ලෝකයේ බොහෝ රටවල ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය උදුරා ගනිමින් රටවල් බොහොමයකට එළවළු හා පළතුරු සපයන ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වූ ඩෝල් සමාගමේ හිමිකාරීත්වය අද වන විට ජපානය විසින් ලබා ගෙන ඇත. මෙම සමාගම අප රටේ ඩෝල් ලංකා නමින් කි‍්‍රයාත්මක වෙමින් වියළි කලාපයේ ඉඩම් අත්පත් කර ගැනීමේ කාර්යයේ මේ වන විට අඛණ්ඩව නිරතවෙමින් සිටී. එහි පළමු පියවර ලෙස සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අයත්, කන්දකාඩු ප‍්‍රදේශයේ වනාන්තර අක්කර 11600 ක් නීති විරෝධීව යුධ හමුදාවෙන් අත්පත් කර ගෙන කැවැන්ඩිස් කෙසෙල් වගා කිරීමට පියවර ගැනින. නමුත් එය අපගේ මැදිහත්වීම මත නතර කර ගත හැකි වූවත් අද වන විට මොණරාගල දිස්ති‍්‍රක්කයේ ලූණුගම්වෙහෙර ජාතික වනෝiානය ආශි‍්‍රත ව ස්ථාන තුනක ඉඩම් අක්කර 4600 ක් අත්පත් කර ගෙන අපනයනය සඳහා කැවැන්ඩිස් කෙසෙල් වගා කෙරේ. මීට අමතර ව තනමල්විල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නිකවැව ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි මීගස්වැව ප‍්‍රදේශයේ තවත් ඉඩම් අක්කර 1400 ක් ද පසුගිය රජය පැවති සමයේ දී ඩෝල් සමාගම ලබා ගෙන තිබේ.
වැල්ලවාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුඩාඔය ප‍්‍රදේශයේ අක්කර 1800ක්, බුත්තල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන්දම, දෙමෝදර ප‍්‍රදේශයේ අක්කර 1600ක් හා බුත්තල, වෑකඩ ප‍්‍රදේශයේ අක්කර 1200ක් වශයෙන් කැවැන්ඩිස් කෙසෙල් ප‍්‍රභේදය වගා කිරීම සඳහා පසුගිය රජය පැවති සමයේ දී මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ සහයෝගය මත නීති විරෝධී ලෙස මේ සමාගමට ඉඩම් ලබා දී ඇත. විශේෂයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මොණරාගල හිටපු දිසා වන නිලධාරී විසින් වන සංරක්ෂණ ආඥ පනත උල්ලංඝනය කරමින් එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර ඉඩම් ඩෝල් සමාගමට ලබා දී තිබුණි. මෙම සමාගම පසුගිය කාලය පුරාම වාර්ශික බලපත‍්‍ර යටතේ වගා කළ බොහෝ ගොවි ජනතාවකගේ ඉඩම් නීති විරෝධීව මිල දී ගනිමින් තම භූමිය වැඩි කර ගනිමින් සිටී.
පසුගිය රජය පැවති සමයේ දී ඩෝල් සමාගම වෙනුවෙන් පෙනී සිටි ප‍්‍රධාන අමාත්‍යවරයා වූයේ බැසිල් රාජපක්ෂ මහතා ය. ඊට අමතරව හිටපු ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා හා හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා ප‍්‍රාදේශීය මට්ටමින් මෙම සමාගම වෙනුවෙන් පෙනී සිටියේය. මේ නිසා ඔවුන්ට මෙම සමාගමෙන් මැතිවරණ පැවති සමයේ දී සම්පූර්ණ ප‍්‍රචාරක කටයුතු සඳහා මුදල් ලැබිණ.
අද වන විට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන්ම මෙම සමාගමට අවශ්‍ය සහයෝගය ලැබෙමින් පවතී. පසුගිය දා අග‍්‍රාමාත්‍යතුමාගේ ජපන් නිල සංචාරයේ දී එරට අග‍්‍රාමාත්‍යවරයා විසින් දැනුම් දී ඇත්තේ ඩෝල් සමාගමට අප රට තුළ නිදහසේ කි‍්‍රයාත්මක වීමේ යාන්ත‍්‍රණයක් සකස් කර දෙන ලෙස හා මෙරට තුළ එම සමාගමේ ඉඩම් අයිතිය තහවුරු කර දෙන ලෙසය. මෙතරම් දේශපාලන බලයක් හිමි ඩෝල් සමාගම අද වන විට අප රටේ වියළි කලාපයේ අස්සක් මුල්ලක් නෑර ඉඩම් අත්පත් කර ගනිමින් ගොවි ජනතාව හා වන සතුන් අවතැන් කරමින් සිටී.
ඩෝල් සමාගම ඉඩම් අත්පත් කර ගෙන කෙසෙල් වගා කිරීමට අමතරව වෙනත් සමාගම් විසින් නීති විරෝධීව ඉඩම් අත්පත් කර ගෙන වගා කෙරෙන කැවැන්ඩිස් කෙසෙල් ද ඩෝල් සමාගම නමින් අපනයනය කිරීම සිදු කරයි. පෙලොන්නරුව, කන්දකාඩුව ප‍්‍රදේශයේ වනාන්තර අක්කර 1000 ක් යුධ හමුදාවෙන් තිස් තුන් අවුරුදු බදු ක‍්‍රමය යටතේ ලබා ගත් ඉඩමක බ‍්‍රවුන්ස් සමාගම මඟින් මේ වන විට නීති විරෝධීව පවත්වාගෙන යන වගා බිමේ අක්කර 250 ක භූමියක සිටුවා ඇති කැවැන්ඩිස් කෙසෙල් අපනයනය කිරීම සිදු කරනුයේ ඩෝල් සමාගමේ නාමයෙනි. මේ සඳහා ඩෝල් සමාගම හා බ‍්‍රවුන්ස් සමාගම අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් තබා ඇත.
ඩෝල් සමාගම මොණරාගල කෙසෙල් වගාව සඳහා එළිපෙහෙළි කර ඇති වනාන්තර කිරිදි ඔයේ හා මැණික් ගගේ ජල පෝෂක ප‍්‍රදේශ වන අතර, ඒවා වෙහෙරගල ජලාශයේ හා ලූණුගම්වෙහෙර ජලාශයේ ජල සුරක්ෂිතතාව රඳා පැවති වනාන්තර බිම් ය. නමුත් අද වන විට ඒ සියලූ ජල පෝෂක බිම් මේ ජලාශ වලට හා ගංගාවලට සම්පූර්ණයෙන්ම අහිමි වී තිබේ.
මේ වගාබිම් වලට විසිරුම් නල ජල ක‍්‍රමය යටතේ ඉතාම අදික ප‍්‍රමාණයක් දිනකට ජලය යෙදීම සිදු කරයි. ඒ ස`දහා ජලය ලබාගන්නේ ප‍්‍රධාන වශයෙන් ම ගංගාවලින් හා විශාල නල ළිං සකස් කර භූගත ජලය අධික ලෙස පොම්ප මගින් මතුපිටට ලබා ගැනීමෙනි.
කුඩාඔය වගා බිමට කිරිදි ඔයෙන් විශාල ජල ප‍්‍රමාණයක් ලබාගන්නා අතර, වන්දම හා වෑකඩ වගා බිම්වලට මැණික් ගෙ`ග් ජලය ලබා ගනී. මෙහි අහිතකර ප‍්‍රතිඵල බුක්තිවිදින්නේ මේ ගංගා පහළ ජීවත්වන ජනතාව හා වනසතුන් ය. වගා බිමට යෙදීමට අධික ජල ප‍්‍රමාණයක් ලබා ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස පහළ ප‍්‍රදේශවල වගා බිම්වලට ලබා ගත හැකි ජල ප‍්‍රමාණය ඉතා විශාල මට්ටමකින් පහළ වැටී තිබේ. ඒ හේතුවෙන් ගොවි ජනතාව වගා කටයුතු කර ගත නොහැකිව බොහෝ වගා බිම් වලින් ඉවත් ව සිටී. එපමණක් නොව ලූණුගම්වෙහෙර හා යාල ජාතික වනෝද්‍යානවල ජීවත්වන අලි – ඇතුන් ඇතුළු ව බොහෝ වන සතුන්ට වියළි කාලයේ දී දැවැන්ත ජල හිඟයකට මුහුණ දීමට සිදු වී ඇත්තේ ද කිරිදි ඔයේ හා මැණික් ගෙ`ගන් අධික ජල ප‍්‍රමාණයක් මෙම වගා බිම් වලට ලබා ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙසය.
මීට අමතර ව මැණික් ගෙ`ග් හා කිරිදි ඔයේ ජලය සිදීයන කාලයට වගා බිම්වලට ජලය ලබා ගැනීම සිදු කරනුයේ ඉතා ගැඹුරු නල ළිං සකස් කර ඒවායෙන් භූගත ජලය මතුපිටට ලබා ගැනීමෙනි. මේ හරහා සිදුවන හානිය ඉතා ම උග‍්‍ර මට්ටමක පවති. නියං සමය තුළ බොහෝ ජනතාවක් වගා කටයුතු වලට හා දෛනික පරිභෝජනය සඳහා ජලය ලබා ගන්නේ ළිං මගින් හා වගා ළිං මගිනි. ඒවා සියල්ල ම සම්පූර්ණයෙන් සිදී යාමට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ඩෝල් සමාගම විශාල භූගත ජල ප‍්‍රමාණයක් වගා බිම්වල භාවිතයට නල ළිං මගින් ලබා ගැනීම ය. මේ හේතුවෙන් ඇති වී තිබෙන උග‍්‍ර ජල හිඟයකට විසදුමක් ලෙස බවුසර් මගින් ජනතාවට අවශ්‍ය පානීය ජලය සැපයීමට රජයට සිදු වී ඇත. පොදු ජනතාවගේ බදු මුදල් වලින් රජය මෙලෙස ජනතාවට ජලය ලබා දෙන්නේ ඩෝල් සමාගම සිදු කළ හානි මඟහරවා ගැනීමට ය. කළ යුතු ව ඇත්තේ ජනතාවගේ බදු මුදල් මේ වෙනුවෙන් යෙදවීම නොව හානි කර ඩෝල් සමාගමේ කි‍්‍රයාකාරීත්වය නතර කිරීමය.
ඩෝල් සමාගම අද වන විට තම වගා බිම් වල ජල හිඟයට පිළියම් සෙවීම සඳහා ලූණුගම්වෙහෙර ජාතික වනෝiානය තුළ පිහිටි වෙහෙරගල ජලාශයෙන් ජලය ලබා ගැනීමට කි‍්‍රයාමාර්ග ගනිමින් සිටි. ඒ සඳහා ජාතික වනෝද්‍යානය තුළ මාර්ග සකස් කර වෙහෙරගල ජලාශයේ සිට වගා බිම්වලට නල මගින් ජලය ගෙන ඒමට සැලසුම් සකස් කරමින් සිටි. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 5 වන වගන්තියට අනුව ජාතික වනෝiානයකට ඇතුළු වීම සඳහා බලපත‍්‍ර ලබා ගත යුතු ව තිබිය දී මෙම නීතිරීති උල්ලංගනය කරමින් ඩෝල් සමාගම මෙලෙස කි‍්‍රයා කරන්නේ කෙසේ ද යන්න ගැටලූවකි.
ඩෝල් සමාගමේ වගා බිම්වලට ඉතාම අදික ලෙස කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීම සිදු කරයි. ඩැකොනිල් වැනි විෂ රසායන ද්‍රව්‍ය මේ සඳහා යොදන අතර, ඒවා යෙදීම සිදු කරනුයේ රාති‍්‍ර 12 න් පසුව යාන්ත‍්‍රික රසායන ඉසින භාවිතා කරමිනි. මීටර් 75 ක් පමණ දුරට එකවර රසායනික ඉසිය හැකි යන්ත‍්‍ර ලොරි රථවල සවි කර ඒ මගින් ජලයේ මිශ‍්‍ර කරන ලද රසායනික ද්‍රව්‍ය ඉසිනු ලැබේ. එසේ ඉසින රසායන ද්‍රව්‍ය ඒ වටා ප‍්‍රදේශයේ මීදුමක් සේ විසිරීම සිදු වේ.
මේ තත්ත්වය හේතුවෙන් ඉතා ම අදික රසායනික ද්‍රව්‍ය ප‍්‍රමාණයක් බාහිර පරිසරයට නිදහස් වේ. ඒවා සෘජුව ම ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට හා ජනාවාස ආශි‍්‍රත ප‍්‍රදේශ වලට විසිරීම සිදු වේ. අවසානයේ මෙම රසායනික ද්‍රව්‍ය කිරිදි ඔය හා මැණික් ගග හරහා ලූණුගම්වෙහෙර ජලාශයටත් වෙහෙරගල ජලාශයටත් යොමු වී ජලයේ සාන්ද්‍රගත වේ. මේ ජලාශ දෙකෙන් ජලය ලබා ගන්නා සියලූ වගා බිම්වලට හා ජනතාවට මෙම විෂ රසායන වලින් අහිතකර සෞඛ්‍ය බලපෑම් එල්ල වේ. අද වන විට ක‍්‍රම ක‍්‍රමයෙන් වකුගඩු රෝගයට මේ ප‍්‍රදේශයේ ජනතාව ගොදුරු වෙමින් සිටින්නේ මේ කි‍්‍රයාවලියේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. එපමණක් නොව ඩෝල් සමාගමේ වගා බිම්වල සේවයේ නියුතු අයට ද විවිධ රෝගාබාධ, මළ දරු උපත් හා මදසරුභාවය වැනි තත්ත්වයන් ඇති වීමට මෙය හේතු වී තිබේ.
වගා බිම්වලට පමණක් නොව අපනයනය කිරීම සඳහා සකස් කරන කෙසෙල් ගෙඩිවලට කෘමි හානි, දිලීර හානි ඇති වීම වැළැක්වීමට හා අනවශ්‍ය පරිදි මාසයක් පමණ කාලයක් තුළ කෙසෙල් ගෙඩි ඉදී යාම වැළැක්වීමට රසායනික ද්‍රව්‍ය යෙදීම සිදු කරයි. ඒ සියලූ රසායනික ද්‍රව්‍ය වලට මෙම වගා බිම්වල සේවයේ නියුතු සියලූ ජනතාව ගොදුරු වේ.
ඩෝල් සමාගමේ වගා බිම්වල භාවිතා කර ඉවත් කරන පළිබෝධනාශක බහා තබන කෑන් ඉතා විශාල ප‍්‍රමාණයක් අක‍්‍රමවත්ව බැහැර කිරීම හේතුවෙන් වෙහෙරගල ජලාශයේ රැදී තිබේ. මෙපමණක් නොව මේ ස්ථානයේ සේවයේ නියුතු කිසිදු සේවකයෙකුට රසායනික ද්‍රව්‍ය වලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය ආරක්ෂක උපකරණ කිසිවක් ලබා දී නොමැත. මින් පෙනී යන්නේ ඩෝල් සමාගම ඉතා ම අපරික්ෂාකාරි ලෙස පරිසරය හෝ සේවක සෞඛ්‍ය ගැන හෝ නොතකමින් තම ව්‍යාපාරික කටයුතු වල පමණක් යෙදෙන බවය.
ඩෝල් සමාගමේ මේ සියලූ වගා බිම් ලූනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය ආශි‍්‍රත ව පිහිටි වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර ස්ථාපිත කර ඇති අතර, මේ සියලූ වගා බිම් ආවරණය වන පරිදි විදුලි වැටවල් සකස් කර තිබේ. මේ සියල්ලේ ම ප‍්‍රතිඵලයක් ලෙස අවතැන් වූ අලි – ඇතුන් ගම් වැදීමෙන් ගම්මාන 21 ක් පමණ අද වන විට දරුණු ලෙස අලි – මිනිස් ගැටුමට ගොදුරු වී ඇත. මෙතෙක් අලි – මිනිස් ගැටුම නොපැවති බොහෝ ප‍්‍රදේශ හා බොහෝ වගා බිම් අලි – මිනිස් ගැටුමට උග‍්‍ර ලෙස ගොදුරු වෙමින් තිබේ. මහආරගම, පුබුදුගම, උල්කන්ද, තලාකොළ වැව, හඳපානාගල, නෙලූගල, වෙහෙරයාය, රන්දෙනියාය, තෙලූල්ල, සිරිපුරගම, අඳාවෙල යාය, ආනපල්ලම, වැලිආර, දඹේආර, බලහරුව, හම්බෙගමුව, තනමල්විල ආදී ගම්මාන අද වන විට දරුණු ලෙස අලි – මිනිස් ගැටුමට ගොදුරු වී තිබෙන්නේ මේ සමාගමේ ඉඩම් කොල්ලයේ ප‍්‍රතිඵලයක් ලෙස ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස බොහෝ ගොවි ජනතාව වගා බිම් වලින් ඉවත් වී ඇත්තේ අලි – ඇතුන් වගා බිම්වලට හානි කිරීම හා සමාගමේ කි‍්‍රයාකාරීත්වය මත උද්ගත වී ඇති උග‍්‍ර ජල ප‍්‍රශ්නයට මුහුණ දීමේ හැකියාවක් නොමැති වීම හේතුවෙනි.
මෙලෙස වගා කටයුතු වලින් ඉවත්වන ගොවි ජනතාව හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රුපියල් 525 ක දෛනික දීමනාවකට ඩෝල් සමාගමේ කම්කරුවන් ලෙස සේවයට යන තත්ත්වයට වර්තමානය වන විට මේ ගැටළුව පරිවර්තනය වී ඇත. දිනපතා උදේ පාන්දර 3 සිට සවස 4 වන තුරු රසායනික ද්‍රව්‍ය වලට අධික ලෙස ගොදුරු වෙමින් සෞඛ්‍ය තර්ජනවලට මැදිව මේ වගා බිම්වල සේවයේ නිරත වීමට ගොවි ජනතාවට සිදුව ඇත.
ඩෝල් සමාගම යනු ලෝකයේ ඉතා ම හානි කර ලෙස කි‍්‍රයාත්මක වන සමාගමකි. මොණරාගල ද එම සමාගමේ කි‍්‍රයාකාරීත්වය එ් අයුරින් ම සිදු වන බව පෙනෙන්නට තිබේ. මෙම වගා බිම් ආශි‍්‍රත ප‍්‍රදේශ වලට පිවිසීම පවා රටේ ජනතාවට තහනම් කර තිබේ. එපමණක් නොව ප‍්‍රදේශයේ සමාජයීය ප‍්‍රශ්න සහ පවුල් ප‍්‍රශ්න ඇති කරමින් සමාගම විසින් කම්කරුවන් සමාගම මත බැද තබමින් සිටී.
ඩෝල් සමාගමේ ඉතිහාසය දෙස බැලූව ද එය කළු ඉතිහාසයක් ඇති සමාගමක් බව පෙනේ. ලෝකයේ රටවල් 90 කට පමණ එළවළු හා පළතුරු නිෂ්පාදන 300 කට වැඩි ප‍්‍රමාණයක් නිපදවන මේ සමාගම, 2005 වසරේ දී ඊකෝලයි රෝගකාරකය ඇමරිකාවේ ජනපද 26 ක ව්‍යාප්ත කිරීමට දායක වී තිබේ. සලාද කොළ මඟින් මේ රෝගකාරකය ඇරිසෝනා, කැලිෆෝනියා, මිනසෝටා, නිව්යෝක් ඇතුළු ජනපද 26 ක ව්‍යාප්ත කිරීමට හවුල් වී තිබේ. මීට අමතර ව නිකරගුවාවේ ඩෝල් සමාගමට අයත් වගා බිම්වල 1985 දී ඇමරිකාවේ තහනම් කළ ඩයිබ්‍රෝමො ක්ලෝරෝ ප්‍රොපේන් නම් පළිබෝධ නාශකය අධික ව භාවිත කර තිබේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස සේවකයන් වඳ භාවයට පත් ව තිබේ. එම සේවකයන් විසින් මේ තත්ත්වය හේතුවෙන් සමාගමට එරෙහි ව නඩු පවරන ලදී. එහෙත් සමාගම සේවකයන්ට මුදල් ලබා දී, තමන් ඩෝල් සමාගමේ ඉඩම්වල සේවය කළ අය නො වන බවට අධිකරණය ඉදිරියේ දී ව්‍යාජ ප‍්‍රකාශ ලබා දීමට බලකර තිබේ. පසු ව 2009 වසරේ දී මේ නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජුවන් ඩොමින්ගෙස් හට අසත්‍ය සාක්ෂ්‍ය ඉදිරිපත් කිරීම, සාධාරණත්වයට අවහිර කිරීම, අධිකරණයට වංචා කිරීම හා ඇමෙරිකානු සමාගමකට එරෙහි ව කුමන්ත‍්‍රණ කිරීම ආදී අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශනයකට භාජනය වීමට පවා සිදු වූයේ ඩෝල් සමාගමේ සේවකයන්ට අල්ලස් ලබා දී අධිකරණය ඉදිරියේ ව්‍යාජ ප‍්‍රකාශ ලබා දීම හේතුවෙනි. ඩෝල් සමාගමේ මුදල් බලය ඉදිරියේ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයකුට අවසානයේ සිදු වූයේ මෙවන් නොසිතූ ඉරණමකට මුහුණ දීමටය.
නිකරගුවාවේ, ඩෝල් සමාගමේ සේවකයනට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් ස්වීඩන් ජාතික ෆ්‍රෙඩි‍්‍රක් ගර්ට්න් විසින් වාර්තා චිත‍්‍රපටයක් නිපද වූ අතර, එය ලොස්ඇන්ජලිස් චිත‍්‍රපට උලෙළේ තිරගත කැරිණි. ඊට එරෙහි ව ඩෝල් සමාගම ලොස්ඇන්ජලිස් අධිකරණයේ නඩුවක් ගොනු කෙළේ ය. 2010 වසරේ දී එය ප‍්‍රතික්ෂේප කළ අධිකරණය, මේ චිත‍්‍රපටය ඇමෙරිකාවේ පෙන්වීමට අවස්ථාව ලබා දුන් අතර, චිත‍්‍රපට නිෂ්පාදකයාට ඩොලර් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසට ඩෝල් සමාගමට නියෝග කෙළේ ය. මේ ආකාරයෙන් කි‍්‍රයාත්මක වන සමාගමක් ලංකාවේ මහා පරිමාණ වගා කටයුතු සඳහා ආයෝජනය කිරීම පිළිබඳවත් රටට ගෙන්වා ගැනීම පිළිබඳවත් එම සමාගමට මහ පරිමාණයෙන් රජයේ ඉඩම් ලබා දීම පිළිබඳවත් රටේ අනාගතය ගැන සිතන පිරිසක් ලෙස අපි කනගාටු වෙමු.
මෙවන් වූ ඉතිහාසයක් ඇති ඩෝල් සමාගම මොණරාගල දිස්ති‍්‍රක්කයේ සියලූම වගා බිම් ආරම්භ කරන්නේ පාරිසරික අණපනත් ගණනාවක් උල්ලංඝනය කරමිනි. ලූනුගම්වෙහෙර ජාතික වනෝiානය මායිමේ වනාන්තර බිම් එළි පෙහෙළි කරමින් මේ වගා බිම් ස්ථාපිත කර ඇත්තේ 2009 අංක 22 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 9 වන වගන්තිය සම්පූර්ණයෙන් ම උල්ලංගනය කරමිනි. මෙම වගන්තියට අනුව ජාතික වනෝiානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීමෙන් පසුව පමණක් එම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කළ යුතුය.
2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය උල්ලංඝණය කරමින් ඩෝල් සමාගම රජයට අයත් සියළු වනාන්තර එළි පෙහෙළි කර තිබේ. එම වගන්තියට අනුව වනාන්තර එළි පෙහෙළ කිරීම, ශාක කපා ඉවත් කිරීම, මාර්ග සකස් කිරීම, ස්ථීර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, ඒවායේ පදිංචි වීම, වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී ක‍්‍රියාවකි. එවන් නීති විරෝධි ක‍්‍රියාවල නිරතව සිටින පුද්ගලයෙකු හෝ ඒ සදහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු ද වරදකරුවකු වේ. එවන් ක‍්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරද කරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොයික්මවන කාලයක් ස`දහා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරණ ලද හානිය සදහා අධිකරණය ම`ගින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි ය. එසේ තිබිය දී ඩෝල් සමාගම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහයෝගයෙන් මේ නීති රීති සියල්ල උල්ලංඝනය කරමින් රජයේ වනාන්තර ඉඩම් අව භාවිතා කර තිබීම පුදුමයට කරුණකි. මින් පෙනී යන්නේ ඉදිරියේ දී කෙතරම් විනාශකාරී ලෙස ඩෝල් සමාගම අප රට තුළ කි‍්‍රයාත්මක වේද යන්න පිළිබඳ පෙර නිමිතිය.
එපමණක් නොව ජාතික පාරිසරික පනත යටතේ ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් හෝ වනාන්තර නොවන හෙක්ටයාර 50 කට වැඩි භූමි ප‍්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත්ව පූර්ව ලිඛිත පරිසරික අනුමැතිය ලබා ගත යුතුය.
අද වන විට දැවැන්ත වනාන්තර ප‍්‍රමාණයක් එළි පෙහෙළි කර, අධික ලෙස භූගත ජලය හා ගංගාවල ජලය හානි කර ලෙස ලබා ගනිමින්, අධික ලෙස රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් ඩෝල් සමාගමේ සියලූ වගා බිම් පවත්වාගෙන යනු ලබන්නේ කිසිදු පාරිසරික බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියකින් පසුව හෝ නියමිත අනුමැතිය ලබා ගැනීමකින් පසු ව නොවේ. මේ සියල්ලම නීති විරෝධී ලෙස පවත්වා ගෙන යන වගා බිම් වේ.
මෙවන් බහුජාතික සමාගමක් සඳහා ඉඩම් ලබා දීමට ප‍්‍රථමයෙන් ඒ පිළිබඳව කැබිනට් තීරණයක් ලබා ගැනීම අවශ්‍ය වන අතර, පාර්ලිමේන්තුවෙන් මෙම ඉඩම් ලබා දීම පිළිබඳව අනුමැතිය ද අවශ්‍ය වේ. එපමණක් නොව දිස්ති‍්‍රක් ඉඩම් පරිහරණ කමිටුවේ නිර්දේශ හා සියලූම රාජ්‍ය ආයතන වල නිර්දේශ මත පමණක් මෙම ඉඩම් භාවිතයට ලබා ගත හැකි ය. නමුත් රජයට අයත් ඉඩම් අති බහුතරයක් ඩෝල් සමාගම සතු කරගෙන ඇත්තේ කෙසේ ද යන්න ගැටළුවකි. එ් සියල්ල සිදු කර ඇත්තේ රජයේ ඉඩම් ආඥ පනතේ නීතිමය ප‍්‍රතිපාදනයන් උල්ලංඝනය කරමිනි.
මොණරාගල දිස්ති‍්‍රක්කයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු හා අමාත්‍යවරයකු වූ ජගත් පුෂ්පකුමාර මහතා සහ හිටපු පළාත් මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ හා ඔවුන් වටා සිටින පළාත් සභා හා ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍රවරුන් විසින් මෙන්ම ප‍්‍රදේශයේ මහ පරිමාණ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් ඩෝල් සමාගමේ මේ සියලූ කි‍්‍රයාවලට උදව් උපකාර කරනු ලැබේ. මොණරාගල දිස්ති‍්‍රක්කයේ පිහිටි රජයේ ඉඩම් මෙම සමාගම සතු කර ගැනීම, පාරිසරික නීති උල්ලංගනය කරමින් ව්‍යාපෘති ආරම්භ කිරීම පමණක් නොව විදුලි වැටවල් සකස් කරමින් ගංගාවල ජලය ලබා ගනිමින් අවට ජනතාව අලි – මිනිස් ගැටුමේ හා ජල අර්බුධයේ ගොදුරක් බවට පත් කරමින් ගැටළුවකින් තොරව ඩෝල් සමාගම පවත්වාගෙන යාම ඇතුළු සියලූ හානිකර කි‍්‍රයා සිදු කරන ලද්දේ මේ දේශපාලකයින් කිහිපදෙනාගේ පූර්ණ මැදිහත් වීම මතය.
ඒ සඳහා ඔවුන්ට ලැබෙන ප‍්‍රතිලාභ ප‍්‍රමාණය ද අති විශාල ය. සමහර ඇමතිවරුන්ට ඩෝල් සමාගම අපනයනය කරන සෑම කෙසෙල් කිලෝ එකකින් ම මුදලක් හිමි වේ. සමහරුන් මෙම සමාගමේ ප‍්‍රවාහන කටයුතු සඳහා වාහන සැපයීමේ කොන්ත‍්‍රාත්තු හා ඉඩම් සැපයීමේ කොන්ත‍්‍රාත්තු ඉටු කරයි.
මීට අමතර ව පසුගිය ඌව පලාත්සභා මැතිවරණය පැවති සමයේ දී මහ ඇමති අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ඩෝල් සමාගම ඡන්ද කටයුතු සඳහා විශාල ධනස්කන්දයක් යෙදවීම පමණක් නොව සමාගමේ මොණරාගල කාර්යාලය පවා ඡන්ද ප‍්‍රචාරණ කටයුතු වලට ලබා දී තිබුණි. මේ සියල්ලෙන්ම අනාවරණය වන්නේ ලෝකයේ අපකීර්තිමත් හානි කර සමාගමක් ලංකාවේ අක්මුල් විහිදුවමින් පාරිසරික නීති කිසිවක් නොතකමින් කිසිදු අනුමැතියකින් තොරව ලංකාව තුළ කි‍්‍රයාත්මක වීමට හැකි වී ඇත්තේ ප‍්‍රදේශයේ මේ දේශපාලකයින්ගේ උදව් උපකාරයෙන් බව ය. වත්මන් යහපාලන රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් අද වන විට ඩෝල් සමාගම වෙනුවෙන් පෙනී සිටී.
ඌවේ ජනතාව සෞඛ්‍ය තර්ජන වලට, උග‍්‍ර ජල හිගයන්ට, අලි – මිනිස් ගැටුමේ ගොදුරක් බවට ඩෝල් සමාගම පත් කළ ද දේශපාලකයින් ට කිසිදු ගැටළුවක් නැත. ඔවුන්ට ලැබෙන කොමිස් මුදල් වෙනුවෙන් මේ සියල්ල පාවා දී ඔවුන් යෙහෙන් වැජබෙනු ඇත. මේ යථාර්ථය රටේ ජනතාව මනාව තේරුම් ගත යුතුව ඇත.
වත්මන් යහපාලන රජය විසින් ගොඩ නගන මහා නගර ව්‍යාපෘතිය හරහා සිදු වන්නේ තවදුරටත් කෘෂි කාර්මික බිම් වලින් ගොවි ජනතාව ඉවත් වීම ය. එහි වාසිය හිමි වන්නේ ඩෝල් සමාගම වැනි බහු ජාතික සමාගම් වලට ය. එ් අතරතුර වත්මන් රජය ඉඩම් අණ පනත් සංශෝධනය කර විදේශිකයන්ට අප රටේ ඉඩම් මිල දී ගත හැකි පරිසරයක් ගොඩනගමින් තිබේ. අවසානයේ සිදු වන්නේ අප රටේ සුවිශේෂී වගා බිම්, ජල පෝෂක බිම් හා සියළු ජල පද්ධති බහු ජාතික සමාගම් වලට හිමි වීම හා අප ඔවුන්ගේ වහලූන් නැතහොත් කම්කරුවන් බවට පත් වීමටය.
මීට එරෙහිව අප කඩිනමින් කි‍්‍රයාත්මක විය යුතුව ඇත. ඩෝල් සමාගමට ලබා දී ඇති රජයට අයත් සියළු බිම් නැවත පවරා ගැනීමට කඩිනමින් නීති කි‍්‍රයාත්මක කළ යුතු ව ඇත. එමඟින් අප රටේ ගොවි ජනතාවගේ ජල අයිතිය හා වගා බිම් වල අයිතිය තහවුරු කළ හැකි වන අතර වන සතුන්ගේ පැවැත්මට හා ජල පෝෂක වල සුරක්ෂිතතාව උදෙසා ප‍්‍රකාශයට පත් කර ඇති රක්ෂිත වනාන්තර වල පැවැත්ම ද තහවුරු කළ යුතු ය. එ් සඳහා තවදුරටත් ප‍්‍රමාද වුවහොත් අප රටේ බොහෝ ගොවි ජනතාව තම වගා බිම් වලින් ඉවත් වී එම වගා බිම් වල අයිතිය ඩෝල් සමාගම සතු කර එම සමාගමේ කම්කරුවන් ලෙස සේවය කරමින් රෝගීන් තත්ත්වයට පත් වෙමින් නමුත් ඔවුන් සමාගම වෙනුවෙන් පෙනී සිටින කාලය වැඩි ඈතක නොවනු ඇත.
සජීව චාමිකර | Sajeewa Chamikara
පරිසර සංරක්ෂණ භාරය