ඡායාරෑප දෙකක්! | එකක් 2009 මැයි යුද්ධය අවසන්වීමට පෙර මුලතිව් පුදුකුඩුඉරුප්පු රෝහලේ පුවරුවයි(එම රෝහලේ අභ්‍යන්තර පිංතූර ගැන සිතාගන්න) දෙවැන්න 2016 කොස්ගම රෝහලේ අභ්‍යන්තරයයි(සාලාව යුදහමුදා අවිගබඩාව පිපිරිමෙන් පසු..) | 2009 උණ්ඩයයි 2016 උණ්ඩයයි දෙකම සමානයි!

නමුත් වෙනසකට ඇත්තේ 2016 ජූනි 05වනදා, ගබඩා කර තිබූ උණ්ඩයන් විසින් කොස්ගම රෝහල විනාශ කළ අතර, 2009 මැයි මස දී ගබඩා කර තිබූ උණ්ඩයන් රෝහල මත මුදාහරිනු ලැබිමෙන් එය ‘විනාශ කළ‘ අතර එය හැදින්වූයේ ‘මානුෂික මෙහෙයුම‘ නමිනි.

කෙසේ නමුත් යුද්ධය, හමුදාකරණය, යුද අවි, යුද අණ, සැම විටම උතුර දකුණ ට වෙනසක් නැතිව අත්කර දී ඇත්තේ ව්‍යසනයක් පමණි. එය උතුරේදීත්, හලාවතදීත්, රතුපස්වලදීත් අපි අත්දැක්කෙමු. දැන්වත් හමුදාකරණය විසින් බිය ඇති කර නිදහස වලදමන වා යැයි උතුරේ මිනිසා කියනුලබන අදහස පිළිබද සංවේදීව සිතිය යුතුය. එසේම හමුදා අණ, යුදඅවි සැරිසරන්නේ නැති, බහුත්වවාදී සමාජයක්, රටක් සදහා වෙහෙස විය යුතුය.


‘ඝාතනයට පාර කපන අවි ගබඩා වෙනුවට… ඝාතනයට එරෙහිව, ජීවිතයට පෙම්බදිමින් ප්‍රේමයේ උද්‍යාන තනමු‘