ලොව පුරා අද ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරනු ඇත්තේ බලයේ සිටිනා, බලය ලබා ගැනීමට තැත් කරනා, ඒ වෙනුවෙන් අරගල කරනා අය හා ඔවුන් සමග සිටිනා මිතුරන්, ගෝලයන්, හෙංචයියන්ය……..
අයිතිවාසිකම් සමරනවා තබා අයිතිය පිළිබද සිහිනයක්වත් දැකිය නොහැකි තත්ත්වයකට පත්ව සිටිනා, මේ මොහොතේ ලොව පුරා සිදුවන නොයෙක් ආකාරයේ යුද්ධයන්ගෙන් පලා යමින් සිටිනා අයට, සිදුවූ යුද්ධයන්ගෙන් පොඩිපට්ටම් ව ගියවුනට, අත්හැර දමනු ලැබූවනට, මොන අයිතිවාසිකම් සැමරීම්ද????
මේ සටහන විශේෂයෙන් තබන්නට සිතූවේ ‘සෞදියේදී ගල් ගසා මරා දැමීමට නියම්ත ඇය’ වෙනුවෙන් හා ‘ඇය’ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය අසල අත්සන් එකතු කිරීමේදී මුණගැසුනු පවුල්වල ‘උන්’ වෙනුවෙනි.
ලැබී තිබෙන දත්තයන්ට අනුව 2014දී මැද පෙරදිග සේවය කරන ශ‍්‍රීලාංකික ශ‍්‍රමිකයන්ගෙන් රටට ලැබුනු විදේශ විනිමය අමෙරිකානු ඩොලර් බිලියන 7කි! ඉන් ඩොලර් බිලියන 2.5ක් ලැබී ඇත්තේ සෞදි අරාබියෙන් වන අතර මැද පෙරදිග ගොස් සිටින ශ‍්‍රම බලකායේ 80%කට වැඩි ප‍්‍රතිශතයක් ගැහැණුන්ය….
බත්තරමුල්ල කොස්වත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගේට්ටුවෙන් ඇතුළු වීමට වරම් නොලද හෙයින්, එළියේ තබා ඇති ගල් බංකු පහේ ඉඩ ඇති ලෙසක ඉද ගනිමින්ද පාරේ ඇවිදිමින්ද වැසිකිලි පහසුකම් තබා බීමට වතුර පොදක් හෝ නොලැබ දවස ගත කරමින් සිටිවුන්ගේ කදුලින් පිරි කතා ඇසෙද්දී මේ බිලියන හතෙන් ප‍්‍රයෝජන ගන්නා, උන්ගේ ප‍්‍රශ්න ඉදිරියේ නෑසූ කන් ඇතිව සිටිනා, මුදල් සදහා ඉතිරිව සිටිනාවුන්ද මේ රටවලට පැටවීමට පමණක් සැදී පැහැදී ඉන්නාවුන්ට හෙන නොවැදෙන්නේ ඇයිදැයි මට පුදුම සිතුනි…..
විධායකය, ව්‍යවස්ථාදායකය, තානාපති සේවය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ඒජන්සි කාර්්‍යාල පමණක් නොව ලැබෙන විදේශ විනිමයෙන් සොච්චමක් හෝ භුක්ති විදි අප සැවොම මෙයට වගකිව යුත්තෝ වෙමු.
අපට මුණ ගැසුනු මෙතැනට පැමිණි හැම කෙනෙකුටම තිබුනේ අරාබියේ සිටිනා තමන්ගේ දුව, මව, සහෝදරිය, බිරිද පිළිබදව බිහිසුනු කතාන්දරයන්ය. ඒ කිසිවෙකුට මේ වෙනතෙක් විසදීමක සේයාවක් හෝ මේ කාර්යාලයෙන් ලැබී තිබුනේ නැත, වගකීමක් ගන්නා කිසිවෙකු මුණගැසී තිබුනේ නැත, පොරොන්දු දෙන්නන් මැදිහත් වී නැත. ප‍්‍රශ්ණය විසදා ගැනීමට ලගම ඥාතියෙකුට පමණක් කාර්යාලයට යාමට අවසර ලැබී තිබුන අතර මාස ගණනාවක් හෝ වසර ගණනාවක් නැවත නැවත මෙතනට පැමිණිමක් හා මේසයෙන් මේසයට මාරු වීමක් මිස සහනයක සේයාවක් හෝ වගකීමක් දරන්නෙක් නැත.
විශේෂයෙන් අපට මුණ ගැසුනු සෞදි අරාබියේ අත්දැකීම් ලද පිරිමින් කීවේ එම රටට මේ කාලයේ යන කිසිම ගැහැණියක් නිරුපද්‍රිතව නොපැමිනෙන බවයි..
මේ දිනයේ අප සමරන අයිතිවාසිකමට උන් ඇතුළු කර ගැනීම අද දවසේ අපගේ යුුතුකම නොවන්නේද?
අප වෙනුවෙන් කාන්තාරයේ දුක් විඳින උන් බේරා ගැනීමට අප මැදිහත් විය යුතු නොවේද?
ඉදිරියේදී මැද පෙරදිග යාමට සූදානමින් සිටින ගැහැනුන්ව හෝ මේ අභාග්‍යයෙන් බේරා ගැනීමට අප කළ යුත්තේ කුමක්ද ?
කුමාරි කුමාරගමගේ | Kumari Kumaragamage