ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වන කොකා කෝලා සමාගමේ, බියගම නිෂ්පාදනාගාරයේ විෂ රසායනික කින්දු වීම හේතුවෙන් කැළණි ගඟේ ජලය දැඩි ලෙස දුෂණයට ලක් වීම හේතුවෙන් අගෝස්තු මස 17 වනදා කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක ජාල සැපයුම හදිසියේ අත් හිටවනු ලැබීය. එපමණක් නොව අඹතලේ ජල පවිත්‍රාගාරය හරහා කොළඹ ආශි‍්‍රත ජනතාවට දින ගණනාවක් පානය කිරීමට ලබා දී ඇත්තේ ද විෂ රසායනික වලින් දුෂණය වූ ජලයයි. අගෝස්තු මස 17 වන දින විෂ රසායනික ලීටර 1900 ක් පමණ කැළණි ගඟට කාන්දු වී ඇති අතර අගෝස්තු මස 28 වන දා දක්වා දින 11 ක් පුරා කොළඹ ආශි‍්‍රත 80% ක ජනතාවක් නැතහොත් ලක්ෂ 6 කට වඩා වැඩි ජනතාවක් පානය කර ඇත්තේ මෙම විෂ රසායනික මිශ්‍ර වූ ජලයයි.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජල පෙරහන් පද්ධතිය මෙම රසායනික වලින් අපවිත්‍ර වීම නිසා අගෝස්තු මස 28 වන දින කොළඹ ආශි‍්‍රත ප්‍රදේශයට ජලය ලබා දීම අත්හිටුවා, ජල පෙරහන් පද්ධතිය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට සිදු ව තිබේ. පෙරහන් පද්ධතිය පිරිසිදු කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට රුපියල් කෝටි 3 ක වියදමක් දැරීමට සිදුව තිබේ. එපමණක් නොව එ් කාලය තුළ ජලය බෙදා හැරීම අත්හිටුවීම නිසා මණ්ඩලයට සිදු වූ පාඩුව රුපියල් කෝටි 13 කි. මීට අමතරව ගගේ ජලය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා සාගර පරිසර ආරක්ෂණ අධිකාරියට හා අදාළ පහසුකම් සැපයූ පෞද්ගලික සමාගමට රුපියල් ලක්ෂ 16 ක් පමණ මුදලක් වැය වී තිබේ.
නමුත් අද වන විටත් මේ කිසිදු මුදලක් අදාළ සමාගම විසින් ගෙවා ඇති බවක් වාර්තා නොවේ. ලක්ෂ 6 කට වැඩි ජනතාවකට දින 11 කට වැඩි කාලයක් විෂ රසායනික පානය කිරීමට සැලැස්සූ කොකා කෝලා සමාගම අද වන විට ද කිසිදු බාධාවකින් තොරව කි‍්‍රයාත්මක වේ. නමුත් විෂ රසායනික කාන්දු වීමෙන් සිදු වූ හානිය වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන වලට වැය වූ මුදලත් සෞඛ්‍ය තර්ජනත් දැරීමට සිදුව ඇත්තේ රටේ ජනතාවට ය.
ඇමෙරිකාණු බහු ජාතික සමාගමක් වීම නිසාවෙන් රජයේ නිලධාරීන් මේ ප්රශ්නය හමුවේ මුණිවත රැුකීම මෙන්ම නොකරහැරීම් බොහොමයක් සිදු කර ඇති බව පෙනෙන්නට තිබේ. මේ සඳහා සෘජුව මැදිහත් විය හැකි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හෝ මධ්‍යම පරිසර අධිකාරිය හෝ කොකා කෝලා සමාගමෙන් සිදු කළ විනාශයට එරෙහිව පියවර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතු නිසි පරිදි කි‍්‍රයාත්මක කර තිබේ ද යන්න විශාල ගැටළුවකි. මේ නිසා ඉදිරියේ දී නීත්‍යානුකූල කි‍්‍රයාමාර්ග ගැනීම් වල දී පවා ගැටළු මතු විය හැකි ය. මේ සඳහා නිසි පරිදි පර්යේෂණ නොපැවැත්වීම මධ්‍යම පරිසර අධිකාරිය හිතාමතා කළ මඟහැරීමක් බව පෙනෙන්නට තිබේ.
අපද්‍රව්‍ය කාන්දු වූ අවස්ථාවේ දී මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම අප ජලයේ නිදර්ශක නිසි පරිදි පරීක්ෂාවට ලක් කර නොමැත. මේ නිසා ඔවුන් පවසන්නේ කොකා කෝලා නිෂ්පාදනායතනයෙන් කැළණි ගඟට කාන්දු වී ඇත්තේ ඞීසල් බව ය. නමුත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මෙම අප ජලයේ නිදර්ශක ඉන්දියාවේ පර්යේෂණායතනයකට යොමු කර පරීක්ෂා කිරීමේ දී තහවුරු වී ඇත්තේ 4-මෙතිලිමයිඩසෝල් (4-Methylimidazol, 4-MEI, C4H6N2) නම් විෂ කාබනික සංයෝගය කැළණි ගඟට කාන්දු වීම සිදු වී ඇති බව ය. එම සංයෝගය ජලය ලීටරයකට මිලි ග්‍රෑම් 0.5 ක් තරම් ඉතා විශාල ප්‍රමාණයක් මිශ්‍ර වී ඇති බව තහවුරු වී තිබේ. මෙයින් පෙනීයන්නේ මධ්‍යම පරිසර අධිකාරිය මේ ගැටළුවට නිසි මැදිහත් වීමක් සිදු කර නොමැති බව ය.
සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23ආ වගන්තිය යටතේ කොකා කෝලා නිෂ්පාදනාගාරය පවත්වාගෙන යාම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් නිකුත් කර තිබූ පරිසර ආරක්ෂණ බලපත්‍රය එම අධිකාරිය මඟින් අගෝස්තු මස 20 වන දින තාවකාලිකව තහනම් කරනු ලැබූවේ කර්මාන්තශාලාවෙන් කැළණි ගඟට ඞීසල් කාන්දු වීම පදනම් කර ගෙන ය. නමුත් අගෝස්තු මස 31 වන දින තාවකාලිකව පරිසර ආරක්ෂණ බලපත්‍රය නැවත වරක් ලබා දෙමින් මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරන්නේ මෙම ඞීසල් කාන්දු වීම කර්මාන්තශාලාවේ නඩත්තු කටයුත්තක දී අහම්බෙන්, අත්වැරදීමකින් සිදු වූවක් බව ය. මෙය අහම්බෙන් සිදු වූ බව හා කාන්දු වී ඇත්තේ ඞීසල් බව මධ්‍යම පරිසර අධිකාරිය නිසි පරීක්ෂාවකින් තොරව සනාථ කර ඇත්තේ කෙසේ ද යන්න ප්‍රධාන ගැටළුකි.
අප හා එ් අවට ජනතාව දන්නා තොරතුරු වලට අනුව පසුගිය කාලය පුරාම කොකා කෝලා නිෂ්පාදනාගාරයෙන් කැළණි ගඟට අඛණ්ඩව පිරිපහදු කිරීමෙන් තොරව අප ජලය මුදා හැරීම සිදු කරයි. මේ පිළිබඳව පසුගිය කාලය මුළුල්ලේම ප්‍රදේශවාසීන් මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැමිණිලි කර තිබේ. එවන් තත්ත්වයක් තුළ මෙය අහම්බෙන් සිදු වූ අප ද්‍රව්‍ය කාන්දුවීමක් ලෙස තීරණය කිරීමේ හැකියාවක් නොමැත. එපමණක් නොව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අධ්‍යයනයට අනුව කැළණි ගඟට කාන්දු වී ඇත්තේ විෂ කාබනික සංයෝගයක් බව හඳුනාගෙන තිබිය දී මධ්‍යම පරිසර අධිකාරිය කාන්දු වූ ද්‍රව්‍ය ඞීසල් යැයි නිගමනය කළේ කෙසේ ද යන්න ප්‍රශ්නාර්ථයක් මතු කරයි.
මෙවන් දෑ සිදු වන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ වගකීම් විරහිත කි‍්‍රයා කලාපය හේතුවෙන් ද නැතහොත් බහු ජාතික කොකා කෝලා සමාගමේ බලයට නිලධාරීන් යටත් වීම නිසාවෙන් ද එසේත් නොමැතිනම් වත්මන් රජය මෙම සමාගමේ කළු සල්ලි මත යැපෙන නිසාවෙන් ද යන්න නිගමනය කළ නොහැකි ය.
2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23අ වගන්තියට අනුව ප්‍රකාශිත 2000.11.22 වන දින අංක 1159/22 දරන ගැසට් නිවේදනය පරිච්ýන්න කරමින් නිකුත් කළ 2008.01.25 වන දින අංක 1533/16 දරන ගැසට් නිවේදනයට අනුව සේවකයන් 25 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සේවයේ යොදවා සිදු කරන සියළුම බීම වර්ග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පවත්වාගෙන යාම සඳහා පනතේ 23ආ වගන්තියට අනුව පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගත යුතු ය. එම කර්මාන්තශාලා සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දීමේ දී ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1990.02.02 වන දින අංක 595/16 දරන ගැසට් නිවේදනය පරිච්න්න කරමින් ප්‍රකාශිත 2008.02.01 වන දින අංක 1534/18 ගැසට් නිවේදනයට අනුව එහි උපමානයන්ට යටත්ව පිරිපහදු කළ අප ජලය බැහැර කිරීම සිදු කළ යුතු අතර කර්මාන්තශාලාවේ භාවිතා කරන විෂ රසායනික ද්‍රව්‍ය හෝ ගිනිගන්නා සුළු ද්‍රව්‍ය හැසිරීම සම්බන්ධ පූර්වෝපායන් ආදිය ඉදිරිපත් කළ යුතු ය. එ් මත පදනම්ව පරිසර ආරක්ෂණ බලපත්‍රය කර්මාන්තශාලාව පවත්වාගෙන යාම සඳහා නිකුත් කිරීම සිදු කරයි.
නමුත් කොකා කෝලා සමාගමේ ගිනිගන්නා සුළු ද්‍රව්‍ය හෝ විෂ රසායනික හැසිරවීමේ දී අවශ්‍ය පූර්ව ආරක්ෂිත උපායමාර්ග නිසි පරිදි කි‍්‍රයාත්මක කර නොමැත. මේ නිසා මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරන පරිදි ඞීසල් හෝ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන පරිදි 4-මෙතිලිමයිඩසෝල් යන රසායනික ද්‍රව්‍ය කැළණි ගඟට නිදහස් වීම වැළැක්වීම සඳහා පූර්ව ආරක්ෂිත උපායමාර්ග ගෙන නොතිබින. මේ නිසා කාන්දු වූ රසායනික ද්‍රව්‍ය සෘජුවම කැළණි ගඟට යොමු විය. රසායනික ද්‍රව්‍ය හා තෙල් වර්ග කැළණි ගඟට කාන්දුවීම වැළැක්වීම සඳහා පූර්ව ආරක්ෂිත උපායමාර්ග යොදා නොමැති කර්මාන්තශාලාවකට පළමුව පරිසර ආරක්ෂණ බලපත්‍ර මධ්‍යම පරිසර අධිකාරිය මඟින් නිකුත් කළේ කෙසේ ද යන්න ගැටළුවකි. නමුත් රසායනික ද්‍රව්‍ය කාන්දුවෙන් පසුව තාවකාලිකව අත්හිටවූ බලපත්‍රය නැවත වරක් දින 10 කින් පසුව තාවකාලික බලපත්‍රයක් ලෙස ලබා දුන්නේ ඉහත ගැසට් නිවේදන වලට අනුව පූර්ව ආරක්ෂිත උපායමාර්ග වලට පිවිසීමෙන් අනතුරුව ද යන්න මධ්‍යම පරිසර අධිකාරිය පැහැදිලිව සඳහන් නොකරයි. සත්‍ය තත්ත්වය නම් එවන් කිසිදු ආරක්ෂිත උපායමාර්ගයක් මෙතෙක් කොකා කෝලා නිෂ්පාදනාගාරයෙන් ගෙන නොමැති බවය. මේ කරුණු සියල්ල විශ්ලේෂණය කළ විට පෙනී යන්නේ මධ්‍යම පරිසර අධිකාරිය කොකා කෝලා සමාගමෙන් සිදු කරන පාරිසරික විනාශය සාධාරණීකරනය කිරීම සඳහා පෙනී සිටින බවත් එම සමාගම සිදු කරන පරිසර විනාශයන් වැළැක්වීම වෙනුවට ජනතාවගෙන් සත්‍ය කරුණු වසං කිරීමට කටයුතු කරන බවත් ය.
මධ්‍යම පරිසර අධිකාරිය හෝ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අද වන තුරුත් කොකා කෝලා කර්මාන්තශාලාවෙන් කැළණි ගඟට විෂ රසායනික එක් කිරීම, පානීය ජලය දුෂණය කිරීම, අඹතලේ, ජල පිරිපහදු පද්ධති දුෂණයට ලක් කරමින් රාජ්‍ය දේපල වලට හානි සිදු කිරීම, ජල දුෂණය හා ජල පිරිපහදු පද්ධති යතා තත්ත්වයට පත් කිරීම සඳහා රජයේ මුදල් භාවිතා කිරීමට සිදු වීම, ලක්ෂ 6 කට වැඩි ජනතාවකට දින 11 කට වැඩි කාලයක් පුරා විෂ රසායනික වලින් දුෂණය වූ ජලය පානය කිරීමට සැලැස්වීම යන කරුණු කිසිවක් අධිකරණයට වාර්තා කර නොමැත. එ් වෙනුවට සමාගම හා සාකච්ඡුා කරමින් වැයවූ මුදල් ලබා ගැනීමට අදාළ රාජ්‍ය ආයතන කටයුතු කරමින් සිටී. මෙලෙස රාජ්‍ය ආයතන කටයුතු කරන්නේ අධිකරණය ඉදිරියේ වරදකරුවකු වීමෙන් කොකා කෝලා සමාගමට සිදු වන අපකීර්තිය මඟහරවා දැමීමට දැයි සාධාරණ සැකයක් මතු වේ. නීති රීතීන් වලට පිටතින් යමින් තම හිතුමතය පරිදි කටයුතු කිරීමේ හැකියාවක් රාජ්‍ය නිලධාරීන්ට ලැබුණේ කෙසේ ද? ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන්ට මෙසේ අන්තනෝමතික ලෙස කටයුතු කළ හැකි ද?
කොකා කෝලා සමාගම කැළණි ගඟට අපද්‍රව්‍ය මුදාහැරීමේ දී ජාතික පාරිසරික පනත පමණක් නොව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනත, දණ්ඩ නීති සංග්‍රහය, පොදු දේපල පනත හා අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යන අණපනත් බොහොමයක් උල්ලංගණය කර තිබේ. 1974 අංක 2 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනතේ 34 වන වගන්තියට අනුව ජල සම්පාදනයට අවහිර වන අන්දමේ කි‍්‍රයාවක නිරතවන හා පනතේ 37 වන වගන්තියට අනුව ජල සම්පාදනයට සම්බන්ධ දියපහරකට අපද්‍රව්‍ය එක් කිරීම සිදු කරන කර්මාන්තයක් පිළිබඳව මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ කරුණු වාර්තා කර දණ්ඩනයකට යටත් කළ හැකිය.
දණ්ඩ නීති සංග්‍රහයේ 261 වන වගන්තියට අනුව මහජනතාවට පාඩුවක් හෝ අන්තරායක් හෝ අප්රසන්නතාවයක් ඇති වන යම් කි්රයාවක් හෝ නීති විරෝධී නොකර හැරීමක් සිදු කිරීම සමාව නොලැබෙන වරදකි. මෙහි 270 වන වගන්තියට අනුව පොදු ජල ප්‍රභවයක් දුෂණය කිරීම ද දඩුවම් ලැබිය හැකි වරදක් වේ.
1982 අංක 12 දරන පොදු දේපල විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනත හෙවත් පොදු දේපල පනතට අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් අඹතලේ ජල පිරිපහදු පද්ධතියට කොකා කෝලා සමාගමේ විෂ රසායනික බැහැර කිරීමෙන් සිදු වූ හානියට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව පවතී. නමුත් එ් පිළිබඳව කි‍්‍රයාමාර්ග ගැනීමට හෝ නීති උපදෙස් ලබා ගැනීමට හෝ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කටයුතු නොකිරීම කණගාටුවට කරුණකි.
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 98 වන වගන්තියට අනුව මහජන පීඩාවක් ඇති වන අයුරින් මහජනතාව නීත්‍යානුකූලව ප්‍රයෝජනයට ගන්නා යම් ගංගාවකට අපද්‍රව්‍යයක් බැහැර කිරීම සිදු කරන විට දී මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත කරුණු වාර්තා කර එම පීඩාව ඉවත් කිරීම හෝ නතර කිරීම සඳහා ආඥවක් නිකුත් කළ හැකිය. මේ සඳහා මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත කරුණු වාර්තා කිරීමේ හැකියාව පොලීසියට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකට හෝ මහජනතාවට ඇත. නමුත් අගෝස්තු මස 17 වන දින මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත අදාළ ස්ථානය පරීක්ෂා කළ බියගම පොලීසිය කොකා කෝලා සමාගමෙන් කැළණි ගඟට අපජලය මුදාහරින බව දැනගත් නමුත් එ් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමක් සිදු නොකළේ කුමන හේතුවක් මත ද යන්න ගැටළුවකි. අනෙකුත් රාජ්‍ය ආයතන මෙන්ම පොලීසිය ද පොදු ජනතාවගේ සුරක්ෂිත ජල අයිතිය උකසට තබා සමාගම වෙනුවෙන් කටයුතු කර ඇති බව මේ අනුව පෙනී යයි.
අගෝස්තු මස 17 වන දින කොකා කෝලා නිෂ්පාදනාගාරයෙන් කැළණි ගඟට මුදා හැරියේ ඞීසල් ද නැතහොත් 4-මෙතිලිමයිඩසෝල් ද නැතහොත් මේ රසායනික ද්‍රව්‍ය දෙකම ද යන්න නිවැරදිව අප නොදනිමු. ඊට හේතුව නිවැරදි තතු දැන ගැනීමේ අයිතිය ජනතාවට නීත්‍යානුකූලව පැවතිය ද මධ්‍යම පරිසර අධිකාරිය හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නීති විරෝධීව ජනතාවගෙන් නිවැරදි තතු වසං කර තිබීම ය. එපමණක් නොව කොකා කෝලා සමාගමේ මුදල් බලය ඉදිරියේ ජනතාවට නිවැරදි තතු දැන ගැනීමේ අයිතිය ද මේ වන විට අහුරා දමා ඇත. මේ නිසා විෂ රසායනික දින කිහිපයක් පුරා පානය කළ ජනතාවට ඇති විය හැකි රෝගාබාධ වලට ගත යුතු පූර්ව ආරක්ෂිත උපායමාර්ග පිළිබඳව අවධානයට ලක් කිරීමේ හැකියාවක් ද නොමැති වී ඇත.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් අනාවරණය කර ගෙන ඇති පරිදි කොකා කෝලා කර්මාන්තශාලාවෙන් කාන්දු වූ 4-මෙතිලිමයිඩසෝල් යනු පිළිකාකාරක කාබනික සංයෝගයකි. කොකා කෝලා නිෂ්පාදනයේ දී මෙය යොදා ගනු ලබන්නේ එහි ලාක්ෂණික වර්ණය නැතහොත් කැරමල් වර්ණය ලබා ගැනීම සඳහා ය. කොකා කෝලා ලීටරයක මෙම රසායනිකය මයික්‍රෝ ග්‍රෑම් 700 ක් පමණ අඩංගු වන බව සොයා ගෙන තිබේ. 2001 වසරේ දී ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මෙම රසායනිකය පිළිකා ජනක සංයෝගයක් බව සඳහන් කරමින් භාවිතය තහනම් කර තිබේ. එම රසායනිකය දිනකට මයික්‍රෝ ග්‍රෑම් 29 කට වඩා ශරීරගත වීමෙන් අහිතකර සෞඛ්‍ය තර්ජන ඇති වන බව සඳහන් වේ. මේ රසායනිකය මීයන්ට ලබා දී සිදු කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇත්තේ දෛනිකව මෙම රසායනිකය ශරීර ගත වීමෙන් ලියුකේමියාව ඉහළ මට්ටමකින් වැඩි වන බව ය. මීයන්ගේ දේහ බර කිලෝ ග්‍රෑම් එකක් සඳහා මෙම රසායනිකය මයික්‍රෝ ග්‍රෑම් 30 – 115 ත් අතර ප්‍රමාණයක් දිනපතා ලබා දී වසර 2 කින් පසුව පරීක්ෂා කිරීමේ දී ගැහැනු මීයන්ට ලියුකේමියා පිළිකා රෝගය ඉතා ඉහළ මට්ටමකින් වර්ධනය වී තිබෙන බව හඳුනාගෙන තිබේ. එවන් තත්ත්වයක් පවතිද්දී ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඉන්දියාවට යැවූ ජල සාම්පල් පරීක්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ කැළණි ගගේ ජලයේ මෙම රසායනිකය ලීටරයකට මිලි ග්‍රෑම් 0.5 ක් තරම් ඉතා ඉහළ මට්ටමකින් සාන්ද්‍රගත වී ඇති බව ය. මේ තත්ත්වය කැළණි ගගේ ජලය පරිභෝජනය කළ ජනතාවට කෙසේ බලපා තිබේ ද යන්න තවම අභිරහසකි.
කොකා කෝලා සමාගම ලංකාවේ පමණක් නොව වෙනත් බොහෝ රටවල ද කි‍්‍රයාත්මක වන්නේ ජනතාවට හා පරිසරයට ඉතාම හානි කර ලෙස ය. මේ නිසා 2001 වසරේ දී ලොව අපකීර්තිමත්ම බහු ජාතික සමාගම ලෙස මෙම සමාගම නම් කර තිබේ. ඊට හේතු වී ඇත්තේ 1998 වසරේ දී සෝඩා හා සීනි සහිත නිෂ්පාදන කුඩා දරුවන්ට හුරු කිරීම, කාටූන් වැඩසටහන් හරහා ළමුන්ව මේ සඳහා පෙළඹ වීම හා කර්මාන්තශලාව තුළ දී කළු ජාතිකයින්ට මූලික මිනිස් අයිතිවාසිකම් ලබා නොදීම ය.
ඉන්දියාවේ විද්‍යා හා පරිසර මධ්‍යස්ථානය විසින් 2003 වසරේ දී සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ එරට භාවිතා වන කොකා කෝලා වල ඞී. ඞී. ටී. හා මැලතියන් වැනි කෘමි නාශක අඩංගුව ඇති බවය. මේ නිසා 2004 වසරේ දී ඉන්දිය අධිකරණය මඟින් එ් බව කොකා කෝලා බෝතල් වල සඳහන් කරන ලෙසට නියෝග කෙරින. නමුත් එම සමාගම නියෝග නොතකා කටයුතු කළේය. යුරෝපා ආර්ථික කොමිෂම මඟින් අනුමත නිර්ණායක වලට අනුව බීම වර්ග වල තිබිය හැකි කෘමි නාශක ප්‍රමාණය ලීටරයකට මිලි ග්‍රෑම් 0.005 ක් වැනි ඉතාම අල්ප ප්රමාණයකි. නමුත් මේ මට්ටම මෙන් 42 – 87% අතර ප්‍රමාණයක කෘමි නාශක ප්‍රමාණයක් ඉන්දියාවේ කොකා කෝලා වල අඩංගු වේ.
එපමණක් නොව ඉන්දියාවේ කේරලයේ පලක්කාඩි ප්‍රදේශයේ ජනතාව ජල හිඟයෙන් පීඩා විදින්නේ කොකා කෝලා සමාගමේ හානි කර කි‍්‍රයාකාරීත්වය හේතුවෙනි. මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදන සඳහා භූගත ජලය ලබා ගැනීම හා අපජලය ජල දේහයන්ට බැහැර කිරීම හේතුවෙන් ජලය දුෂණය වීමෙන් මේ ප්‍රදේශයේ ජනතාව උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටී.
දකුණු ඇමෙරිකාවේ කොකා කෝලා සමාගමේ හානිකර කි‍්‍රයාකාරීත්වයට එරෙහිව කටයුතු කළ කොළොම්බියාවේ වෘත්තීය සමිති කි‍්‍රයාධරයින් නව දෙනෙකු ග්රාතනය කර ඇත්තේ මෙම සමාගමේ කළමනාකාරීත්වය විසිනි. මේ නිසා Colombia Action Network මඟින් සෑම වසරකම ජූලි 22 වන දා ජාත්‍යන්තර කොකා කෝලා විරෝධී දිනය ලෙස නම් කර විරෝධතා ව්‍යාපාර පවත්වනු ලැබේ. ලොව පුරා ඉතාම හානිකර ලෙස, වගකීම් විරහිත ලෙස හා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගණය කරමින්, පරිසර විනාශකාරී ලෙස හැසිරෙන සමාගමක කි‍්‍රයාකාරීත්වය පිළිබඳව රජ්‍ය ආයතන මීට වඩා විමසිල්ලෙන් කටයුතු කළ යුතුව තිබිය දී එම ආයතන ජනතාව වෙනුවෙන් නොව සමාගම් වෙනුවෙන් පෙනී සිටින බවක් පෙනෙන්නට තිබේ.
කැළණි ගගේ සංවේදී කලාපය තුළ කර්මාන්ත ස්ථාපිත කිරීමේ දී හා එ්වා පසු විපරම් කිරීමේ කි‍්‍රයාවලිය කි‍්‍රයාත්මක කිරීම සඳහා අදාළ සියළු රාජ්‍ය අයතන වලට අවශ්‍ය මඟපෙන්වීම ලබා දීම සඳහා 1993 සැප්තැම්බර් 15 වන දින (අංක 93/340/166 දරන) ඉදිරිපත් කළ කැබිනට් සංදේශය සඳහා අනුමැතිය ලබා දී තිබේ. එය නැවත වරක් යාවත්කාලීන කිරීම 2001 වසරේ දී සිදු කර ඇත. එම කැබිනට් සංදේශයට අනුව කැළණි ගගේ සංවේදී කලාපය, කැළණි ගගේ ජලයට අහිතකර බලපෑම් එල්ල කළ හැකි කර්මාන්ත යන සියල්ල හදුනාගෙන ඇත. නමුත් එම කැබිනට් සංදේශය අනුව රාජ්‍ය ආයතන කටයුතු කර ඇති බවක් පෙනෙන්නට නොමැත.
කොකා කෝලා කර්මාන්තශාලාව පමණක් නොව කැළණි ගඟ ආශි‍්‍රතව පිහිටි කර්මාන්තශාලා බොහොමයක් සෘජුවම කැළණි ගඟට අපද්‍රව්‍ය මුදා හැරීම සිදු කරයි. බොහෝ විට එම කර්මාන්තශාලා වල අපද්‍රව්‍ය ටැංකි වල හෝ ගැඹුරු ළිං වල ගබඩා කර තබා රාති‍්‍ර කාලයේ හෝ කැළණි ගගේ ජලය අධික වැසි කාල වල දී පිරිපහදුවකින් තොරව ගඟට මුදා හැරීම සිදු කරයි. විශේෂයෙන් ලයන් බෲවරි සමාගම, ස්කී‍්‍රන් ලයින් සමාගම, එච්, ජේ. එෆ. කර්මාන්තශාලාව අධික ලෙස රසායනික අපද්‍රව්‍ය පිරිපහදුවකින් තොරව කැළණි ගඟට මුදාහරිනු ලැබේ.
මේ නිසා කොකා කෝලා සමාගමට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම මෙන්ම අනෙක් සියළු කර්මාන්තශාලා, හෝටල් හා නේවාසික ස්ථාන මඟින් කැළණි ගඟ ¥ෂණය කිරීම නතර කිරීමට කි‍්‍රයාමාර්ග ගත යුතුය. එපමණක් නොව කැළණි ගඟ දෙපස ජීවත් වන ජනතාව ගඟට කසළ බැහැර කිරීම, වැසිකිලි අපද්‍රව්‍ය යොමු කිරීම නතර කිරීමට ද කි‍්‍රයාමාර්ග ගත යුතුව ඇත. එ් සඳහා රාජ්‍ය ආයතන මෙන්ම සිවිල් සංවිධාන වල සහභාගීත්වයෙන් එ්කාබද්ධ වැඩපිළිවෙලක් අඛණ්ඩව කි‍්‍රයාත්මක කළ යුතුය.
විශේෂයෙන්ම කෝටි 16 කට වැඩි අලාභයක් රජයට සිදු කළ, දින ගණනාවක් ජනතාවගේ සෞඛ්‍යයට බලපෑම් එල්ල කරන විෂ රසායනික ජලයට මුදා හැරීම සිදු කළ කොකා කෝලා සමාගමට එරෙහිව කඩිනමින් නීතිමය කි‍්‍රයාමාර්ග ගත යුතුය. එහි දී නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත කොකා කෝලා සමාගමෙන් උල්ලංගණය කර ඇති සියළුම අන පනත් වලට අනුව අධිකරණ කි‍්‍රයාමාර්ග අදාළ සියළු රාජ්‍ය ආයතන විසින් වෙන වෙනම ගත යුතුව ඇත. එපමණක් නොව අඹතලේ ජල පවිත්‍රාගාරය හරහා ජලය පානය කරන සියළු ජනතාව එක් වී මෙම සමාගම විසින් සිදු කළ මහජන පීඩාවට එරෙහිව හා පානීය ජලය දුෂණය කර නිදහස් සුරක්ෂිත ජල අයිතිය උල්ලංගණය කිරීමට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගත යුතුව ඇත. එමඟින් රටේ දැනට කි‍්‍රයාත්මක වන ජල සුරක්ෂිතතාව සඳහා වැදගත් වන අනපනත් හා ප්‍රතිපත්ති සංශෝධනය කර ශක්තිමත් කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ද එ් මත පදනම්ව ගෙන ආ යුතුය. එමඟින් අනාගත පරපුරේ ජල සුරක්ෂිතතාවය තහවුරු කළ හැකි වනු ඇත.
සජීව චාමිකර |Sajeewa Chamikarab [පරිසර සංරක්ෂණ භාරය]