර්තා කර ඇත. අහිංසක සිවිල් වැසියන්ගේ ඝාතන සම්බන්ධයෙන් මාණ්ඩල සැරයන් රත්නායක පමණක් මෙම ඝාතනවලට වරදකරු වන්නේද නොවන්නේද යන්න කෙසේ වෙතත් යථාර්තය නම් අනෙකුත් නිලධාරීන් යුක්තියෙන් පැන යාමට සමත් වීමෙන් භිහිසුණු අපරාධකයකට වරදකරුවන් වූ බවය.
වරදකරුවූ මාණ්ඩලික සැරයන් රත්නායක මහතා යුක්තිය පිළිබඳ නොවිසඳුනු බොහෝ ප්‍රශ්න තබා යන්නේය. මෙවැනි මහා ඝාතන වැනි බරපතල අපරාධවලදී නඩු පැවරීමට යන බොහෝ අවස්ථාවල සිදුවන දෙයක් නම්, වැඩිදෙනෙක්ව අත්අඩංගුවට ගෙන චෝදනා එකක් හෝ දෙකක් එල්ල කරන නමුත් අවසානයේ පහළ ශ්‍රේණිවල භටයන්ව වරදකරුවන් බවට පත්කරනු ලැබීමය.
උල්ලංඝනයන් දිරිමත් කරන හදිසි නීතිය සාදන ප්‍රතිපත්ති සම්පාදකයන්, බල ධුරාවලියේ ඉහළම පෙතේ සිටින්නන් ඔවුන්ගේ සුවපහසු කොළඹ ජීවිත රටාවට කවාදාවත් කිසිදු බලපෑමක් ඇති නොවන බැවින් උල්ලංඝනයන් දිරිමත් කිරීමට හෝ එය නොසලකා හැරීම තොරා ගනු ඇත.
ඔවුන් යහපත්ව නිර්භීතව සහ සත්ගුණවත්ව තවදුරටත් රැඳීසිටී. ශ්‍රී ලංකා රජය, කොටි සංවිධානය සහ සන්නද්ධ හමුදා අතර යුද්ධය ගැන පරීක්ෂණ කරන විට, එය බලවතුන් නොසලකා හරිමින් සහ දුර්වලයන්ට දඬුවම් දීමේ අසාධාරණය නැවතත් නොකළ යුතුය. අපරාධ කොහේ සිදුවුවත් කාගෙන් සිදුවූවත්, එයට සම්බන්ධ කවර තරාතිරමක අය වුනත් ඔවුන්ට දඬුවම් කළ යුතු නමුත් එම අපරාධයට නියෝගදුන් ඒ සඳහා වගකිව යුතු අයට පළමුව දඬුවම් කළ යුතු වන්නේය.
ඩිලන් පෙරේරා | Dilan Perera