හැමෝම ඔහුුට ‘කී‍්‍රඩා තරුව’ යැයි කීවා
අපරාජිතයි ඔහු
සුළඟ වගෙයි ඔහු
ගුණ වරුණ කීවා සැම මගේ අයියා ගැන
සැමදෙනාම දැන සිටියා අපේ පවුල ගැන

ටික කලකට පස්සේ – පහර දීමක් විය අපේ පැත්තේ
මැරුවාලූ ලොකු පොරක් පොලීසියේ
එතැනින් සෑම කලබල පටන් ගත්තේ
ඉන්පසුවයි උන් අපේ ගමට ආවේ

මගේ අයියා බස් කොන්දොස්තර කෙනෙක්
පාන්දර වැඩට ගිය ඔහු එක් දිනක්
නැවත අවේ නැත ගෙදර බලා
ඔහු සොයා ගිය මම පසුවදා
අසු වුණෙමි උන්ගේ රැහැනට එදා

දෑස් හා අත් බැඳ ගැටගසා
ගෙනගියා මා සුදු වෑන් රියකින් එදා
අඳුරු වුණා මගේ ලොව එතැනින්
පසුදා මා දුටු දෙයින් නෙතඟින්
දුවන පාවහන් සහ මල්ල අයියාගේ
හද ගැස්ම වැඩි වුණි මාගේ සැණින්
අයියා මෙහි සිටින බව හෙළිවෙද්දී
ආදරණීය අයියේ…. උන් ඔබට කුමක්කර ඇත්ද?
අවිනිශ්චිත කල්පනාවලින් පිරි මගේ හද
බියෙන් සැකෙන් විකල් විය

තුන් මසක් තුරා….
කෲර සිනා හඬවල් මැද
මතින් වෙරි වු උන්ගෙන්
තැළුම් පෙළුම් වින්දෙමි මම්.
නොනවත්වාම
දිගින්දිගටම
වින්දෙමි ඒවා මම්.

පහරදීම් ඉතා සැලසුම්සහගතව
මෙසේ කි‍්‍රයාත්මක විය.
පළමුව උන් මා නිර්වස්ත‍්‍ර කරති.
දෙවනුව බඳිති මගේ දෙඅත් පිටුපසටකර
තෙවනුව එල්ලති මා බාල්කයේ උඩුබැලිව
පහරදීම් දැන් ආරම්භ වේ
ලී පොළු, බංකු, යකඩ පොළු
ළඟපාත ඇති ඕනෑම දෙයකින්
ගුටිබැට මම වින්දෙමි.
”කැරි කොටියා, ඇත්ත කියපන් උඹ කළා නේද?”

”අනේ තී‍්‍රවිල් ඩ‍්‍රයිවර් කෙනෙක් විතරයි මම
මුකුත් දන්නේ නෑ මම….”

අහළ පහළ සිදු වු තවත් ප‍්‍රහාරයකට පසුව
හිතවත් පොලිස් නිළධාරියෙක්
ආවේ මට අනතුරු අඟවන්නයි.
”අද රෑට උන් උඹට ගූ පිටවෙන්න දෙන්නයි යන්නෙ.
උඹට කරන්න තියන එකම දේ කක්කුස්සියේ ඉඳගෙන ඉන්නයි….
මට වෙන මුකුත් කරන්න බැරි එක ගැන හරිම කණගාටුයි….”

තවත් මුසල රාති‍්‍රයක් උදා විය…
අත් බැඳ, මගේ හිස පොලිතින් උරයකින් වැසු උන්
සිගරට් කොටයකින් උරයට ගිනි ඇවිලූහ.
අහෝ මේ වේදනාව කෙසේ දරන්නද?
මේ කරුමය නැවතීමට මට කළ කිව හැක්කේ කුමක්ද?
”පර දෙමළා, කියපිය උඹ කරපු දේවල්
තව මොනවද උඹේ සැලසුම්?
තව කවුද උඹට හවුල්?”
”අනේ මං වඳින්නම්, මං දන්නේ නෑ මුකුත්…”
උන් සිනාසුණේ ඇයි?

එක් මහා මුසල රාති‍්‍රයක මම ඔහු දුටුවෙමි.
කාමරේ ඈත කෙළවරක සිටී ඔහු ගුලිවී
ඔහු ළඟට දිවගොස් තුරුළුකර ගන්නට
ඇත්නම් මට මගේ ආදර අයියා, සිතුණි මට
නැවතත් ගුටි බැට ඇරඹිණ.
මගේ අයියාගේ දෑස් ඉදිරිපිට උන් මට පහර දුණි.

”පිළිගනින් පරයෝ! කියපන් අපිට, කියපන්.
තොගෙ පවුල ආයෙ දකින්න ඕනෙ නම් කියපන්!”

”අනේ…. මේ කරුමය කෙසේ නවත්වන්නද?
මගේ නිවැරදි බව කෙසේ ඔප්පු කරන්නද?
අනේ…. දෙවියනේ…. උන්ව නවත්වන්න!”

මගේ ලොකු අයියා, ඔහු මට වීරයෙකි.
නපුරු උන්ගේ පිළිකුල් සිනා හඬ මැද
අහිංසක දෑස්වලින්, අසරණ ඔහු
මා ගුටි බැට විඳින හැටි බලා සිටියේය.

අද දින හෙට දිනෙන් වෙන්කර ගැනීමට
නොහැකිවන තුරු මම එහි සිරවී සිටියෙමි.
අවිනිශ්චිත ඒ කුරිරු දිනවල
නිශ්චිත වු එකම දෙය රාති‍්‍රය විය.
අහෝ! කෙතරම් බියකරුද ඒ රාත‍්‍රිය
අද උන් කිනම් කුරිරු කෙළිකමක යෙදෙන්නෙහුද?
සෑම රාති‍්‍රයකම එය නැවත නැවතත් ඇරඹිණ.
මගේ ලිංගය තලා මිරිකමින්
පැයෙන් පැය
මට තවත් එය දරන්නට නොහැකි විය.

”අනේ මම හැමදේම පිළිගන්නම්.
මම ඕනෑම කොන්දේසියකට එකඟ වෙන්නම්.
කරුණාකර මේක නවත්තන්න.
මට තවත් ඉවසන්න බෑ….
මට බෑ, මට බෑ.”

එසැණින්ම පහරදීම් අවසන් විය.

කුරිරු අවුරුදු පහමාරකට පසු
මම උන්ගෙන් නිදහස් වුණෙමි.
මට එරෙහි චෝදනා සියල්ල අහෝසි විය.
මම දැන් නිදහස් මිනිසෙක්මි.
එනිසා මම ගෙදර යන්නෙමි.

ගෙදර….. කිසිවෙකුත් මා නොහඳුනන ගෙදර
ගෙදර….. තාත්තා අවසන් සුසුම් හෙළු ගෙදර
ගෙදර….. මගේ අයියා ජීවත් වු ගෙදර
ගෙදර….. අයියා අඩවන් දෑසින්, තනිවම මුමුණමින්, මැරුණු ආත්මයකින්, උදාසීනව ඇවිද යන……
ගෙදර….. වරක් මගේ වීරයා ජීවත් වු ගෙදර

මම ‘මිනිසෙක්‘

Translate from They called him “Sports Star”