Image Credit: www.sbs.com.au

දෙමුහුන් අධිකරණය යන්න කාලීන සංවාදයට න්‍යාය පත‍්‍රය වී ඇත. මේ වසර මුලදී විදේශ අමාත්‍යවරයා ඇතුළු අවම වශයෙන් ජේෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනෙක්, ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් ශ‍්‍රී ලංකාවේ දේශීය නඩු සඳහා තාක්ෂණික සහාය ලබාගැනීම සම්බන්ධ ඇති හැකියාව ගැන ප‍්‍රසිද්ධියේ කෘතඥතාව දැක්වූවෝය. යුද්ධයේ අවසන් අදියරවල දී සිදු වූ ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමට, රජය මගින් තත්කාර්ය දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපිත කළයුතු බවට පසුගිය සතියේ එළිදැක්වූ ශ‍්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව මගින් නිර්දේශ කෙරිණි. මෙම නිර්දේශය නිකුත් කරන ලද බැවින්, දේශපාලනඥයින්, විචාරකයන් හා මාධ්‍යයන් ඒ ගැන දුරාවබෝධයන් රැසක් සමාජගතකර තිබේ. මෙම ලිපියෙන් එම එක් එක් දුර්මත දුරුකිරීමට උත්සාහයක් දරණූ ඇති.

එක්සත් ජාතීන් දෙමුහුන් අධිකරණය නිර්දේශ කරන්නේ ශ‍්‍රී ලංකා අධිකරණය විශ්වාස නොකරන නිසා බව

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය සතියේ දී පැවසූ පරිදි, ශ‍්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය විශේෂයෙන් පසුගිය දස වසර තුළ යටපත් වී ඇති බවට සමහරුන්ට තර්ක කළ හැකිය. දහඅටවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසින් අධිකරණ පද්ධතියේ සහ සියලූ රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය යටපත් කරන ලද බව සැවොම දන්නා කරුණකි. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධ සිදුවීමෙන් පමණක්ම අධිකරණයේ ස්වාධීනත්වය ප‍්‍රතික්ෂේප වූ බව දැක්විය හැක.

කෙසේ වෙතත්, අධිකරණයේ ස්වාධීනත්වය නොමැති වීම, දෙමුහුන් අධිකරණය නිර්දේශ කිරීමට සිදුවූ එකම හේතුව නොවේ. ජාත්‍යන්තර අපරාධ සම්බන්ධ අපරාධකරුවන් ගැන ගණන්දෙන ලෙස එක්සත් ජාතීන්ගේ වාර්තාව විසින් ශ‍්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි. මෙහි අවශ්‍යතාව වන්නේ ස්වාධීන නඩු විනිශ්චය කිරීම පමණක් නොව, නීතිය පසිඳලන්නන් විමර්ශකයන් තාක්ෂණික පුහුණුව ලත් මානව හිමිකම් ආරක්ෂණ නීතිවේදීන්, හා ජාත්‍යන්තර අපරාධ නඩු පැවරීමේ අත්දැකීම් ඇති අයවළුන් ද සිටීමය. එම වාර්තාවේ 1245 ඡේදයේ උපුටා දැක්වන්නේ නම් ”ශ‍්‍රී ලංකාවේ දියුණු නීති පද්ධතියෙන් පවා සාමාන්‍ය අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීම ඉතා යෝග්‍ය විය හැකි මුත් ඵලදායී ලෙස ජාත්‍යන්තර අපරාධ ආමන්ත‍්‍රණය කිරීමේ හැකියාවේ අඩුවක් පැවතිය හැකිය.”

ජාත්‍යන්තර අපරාධ, විවිධ ක‍්‍රම ගණනාවකින් දේශීය අපරාධවලට වඩා වෙනස් වන්නේය. ඒවා දේශීය අපරාධවලට වඩා බෙහෙවින් මහපරිමාණයෙන් හා ප‍්‍රභලත්වයෙන් සිදුවේ. දේශීය අපරාධ මෙන් නොව, ඒවා සිය ගණනින් සිදුවන අතර දහස් ගණනින් වින්දිතයන් බිහිකරයි. ජාත්‍යන්තර අපරාධ දෙස බැලිය යුත්තේ, එක් පුද්ගලික අපරාධයක් දෙස බලන ආකාරයෙන් නොවේ. ඒ වෙනුවට ඒවා අපරාධ සිදුවීම් මාලාවක් ලෙස ගෙන එහි ඇති රටාවන් හඳුනා ගැනීමට උත්සාහ කෙරේ. මෙහිදී අපරාධ විශාල සංඛාවකගේ සිදුවන වාර ගණන නොහොත් සංඛ්‍යාතය, අපරාධ සිදුවන ප‍්‍රදේශය ස්ථාන, අපරාධවල ස්වභාවය යනාදිය දෙස අවධානය යොමු වේ. මෙවැනි සාක්ෂි විශාල ප‍්‍රමාණයක් එකතු කොට ඒවා ක‍්‍රමානුකූලව රැුස්කොට සංරක්ෂණය කෙරේ.

දේශීය අපරාධ ලෙස සලකනු ලබන අපරාධවලදී අපරාධයක් සිදු කරන පුද්ගලයා සමග ගනුදෙනු කරන ආකාරය මෙන් නොව, ජාත්‍යන්තර අපරාධවලදී ආසන්නම අපරාධකරුගෙන් ඔබ්බට ගොස්, නියෝගය ලබා දුන් පුද්ගලයන් හෝ කටයුතු සැලසුම් කළ අය වෙත යායුතුය. මේ අනුව, විධාන දාමයන් හා සංවිධාන ව්‍යුහය පිළිබඳ විධිමත් මෙන්ම අවිධිමත් වූ විමර්ශනයන් තිබිය යුතුය. මෙම අර්ථයෙන් ගත් කල, ඔවුන් අධිකරණයකින් ඔප්පු කිරීම ඉතා අපහසු වේ. නඩු විභාග සාර්ථක වීමට නම්, විශේෂ පුහුණුවලත් නීති වෘත්තිකයන් හා ජාත්‍යන්තර අපරාධ නඩු සමග ගනුදෙනු කිරීමේ අත්දැකීමක් ඇති අයවළුන් ජාත්‍යන්තර අපරාධ නඩු පසිඳළීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වේ.

මේ වන විට ජාත්‍යන්තර අපරාධ නඩු විභාගවල මුලසුන දැරූ අත්දැකීම් තිබෙන ජාත්‍යන්තර අධිකරණයන් හි සේවය කර ඇති විනිසුරුවරුන් කිහිපදෙනෙක් ශ‍්‍රී ලංකාව තුළ සිටී. කෙසේ වෙතත්, අදාළ පළපුරුද්දක් හෝ අත්දැකීමක් ඇති විමර්ශකයින් හෝ නීතිය පසිඳලන්නන් සිටින්නේ ඉතා සුළුවෙනි. සාධාරණ නඩු විභාග කිරීමට නම්, ඒ හා සමානව, විත්තිකරුට සමර්ථ නීතිවේදීන් සිටිය යුතුය. ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් අත්දැකීම් ඇති නීතිවේදීන් ඉතා සුළු කොටසක් ශ‍්‍රී ලංකාවේ ද සිටිති.

සංකීර්ණ දේශීය අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් කටයුතු කළ අත්දැකීම් සම්භාරයක් ශ‍්‍රී ලංකා නීති පද්ධතියට නොමැත. කෙසේ වෙතත්, දේශපාලන වශයෙන් සංවේදී අපරාධ සමග ගනුදෙනු කිරීමේ දී ශ‍්‍රී ලංකාවේ නීති පද්ධතිය සාර්ථකත්වයක් පෙන්නුම් කර නැත. අවස්ථා කිහිපයක දී, එවැනි චෝදනා ඉදිරිපත් වී තිබේ. උදාහරණයක් ලෙස මුරුසිවිල් ඝාතන නඩුවේදී, එහි විශ්වාසය සුරක්ෂිත කිරීමට වසර 15 කට වැඩි කාලයක් ගතවිය. ඒ වින්දිතයන් 8 ක් සම්බන්ධයෙනි. එසේ නම් වින්දිතයන් දහස් ගණනින් සම්බන්ධ නඩුවක් ඇමතීමට අපරාධ සම්බන්ධයෙන් යුක්ති පසිඳලීමේ විනිශ්චය පද්ධතියට කෙතරම් කාලයක් ගතවේ ද ? හිටපු කොටි සාමාජිකයෙක් වන කේ.පී.ට එරෙහි නඩුව මෑත දී බිඳ වැටීම ද ඇවන් ගාර්ඞ් නඩුව ප‍්‍රගතියක් ලබාගැනීමට අසමත් වීම ද ශ‍්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ ඇති සීමාවන් කුමක්දැයි දැනගැනීමට ඇති උදාහරණ වේ.

දෙමුහුන් අධිකරණයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් අරමුදල් සපයන බව.

මෙලෙස තර්කය කරන සමහර විචාරකයෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් දෙමුහුන් අධිකරණයට අරමුදල් ලබාදෙන බවට චෝදනා කර ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ලෝකයේ කිසිම තැනක, කිසිම කටයුත්තකට අරමුදල් ලබාදීමේ වෙනම වැය ශීර්ෂයක් නැත. මේ දක්වා එය ජාත්‍යන්තර අපරාධ නඩු සඳහා අරමුදල් ලබාදී නොමැති අතර අනාගතයේ දී එසේ කිරීම අතිශයින් සිදුවිය නොහැක්කකි. එම වාර්තාව නිසැකවම එක්සත් ජාතීන්ගේ හෝ විදේශීය රටකට මෙකී දෙමුහුන් අධිකරණය පිහිටුවීම සඳහා ශ‍්‍රී ලංකාවට මුල්‍ය ප‍්‍රතිපාදන ලබා දීම කළ යුතු බවට යෝජනා කරන්නේ ද නැත.

මිශ‍්‍ර අධිකරණය විදේශිකයන් විසින් පාලනය කෙරෙනු ඇත

මෙම අධිකරණය, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අනු ශාඛාවක් වීම අවසානයේ දී සිදුවන බවට සමහරු අදහස් දක්වා තිබේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණය ප‍්‍රාමාණික අධිකරණයක් වන අතර, එහි පනතක් යටෙත් ලෝකයේ වෙනත් කිසිම තැනක ශාඛා පිහිටවිය නොහැක.

මෙම වාර්තාව නිර්දේශ කරන්නේ ශ‍්‍රී ලංකා නීති පද්ධතිය තුළ, දෙමුහුන් අධිකරණය පිහිටුවිය යුතු බවයි. කාම්බෝජය උදාහරණයක් ලෙස ගතහොත්, ඔවුන්ගේ මිශ‍්‍ර අධිකරණය කාම්බෝජියානු නීති පද්ධතියේ කොටසක් ලෙස පවතී. ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමට එය විශේෂිත කාර්යයක් සඳහා වෙන් කර තිබේ. විදේශිකයන් සම්බන්ධ වන අවස්ථාවලදී, අධිකරණ විදේශ ආධිපත්‍යයට එරෙහිව ආරක්ෂා කිරීම සඳහා සකස් කළ හැකි කාර්ය පටිපාටික යාන්ත‍්‍රණ ගණනාවක් දක්වා ඇත. උදාහරණයක් ලෙස, කාම්බෝජ සහ විදේශ විනිසුරුවරුන් දෙපිරිසේම එකගතාවය මත, ඉහළ බහුතරයක් විසින් සියලූ තීන්දු සකස් කළ යුතුය. මෙමගින් කිසිදු අදියරකදී වැඩබලන කාම්බෝජ හෝ විදේශීය විනිසුරුවරුන් තනිවම එක්කෝ නඩුව නතර කිරීමට හෝ ඉදිරියට යාමට හෝ ක‍්‍රියා කළ නොහැකි බවට සහතික කරයි.

දෙමුහුන් අධිකරණය සකස් කිරීම ව්‍යවස්ථාමය වෙනසක් අවශ්‍ය වේ

දෙමුහුන් අධිකරණ ස්ථාපිත කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වනු ඇති බවට ඇතැමුන් වාද කර ඇත. කෙසේ වෙතත්, මෙය එවැනි සිද්ධියක් නොවේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105 (1) (ඇ0 යටතේ මුල් අවස්ථා අධිකරණයක්, විනිශ්චය සභාවක් හෝ වෙනත් ආයතනයක් පාර්ලිමේන්තුවට ස්ථාපිත කළ හැකි බවට ප‍්‍රතිපාදන ලබා දෙයි. මේ අනුව, එය සරල බහුතරයක් විසින් සම්මත කරන පාර්ලිමේන්තු පනතක් හරහා, දෙමුහුන්ර අධිකරණය ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තු වරම තුල අඩංගු කර ඇත.

දෙමුහුන් අධිකරණය පිළිබඳ අදහස කරුණු හා තොරතුරු මගින් දැනුවත්ව විශ්ලේෂණය සමගින් විවාදයට ගත යුතු ය. ඉදිරියට යාමට නම්, දේශපාලනඥයන්, විචාරකයන් හා මාධ්‍ය තමන් දැනුවත් වෙමින් අප ඉදිරියේ ඇති මෙම ප‍්‍රතිපත්තිය තෝරා ගැනීම් ගැන නිවැරදිව කතා කළ යුතුය. අපි සිටින්නේ ශ‍්‍රී ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් මොහොතේ ය. ශ‍්‍රී ලංකාව පසුගිය වසර කිහිපය තුළ ප‍්‍රධාන සංක‍්‍රාන්ති දෙකක් තුළින් ගොස් තිබේ. පළමුව යුද්ධය අවසන්වීම හා දෙවනුව ජනවාරි 8 වැනි දින රජයේ වෙනස්වීම ඇතිවිය. අපි පැහැදිලි වෙනසක් සඳහා සංඥා කිරීමට මෙම අවස්ථාව භාවිතා කළ යුතු වෙමු. ඒ අතර, නීතියේ පාලනය නැවත මෙයින් ඉටු කර ගැනීමට ක‍්‍රියා කළ යුතුය. මෙය ඉටුකිරීමට අප මෙතෙක් පශ්චාත් නිදහස් ශ‍්‍රී ලංකාව තුළ සිදු වූ වඩාත්ම බරපතල අපරාධ ආමන්ත‍්‍රණය කරන බව සලකා බැලිය යුතුයි. එසේ නොමැති නම් රටේ නීති පද්ධතිය කෙරෙහි ජනතාව විශ්වාසය තබන්නේ වෙන කුමන අයුරකින්දැයි පහදා දෙන්න.

අරුණි ජයකොඩි | Aruni Jayakody