පසුගිය දිනක මා පිරිමියකුගේ අශිෂ්ඨ බලහත්කාර ආශාවෙි වස්තුබීජයක් විනි. ඒ 138 බසයේ මගි තෙරපුම වාසිදායක තත්වයක් කරගත් පිරිමියකු තමාගේ අශිෂ්ඨ ආශාව සන්තර්පණය කරගැනීම සඳහා මාගේ දැඩි විරෝධය ද නොතකා මා ලිංගික භාණ්ඩයක් ලෙස සලකමින් දැඩි ප්රජණ්ඩකාරිව බස්රථය තුල හැසිරීමෙනි. මෙම ප්රජණ්ඩකාරි හැසිරීම නොතකා අහකබැලු බස්රථයේ සිටි සියළුම කාන්තාවන් සහ පිරිමින් පිළිබඳ මා සිතේ වෛරයක් ඇති නොවුණි. මන්දයත් දෛනික ජිවිතයේ කොටසක්ව පවතින ප්රජණ්ඩත්වය පිටුදැකීම උදෙසා දැඩි කැපවීමක් සහ බලතෙරපුමක් යෙදීමට මෙරට සාමාන්‍ය ජනයාට හැකියාවක් නොපවතින හෙයිණි. රාජ්‍ය මැදිහත්වීම, ප්රජණ්ඩත්වය මර්ධනය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වන්නේ එහෙයිනි. නමුත් බොහෝ රාජ්‍යන්, ප්රඡණ්ඩත්වයේ මුලාශ්‍ර බවට පත් වී ඇත. ශ්‍රී ලංකා ප්රජාතාන්ත්රීය සමාජවාදී ජනරජය ද ප්රජණ්ඩත්වය උත්පාදනය කරණ සහ ප්රතිනිෂ්පාදනය කරණු ලබන අතර එම ප්රජණ්ඩත්වය පුරුෂ මුලික සමාජ ක්‍රමය විසින් පවත්වාගෙන යනු ලබයි.
මාගේ හෘදසාක්ෂිය මා වෙත වු මුදාහල ඉහත කී ප්රජණ්ඩත්ව සිදුවීමෙන් පසුව මා වන්නි මතකයන් වෙත යළි යළිත් ගෙනයනු ලැබීය. සාමාන්‍ය ඇදුමින් සැරසී හමුදා මුරපොළක් අසලන් මුලතිව්- කිලිනොච්චි මාර්ග පොදු බස්රථයක් වෙත ගොඩවු සිංහල කතාකළ හැකි(හෙතම දුරකතන සංවාදයක යෙදුනේ චතුර ලෙස සිංහල භාෂාවෙනි) මගියෙකු දෙමළ යුවතියක් වෙත බසය තුලදීම ලිංගික අඩත්තෙට්ටම් සිදුකළ අයුරු 2015 නොවැම්බර් මස වන්නියේ ජිවත්වු මා අත්දුටිමි. තවදුරටත් අඩන්තේට්ටම් ඉවසාගත නොහැකි ව අපහසුතාවයට පත් වූ දෙමළ තරුණිය මුදාගන්නා ලද්දේ මැදිවියේ වු දෙමළ මවක් තරුණිය වෙත සිය අසුන ලබාදිමෙනි. මෙම සිදුවීම පියවි ඇසින් දුටු නමුත් හෘදසාක්ෂියක් නොමැති අයෙකු ලෙස මා එම අවස්ථාවේ ගොළු වී සිටිම දැනුදු මතක් වනුයේ ආත්මලජ්ජාවක් සහිතවය. මේ සමානවම මා 2012 වසරේදී නාවල විවෘත විශ්වවිද්‍යාල භූමියට පිවිසෙන ‘‘කුණු ඇල අසලදී” නාවික හමුදා ශ්‍රමිකයන් ගේ වාචික ප්රජණ්ඩත්වයට ලක්වීමි. නාවික හමුදා ශ්‍රමිකයන් ගේ අශිෂ්ඨ ලිංගික ෆැන්ටසිය නිලඇදුමේ බලයෙන් ප්රජණ්ඩකාරීව මා වෙත මුදා හැරිම වාහනයෙන් කුණු ඇලෙන් එගොඩ වූ විවෘත විශ්ව විද්‍යාල බලධාරීන්ට නොපෙණුනි. එම නිළ ඇදුම උපයෝගී කරගනිමින් මුදාහළ ප්රජණ්ඩත්වය වන්නියේ ජනයාගේ දෛනික ජිවිතයේ නිදහස යටපත් කිරීමට හේතුවන බව මා වන්නියේ ජිවත්වූ අවධියේ දී අත්දැකීමි.
හෘදසාක්ෂිය පිලිබඳ අනාවරණය තවදුරටත් ගැටළුකාරී වුයේ රාවය පුවත්පතේ පලවු ලසන්ත ඝාතන පරික්ෂණය සඳහාවන බලපෑම පිළිබඳ පුවත කියවීමෙන් අනතුරුවය. ලසන්ත වික්‍රමතුංග මරා දැමුණේ අධිආරක්ෂිත කලාපයකදීය. ලසන්ත යනු අගනුවර සමාජයේ ප්‍රාග්ධන හිමිකරුවෙකි. එවැනි හිමිකරුවෙකු රාජපක්ෂ රෙජිමයතුළ ,දී මහමග අධිආරක්ෂක කලාපයක මරාදැමුණු අතර එම මිනීමැරීම අනාවරණය කිරිමෙි පොරොන්දුව මත පවතින පාලනය හෙවත් ‘යහපාලනය‘ පසුගිය මැතිවරණාය්දී ජයග්‍රහණය කළේ ය. එවකට වූ පොරොන්දු අමතක කරමින් රාජපක්ෂ අනුකරණවාදීන් ව, පවතින වර්ථමාන ආණ්ඩුව ‘අයහපත් ආණ්ඩුකරණයකට‘ යොමුව අයහපත් ආණ්ඩුකරණයේදී ලසන්ත ඝාතනය තවත් එක් මියයාමක් ලෙස හදුනාගන්නේ නම්, කිසිදු ප්රග්ධනයකට හිමිකාරිත්වයක් නොමැති දෙමළ ජනමාධ්‍යවේදිනී ඉසිප්‍රියා හමුදා අත්අඩංගුවෙිදී ම මරාදැමීම සාධාරණය කිරීමට ද ආණ්ඩුවට හැකිය.
රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව ද අදවනවිට ක්‍රමයෙන් ගමන්කරන්නේ ෆැසිස්ට් ලක්ෂණ පෙන්වූ රාජපක්ෂ රෙජීමයේ ක්‍රමය වෙතයි. මෙම ෆැසිස්ටිවාදී රාමුව වසාගැනීමට ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ ඔවුන් විසින් භාවිතා කරයි. සුපරික්ෂාකාරිව මෙම ආණ්ඩුවේ ප්‍රතිපත්ති දෙස බලන විට පෙනීයන්නේ, රාජපක්ෂ රෙජිමය හා සමව සිරිසේන–වික්‍රමසිංහ ද භෞතික සංවර්ධනය පිළිබඳ අවධානය යොමුකර අයිතිවාසිකම් සුරක්ෂණය සඳහා රාජ්‍යයේ මැදිහත්වීම සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇතිි බවය. ආණ්ඩුව මෙන්ම, සිංහල බෞද්ධ දකුණේ සමාජය ද LTTE සංවිධානයේ තරුණ තරුණියන් මරාදැමීම සාධාරණය කරනු ලබන්නේ LTTE යනු ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හදුනා ගනිමින් සහ එවැනි සංවිධානයක පැවැත්ම සමුල ඝාතනයන්ගේන් අවසන් කල යුතුය යන මුග්ධ නිගමනයෙනි. එහෙත් යම් සංවිධානයක් ත්‍රස්තවාදී ලෙස නම්කල පමණින්ම එකී සංවිධානයේ සමාජිකයන් ඝාතනය කිරීමට ආණ්ඩුවකට බලයක් තිබේද? දකුණු අප්රිකාවෙි ස්ටීව් බිකෝ අත්අඩංගුවෙි දී ඝාතනය වනවිට ඔහු සහ ඔහුගේ සංවිධානය එරට පැවති සුදු ආණ්ඩුව විසින් තහනම් කර තිබුණි. LTTE ය සහ එහි නායකත්වය යනු ස්ටීව් බිකෝ හා සම නොවුව ද මාගේ තර්කය නම් සංවිධානයක් තහනම් කර තිබූ පමණි න් එහි සමාජිකයන් අත්තනෝමතික ලෙස මරා දැමීමට කිසිදු බලඅධිකාරියට නොහැකි බවය.එය එසේ වන්නේ නම් එය අශීලාචාර, ගෝත්‍රික ලක්ෂණයකි.
Human Rights Watch සංවිධානයේ වාර්තාවන්ට අනුව LTTE සංවිධානයේ ජනමාධ්‍යවේදී ඉසිප්‍රියා මෙන්ම තවත් බොහෝ නිදහස් කොටි තරුණ, තරුණියන් රාජ්‍ය ආරක්ෂාව යටතේ මරා දමා ඇත. යටත් වූ පසුව මරාදැමීම යුධ අපරාධයක් බව නවීන යුධතාක්ෂණය හැසිරවීමට උගත් හමුදා ශ්‍රමිකයන් නොදන්නේ යැයි අනුමාන කළ හැකිද? හමුදා ශ්‍රමිකයන් හට යුධ අපරාධ නීතිය පිලිබඳ සාක්ෂරතාවක් නොමැතිවූයේ නම් එම නොසලකා හැරීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුය. ජනසංහාරය සාධරණය කළ දකුණේ විශ්ව විද්‍යාල ආචාර්ය මිතුරෙකු මා සමඟ පැවසුවෙි ”යුද්ධයකදී මිනිසුන් මැරීම සමාන්‍ය බවයි”. මා ඔහු සමඟ සම්පූර්ණයෙන් ම එකඟවෙමි. යුද්ධයක දී මිනිසුන් මිය යා හැක. එහෙත් රාජ්‍ය ආරක්ෂාව යටතේ වූ පුද්ගලයන් මරා දැමීමට රාජ්‍යට හැකියාවක් වේද? එසේම එසේ යුද්ධයකදී මියගිය මිනිසුන් පිලිබඳ විවරණයන් සිදුකළ යුතු නොවේ ද? මාගේ ප්‍රථමික අත්දැකීමට අනුව ජර්මානුවන් තම ජාතිය විසින් යුදෙව්වන් වෙත මුදාහල පීඩනය සහ ප්රජණ්ඩත්වය පිලිබඳ හෘද සාක්ෂියකින් යුතුව සැබැකම්පාවකට පත් වී ඇත. එම කම්පාව සංකේතවත් කරමින් ජර්මානුවන්, පැවති නාසිකදවුරු කෞතුකාගාර ලෙස පවත්වාගනු ලබන අතර නැවත එම කෲරත්වයන් ඇතිවීම වලැක්වීමට ඉතිහාසයේ අදුරු යුගයන් අමතක නොකර ක්‍රියාකරනු ලැබේ.
නමුත් ශ්‍රී ලංකාවේ සිදුවූයේ කෲර ලෙස සිංහලයාගේ අනෙකාවන දෙමළාගේ සියළුම ස්මරණයන් බුල්ඩෝසර් කිරීමය. බුල්ඩෝසර් කිරීමෙන් නොනැවති, මහින්ද රෙජීමය එම ස්මරණයන් මත සිංහලයාගේ යුධ ජයග්රහණයන් වෙනුවෙන් ස්මාරකයන් ඉදිකරන ලදී. මේ ජයාරූපය මා මුලතිවි නගරයේදී ගන්නා ලද එකකි.
මෙම හමුදාශ්රමික ස්මරණ ඵලකයේ සදහන් සටහනේ සංක්ෂේපය මෙය වේ. ‘දීර වීර ලක් මෑණිගේ පිනට උපන් රණවිරු පුතුන්, කුරිරු ත්‍රස්තවාදින්ගෙන් රට බේරාගන්නා ලදී‘.මෙය කුරිරු ත්රස්තවාදීන්ගෙන් රට බේරාගැනීම නම් ප්රකාශනය, දහස් ගණනක් අහිංසක සිවිල් ජනයා මිය ගියා යැයි ප්‍රකාශිත වෙල්ලමුල්ලිවෛකාල් වෙරළතීරයේ වන දැන්වීමේ ද සදහන් වේ.
මේ ජායාරූපය ලබාගන්නා ලද්දේ වෙල්ලිමුල්ලිවෛකාල් වෙරළ තීරයේදීය. මේ සියළු ජයාරූප සහ සිදුවීම් මගින් පෙනී යන්නේ ප්රජණ්ඩත්වය දෛනික ජිවීතයේ කොටසක් වු රටක තිරසාර සාමයක් ගොඩනැංවීමට නම් හෘද සාක්ෂීන් මෙයට වඩා අවංකව ක්‍රියාත්මක විය යුතු බවය.
අරුණි සමරකෝන් | Aruni Samarakoon
සබැදි සටහන්
සිදුකල අපරාධ ‘යුනිෆෝම් මිනීමරුවන්’ රැකීම තුළින් යටපත්කළ නොහැක
#ENDImpunity | ‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’