‘අපේ රටේ සිදුකල යුද්ධයේදී කොටස් දෙකක් හිටියා. එක කොටසක් කුළි හෙවායින්,ඒ කියන්නේ පඩියට යුද්ධ කරන කොටස,.. අනෙක් කොටස දේශපාලන අරමුණක් වෙනුවෙන් සටන් කරන, සටන් කාමීන්‘ – මිතුරෙක්
ලේ වැකි යුද්ධයේදී, සමාවෙන්න රාජපක්ෂ කියූ පරිදි ‘මානුෂික මෙහෙයුමේදී‘ (දහස් ගනන් ජනයා ඝාතනය කළ) තුවාල ලබා අභාධිත තත්ත්වයට පත් වූ හමුදා සෙබලුන් පිරිසක් දින කිහිපයක සිට විරෝධතාවයක නිරත ව සිටියේ කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදීය.
ඒ ඔවුන්ට විශ්‍රාම වැටුපකට හිමිකම් ඇති බවත් එය ආණ්ඩුව විසින් ලබා දිය යුතු යැයි යන ඉල්ලීම් මුල්කර ගනිමිනි.
වාර්තා වූ අන්දමට ‘යහපාලන‘ ආණ්ඩුවේ සිරිසේන ජනාධිපතිවරයා විසින් එතෙක් තිබූ නීති පවා වෙනස් කරමින් එම ඉල්ලීම ලබන වසරේ පෙබරවාරියේ සිට ලබා දීමට එකගත්වය පළ කර ඇත.
නමුත් කුමක් හෝ හේතුවකට ඉල්ලීම් ලැබී තිබියදී පවා සෙබලුන් උපවාසය අත්හරින්නට සූදානමක් නොතිබිනි.
ඒ අතර තුර ගම්මන්පිල සහ වීරවංශ ඇතුලු ඊනියා මානුෂික මෙහෙයුම හෙවත් ජනඝාතක යුද්ධයේ පෙරගමන් කරුවන් ද විරෝධතාකරුවන් අසල ගැවසෙනවා දක්නට ලැබුනි.
තත්ත්වය උණුසුම් වූයේ ඊයේ(07) එම සෙබලුන් පිරිස ජනාධිපති කාර්යාලයට පිවිසීමට ගත් උත්සහයේදී ය. ජනාධිපති කාර්යාලය අසල තිබූ ආවරණ ද පෙරලා දමමින් එයට ඇතුලුවීමට සැරසෙද්දී එම සෙබලුන් ආබාධිත වීමට පෙර, ඔවුන් විසින් මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට සංග්‍රහ කළ අයුරින්ම ඔවුන්ට ද එම සංග්‍රහය ලැබුණි.(එය රාජපක්ෂ සමයේ මෙන් උණ්ඩය දක්වා නොගියේය. නමුත් එයත් වැරදි සහගතය) ඒ වතුර සහ කදුලු ගෑස් වලින් පමණ ය. (ඕනෑම අයෙක්ට විරෝධතා දැක්වීමේ අයිතිය තිබිය යුතුයි. එසේම එවන් අවස්ථාවන්ට එල්ල කරන ප්‍රහාරවලට දැඩි සේ විරුද්ධ විය යුතු බව ලේඛකයාගේ අදහසයි)
පසුව කියා සිටියේ ඔවුන් ජයග්‍රණය කල බවය.
දැන් මෙහි අභ්‍යන්තරය ට මදක් පිවිසෙමු.
දින කිහිපයක් සිදුකල විරෝධතාවයේ කරක් ගැසූ ගම්මන්පිල සහ වීරවංශ දෙබැයන් විටින් විට විරෝධතාවයේ යෙදුන සෙබලුන් ට යම් උපදෙස් දෙන බව කීවේ මාගේ මිතුරෙකි.
අනෙක, ඊයේ ඇති වුනු උණුසුම් තත්ත්වයේදී එතැන සිටියේ කවුද යන්න විමසීම වටී. අනෙකාගේ ‘ලේ‘ ම ඉල්ලා සිටින අන්ත ජාතිවාදී දෙපලක් වන බෙන්ගමුවේ නාලක සහ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස චීවරධාරීන් දෙපළයි.
එපමණක් නොවේ. සිංහල ජාතිය උත්කෘෂ්ඨයට නංවමින් පසුගිය කාලයේ ජාතිවාදය ඇවීලිමට ගත් උත්සහයේදී එම චීවරධාරීන් දෙබෑයන් සමග තවත් එවැනිම නරුම අදහස් ඇත්තෝ ද ආබාධිත සෙබලුන් මෙන් එහි රග දැක්වූවෝ ය.
කෙසේ නමුත් මෙවැනි අවස්ථාවක පාලකයන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයන් අනුමත කල නොහැකියි.
නමුත් මේ දින ගනනාවේ ම විරෝධාවය පිටුපස සිටියේ අන්ත ජාතිවාදී චීවරදාරින් සහ ගම්මන්පිල, වීරවංශ වැනි පිරිස් ය. ඔවුන්ට අවශ්‍ය වූයේ නැවත වරක් ජාතිවාදය අවුස්සා කෙසේ හෝ තමන්ට බලයට ඒමට අවශ්‍ය පදනම දමා ගැනීමටය.(මක්නිසා ද ඔවුන් සතුව ඇති එකම උපකරණය ඒ බිහිසුණු ජාතිවාදය ම නිසාය) එසේම ඔවුන්ට මේ වන විට එල්ල වෙමින් ඇති චෝදනාවලට අයිසින් තවරා ගැනීමත් හැකි ඉක්මනින් එයින් ගැලවීමත් ය.
ඒ සදහා ආබාධිතයන්ගේ කරපිටින් හෝ ගොස් ඒ නරුම වැඩේ කරවා ගැනීමය.
අනෙක නම්, තමන්ගේ අග පසග පවා බිල්ලට දුන්නේ රට ජාතිය වෙනුවෙන්, කොටියාගෙන් මව්බිම බේරාගන්න යැයි කියන මෙවැනි සෙබලුන් ට කළ යුතුව තිබුණේ විශ්‍රාම වැටුපක් ඉල්ලීම වැනි ලැජ්ජා සහගත වැඩ නොකර දෙනවා යැයි කියන 65000ත් ආණ්ඩුවට හෝ රණවිරු සෙවනට පූජා කිරීමය.
එය එසේ වන්නේ, රටජාතිය වෙනුවෙන් ‘පිට‘ නොවේ පපුව‘ දෙනාවා කියූ මේ අය, මේ සිදුකරන වැඩෙන් ළමා පරපුරට දෙනු ලබන ආදර්ශය ඔවුන්ට හොද නැති නිසාය. (මක් නිසා ද ඔවුන් සේවය කර ඇත්තේ සල්ලිවලට කියා කවුරුන් හෝ සිතුවොත් ඔවුන්ට හොද නැත.)
සුවිශේෂය වන්නේ පැවසෙන ආකාරයට ඉල්ලීම ලබා දීමට තීරණය කල පසු ද ජනාධිපති කාර්යාලට කඩා වැදීමට ගියේ ඇයි? යන්නය.
හේතුව සරළය.
‘රණවිරුවන්‘ ට ‘යහපාලන‘ ආණ්ඩුව දෙන්නේ සහන නොවේ ‘ගුටි‘ ය, යන්න සමාජ ගත කිරීමය.
විරෝධතාවය අභ්‍යන්තරයේ දිගින් දිගටම තිබූ එම නරුම ව්‍යාපෘතියේ මෙහෙයුම්කරුවන් වන බෙන්ගමුවේ නාලක සහ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ඇතුලු චීවරධාරීන් සහ ගම්මන්පිල, වීරවංශ වැනි ජාතිවාදී දේශපාලන බඩගෝස්තරයින්ගේ ජාතිවාදී මෙහෙයුමයි. ඉන් ඔවුන් උත්සහ කළේ ‘රණවිරුවන්‘ යැයි උත්කෘෂ්ඨත්වයට පත්කරමින් දකුණේ ආණ්ඩු විරෝධය මුවහත් කිරීමටය. එය දැන් හිටපු ජනාධිපතිවරයාගේ සිට බොහෝ ජනාමාධ්‍ය ද ලැජ්ජා සහගත ලෙස ඉටුකරමින් තිබේ.
ඊනියා මානුෂික මෙහෙයුම නම් ලේ වැකි ජනඝාතක යුද්ධයෙන් පසුව ද නැවත වරක් මේ නරුම අදහස් ඇති චීවරදාරීන් සහ ගම්මන්පිලලා, වීරවංෂ ලා ඉල්ලා සිටින්නේ ‘ලේ‘ ම ද? ජාතිවාදය අවුලුවා ඒ ‘අළු‘ මතින් හෝ නැවත වරක් බලයට ඒමට කැස කවන මේ තක්කඩි (අ)දේශපාලකයින්ගේ මෙවැනි මුග්ද ක්‍රියාවන් පිළිබද පුරවැසි සමාජය අවදියෙන් සිටිය යුතුය.
එබැවින් ‘රණවිරු‘ යන ලේබලය ගසමින් නැවත වරක් මුවහත් කරන්නට සැරසෙන මෙම ‘ජාතිවාදී‘ ව්‍යාපෘතිය වහා පරාජය කල යුතුය. කුමන ‘විරු‘ ලේබලයෙන් පැමිණියත් ජාතිවාදය පරාජය කල යුතුමය.
එය අද දවසේ ප්‍රම්‍රඛ කාර්යයකි.