විනාශය අවසන් වී වසර 7ක් ගෙවෙමින් තිබේ. ඒ විනාශය අත්කර දුන් ප්‍රථිඵල දකුණු ලංකාවේ ඇතැම් මිනිසුන් ජයග්‍රහණයක් සේ අර්ථකතනය කළ ද ‘යහපත‘ නියෝජනය කරන ඕනෑම මිනිසෙකුට එය පරාජයකි. ඒ පරාජයේ ප්‍රතිඵල ලංකාවේ දකුණට ඒ තරම් නොදැනුනාට සිය ජීවිතකාලය පුරාම එහි වේදනාව හදවතින් දරාගෙන කදුලු සෑලීමටවත් නොහැකි බොහෝ දෙනෙක් තවමත් උතුරේ වාසය කරන්නේ දකුණට රහසේ නොවේ. දකුණට නොපෙනී නොවේ. නමුත් තවමත් දකුණේ බොහෝ දෙනෙකුට ඒවා පෙනෙන්නේ නැත. පෙනුනත් එයට ‘ඊනියා ජයග්‍රහණයේ නිර්වචන‘ පවතී.
ඒ නිර්වචන කෙසේ වුවත් ඊනියා ජයග්‍රහණය, පරාජයේ කැඩපතක් වී නැවත නැවතත් පැමිණීම වැලැක්විය හැකි දෙයක් නොවේ. එය නැවතත් දකුණට සහ දකුණේ ආණ්ඩුවට ‘යුක්තිය‘ සහ ‘සාධාරණත්වය‘ පිළිබද සිතන්නට පෙළඹුමක් ඇති කරවන තත්ත්වයකි.
මෙවැනි තත්වයකදී කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය විසින් 2015 වසර සඳහා ගන්නා ලද දන්තවලට අනුව පුද්ගලයන් 282 දෙනෙකුට සිය දෑස් අහිමිවී ඇති බව සඳහන් වේ. ග්ලෝබල් ටැමිල් පුවත් සේවය වාර්තාකරන අන්දමට මෙයට හේතුව වන්නේ යුද්දයයි.
ඔවුන් වැඩිදරටත් පවසන්නේ ‘යුද්දයෙන් දිවි බේරාගත් ජනතාව අතර බොහෝ දෙනෙකු තම ශරීරයේ යම්කිසි කොටසක් අහිමි කරගෙන ද සිටියි. ලෝහ කැබලි ශරීර ගතවූ බොහෝ දෙනෙකු ද එයින් අතර ජීවත්වෙති.‘
මේ සදහන් වන්නේ කිලිනොච්චියේ පමණකි.
තවත් කොපණ සිටීද?
මෙයින් අපට කියාසිටින දෙය ලියා තබන්න අවශ්‍ය වන්නේද?
-WB-