”2008 වසරේ දී නැගෙනහිර පළාත කොටි ත්රස්තවාදීන්ගේන් මුදවා ගත් විගසම අවුරුදු 18කට පසු නැගෙනහිර ජනතාවට තම පළාතේ ජනතා නියෝජිතයින් පත්කර ගැනීමටත්, 2013 වසරේ අවුරුදු 23කට පසු උතුරු පළාතේ ජනතාවටත් එසේ කිරීමට ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ගත් තීරණය අගයකළ යුතුය.” (වියවුල සහ ස්ථාවරත්වය, 2016, පිටුව 09).
ඉහත සටහන මා උපුටාගනු ලැබුවේ පසුගිය දා මහජන අවකාශයතුල ප්‍රකාශයට පත්වු වියවුල සහ ස්ථාවරත්වය නම් රාජපක්ෂ කදවුරේ පොත් පිංචෙනි. ඉහත ප්‍රකාශය මාහට මතක්කරනු ලැබුවේ කොටුව දුම්රියපොළ ඉදිරියේ දින 365ක් ද ඉක්මවා කුමාර් ගුණරත්නම් නිදහස් කරගැනීම උදෙසා පවත්වන සත්‍යග්‍රහයේ සටහනකි. ”දේශපාලනය කිරීම තොපගේ කැමැත්ත නොව අපගේ අයිතියකි”. උතුරු- නැගෙනහිර ජනතාව යුද්ධය පැවති අවස්ථාවේදී නිදහස් කොටින්ගේ බලපැම මත ජන්දය වර්ජනය කලද පැවති සියළුම මැතිවරණයන් හිදි එකී ජනතාව සිංහල- බෞද්ධ මහා ප්රජාතන්ත්රවාදය තරයේම ප්‍රතික්ෂේප කරණ ලදි. එසේ ප්‍රතික්ෂේපිත මහා ප්රජාතන්ත්රවාදය කේවල් දේශපාලනය මගින් ජනතාව වෙත නැවත පැටවීය. නිදසුනක් ලෙස මහින්ද පාලනයේ දී නැගෙනහිර පළාතේ පාලනය මහජන ජන්දයෙන් බැහැර කරනු ලැබු නමුත් කේවල් දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව අකමැතිවූ එම පාලනයම ජනතා වෙත පටවන ලදී.
ජනතා කැමැත්ත නොහොත් සම්මුතිවාදී දේශපාලනය තහවුරු කරමින් බලයට පැමිණි වර්ථමාන ආණ්ඩුව ද මහින්ද රාජපක්ෂ රෙජිමයේම වූ කේවල් දේශපාලනයේ දිගුවක් බවට පත්වන ලක්ෂණ දැකිය හැක.
ආසන්නම නිදසුන නම්, ඖෂධ මිල අඩුකරණ ලද බවට පුරාජේරු ප්‍රකාශ කිරිමය. යහපාලන ආණ්ඩුව ඇත්තටම ලැජ්ජා විය යුතුය. ජනතාවගේ මුලික අවශ්‍යතාවයක් වන සෞඛ්‍ය සේවාව සපයීමට අපොහොසත් වීමත්, එම අසමත් බව ප්‍රසිද්ධ ස්ථානයන්ගෙන් දැන්වීෝ ඇලවීම මගින් ප්‍රකාශ කිරිමෙනි. වර්ථමාන ප්රජාතන්ත්රවාදයේ උපනිතියක් වන්නේ සංඛ්‍යාංක ප්රජාතන්ත්රවාදය (E democracy) වේ. ලොව බහුතරයක් ආණ්ඩු සංඛ්‍යාංක ප්රජාතන්ත්රවාදය දියුණුකිරිම සඳහා යටිතල පහසුකම් දියුණු කරණ අවස්ථාවේදී යහපාලන ආණ්ඩුව සංඛ්‍යාංක අයබද්ද වැඩිකරමින් සංඛ්‍යාංක ප්රජාතන්ත්රවාදය සදහා පවතින ප්‍රවේශ වසා දැමීමට කටයුතු කිරිම හිරිකිතය. ආණ්ඩුවේ මෙකී හිරිකිත මැදිහත්වීම තිරසාර සාමය ගොඩනැගීමෙි දී ද දැකිය හැකිය.
ක්‍රමිකව සලකා බලන විට වර්ථමාන ආණ්ඩුව සාමය ගොඩනැංවීම පසු පෙළ දේශපාලනික අවශ්‍යතාවක් ලෙසට සලකනු ලබයි. උදාහරණ ලෙස, පවතින දේශපාලන ප්රවාහයන් මගින් පෝෂණය වන හිංසා ජාතිවාදයන් පරාජය කිරීමට සිද්ධි දායක මැදිහත්වීමක් සිදු නොකරයි. ආණ්ඩුව අදටත්, පැවති යුද්ධයෙන් මියගිය සහ අතුරුදහන් වුවන් සඳහා යුක්තිය ඉටුකර නොමැත. මරණ සහතික හිමිනොවු මරණ, යාපනයේ සුබසාධක කදවුරුහි ජිවත්වන යුද්ධයෙන් අවතැන්වු තුන්වන පරපුරේ ජනතාව සහ වගකීම් විරහිතව අතුරුදහන් වු අරගලකරුවන් වෙනුවෙන් කිසිදු ප්‍රතිඵලදායක පියවරක් ගෙන නොමැතිවීම මේ සදහා සාක්ෂි වේ.
විමසිලිමත්ව බලනවිට පෙනීයන කරුණනම් මෛත්‍රී- රනිල් යහපාලන ආණ්ඩුව ලිබරල්වාදී සංදර්ශන පැවැත්වීමට උත්සහා ගන්නා බවය. එම සංදර්ශනයේ එක් අවස්ථාවක් නම් නව ව්‍යවස්ථා සම්පාදන යෝජනාවලියයි. නව ව්‍යවස්ථාවක් සම්පාදනය සදහා යෝජනා එකතු කිරීමට සම්මන්ත්රණ පවත්වන රජයක්,පවතින ව්‍යවස්ථාව යටතේ පුරවැසි අයිතියන් තහවුරුකිරීමට උත්සුක නොවීම ගැටළු සහගතය.
උදාහරණයක් ලෙස පුරවැසියන් උදෙසා යුක්තිය ඉටුකළ යුතු ආයතනයන් අතුරින් උත්තරීතර වූ අධිකරණයේ පරිපාලකයකු තමාගේ වෘත්තිය සහ පුරුෂෝත්තම බලය යොදා ස්ත්‍රීයක් දුෂණය කිරීම තවදුරටත් ඉවසා එකී ස්ත්‍රීයගේ නඩුව වෙනුවෙන් සාධාරණය කාර්යක්ෂමව ඉටුකිිරීමට අපෝසත්වූ ආණ්ඩුවක් බවට යහපාලන ආණ්ඩුව පත්වී ඇත. දකුණේ ස්ත්‍රිය දුෂණය කිරීම ඉවසා සිටින ආණ්ඩුවකින් උතුරේ දුෂණයට ලක්වු ස්ත්රීන්ට යුක්තිය කාර්යක්ෂම ව ඉටුවේ දැයි ගැටළු සහගතය.
මහින්ද සහ ඔහුගේ ජාතිවාදී පාලනය නියෝජනය කරණු ලැබුවේ සියළුම සුලුතරයට සහ ස්ත්රීන්ට විරුද්ධවය. ස්ත්‍රීන් නිරුවත්කර, පාරේ දිවයාමට බලකිරීමෙි සිට, විමුක්ති කොටි වීම හේතුවෙන්ම පාරේදී ස්ත්‍රීන් නිරුවත්කර, දුෂණයකර මරාදැමීම සිදුකළ මහින්ද පාලනය අවසන් කිරීමට මෙරට ස්ත්‍රීන්ද ඇතුලුව ජනතාව 2015 ජනවාරි 08 ජන්දය ප්‍රකාශ කරණ ලදි. නමුත් අද වන විට නැවත මහින්දගේ ලේශමාත්‍රය සහිත යහපාලනයක් ඇතිවී තිබේ. එම සංදර්ශනවාදී යහපාලනය ජනාතාවාදී කිරීමට ජනතාව නැවත පෙළගැසිය යුතුය.
ජනතාව සැබවින්ම පෙළ ගැසේද? එහි මැදිහත්කරුවන් ලෙස ක්‍රියාත්මක විය හැක්කේ කා හටද? මේ ගැටළුව විමසිමේදී මා ස්ත්රිවාදී පර්යාලෝකනය යොදා ගතිමි. ස්ත්‍රිය යනු ලිංගික වාස්තවිකයක් ලෙස දකින මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ රෙජිමවාදීන් මෙන්ෙ, වාර්ගික අන්තවාදීන් සහ ස්ත්‍රීන් එකාකෘති කරණු ලැබූ සන්දර්බයේ පවතින විකල්ප ධාරාවන් ද ස්ත්‍රීන් පිලිබඳ කතිකා යොදාගැනීමෙන් බලය ලබාගත්තද ස්ත්‍රී අපයෝජනයට එදිරිනොවීම සහ ඇගේ අදහස් දැක්වීම සඳහා අවකාශ ලබාදීම සිමාකිරීම මගින් ප්රක්ෂණය කරනු ලබන්නේ ජනතා නැගී සිටීම සදහා දිරි දීමට පවතින ආයතන සහ දේශපාලන ධාරාවන්ගේ පසුගාමීත්වය යි. උදාහරණ ලෙස පසුගියදා ‘ආදරණිය ශ්‍රී ලංකාවක් ගැනීමේ කතිකාව‘ ආරම්භ කළ විකල්පධාරා පුවත්පතක් වන ‘රාවය‘ තුල ස්ත්‍රිය නියෝජනය කරමින් කිසිදු විශේෂාංග හෝ අතිරේකයක් නොවිමෙන් ගම්‍ය වන්නේ විකල්ප ධාරාවන් තුළ ද පවතින මහින්ද රෙජිම ස්වරූපිත අධිපතිබාවයවේ. එසේම ප්‍රබල දේශපාලන විමුක්තිකාමිකයන් වශයෙන් හදුන්වා ගන්නා, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම පෙරටුගාමි සමාජවාදී පක්ෂය ද ආකෘතිය වෙනස් කිරිමට සපථකල ද ස්ත්‍රි දේශපාලනය සම්බන්ද ආකෘතිය වෙනස් කිරීමට ඔවුන්ගේ මැදිහත්වීම කිසිසේත්ම ප්‍රමාණාත්මක නොවේ. බුර්කාව ඇදීම තහනම් කිරීමට කාර්යක්ෂම වන රටක, නිවසේදී, මහමගදී හෝ වැඩපලේදී ස්ත්‍රීයට විරුද්ධව සිදුවන අඩත්තෙට්ටම් තුරන් කිරීමට කාර්යක්ශෂම විය නොහැක්කේ මන්ද?
පසුගිය දිනක මා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවති පරිසංවාදයකට සහභාගී වීමි. එහිදි ඉදිරිපත්වු එක් අධ්‍යන පත්‍රිකාවක් වුයේ පශ්චාත් යුධ ශ්‍රී ලංකාව සදහා ද්විමණ්ඩල පාර්ලිමේන්තුවක් යෝජනා කිරිමය.
එම පත්‍රිකාවට විරෝධය පෑ ප්‍රවීණ විද්‍යාර්ථයකු ද්විමණ්ඩල පාර්ලිමේන්තු යෝජනාව ඓතිහාසික කරුණු සහ නියෝජනය සිදුවු ආකාරය සලකා බලා ප්‍රතික්ෂේප කරන ලද අතර එහි ම ප්‍රතිවිරුද්ධ මතයක් ලෙස නිසි නියෝජනයක් නොලබන ස්ත්‍රීන් ද ඇතුලු කණ්ඩායම් සදහා අවශ්‍ය ආයතනයක් ලෙසට යොජනා විය. එහි දී ඉහතකී ප්‍රවීණ විද්‍යාර්ථයා ස්ත්‍රීන් නියෝජනය අනවශ්‍ය බව ප්‍රකාශ කිරීම මා මවිත කරණ ලදි. එවිට හැගී ගිය කරුණ නම් තමා හා සමවන දකුණේ ස්ත්‍රිය දේශපාලනිකව පිළිගැනීමට අපොහොසත් වන මෙවැනි පුරුෂෝත්තම ජාතිකවාදීන් අනෙක් ජනවර්ගයාගේ දේශපාලනික අයිතිය පිළිගැනීම සදහා කිසිසේත්ම එකඟ නොවීමය.
ඉහත සදහන් සිදුවීම් මගින් පෙනී යන කරුණ නම් යහපාලන ආණ්ඩුව ද තමාගේ පෞද්ගලික දේශපාලන කැමැත්ත පොදු ජනතා කැමත්තක් ලෙස වරනගන අතරම, තමන් සතුටින් ලබාදෙන දෙය ජනතාව පිලිගත යුතු බවත්, එම ලබාදීමි ප්‍රදර්ශනය කරමින් ස්වයංවින්දනයට ලක්වන බවත් ය. සමාන්‍ය ජන ජිවිතයේ මූලික අවශ්‍යතා සැපිරීමට නොහැකි ආණ්ඩුවක් විශේෂ ජන අවශ්‍යතා වන නව ව්‍යවස්ථා සම්පාදනයක් සිදුකරන්නේ කෙසේද? එසේම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ ද එය ජනතා කැමැත්ත මත ගොඩනැගේ යැයි විශ්වාස කළ හැකිද? එසේම පවතින විකල්පධාරා ද විවෘත දේශපාලන සාකච්ජාවකින් ගොඩනැගි ජනතා අභිලාෂයම නියොජනය කරනු ලැබේද? නැතිනම් මේ සියලුම පුනරුදයන් තවත් එක් මහින්ද දිගුවක් දැයි විමසිය යුතුය.
අරුණි සමරකෝන් | Aruni Samarakoon