මහ බැංකුවට අධිපතිවරයෙකු පත් කිරීම මෙතරම් වැදගත් වන්නේ ඇයි? මේ කෙටි සටහන කියැවීමට පෙර ඒ ගැන ටිකක් සිතා බලන්නැයි මම ඉල්ලා සිටිමි.
රටේ ආර්ථිකය සහ වර්ධනය පිළිබඳ කාරණය සම්බන්ධයෙන් ගත් විට, එරටේ මහ බැංකු අධිපතිවරයා දක්ෂයෙකු නම්, එරටේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වශයෙන් පත්කර ගැනෙන්නේ කවුරුන්ද යන්න මට වැදගත් නොවන බව මගේ සබුද්ධික අදහසයි. මන්ද යත්, අපේ පාලන ක‍්‍රමය තුළ, රටේ සමස්ත නිමැවුම සාර්ථකව වෙනස් කිරීමේ සහ තිරසාර රැුකියා නියුක්තියක් ඇති කිරීමේ හැකියාව ඇති එකම තැනැත්තා වන්නේ, සමස්ත කැබිනට් මණ්ඩලයටම වඩා, රටේ මහ බැංකුවේ අධිපතිවරයා වන බැවිනි. දේශීය මුදල් ඒකකය වන රුපියලේ ස්ථාවරත්වය මත රැුඳෙන රටේ ජංගම ගිණුම සහ ගෙවුම් ශේෂ තත්වය සාර්ථකව කළමණාකරණය කළ හැකි සහ ස්ථාවර රුපියලක් පවත්වා ගැනීම හරහා සෘජු විදේශ ආයෝජන වර්ධනය කර ගත හැකි එකම පුද්ගලයා වන්නේ මහබැංකු අධිපතිවරයා ය. ඇත්තෙන්ම, ආණ්ඩුව දේශපාලනිකව ආරක්ෂා කර ගත හැක්කේද මහ බැංකු අධිපතිවරයාට ය. මන්ද යත්, ආර්ථිකය අසාර්ථක වෙතොත්, ‘යහපාලන ආණ්ඩුවත්’ අසාර්ථක වන බැවිනි.
මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත්කළ යුතුව ඇතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ කියන නිසා ඔහු මහ බැංකුවේ කාර්ය භාරයේ ඇති වැදගත් කම මනාව අවබෝධ කරගෙන ඇතැයි ඔබට සිතෙන්ට පුලූවන. එහෙත් ඒ ගැන ඇති සැබෑ චිත‍්‍රය ඊට වෙනස් ය. පරිපාලනමය වශයෙන් ගත් විට ඕනෑම මහ බැංකුවක් ස්වාධීන ආයතනයක් බවට පත් කළ හැකිය. එහෙත්, න්‍යායාත්මකව සහ ප‍්‍රායෝගිකව සලකන විට, බදු අයකර ගැනීමේ අධිකාරිය වන ආණ්ඩුව ඒ සඳහා සහාය නොවන්නේ නම්, මහ බැංකුවක් කාර්යමය වශයෙන් ස්වාධීන කළ නොහැක.
මහා මූල්‍ය කඩා වැටීමට කලින්, ස්වාධීන මහ බැංකු සංකල්පය මහ බැංකුකරුවන් විසින් ඉතා ආකර්ශනීය පාඨයක් වශයෙන් ඉදිරිපත් කළ මතයකි. මේ කඩා වැටීම අතරතුරේ, බදු අය කරන අධිකාරියක් විසින් සෘජුව නඩත්තු නොකළ එකම විශාල මහ බැංකුව වුණේ ‘යුරෝපා මහ බැංකුවයි.’ එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, ඒ අර්බුදය තුළ කඩා වැටුණු සමහර යුරෝපා රටවල් සහ සාමාජික රටවල ආර්ථිකයන්ට සහාය පතා ‘ජාත්‍යන්තර මුල්‍ය අරමුදල’ වෙත යාමට ‘යුරෝපා හවුලට’ සිදු වුණි. මා දන්නා තරමට, දැන් ‘යුරෝපා මහ බැංකුව’ උත්සාහ කරන්නේ, ‘යුරෝපා හවුලේ’ අයබදු අය කර ගැනීමේ ආයතනික රාජ්‍ය අධිකාරීන්ගේ සහායෙන් යම් ආකාරයකින් තත්වය කළමණාකරණය කර ගැනීමටයි. බදු අය කර ගැනීමේ අධිකාරියක සහායක් මහ බැංකුවකට අවශ්‍ය කරන්නේ මන්ද යන්නට දිය හැකි පැහැදිළි තාක්ෂණික හේතුවක් තිබේ. එහෙත් මේ කෙටි සටහන තුළ ඒ කාරණය ගැන සාකච්ඡුා කිරීමට මගේ අදහසක් නැත. කෙසේ වෙතත්, මේ මොහොත වන විට, ස්වාධීන මහ බැංකුවක් පිළිබඳ බරපතල හඬ නැගීමක් නැත. ඇත්ත වශයෙන්ම, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල’ පවා ඒ පස්සෙන් පනන්නේ නැත. එහෙත් අපේ අගමැතිවරයා තවමත් එම සටන් පාඨයේම එල්බ සිටී. අපි එය මොහොතකට අමතක කරමු.
ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් විට, මහ බැංකු අධිපතිවරයා වෘත්තීය නිපුණත්වයෙන් යුත් කෙනෙකු නම් සහ මහ බැංකු ක‍්‍රමය පිළිබඳ හසළ දැනුමක් ඇත්තෙකු නම්, තමාගේ වෘත්තීය භාවය පිළිබඳ කීර්තියක් දිනා ගැනීම ඔස්සේ, අවශ්‍ය කෙරෙන ස්වාධීනත්වය මහ බැංකුව වෙනුවෙන් දිනා දීමේ හැකියාව ඔහුට හෝ ඇයට තිබිය යුතුය. ඇත්තෙන්ම, මහ බැංකු අධිපතිවරයෙකුට ස්වාධීන වීමට අවශ්‍ය නම්, මහ බැංකුව ස්ථාපිත කරනු ලැබ ඇති ‘මූල්‍ය නීති පනත’ හරහා, ඒ සඳහා වන නෛතික සහාය ප‍්‍රමාණවත් පරිද්දෙන් සපයා දී තිබේ. එහෙත් සිදුව ඇත්තේ එය නොවේ. තමාගේ වෘත්තීය ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කරනවා වෙනුවට වර්තමාන මහ බැංකු අධිපතිවරයා කර ඇත්තේ, සැලසුම් සම්පාදන අමාත්‍යාංශය යටතට මහ බැංකුව පත් කිරීම හරහා තමාගේ ස්වාධීනත්වය පාවා දී අගමැතිවරයාගේ හව්හරණය අස්සේ සැඟවීමයි. මූල්‍ය නීති පනතට අනුව මහ බැංකුව තිබිය යුත්තේ, මුදල් අමාත්‍යාංශය යටතේ ය. යමෙකු මාන්නයෙන් පිම්ඹෙන විට, තමාගේ සුපිළිපන් භාවය පිළිබඳව පවා ඔහුට අමතක වෙයි. නීතියේ කියැවෙන ආකාරයෙන් පිට පනිමින්, මහ බැංකුව පැවතිය යුත්තේ සැලසුම් සම්පාදන අමාත්‍යාංශය යටතේ යැයි අගමැතිවරයාට අද තීරණය කිරීමට හැකි නම්, යම් දවසක මේ මහ බැංකුව සංචාරක අමාත්‍යාංශය යටතේ තිබිය යුතු යැයි වෙනත් අගමැතිවරයෙකු තීරණය කරන්නටත් බැරි කමක් නැත. මෙය, යහපාලන ආණ්ඩුවකට හොඳ චරිත සහතිකයක් නොවේ.
මේ ආකාරයට, අගමැතිවරයා මුලින්ම තමාගේ අමාත්‍යාංශය යටතට මහ බැංකුව ගත්තේය. දැන් එම මහ බැංකුවේ කොටස් වෙනත් තැන්වලට මාරු කිරීමට ඔහුට අවශ්‍යව තිබේ. ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ එක් වාර්තාවකට අනුව, මහ බැංකුවේ ‘රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, විනිමය පාලනය සහ ද්විතීයික වෙළඳපොළවල් පිළිබඳ පාලනය මහ බැංකුවේ විෂය සීමාවෙන් ඉවත් කොට, මුදල් අමාත්‍යාංශයේ සෘජු පාලනය යටතට පැවරීමට අමාත්‍ය මණ්ඩලය සැරසෙමින් සිටී.’ මේ වාර්තාව නිවැරදි විය යුතුය. මන්ද යත්, මෑතක රූපවාහිනී වැඩ සටහනකදී නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්නත් එම අදහසම ප‍්‍රකාශ කොට තිබූ බැවිනි. එරාන් යනු ප‍්‍රධාන පෙළේ සංවර්ධන බැංකුවක හිටපු ප‍්‍රධාන විධායක නිලධාරියෙකි. ඔහු පවා මෙවැනි මනස්ගාත විශ්වාස කරන තත්වයකට පත්ව ඇති විට, මහ බැංකු ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් සමස්ත ආණ්ඩුවේ ආකල්පය මොන වගේදැයි සිතා ගත හැකිය.
දැන් මහ බැංකුවේ ඇතැම් කාර්යයන් ඉවත් කිරීමට සැරසේ. දේශපාලඥයන් පිළිබඳ කාරණය පැත්තකින් තියන්න. මහ බැංකුවේ අධිපතිවරයා මේ ගැන සිතන්නේ කුමක්ද? එම අදහසට ඔහු අනුකූලතාව දක්වන්නේද, නැත්නම් ඊට විරෝධය දක්වන්නේද? මේ ප‍්‍රශ්නයට ඔහු දෙන පිළිතුර මත, ඔහුගේ රාජකාරිය පිළිබඳ ඔහු සතු දැනුම අපට තක්සේරු කළ හැකිය.
මහ බැංකුවේ ප‍්‍රධාන කාර්යය වන්නේ, රටේ මූල්‍ය යටිතල ව්‍යුහය නිවැරදිව කළමනාකරණය කිරීමයි. සමස්ත රටේම භෞතික ආර්ථිකය රඳා පවතින්නේ ඒ මතයි. නූතන මුදල සැබෑ දෙයක් නොවන නිසාත්, වර්තමාන ක‍්‍රමය තුළ මුදල් නිර්මාණය කිරීම මහ බැංකුවෙන් පමණක් නොව, රටේ සමස්ත බැංකු ක‍්‍රමය විසින්මත් කරන නිසාත්, ඉහත කී මූල්‍යමය යටිතල ව්‍යුහය බොහෝ කොට උපකල්පිත ය. මහ බැංකුවෙන් අපේක්ෂා කරන්නේ එවැනි ක‍්‍රමයක්, රටට වඩාත් යෝග්‍ය මූල්‍ය යටිතල ව්‍යුහයක් තුළ ස්ථානගත කිරීමයි. මහ බැංකුවේ ප‍්‍රධාන කාර්යය වන්නේ, මූල්‍ය ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නැංවීම බව කෙනෙකු මෙහිදි පෙන්වා දිය හැක. එහෙත් අප එසේ කියන විට එක කාරණයක් සිහියේ තබා ගත යුතුය. එනම්, වඩාත් උචිත ආර්ථක ප‍්‍රතිලාභ රටට අත්කර දීම සඳහා කළමනාකරණය කරගත යුතුව ඇත්තේ වඩාත් විශාල අභෞතික පද්ධතියක් බවයි.
රටේ ජංගම ගිණුම, ගෙවුම් ශේෂය සහ විදේශ සංචිතය වැනි අංශ කෙරෙහි බලපෑම් ඇති කළ හැකි ප‍්‍රතිපත්ති සහ පරිපාලනමය වශයෙන් වන අත්‍යාවශ්‍ය මෙවලම් නැතිව, ආණ්ඩුවේ ෆිස්කල් ප‍්‍රතිපත්තිය පිළිබඳ උපදෙස් දීමේ හැකියාවෙන් තොරව, ඒ රාජකාරිය කළ හැක්කේද? එසේ කළ නොහැක. ඊළඟට, පොදු ණය දෙපාර්තමේන්තුව, විදේශ විනිමය සහ ද්විතීයික වෙළඳපොළවල් කෙරෙහි ඇති පාලනය මහ බැංකුවේ විෂය පථයෙන් විතැන් කළ පසු, අඩු වශයෙන් රටේ ජංගම ගිණුම, ගෙවුම් ශේෂය සහ විදේශ සංචිත නිවැරදිව කළමනාකරණය කිරීමට මහ බැංකුවට හැකි වේද? නැත. මහ බැංකු අධිපතිවරයා මේ ක‍්‍රියාවට එරෙහි නොවන්නේ නම්, එයින් පෙන්නුම් කරන්නේ තම රාජකාරිය ගැන ඔහු තුළ ඇති නොදැනුවත් භාවයයි. සෑහෙන කාලයක් මේ ධුරයේ වැඩ කර තිබීම නිසා, මේ සම්බන්ධයෙන් තමා සතු දැනුම කවරේදැයි දැන ගත යුත්තේ අර්ජුන මහෙන්ද්‍රන්මයි. ඒ ගැන යම් සැකයක් හෝ ඔහු තුළ වේ නම්, මේ මස අවසානයේදී නැවත සේවා දිගුවක් තමන් අපේක්ෂා නොකරන බව ආණ්ඩුවට දන්වා සිටීම ඔහුගේ පැත්තෙන් රටට කළ හැකි සේවාවකි. එසේ කළහොත්, ඒ වෙනුවට වෙනත් සුදුස්සෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට පහසුවෙන් හැකි වනු ඇත.
එසේ වන්නේ නම්, මහ බැංකුව මුදල් අමාත්‍යාංශය යටතට නැවත ගෙන එන ලෙසත්, මූල්‍ය යටිතල ව්‍යුහයේ අභෞතික පද්ධතිය කළමනාකරණය කිරීමේ වෘත්තීය ඥානය ඇති අයෙකු එහි අධිපතිවරයා වශයෙන් පත් කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.
හුදෙක්, මුල්‍ය ප‍්‍රතිපත්තිය, පොලී අනුපාතික, සංචිත අනුපාතික, විදේශ සංචිත කළමනාකරණය සහ ජාත්‍යන්තර වෙළඳපොළවල් තුළ රුපියල් ගිණුම් වට්ටෝරු කිරීම ආදිය ගැන පමණක් කතා කරන කෙනෙකු ගැන විශ්වාසය නොතබන්න. ඒ වෙනුවට, ක‍්‍රියාශීලී උපකල්පිත පද්ධතියක් නම්‍යශීලීව සහ නිවැරදිව හැසිරවීමේ හැකියාව ඇත්තෙකු කෙරෙහි විශ්වාසය තබන්න.
හේම සේනානායක
*2016 ජුනි 19 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Appointing A New Governor For The Central Bank! නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’