වෛරී අදහස් ප්‍රකාශනය අපරාධයක් බවට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ලංකාව තුළ සිවිල් සමාජය විසින් ඒකාබද්ධ ප්‍ර‍කාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ,

“වෛරී අදහස් ප්‍රකාශනය” අපරාධයක් බවට පත් කිරීමට නව නීතියක් ගෙන ඒමේ අවශ්‍යතාවය ප්‍රශ්න කරන අතර, මෙම කාර්යය ඉෂ්ට කිරීම සඳහා පවතින නීතියේ විධි විධාන පවතින බව ද සටහන් කරන්නෙමු. 2007 අංක 57 දරන අන්තර්ජාතික සිවිල් සහ දේශපාලනික අයිතීන් පිළිබඳ ප්‍රඥප්තිය (ICCPR) සම්බන්ධ පනත යටතේ වෙනස් කොට සැලකීමට, එදිරිවාදීභාවයට, හෝ ප්‍රචණ්ඩත්වයට අනුබල දෙන ජාතික, වාර්ගික, හෝ ආගමික වෛරය පැතිරවීමේ කටයුතු කිරීම දැනටමත් අපරාධයක් බවට පත් කර ඇත. දණ්ඩ නීති සංග්‍රහය යටතේ “සිතා මතා ආගමික හැඟීම්වලට හානි වන සේ වචන ප්‍රකාශ කිරීම” (291 අ කොටස), “ආගමකට හෝ ආගමික විශ්වාසයනටය අපහාස කිරීම හරහා ඕනෑම පන්තියක ආගමික හැඟීම් ප්‍රකෝප කිරීමට සිතාමතා සහ ද්වේශ සහගතව කටයුතු කිරීම” (291 ආ කොටස), වරදවල් බවට පත් කර ඇත. තවදුරටත් දණ්ඩ නීති සංග්‍රහයේ ආගමික ස්ථාන සහ ආගමික කටයුතු සඳහා එක් රැස් වන ස්ථාන ආරක්ෂා කිරීම සඳහා තවත් වැරදි කිහිපයක් සපයා ඇත. මේ වැරැදි විසින් දැනටම අදහස් ප්‍රකාශනයේ නිදහස බරපතල ලෙස සීමා කරනු ලබයි‘ යනුවෙනි.

එහි වැඩිදුරටත් සදහන් වන්නේ,

‘ශ්‍රී ලංකාවේ වෛරී අදහස් ප්‍රකාශනය සම්බන්ධයෙන් යැයි පුළුල්ව නම් කළ හැකි දැනටත් පවතින විවිධ නීති සමූහය සැලකූ කළ, නිශ්චිත ආගමික කණ්ඩායම් ඉලක්ක කර ගත් ප්‍රහාර සම්බන්ධයෙන් වරදකරුවන්ට එරෙහිව නඩු නොපැවරීම නීති පද්ධතියේ අඩුපාඩු නිසා නොව, පවතින නීතින්ගෙන් කොටසක් පමණක් තෝරා ගෙන ක්‍රියාත්මක කිරීමත්, ප්‍රචණ්ඩ වෛරයන්ට ආධාර අනුබල දෙන්නන්ට එරෙහිව කටයුතු කිරීමටත් ඇති නීති ක්‍රියාත්මක කිරීමට දේශපාලන වුවමනාවක් නොතිබීමත් යන කරුණුවල ප්‍රතිඵල බව අපගේ අදහසයි.‘ බවය.

පහත දැක්වෙන්නේ නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනයයි.

2015 දෙසැම්බර් 15 වැනි දින

වෛරී අදහස් ප්‍රකාශනය අපරාධයක් බවට පත් කිරීමේ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධනය සම්බන්ධයෙන් ඒකාබද්ධ සිවිල් සමාජ ප්‍රකාශනය

පහතින් අත්සන් කරන සංවිධාන සහ පුද්ගලයන් වන අපි, 2015 දෙසැම්බර් 11 වැනි සිකුරාදා දින වෛරී අදහස් ප්‍රකාශනය සහ ප්‍රජාවන් අතර අසමගිය හා ප්‍රචණ්ඩත්වය ඇති කිරීම අපරාධයක් බවට පත් කිරීමට යැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් ඉතා සැලකිලිමත් වන්නෙමු. එසේ ඉදිරිපත් කරන ලද කෙටුම්පත්වලින් එකක දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් සමග “ප්‍රචණ්ඩත්වය, එදිරිවාදීබව… ඇති කිරීම හෝ ඇති කරන ක්‍රියා සිදු කිරීම” අලුත් වරදක් ලෙස හඳුන්වා දී ඇති අතර, මෙය අවුරුදු දෙකක් දක්වා සිර දඬුවම් ලබා දිය හැකි වරදකි. අනික් කෙටුම්පතින් අපරාධ නඩු විධි විධාන සංග්‍රහයට සංශෝධනයක් ඉදිරිපත් කර ඇති අතර, නව වරද යටතේ නඩු පැවරීම සම්බන්ධයෙන් අවශ්‍ය තත්ත්වයන් එහි සඳහන් වේ.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඉදිරිපත් කර ඇති මෙම නව වරද විශේෂයෙන්ම ගැටලු සහගත එකක් වන අතර, මෙය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(1) (h) කොටස අනුසාරයෙන් සැකසූ එකකි. කෙටුම්පතේ සඳහන් වරද ඉතා පුළුල්, නොපැහැදිලි සහ සාමාන්‍යකරණය කළ එකක් වන අතර, රටේ ව්‍යවස්ථාවෙන් සහ අන්තර්ජාතික සිවිල් සහ දේශපාලනික අයිතීන් පිළිබඳ ප්‍රඥප්තිය(ICCPR) විසින් ලබා දී ඇති අදහස් ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් අවසර දිය හැකි නීතිමය සීමාවක් ද නොවේ. එසේම යෝජනා වී ඇති මෙම සංශෝධනය ක්‍රියාත්මක කළ හොත්, ඒ හරහා ස්වයං-වාරණයේ සහ නිදහස් අදහස් ප්‍රකාශනය අධෛර්යයමත් කිරීමේ සංස්කෘතියක් ඇති විය හැකිය. ත්‍රස්තවාදය වැළැක්වීමේ‍ පනතේ 2(1) (h) කොටස යොදා ගනිමින් මීට පෙර ජනමාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් රජයේ හමුදා විසින් සිදු කරන ලද චෝදිත යුද අපරාධ සම්බන්ධයෙන් වාර්තාකරණය නිසා වරදකරුවකු කරන ලදී. අදහස් ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් පනවන්නට යන මෙම පුළුල්, අපහැදිලි සීමාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක කිසි ලෙසකින් ආරක්ෂා කළ යුතු දෙයක් නොවේ. තවදුරටත් අපගේ අතීත අත්දැකීම්වලින් පෙනෙන පරිදි, මෙවැනි නීතියක් නීතිගත කිරීම හරහා රජයක් විසින් තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් සහ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවේචනාත්මක වන පුද්ගලයන් ඉලක්ක කිරීමට මෙම නීතිය භාවිතා කිරීමේ ඉතා සත්‍ය සම්භාවිතාවයක් ඇත.
පහතින් අත්සන් කරන අපි, “වෛරී අදහස් ප්‍රකාශනය” අපරාධයක් බවට පත් කිරීමට නව නීතියක් ගෙන ඒමේ අවශ්‍යතාවය ප්‍රශ්න කරන අතර, මෙම කාර්යය ඉෂ්ට කිරීම සඳහා පවතින නීතියේ විධි විධාන පවතින බව ද සටහන් කරන්නෙමු. 2007 අංක 57 දරන අන්තර්ජාතික සිවිල් සහ දේශපාලනික අයිතීන් පිළිබඳ ප්‍රඥප්තිය (ICCPR) සම්බන්ධ පනත යටතේ වෙනස් කොට සැලකීමට, එදිරිවාදීභාවයට, හෝ ප්‍රචණ්ඩත්වයට අනුබල දෙන ජාතික, වාර්ගික, හෝ ආගමික වෛරය පැතිරවීමේ කටයුතු කිරීම දැනටමත් අපරාධයක් බවට පත් කර ඇත. දණ්ඩ නීති සංග්‍රහය යටතේ “සිතා මතා ආගමික හැඟීම්වලට හානි වන සේ වචන ප්‍රකාශ කිරීම” (291 අ කොටස), “ආගමකට හෝ ආගමික විශ්වාසයනටය අපහාස කිරීම හරහා ඕනෑම පන්තියක ආගමික හැඟීම් ප්‍රකෝප කිරීමට සිතාමතා සහ ද්වේශ සහගතව කටයුතු කිරීම” (291 ආ කොටස), වරදවල් බවට පත් කර ඇත. තවදුරටත් දණ්ඩ නීති සංග්‍රහයේ ආගමික ස්ථාන සහ ආගමික කටයුතු සඳහා එක් රැස් වන ස්ථාන ආරක්ෂා කිරීම සඳහා තවත් වැරදි කිහිපයක් සපයා ඇත. මේ වැරැදි විසින් දැනටම අදහස් ප්‍රකාශනයේ නිදහස බරපතල ලෙස සීමා කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ වෛරී අදහස් ප්‍රකාශනය සම්බන්ධයෙන් යැයි පුළුල්ව නම් කළ හැකි දැනටත් පවතින විවිධ නීති සමූහය සැලකූ කළ, නිශ්චිත ආගමික කණ්ඩායම් ඉලක්ක කර ගත් ප්‍රහාර සම්බන්ධයෙන් වරදකරුවන්ට එරෙහිව නඩු නොපැවරීම නීති පද්ධතියේ අඩුපාඩු නිසා නොව, පවතින නීතින්ගෙන් කොටසක් පමණක් තෝරා ගෙන ක්‍රියාත්මක කිරීමත්, ප්‍රචණ්ඩ වෛරයන්ට ආධාර අනුබල දෙන්නන්ට එරෙහිව කටයුතු කිරීමටත් ඇති නීති ක්‍රියාත්මක කිරීමට දේශපාලන වුවමනාවක් නොතිබීමත් යන කරුණුවල ප්‍රතිඵල බව අපගේ අදහසයි. මෙම තත්ත්ව යටතේ, අප රජයට බල කර සිටින්නේ සිය පුරවැසියන්ට තමන්ගේ වගකීම්, සහ අන්තර්ජාතික වගකීම් ඉටු කරමින්, පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශනයේ අයිතීන් සුරකින නව, සමෘද්ධිමත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට කටයුතු කරමින් ඉදිරිපත් කළ මෙම නීති කෙටුම්පත් ඉවත් කර ගන්නා ලෙසයි.

Signatories
Individuals
1. Ainslie Joseph – Convenor, Christian Alliance for Social Action
2. Annouchka Wijesinghe
3. Aruni Jayakody
4. B. Gowthaman
5. Balasingham Skanthakumar
6. Bhavani Fonseka – Attorney-at-Law
7. Bishop Duleep de Chickera
8. Bishop Kumara Illangasinghe
9. Brito Fernando
10. Caryll Tozer
11. Chameera Perera – Left Center
12. Chandra Jayaratne
13. Chandraguptha Thenuwara
14. Chulani Kodikara
15. D.B.S. Jeyaraj – Journalist
16. Deanne Uyangoda
17. Dr. Farzana Haniffa – Senior Lecturer, Sociology – University of Colombo
18. Dr. Jehan Perera
19. Dr. Kumudu Kusum Kumara – University of Colombo
20. Dr. L. Solomons
21. Dr. Paikiasothy Saravanamuttu
22. Dr. S.B. Dhanapala
23. Dr. Shamala Kumar – University of Peradeniya
24. Faizun Zackariya – Citizens Voice
25. Gajen Mahendra
26. Gamini Viyangoda
27. Gayathri Gamage
28. Godfrey Yogarajah – Executive Director, Religious Liberty Commission & World Evangelical Alliance
29. Gowrie Ponniah
30. Hans Billimoria
31. Harini Amarasuriya
32. Herman Kumara
33. Iromi Perera
34. Ishan Jalill – Founder and Executive Director, Action Against Apathy
35. Jake Oorloff
36. Jeanne Samuel
37. Joe William
38. Jovita Arulanantham
39. K. Aingkaran
40. Kalani Subasinghe
41. Kumari Kumaragamage
42. Kusal Perera – Journalist
43. Lakshan Dias – Attorney-at-Law
44. Lionel Guruge
45. Luwie Ganeshathasan – Attorney-at-Law
46. Mala Liyanage
47. Manouri Muttetuwegama
48. Marisa de Silva
49. Mujeebur Rahman – Journalist (Mannar)
50. Nalini Ratnarajah – Woman Human Rights Defender
51. Nigel Nugawela
52. Nilantha Ilangamuwa – Journalist and Editor, Sri Lanka Guardian
53. Nimalka Fernando
54. Niran Anketell – Attorney-at-Law
55. P. Selvaratnam
56. Paba Deshapriya
57. Philip Setunga
58. Prof. Jayantha Seneviratne – University of Kelaniya
59. Prof. S. Sivamohan
60. Qadri Ismail
61. R.M.B Senanayake – Retired C.C.S
62. Rev. Br. Loyola Fernando FSC
63. Rev. Dr. Jayasiri T. Peiris – Friday Forum
64. Rev. Fr. Jeyabalan Croos
65. Rev. Fr. Sarath Iddamalgoda
66. Rev. Fr. T.L.R. Dominic
67. Rev. Jason Selvaraja – Assembly of God, Chavakachcheri
68. Ronnie Yogarajah
69. Ruki Fernando
70. S. Ratnajeevan H. Hoole
71. S. Samaraarachchi
72. S.C.C. Elankovan
73. Sabra Zahid
74. Sampath Samarakoon
75. Sanjana Hattotuwa – Founding Editor, Groundviews.org
76. Sanjayan Rajasingham
77. Shakthi Ponniah
78. Shashika Bandara
79. Sheila Richards
80. Shreen Abdul Saroor
81. Sriyanie Wijesundara
82. Sudarshana Gunawardana – Attorney-at-Law
83. Sunanda Deshapriya
84. Sunethra Bandaranaike
85. Suren D. Perera – Human Rights Lawyer and Activist
86. Suriya Wickremasinghe
87. T. Mathuri – Attorney-at-Law
88. Tanuja Thurairajah
89. Tehani Ariyaratne
90. Thyagi Ruwanpathirana
91. Udaya Kalupathirana
92. Visaka Dharmadasa
93. Waruna Padmasiri – Attorney-at-Law
Organizations
94. Association of War Affected Women (AWAW)
95. Centre for Policy Alternatives (CPA)
96. Families of the Disappeared (FoD)
97. INFORM Human Rights Documentation Centre
98. Law and Society Trust (LST)
99. National Fisheries Solidarity Movement (NAFSO)
100. National Peace Council (NPC)
101. Right to Life (R2L) Human Rights Centre
102. Rights Now Collective for Democracy
103. Women’s Action Network (WAN)