සිංහල, Democracy, end of the War, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Poems

ඒ 9 පාරෙන් යාපනයේ යන සොඳුරු මිනිසෙකුගේ මුවින් පිටවුනු කවියක්…

යුධබිම පසු කර සරණාගත කඳවුරට පියා බැලීමට ආ පුතුගෙන් පියා ඇසූ ප්‍රශ්ණය,

තිබුණාද පුතේ,
ඉස්පාසුවක් ගොඩවෙන්න හේනට
බඩඉරිඟු ගස්
යන්තම් බඩවත පෙන්න පෙන්නා
හිටියේ,
උඹ ගෙනා අඹ පැළේ
ළිද ගාවින්මයි හිටෙව්වේ
මැරිලා ඇති…..මැරිලා ඇති….
නැතුව
කොහොම ඉතිරිවෙන්න ද ඉතින්….

කවිය ලියා ඇත්තේ ආරියවංශ රණවීර විසින් ය…