රටක ස්වාභාවික සම්පත්වල අයිතිය එක් පුද්ගලයකුට හෝ සමාගමකට හෝ රජයකට හෝ හිමි නැත. ඒවා පොදු සමාජයට ම අයත් පොදු අයිතියක් සහිත සම්පත් ය. පොදු අයිතියක් හිමි සියලූ ස්වාභාවික සම්පත් ආරක්ෂා කොට වැඩි දියුණු කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ම රජය බැඳී සිටියි. නමුත් අද වන විට අප රටේ ස්වාභාවික සම්පත්වල අවභාවිතාව ශීග‍්‍රයෙන් වර්ධනය වෙමින් පවතින්නේ ඒවා ආරක්ෂා කොට වැඩිදියුණු කිරීමට බැඳී සිටින රාජ්‍ය ආයතනවල ම මැදිහත් වීමෙනි. සමාගම්වල ලාභ ඉපැයීම වෙනුවෙන් පෙනී සිටින හා සමාගම් වලින් ලැබෙන ලාභ ප‍්‍රයෝජන මත තීන්දු තීරණ ගන්නා රාජ්‍ය නිලධාරීන් හේතුවෙන් අප රටේ වර්තමාන හා අනාගත නූපන් පරපුරට හිමි ස්වාභාවික සම්පත් කෙටි කාලීන ලාභ ඉපැයීම්වලට ගොදුරු වී ඇත.

මෑත කාලීන ව මීට හොඳම උදාහරණ සපයන්නේ ආඳා දොළ කුඩා ජල විදුලිබල ව්‍යාපෘතියෙනි. කිලෝ වොට් 770ක ඉතා ම සුළු විදුලි ධාරිතාවක් නිපදවීමට කිලෝමීටර් 5.8ක දොළ පහරක්, ගම්මාන දෙකකට අයත් පවුල් 200ක්, ලංකාවට ආවේණික සුවිශේෂී ජෛව ප‍්‍රජාවක් පමණක් නොව ඉතා ම වැදගත් යෝජිත වන රක්ෂිතයක් විනාශ කිරීම සිදු කරයි. දුර්වල හා ප‍්‍රමාණවත් අධ්‍යයනයකින් තොර වාර්තාවක් පදනම් කරගෙන කිසිදු ක්ෂේත‍්‍ර අධ්‍යයනයකින් තොවර රාජ්‍ය ආයතන 17ක් මේ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දී තිබේ. මෙම අනුමැතීන් මත ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේ දී මතු වූ ගැටලූ හේතුවෙන් ව්‍යාපෘතියේ ඉදිකිරීම් අතර මඟ තාවකාලිකව නතර කර දැමුව ද ඉන් සිදු වූ හානිය සුළුපටු නොවේ. මෙම ව්‍යාපෘතියෙන් සොබාදහමට සිදු වූ හානියට ඒ සඳහා අවසර ලබා දුන් ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ප‍්‍රමුඛ සියලූ රාජ්‍ය ආයතන ඍජුව ම වගකිව යුතු ව ඇත.

ජල විදුලි ව්‍යාපෘතියේ ස්වභාවය

1

ගාල්ල දිස්ත‍්‍රික්කයේ නෙළුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙල්ලව, මියනවතුර ප‍්‍රදේශයේ ආඳා දොළ කුඩා ජල විදුලි ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරනු ලැබේ. සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය මායිමේ පිහිටි දෙල්ලව යෝජිත රක්ෂිතයෙන් ආරම්භ වන ආඳා දොළ හරස් කර ලබා ගන්නා ජලය භාවිතයෙන් මෙම ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරයි. ආඳා දොළ ගිං ගෙඟ් ජල පෝෂක අතු ගංගාවකි. ආඳා දොළ හා තුඹවේරිය දොළ එක් වූ විට දෙල්ලව ඇළ ලෙස හැඳින්වෙන අතර එය හප්පිටිය ප‍්‍රදේශයේ දී ගිං ගඟ හා එක් වෙයි.

දෙල්ලව යෝජිත රක්ෂිතය තුළ දී ආඳා දොළ හරස් කර මීටර් 2.8ක් උස වේල්ලක් ඉඳි කර ජලය රඳවා ගෙන එම ජලය කිලෝමීටර් 2ක් පමණ දුරක් නල මඟින් ගෙන ගොස් හල්ඉන්න ඇළ ආශ‍්‍රිත ව ඉදිකෙරෙන විදුලි බලාගාරයෙන් කිලෝ වොට් 770ක ජල විදුලියක් නිපදවේ. එසේ නිපදවීමේ දී ඉවත් කෙරෙන ජලය ඉතා කුඩා දියදහරාවක් වන හල්ඉන්න ඇළට නිදහස් කරන අතර එම ජලය කිලෝමීටරයක් පමණ ඇළ දිගේ ගලා ගොස් උඩතොට ප‍්‍රදේශයට තරමක් ඉහළින් දෙල්ලව ඇළට එක්වෙයි. වේල්ල ඉදිකරන ස්ථානයේ සිට කිලෝමීටර් 2ක් පමණ දුරින් පිහිටි බලාගාරය දක්වා ජලය ගෙන යාමේ දී ආඳා දොළ හා දෙල්ලව ඇළේ කිලෝමීටර් 5.8 ක ප‍්‍රදේශයකට ජලය හිඟ වෙයි. ආඳා දොළ හා එක් වී දෙල්ලව ඇළ නිර්මාණය කරන තුඹවේරිය දොළ එක් වන ස්ථානයට වේල්ලේ සිට කිලෝමීටර් 2.8ක දුරක් පවතින අතර තුඹවේරිය දොළෙන් ඉතා සුළු ජල ප‍්‍රමාණයක් ආඳා දොළට එක් වෙයි. ව්‍යාපෘතියට අනුව වේල්ලෙන් පහළට තප්පරයට ලීටර් 300ක ජල ප‍්‍රමාණයක් නිදහස් කළ යුතු වෙයි. නමුත් එවන් ජල ධාරිතාවක් නිදහස් කිරීමට හැකියාව ඇත්තේ නිරිත දිග මෝසම සක‍්‍රිය වන කාලයේ දී පමණි. අනෙක් කාලවල දී මේ දොළ පහර දිගේ පහළට ගලා යන ජල පරිමාව ඉතා අඩු මට්ටමක පවතී.

ව්‍යාපෘතියට අදාළ ව ආඳා දොළේ ඉදි කර ඇති වේල්ල මීටර් 2.8ක් වන නමුත් අනුමැතිය සඳහා 2014.04.22 වන දින මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන අංක 4, නාරාහේන්පිට පාර, නාවල ලිපිනයේ පිහිටි ඊෂා හයිඩ්‍රො ටෙක්නොලොජිස් පුද්ගලික සමාගම ඉදිරිපත් කළ මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවේ සඳහන් වන්නේ ඉදි කරන වේල්ලේ උස මීටර් 1.5ක් වන බව ය. එම වාර්තාව සඳහා 2014.07.16 වන දින අංක ෑඵෘරැුෑෂ්රැුඊඵ්‍යඡුරැු්‍යරැු2010 දරන ලිපිය මඟින් ව්‍යාපෘතිය අනුමත කිරීමේ ආයතනය වන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කොන්දේසි සහිත අනුමැතිය ලබා දීමේ දී විශේෂයෙන් අවධාරණයට ලක් කර ඇත්තේ වේල්ලේ උස මීටර් 1.5ක් විය යුතු බවයත්, වේල්ලේන් පහළට මුදා හැරිය යුතු ජල පරිමාව තත්පරයට ලීටර් 300ක් විය යුතු බවත් ය. මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන සමාගම විසින් මේ වන විට මීටර් 2.8ක් උස වේල්ලක් ආඳා දොළ හරහා ඉදි කර ඇති අතර එය ප‍්‍රධාන කොන්දේසි උල්ලංඝනය කිරීම පමණක් නොව මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවේ සැලසුම් වෙනස් කරමින් සමාගම විසින් අභිමතය පරිදි කි‍්‍රයාත්මක වීමකි. මෙවන් සමාගමකින් රටේ ස්වාභාවික සම්පත්වලට රැුකවරණය හෝ ලංකාවේ නීතියට අවනත වීමක් බලාපොරොත්තු විය නොහැකි ය. ව්‍යාපෘතියේ මූලික ඉදිකිරීම් අදියරේ දීම ලබා දී ඇති අනුමැතියේ කොන්දේසි උල්ලංඝනය කිරීමෙන් පෙනී යන්නේ ඉදිරියේ දී මෙවන් දෑ බොහොමයක් සිදුකරමින් ආඳා දොළ ඇතුළු ඒ ආශ‍්‍රිත පරිසර පද්ධතියට හා අවට ජනතාවට දැඩි බලපෑම් එල්ල කරමින් මෙම ව්‍යාපෘතිය තවදුරටත් කි‍්‍රයාත්මක විය හැකි බව ය.

2009 වසරේ දී මෙම ව්‍යාපෘතියේ පළමු සැලසුම මෙම සමාගම මඟින් සකස් කරන අවධියේ දී මෙගාවොට් 1.5ක ඉහළ විදුලි ධාරිතාවක් නිපදවීමට නියමිත විය. නමුත් අනුමැතිය ලබාදීමේ දී නිපදවන විදුලි ධාරිතාව කිලෝවොට් 770 දක්වා අඩු කර ඇති නමුත් අනුමැතිය ලබාගැනීමෙන් පසුව පළමු සැලසුම කි‍්‍රයාත්මක කිරීම සඳහා මීටර් 1.5ක වේල්ල වෙනුවට මීටර් 2.8ක වේල්ලක් ආඳා දොළ හරහා ඉදි කර ඇත. එමඟින් වැඩි ජල ධාරිතාවක් රඳවාගෙන වැඩි විදුලි ප‍්‍රමාණයක් නිපදවීමට හා වැඩි පැය ගණනක් මෙම ධාරිතාවෙන් යුතු විදුලිය ප‍්‍රධාන විදුලිබල පද්ධතියට ලබා දීම අරමුණු වන්නට ඇත. එමඟින් වැඩි අදායමක් ලබා ගැනීමට මෙම සමාගම උත්සහ දරා තිබේ. පරිසර පද්ධතියට, රක්ෂිත වනාන්තරවල පැවැත්මට, අවට ජනතාවගේ දෛනික ජල අවශ්‍යතාවන්ට කුමන බලපෑම් එල්ල වුව ද සමාගමට ගැටලූවක් නොමැත. ඔවුන් උත්සාහ දරන්නේ නිලධාරීන් නොමඟයවා හෝ නිවැරැුදි කරුණු වසන් කර අනුමැතිය ලබා ගෙන හෝ නිලධාරීන් සමඟ ඇති කර ගත් අයථා ගනුදෙනු මත ව්‍යාජ නිතියානුකූල ස්වභාවයක් පෙන්වා අනුමැතිය ලබා ගෙන හෝ තමන්ට අවශ්‍ය පරිදි විදුලිය නිපදවා වැඩි ආදායමක් ලබා ගැනීමට ය.

නීති විරෝධී ඉඩම් විකිණීම

ආඳා දොළ ජල විදුලි බලාගාර ව්‍යාපෘතියට අදාළ වේල්ල ඉදි කිරීම හා නල මාර්ග පද්ධතියේ මීටර් 300ක කොටසක ඉදි කිරීම සිදුවන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන දෙල්ලව යෝජිත රක්ෂිතය තුළ ය. මීට අමතර ව ආඳා දොළේ මීටර් 500කට වැඩි කොටසක් මෙම යෝජිත රක්ෂිතය තුළ දී ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ වේල්ල ඉදි කිරීමත් සමඟ ම ජලය අහිමි වීමට ලක් වෙයි. දෙල්ලව යෝජිත රක්ෂිතය යනු සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය හා බැඳී පවතින වනාන්තර පද්ධතියකි. ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්ක දෙකෙහි ව්‍යාප්තව ඇති මෙම වනාන්තරයේ සම්පූර්ණ වන ආවරණය හෙක්ටයාර් 2236.3ක් පමණ වෙයි.

වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය යටතේ පාලනය වන මෙම යෝජිත රක්ෂිතයේ ඉඩම් කිසිදු ආකාරයකින් සමාගමකට හෝ වෙනත් පාර්ශ්වයකට පැවරීම හෝ බදු දීම හෝ විකිණීමේ අයිතියක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නැත. නමුත් මෙම ව්‍යාපෘතිය සඳහා වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් හා එහි බලය අතික‍්‍රමණය කරමින් ඊෂා හයිඩ්‍රො ටෙක්නොලොජිස් පුද්ගලික සමාගමට යෝජිත රක්ෂිතයේ ඉඩම් විකිණීම වන සංරක්ෂණ දෙපාරත්මේන්තුව සිදු කර ඇත. මේ සමාගමේ පරිපාලන කළමනාකරු විසින් ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් වෙත 2016.02.05 වන දින යවන ලද ලිපිය මඟින් තහවුරු කර ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දෙල්ලව යෝජිත රක්ෂිතයට අයත් රජයේ වනාන්තර ඉඩම් සමාගමෙන් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට මිල දී ගෙන ඇති බව ය. මෙය සම්පූර්ණයෙන් ම නීති විරෝධී කි‍්‍රයාවකි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සමාගමකට ඉඩම් විකිණීමේ කිසිදු බලයක් හෝ නෛතික හැකියාවක් හෝ නොමැත. එහෙත් සමාගමේ මුදල් බලයට මේ සියල්ල සිදු වී ඇති බව පෙනෙන්නට තිබේ.

අද වන විට දෙල්ලව යෝජිත රක්ෂිතය තුළ ආඳා දොළ හරහා වේල්ල ඉදි කිරීමට දිය පහරේ ගල් ඉවත් කිරීමට බෝර දමා ගල් පිපිර වීම හා දොළ පහරේ ඉවුරු ආශ‍්‍රිත ඉදි කිරීම් සඳහා ඉවුරු කපා ඉවත් කිරීම පමණක් නොව දෙල්ලව යෝජිත රක්ෂිතයේ ශාක කපා ඉවත් කර නල මාර්ග සකස් කිරීමට භූමිය සැකසීම ද සිදු කර ඇත. ඒ සඳහා කඳු බෑවුම් විශාල වශයෙන් කපා ඉවත් කර තිබේ. මේ වන විට වේල්ලෙන් කොටසක් හා නල මාර්ග පද්ධතියෙන් කොටසක් ඉදි කර ඇති අතර ඒ සඳහා දෙල්ලව යෝජිත රක්ෂිතය දැඩි ලෙස හානියට ලක් කර තිබේ.

2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව යෝජිත රක්ෂිතයක ශාක කපා ඉවත් කිරීම, පස් කපා ඉවත් කිරීම, කැණීම් කටයුතු සිදු කිරීම, බෝර දමා කළු ගල් පිපිර වීම, ස්ථිර ඉදි කිරීම් කිරීම යන සියල්ල නීතිවිරෝධී කි‍්‍රයාවන් වේ. එවන් නීති විරෝධි ක‍්‍රියාවල නිරත ව සිටින පුද්ගලයෙකු හෝ ඒ ස`දහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු ද වරදකරුවකු වේ. එවන් ක‍්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරද කරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොයික්මවන කාලයක් ස`දහා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මේ දෙකට ම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරණ ලද හානිය ස`දහා අධිකරණය ම`ගින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි ය.

ආඳා ෙදාළේ මෙම හානි කර කි‍්‍රයාවල නිරත වීම සඳහා ආධාර හා අනුබල ලබා දී ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ම ය. ඒ හානි කර ව්‍යාපෘතිය සඳහා කොන්දේසි සහිත අනුමැතිය ලබාදෙමිනි. මේ නිසා මේ විනාශයට ඍජුව ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වගකිව යුතු ව ඇත.

ආඳා දොළේ ආවේණික ජීවීන් විනාශය

දෙල්ලව යෝජිත රක්ෂිතයෙන් ආරම්භ වී ගිං ගඟ පෝෂණය කරන ආඳා දොළ විශේෂ පරිසර පද්ධතියකි. ගල් පර සහිත දළ බෑවුම් ප‍්‍රදේශ, වැලි සහිත පතුලක් සහිත ප‍්‍රදේශ, ජලය වේගයෙන් ඇදහැලෙන කුඩා දිය ඇලි නිර්මාණය කරන ප‍්‍රදේශ, විශාල ජල පොකුණු ලෙස ජලය රැුඳී පවතින ස්ථාන පමණක් නොව ජල විසුරුම් කලාප වලින් සමන්විත විශේෂ පරිසර පද්ධති හා ගංගා ආශ‍්‍රිත වනාන්තර තීරයකින් සමන්විත ආඳා දොළ ලංකාවට ආවේණික ජීවීන් බහුතරයකට වාසස්ථාන සපයන සුවිශේෂී මිරිදිය පරිසර පද්ධතියකි.

ලිපියේ මාතෘකාව අපෙනි | ‘ඊෂා සමාගම හා රාජ්‍ය ආයතන එක් වී ආඳා දොළ වනසයි‘ යන සම්පූර්ණ වාර්තාව සදහා පිවිසෙන්න.

Sajeewa Chamikaraසජීව චාමිකර | Sajeewa Chamikara
පරිසර සංරක්ෂණ භාරය