“මම දන්නවා මගේ පුතා ජීවත් වෙලා ඉන්නවා කියලා. මම දන්නවා එයාව අබේපුස්ස කෑම්ප් එකේ තියාගෙන ඉන්නවා. මොකද මම දැක්කා පුනරුත්තාපනය කරපු ළමයිගේ පිංතූර තිබුණ පොතක මගේ ළමයා හිටියා. ඒත් එක්කම තවත් ළමයි ගොඩක් හිටියා. මම අහන්නේ මේ ළමයි කෝ කියලා. මම විශ්වාස කරනවා මගේ ළමයා කවදා හරි මගේ ළගට එයි කියලා.”‘මේ පොතේ 48ක් වෙනි පිටුවේ ඉන්නෙ මගේ පුතා’
ජෙයකුමාරි බාලේන්ද්‍රන් ජීවත් වූයේ ත්‍රිකුණාමලයේ, සෙල්වනායකපුරම් ප්‍රදේශයේ ය. ඇයට සිටින එකම දියණිය විබූෂිකා බාලේන්ද්රන්ය.
තම කුඩා කලේදීම විබූෂිකාගේ පියා, ජෙයකුමාරිගේ සිය සැමියා හෘදයාබාධයකින් මියගියේ ය. ජෙයකුමාරි කුලී වැඩ කර එයින් ලැබෙන ආදායමින් ඔවුන් සමග ජීවත් වුවාය. ඒ අතරතුර 2006 ඔක්තෝබර් 20 වැනි දින සිය නිවස අසලදී නාඳුනන පිරිසක් විසින් කළ වෙඩි තැබීමකින් විබූෂිකාට සිය වැඩිමහල් සොහොයුරා අහිමි විය. ජෙයකුමාරිට සිය වැඩිමහල් පුතා අහිමි විය. ඉන්පසු ත්‍රිකුණාමලයේ සිටීමෙන් ආරක්ෂාවක් නොමැති හෙයින් ජෙයකුමාරි අනෙකුත් දරුවන් ද සමඟ වන්නියට පැමිණ පදිංචි විය. එතැන් සිට ඊනියා මානුෂික මෙහෙයුමේ ආශිර්වාදය නිසා තැනින් තැන අවතැන්ව ගොස් 2009 මැයි 5වැනි දින ආරක්ෂක කලාපය යැයි ප්‍රකාශ කළ ප්‍රදේශයේ සිටියදී එල්ලවූ ෂෙල් ප්‍රහාරයකින් විබූෂිකාගේ දෙවැනි සහෝදරයා ද ඝාතනය විය. ඉන් පසු එහි සිට අවතැන්ව සිටින විට 2009 මැයි 15වැනි දින තම තෙවැනි සහෝදරයා ද අතුරුදහන් විය. පුතුන් තිදෙනෙක් අහිමි වූ ජෙයකුමාරි සිය දියණිය බූෂිකා සමග තනිවූවාය.
…………………………..ඒ අතරතුර 2014 මාර්තු 13වනදා සවස කිලිනොච්චියේ, ධර්මපුරම් ප්‍රදේශයේදී ජෙයකුමාරි සහ ඇයගේ දියණිය වන විබූෂිකා බාලේන්ද්‍රන් ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තේය. ඉන්පසු…බලන්න ‘අපේ කාලයේ ‘පටාචාරාව!’ඇයගේ ජීවිතය කියවන්න! Microsoft Sway තාක්ෂණයෙන් පිවිසෙන්න.(එසේත් නැති නම් පහත Story Line බලන්න.)
*අද, මාර්තු 8ට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි.