Image by: rivira.lk
2015.10.29 දින එච්. එන්. ඩි. (ජාතික උසස් ඩිප්ලෝමා) ශිෂ්‍යයින්ට පොලිසිය විසින් එල්ල කළ කෘෘර ප‍්‍රහාරය හෙලා දකිමු!
මෙම ප‍්‍රකාශය නිකුත් කරන අප අතරින් බොහෝ දෙනා 2015 ජනවාරි 08 පැවැත්වුන ජනාධිපතිවරණයේදීත් ඊට පසුව අගෝස්තු 17 පැවැත්වුන මහා මැතිවරණයේදීත් ක‍්‍රියාකාරී භූමිකාවක් කළ අය වෙමු. අපගේ භූමිකාව දේශපාලන පක්ෂ වලට පක්ෂග‍්‍රාහී ලෙස සහභාගිවීමට වඩා මෙම රටේ ආණ්ඩුකරන සංස්කෘතිය වෙනස් කිරීමට ප‍්‍රතිපත්තිමය පදනමක සිට කළ මැදිහත්වීමක් විය. පරාජය කරන ලද රාජපක්ෂ පාලනය යටතේ දශකයකට ආසන්න කාලයක් තිස්සේ වර්ධනය වෙමින් පැවතුන ඒකාධිපතිවාදයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයේ හැකිලිමත්, විරුද්ධ මත දරන්නන් දරුණු මර්ධනයකට ලක් කරන සංස්කෘතියත් අපි අත්විඳ ඇත්තෙමු. අපි දේශපාලනිකව මැදිහත්වීමක් කලේ ප‍්‍රාමාණික වෙනසක් දැකීමට අවශ්‍ය වූ නිසයි. කෙසේ නමුත් රටේ දේශපාලන සංස්කෘතියේ පුර්ණ වෙනසක් අපේක්ෂා කිරීමට තරම් අපි බොළඳ නොවුන නිසාවෙන් දැවැන්ත කැබිනෙට් මණ්ඩලයක් පත් කිරීම හෝ ආණ්ඩුවේ ක‍්‍රියාපිළිවෙත තුලට නැවතත් පැමිණෙන ඥාති සංග‍්‍රහය පිළිබඳව එතරම් පුදුම නොවීමු. නමුත් යහපාලනය නම් විශේෂිත තේමාවක් යටතේ තම මැතිවරණ ව්‍යාපාරය ගෙන ගිය නව රජයෙන් සහ යහපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මන්ත‍්‍රයක් ලෙස ජප කරන ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් අපි බලාපොරොත්තු වුන අවම අපේක්ෂා කිහිපයක් විය.
2015/10/29 දින උසස් අධ්‍යාපන ක්‍ෂේ්ත‍්‍රයේ ඇති ව්‍යුහාත්මක ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලූ සිසු කණ්ඩායමකට පොලිසිය එල්ල කළ නින්දිත සහ කෘර ප‍්‍රහාරය නිසා අපගේ අවම අපේක්ෂා වලට පවා ලඟා වීමට වර්තමාන රජයට හැකියාවක් ඇත්දැයි බරපතල සැක ඇති වී තිබේ. 2015/10/29 දින වෝඞ් පෙදෙසේ සිදුවීම තනි සිදුවීමක් නොවේ. එය විරුද්ධ මත හා මතධාරීන් සමග ගනුදෙනු කිරීමේදී වත්මන් රජය විසින් ගෙන යන පිළිවෙතක එක් ප‍්‍රකාශනයක් බව අපට දෘශ්‍යමාන වේ. ජනවාරි 08න් පසු කාලය තුල උද්ඝෝෂණ කළ ශිෂ්‍යයින්ට කළ පහරදීම්, ජලය ඉල්ලීම වැනි නොයෙකුත් ඉල්ලීම් කරමින් උද්ඝෝෂණය කළ මිනිසුන්ට එරෙහිව එල්ල කළ මෙවැනිම ප‍්‍රහාර කිහිපයක් තිබිණි. මෙම ප‍්‍රහාරය කෘරතම ප‍්‍රහාරය ලෙස හදුනා ගත හැකි අතර, ඉන් අවම වශයෙන් එක් සිසුවෙකුට සැලකියයුතු ශාරීරික තුවාල සිදුවී ඇත.
දශක ගණනක් තිස්සේ දේශපාලන තන්ත‍්‍රය විසින් අයුතු ලෙස භාවිතා කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස හැඩගැසුණු ශ්‍රී ලංකාවේ පොලිසිය ප‍්‍රචණ්ඩත්වයට අමුත්තෙකු නොවේ. එම නිසා සිසු විරෝධතාවයට පොලිසියේ සහාසික ප‍්‍රතිචාරය පුදුමයක් නොවේ. කෙසේ නමුත් දේශපාලන අධිකාරියෙන් ‘පෙරට යන්න” සංඥාවක් නොමැතිව 2015.10.29 දින ඔවුන් ක‍්‍රියාකළ ආකාරයෙන් නොහැසිරෙනු ඇතැයි අපි සිතමු. මෙයින් පෙනෙන්නේ රජය තුල සිටින යම් කිසි බලවේගයන් විරෝදාකල්ප ඉක්මනින් සහ දරුණු ලෙස මැඩපැවැත්විය යුතු බව විශ්වාස කරන බවයි. ඊයේ සිදුවීමේදී බියෙන් මිරිකී සිටින සිසුන්ට දරුණු ලෙස පහරදීම් පිළිඹිබු වෙන ඡායාරූප සහ වීඩියෝ පඨ වලින් අපට අඟවන්නේ මෙම රජය මීට කලින් තිබු රජයෙන් වෙනස් යැයි හඳුනා ගන්නට එතරම් දෙයක් නැති බවයි. කලින් පැවති රජය ඒ දාමරික ප‍්‍රජාතන්ත‍්‍රීය විරෝධී ගමනාන්තයට පිවිසීමට අවුරුදු කිහිපයක් ගත්තත්, මෙම රජය එම ආස්ථානයට පැමිණීමට ගෙන ඇත්තේ මාස කිහිපයකි.
ආණ්ඩුවේ සම අනුග‍්‍රහයක් සමග එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව තුලින් අප රටේ පසුගිය කාලය තුල සිදුවුන මානව හිමිකම් කඩවීම් පිළිබඳව පරීක්ෂණ කිරීමට රජය ප‍්‍රතිඥාවක් ලබා දී ඇති සන්ධර්භයක් වන මේ මොහොතෙහි ශ‍්‍රී ලංකාව දැඩි අන්තර්ජාතික අවධානයට ලක්වී තිබෙන අවස්ථාවක් බව අප රජයට මතක් කර දීමට කැමැත්තෙමු. ආණ්ඩුවේ නොයෙකුත් නියෝජිතයින් ශ‍්‍රී ලංකාවේ යහපාලනය පිලිබඳ නොයෙකුත් ජාත්‍යන්තර ප‍්‍රචාරක වැඩසටහන් වල යෙදී සිටි. එවැනි තත්වයක් තුල, 2015.10.29 වැනි සිදුවීම් තුලින් ආණ්ඩුවට තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රීය භාවය පිළිබඳව විශ්වාසයන් ගොඩ නඟාගැනීමට හැකිද? තමන්ගේ අධ්‍යයන පාඨමාලාවන් ප‍්‍රතිව්‍යුහගත කරන ලෙසත් අධ්‍යාපනයට ලබා දී ඇති සුභසාධන වැඩි කරණ ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක නිරත වූ ශිෂ්‍යයින් පිරිසකට රජය සලකන්නේ මෙලෙස නම්, ආණ්ඩුවට දේශපාලනිකව සෘජු තර්ජනයක් ඇති කණ්ඩායමකට හෝ පුද්ගලයින් වෙත ආණ්ඩුවේ ප‍්‍රතික‍්‍රියා දැක්වීම් කෙබදු වේදැයි මෙමගින් ඇඟවන්නේ නොමැතිද?
පහත අත්සන් යොදා ඇති අපි අලූතෙන් පිහිටවූ ජාතික පොලිස් කොමිසමෙන් 2015/10/29 සිද්ධීන් පිළිබඳව වහාම අපක්ෂපාති පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිමු. මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව පැවසු මානව හිමිකම් කොමිසමේ සක‍්‍රීය ක‍්‍රියාමාර්ගය අපි අගය කරන්නෙමු. අපක්ෂපාති පරීක්ෂණයක් කිරීමේ අවශ්‍යතාවය සහ එම පරීක්ෂණ වලින් හෙළිදරව් වෙන කරුණු මහජනයාට අනාවරණය කිරීම වැදගත් බව අපි අවධාරණය කරන්නෙමු. එම ප‍්‍රහාර එල්ල කළ පොලිස් නිලධාරීන් සහ එලෙස ප‍්‍රහාර එල්ල කරන ලෙස පොලිසියට නියෝග දුන්නවුන් නීතිය හමුවට ගෙන එන ලෙසත් අපි ඉල්ලා සිටිමු. ඊට අමතරව අපි ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුව ඉදිරියේදී තමන්ට විරෝධය දක්වන්නන්ට සහ උද්ඝෝෂණය කරන මහජනතාවට කුමන ආකාරයෙන් සැලකීමට බලාපොරොත්තු වෙනවාදැයි හෙළිදරව් කරන අතරම ඊයේ සිදුවීම වැනි සිදුවීම් අනාගතයේදී නොවන බවට වග බලාගන්නේ කෙසේද යන්න ශ‍්‍රී ලංකා සමාජයට පැහැදිලි කරන ලෙසයි.
1. මහාචාර්ය ජයදේව උයන්ගොඩ, කොළඹ විශ්ව විද්‍යාලය
2. මහාචාර්ය සුමති සිවමොහන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
3. මහාචාර්ය අර්ජුන පරාක‍්‍රම, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
4. මහාචාර්ය නෙලූෆර් ඞ් මෙල්, කොළඹ විශ්ව විද්‍යාලය
5. මහාචාර්ය අසංග තිලකරත්න, කොළඹ විශ්ව විද්‍යාලය
6. මහාචාර්ය රොහාන් ප‍්‍රනාන්දු, විවෘත විශ්ව විද්‍යාලය
7. මහාචාර්ය ප‍්‍රියාන් ඩයස්, මොරටුව විශ්ව විද්‍යාලය
8. ආචාර්ය ප‍්‍රභාත් ජයසිංහ, කොළඹ විශ්ව විද්‍යාලය
9. ඡුග සෙනවිරත්න, විවෘත විශ්ව විද්‍යාලය
10. භගඨග්ග කරුණාතිලක, කැලණිය විශ්ව විද්‍යාලය
11. ආචාර්ය ශාන්ත අබේසිංහ, විවෘත විශ්ව විද්‍යාලය
12. හසිනි ගම්ලත්
13. රොෂාන් මංජුල
14. අනුශ්‍යා කොල්ලූරේ
15. ආචාර්ය ශාමලා කුමාර්, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
16. ආචාර්ය ආශා අබේසේකර
17. ආචාර්ය ප‍්‍රදීප් පීරිස්
18. කුමුදිනි සැමුවෙල්
19. සරලා එමානුවෙල්
20. ආචාර්ය ධනේෂ් කරුණානායක, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
21. ආචාර්ය ශ්‍යාමිනි හෙට්ටිආරච්චි
22. ආචාර්ය ජානකි ජයවර්දන, කොළඹ විශ්ව විද්‍යාලය
23. බාලසිංහම් ස්ඛන්ධකුමාර්
24. අතුල කුමාර සමරකෝන්, විවෘත විශ්ව විද්‍යාලය
25. ආචාර්ය ධම්මික හේරත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
26. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
27. මිහිරි ජෑන්ස්, විවෘත විශ්ව විද්‍යාලය
28. ආචාර්ය හරිනි අමරසූරිය, විවෘත විශ්ව විද්‍යාලය
29. ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල, විවෘත විශ්ව විද්‍යාලය
30. දිලීප විතාරණ, විවෘත විශ්ව විද්‍යාලය
31. අමාලි වෙදගෙදර, විවෘත විශ්ව විද්‍යාලය
32. උපුල් වික‍්‍රමසිංහ, අධ්‍යාපන පුනර්ජීවන වැඩසටහන
33. තියාගරාජා වරදාස්, කොළඹ විශ්ව විද්‍යාලය
34. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, කොළඹ විශ්ව විද්‍යාලය
35. කෞෂල්ය කුමාරසිංහ, විවෘත විශ්ව විද්‍යාලය
36. ආචාර්ය මාලති ද අල්විස්
37. ආචාර්ය ප‍්‍රිමාල් ප‍්‍රනාන්දු, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
38. ආචාර්ය ජිනසේන හේවගේ
39. ආචාර්ය රංගික හල්වතුර, මොරටුව විශ්ව විද්‍යාලය
40. ආචාර්ය A.W. විජේරත්න
41. සෙව්වන්දි අලවත්ත
42. මහේෂිකා සකලසූරිය
43. ස්වස්තිකා ආරුලිංගම්
44. පරාක‍්‍රම නිරිඇල්ල
45. රුවන්ති ඩි චිකේරා
46. නදී කම්මැල්ලවීර
47. ආනන්ද ගලප්පත්ති
48. ආචාර්ය S. අරිවලසහන්
49. ආචාර්ය J. සිවඥානම්
50. චන්ද්‍රගුප්ත තේනුවර
51. අනුරුද්ධ ප‍්‍රදීප් කරන්සුරිය, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
52. සිතුමිණි රත්නමලල, මොරටුව විශ්ව විද්‍යාලය
53. අහිලන් කදීර්ගාමර්
54. කල්ප රාජපක්ෂ
55. සකුන ම් ගමගේ
56. නියන්තිනි කදිර්ගාමර්
57. රවී තිසේරා
58. දමිත් චන්දිමාල්
59. ඉන්ෆොර්ම්, මානව හිමිකම් දත්ත කේන්ද්‍රය
60. විජයානන්දන් තුසාන්ද්‍ර
61. හර්ෂණ නානායක්කාර
62. ආචාර්ය පවිත‍්‍රා කයිලාසපති, කොළඹ විශ්ව විද්‍යාලය
63. ආචාර්ය කෞෂල්‍යා පෙරේරා
64. ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු
65. රන්මලී මීර්චාන්දනී
66. මරිස්සා ඩි සිල්වා
67. ජේක් ඔර්ලොෆ්
68. කමනි ජිනදාස
69. ශාන්ති ඩයස්
70. ප‍්‍රශානි රඹුක්වැල්ල
71. සම්පත් සමරකෝන්, ජනමාධ්‍යවේදී
72. කුමාරි කුමාරගමගේ, ලේඛක
73. චින්තක රාජපක්ෂ කැඳවුම්කරු, මොන්ලර්
74. බි‍්‍රටෝ ප‍්‍රනාන්දු
75. උපුල් කුමාරප්පෙරුම, නීතිඥ
76. N.V. නුගවෙල
77. ලූවී ගනේෂදාසන්, නීතිඥ
78. සන්ද්‍යා එක්නැළිගොඩ, මානව හිමිකම් ක‍්‍රියාකාරිනි
79. චන්දන පතිරණ, විවෘත විශ්ව විද්‍යාලය
80. ජගත් සිරිවර්දන, ක‍්‍රියාකාරී, 71 සංසදය
81. ලාල් ලක්ෂ්මන්, දේශපාලන ක‍්‍රියාකාරී
82. රුකී ප‍්‍රනාන්දු
83. ගයානි යාපා, විවෘත විශ්ව විද්‍යාලය
84. ෆයිසන් සකරියා
85. ශ‍්‍රීන් අබ්දුල් සරූර්
86. ආචාර්ය වසන්ත ඒ. ලියනගේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
87. ආචාර්ය ජනක් කුමාරසිංහ, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
88. ආචාර්ය රුවන් වීරසිංහ, කොළඹ විශ්ව විද්‍යාලය
89. ක‍්‍රිෂාන්ත ෆ්‍රෙඞ්රික්ස්, කොළඹ විශ්ව විද්‍යාලය
90. හිල්මි අහ්මඞ්
91. සිල්මා අහ්මඞ්
92. ජීන් සැමුවෙල්
93. අමීර් ම්. ෆායිස්
94. මොහමඞ් මහීස්, කොළඹ විශ්ව විද්‍යාලය