ඡායාරූපය ජේම්ස් මෝර්ගන්

ග‍්‍රවුන්ඞ්වීව්ස් බිහි වූයේ දේශපාලන බෙදුමේ දෙපැත්තේ ම බොහෝ දෙනෙකුට දුක් පීඩා මෙන් ම ඵල ප‍්‍රයෝජන ද ගෙන දුන් යුද්ධයක් ශ‍්‍රී ලංකාව ග‍්‍රහණයට ගත් 2006 දී ය. යුද්ධය අතරතුර දී සිතිවිලි සහ අදහස් කළ සටනින් කොටසක් සිදු වූ ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය 2009 මැයි මාසයේ දී යුද්ධය අවසන් වීමත් සමග එළඹි සීතල සාමය සාකච්ඡුා කිරීම සඳහා නැතිව ම බැරි අවකාශයක් බවට එක දිගට ම පත් වී ඇත.

මා 2007 වසර මැද සිට පුවත්පත්වලට ලිවීම ආරම්භ කර තිබුණත් ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවියට ලිව්වේ 2009 අග දී ය. අඩවියේ මුල් අදියර (2007-2008* ගෙවෙන සමයේ මම යුද්ධයට පක්ෂපාතී කඳවුර සමග අනන්‍ය වී ගෙන වෘත්තිමය වශයෙන් රාජ්‍යයට (වෙනස් එකකට ය, ‘රාජපක්ෂ රෙජීමයට’ යැයි කෙනෙකු කිව හැකි ය* ඈඳී සිටියෙමි. එහෙයින් මම ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවියට දායක වූවන් බොහෝ දෙනෙකු විසින් මෙන් ම විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය :ක්‍ඡු්* වැනි සිවිල් සමාජ කණ්ඩායම් විසින් ද නියෝජනය කෙරුණු දේශපාලන ව්‍යාපෘතියට බෙහෙවින් විරුද්ධ වීමි: එම ව්‍යාපෘතිය, අනෙකුත් දෑ අතර, එල්ටීටීඊය සමග දේශපාලන විසඳුමක් සාකච්ඡුා කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේ ය.

මා විරුද්ධ වූයේ ශ‍්‍රී ලාංකික ‘සිවිල් සමාජය’ එල්ටීටීඊයේ ආවේණික බෙදුම්වාදී ස්වභාවය හඳුනා ගැනීමට අසමත් වී ඇති බවක් පෙනී ගිය තත්ත්වය තුළ යි. එම නිසා මගේ අදහස වූයේ එල්ටීටීඊය සමග සාමයකට එළඹිය නොහැකි බව යි. යුද්ධයට පක්ෂපාතී කඳවුරේ සිටි අයට නම් (කෙසේ වුව ද එය ඒකාන්ත තත්ත්වයක් නො වී ය* එල්ටීටීඊයේ ස්වභාවය අතිමූලික වශයෙනුත් ඉඳුරා මත් බෙදුම්වාදී විය. එම නිසා තර්කානුකූල නිගමනය වූයේ නොබෙදුණු රටක් තුළ කවර හෝ සාමයක් රජයන්නට නම් එල්ටීටීඊය පරාජය කළ යුතු ය යන්න යි. ඉතා පැහැදිලි ලෙස පෙනෙන කරුණක් පිළිගැනීමට අසමත් වීම අතිමහත් බොළඳකමේ ද දේශපාලනික අපරිණත භාවයේ ද පමණක් නො ව වංක භාවයේ ද ලකුණකැයි සලකන ලදුව බෙහෙවින් විවේචනයට ලක් විය. එපමණක් නො ව, ඊනියා ‘මධ්‍යස්ථ’ සිවිල් සමාජය බෙදුම්වාදය ප‍්‍රවර්ධනය කළ ‘අන්තවාදී’ කොටස්වලටත් වඩා භයානක යැයි දැක ගන්නට පටන් ගැනිණ. පසුව කී අය යටත් පිරිසෙයින් තමන්ගේ දේශපාලනික අරමුණුවලට වත් අවංක බවක් පෙනී ගියේ ය. රාජ්‍ය නොවන සංවිධාන වාසි ලද්දේ කොතැනින් දැයි කිසිවෙක් දැන නො සිටියහ.

එහෙත්, මේ සියල්ල ම දේශපාලන අරගලයේ කොටසක් වූ අතර රාජ්‍ය නොවන සංවිධාන හෝ සිවිල් සමාජ ක‍්‍රියාකාරකයන් එල්ටීටීඊය සමග සාමයක් ඇති කර ගත නොහැකි යැයි එම සංවිධානය පැහැදිලි ලෙස හෙළා දැකීමට අසමත් වීම අපේක්ෂා කළ හැකි දෙයකි. එල්ටීටීඊය හමුදාමය වශයෙන් පරාජය කළ නොහැකි ය යන (සත්‍යයක් ලෙස හුවා දක්වන ලද* මිථ්‍යාව නො තකා හළ නොහැකි තරම් ප‍්‍රබල එකක් විය; පශ්චාත් එල්ටීටීඊ යුගයක් ගැන සිතීම කිසි සේත් කළ නොහැකි දෙයක් විය. අදහස් කළේ එල්ටීටීඊය නො නැසී පැවතිය යුතු බව නම් ඉන් අදහස් වූයේ දෙමළ ප‍්‍රජාව සමග එක්ව සාමය ඇති කිරීම සඳහා කෙරෙන ඕනෑ ම මුල පිරීමක දී එල්ටීටීඊය පවත්නා බව පිළිගත යුතු ය යන්න යි. කැමති වුණත් නැතත් පැවති එක ම විකල්පය වූයේ එල්ටීටීඊය සමග සාකච්ඡුා කිරීම පමණකි.

රාජපක්ෂ රෙජීමය රුදුරු ලෙස හා පෙර නොවූ විරූ ආත්ම විශ්වාසයකින් යුතුව ප‍්‍රශ්නයට බඳුන් කරමින් සිටියේ මෙම විශ්වාසය යි. ‘එල්ටීටීඊ එක පැරැුද්දුවොත් මොක ද කියන්නේ?’ යැයි ඇසීමේ දී රාජපක්ෂ රෙජීමය මතු කරමින් සිටියේ රාජ්‍ය නොවන ක‍්‍රියාකාරකයන් පිළිතුරු දීමට සූදානම්ව නොසිටි ප‍්‍රශ්නයකි. මාස ගෙවී යද්දී, වසර ගණනාවකින් පසු පළමු වතාවට, එල්ටීටීඊය නොනැසෙනු ඇත යන විශ්වාසය බරපතළ ලෙස දෙදරා ගොස් ඇති බව පැහැදිලි විය. ආත්ම විශ්වාසය බිඳ වැටුණු සමහරුන්, සතුරුකම් නතර කර එල්ටීටීඊය සමග සාකච්ඡුාවලට එළඹිය යුතු ය යන දැන් පැරණි බවත් වරදිමින් තිබෙන බවත් පෙනුණු මන්ත‍්‍රය නැවත නැවතත් ජප කරමින් සිටියා පමණකි.

කොටින් කියතොත්, රජයට විරුද්ධ වූ සියලූ ක‍්‍රියාකාරකයන් එල්ටීටීඊය පිළිබඳව අවිවේචනාත්මක වූයේ නැත. බොහෝ දෙනා එල්ටීටීඊයේ ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව පමණක් නො ව එල්ටීටීඊයේ දේශපාලන යෝජනා පිළිබඳව ද – විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ ප‍්‍රමුඛ සාමාජිකයන් වරක් විවේචනය කළාක් මෙන් – අන්තර්වාර ස්වයං පාලන අධිකාරිය :ෂීඨ්* පිළිබඳව ද විවේචනාත්මක වූහ. එහෙත්, මෙම ක‍්‍රියාකාරකයන්ට එවැනි විවේචන ඒවායේ තර්කානුකූල අන්තය කරා ගෙන යා නොහැකි විය. මෙහි දී පරාජය වෙමින් සිටින්නේ එල්ටීටීඊය පමණක් නො වේ යැයි ඔවුන් සැක කළ නිසා විය හැකි ය (ඔවුන් එසේ සැක කළේ නම් එය නිවැරදි විය*. එල්ටීටීඊයේ පරාජයත් සමග, රාජ්‍ය නොවන ක‍්‍රියාකාරකයන් දීර්ඝ කාලයක් තිස්සේ අභිදේශනයෙහි යෙදී තිබුණු වෙනත් බොහෝ අදහස්, ප‍්‍රවිෂ්ටයන් හා විසඳුම් ද, යටත් පිරිසෙයින් නුදුරු අනාගතයේ දී වත්, වැළලී යාමට නියමිතව තිබිණ.

සිදු වූයේ එවකට ජනප‍්‍රිය වී තිබුණු අදහසට ප‍්‍රතිවිරුද්ධ දෙය යි: 2009 මැයි මාසයේ දී යුද්ධය අවසන් වීම කරණ කොට ගෙන ෆෙඩරල් ක‍්‍රමය හෝ පුළුල් බලය පැවරීමක් පදනම් කර ගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී දෙමළ දේශපාලන සමාජය සමග වත් දේශපාලන විසඳුමක් කතිකා කර ගැනීමට විශිෂ්ට අවස්ථාවක් සම්පාදනය නො වී ය. යුගයක් අවසානය කරා ළඟා වෙමින් තිබිණ, සාමය ඇති කිරීම පිළිබඳ දේශපාලනය ප‍්‍රබල ලෙස වෙනස් වී තිබිණ.

***
කෙනෙකු සිද්ධිය අවසන් වූ පසු කෙතරම් දාර්ශනික අදහස් පළ කළ හැකි වුවත් යුද්ධය යනු අනිවාර්යයෙන් ම ජයෙන් හෝ පරාජයෙන් අවසන් වන්නකි. යුද්ධයේ ප‍්‍රධාන මෙහෙයුම්කරුවන් එය දැක ගත්තේ එසේ ය. යුද්ධයක තීරණාත්මක ප‍්‍රතිඵලය කුමක් වුවත් (එවැනි තීරණාත්මක ප‍්‍රතිඵල අත් කර ගැනෙන්නේ කලාතුරකිනි* එය රැුගෙන එන්නේ එළඹෙන දශක ගණනාවක් නො වේ නම් වසර ගණනාවක් තිස්සේ දැනෙන බරපතළ වූත් බැ?රුම් වූත් ප‍්‍රතිඵල ය. ග‍්‍රවුන්ඞ්වීව්ස් උදෙසා පළමු දශකය අවසන් වී නව දශකයක් ඇරඹෙද්දී ශ‍්‍රී ලංකාව සිටින්නේ භයානක දේශපාලනික, සමාජීය හා ආර්ථික අභියෝග මාලාවකට මුහුණ දී ගෙන ය. මේ අභියෝගවලින් බොහොමයකට, නැත් නම් ඒ සියල්ලට ම, 2009 මැයි මාසයේ ප‍්‍රතිඵලය සමග කිසි යම් සම්බන්ධයක් තිබෙන බව පෙනේ. අපගේ පශ්චාත් යුද උරුමය වන සීතල සාමය එළඹෙන මාසවල දී හා වසරවල දී තව තවත් සීතල වීමට නියමිත ය, බොහෝ දෙනා කනස්සල්ලට පත් කරමින් (තවත් බොහොමයක් තිබෙන නමුත්* ප‍්‍රධාන අභියෝග හතරක් මතු වනු ඇත. පහත විස්තර කෙරෙන්නේ මේ අභියෝගවලට අදාළ කෙටි නිරීක්ෂණ කිහිපයක් පමණකි.
***
මේ ගැටලූ අතරින් වඩාත් ම ක්ෂණික ගැටලූව: ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය යි.

අලූතින් තේරී පත් වුණු ‘යහපාලන’ ආණ්ඩුව (නොහොත් යහපාලන රෙජීමය* උදාර පොරොන්දුවක් දුන්නත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය – ශ‍්‍රී ලංකාවේ වාම ලිබරල් සිවිල් සමාජය විසින් අවබෝධ කර ගැනුණු පරිදි නම් – පශ්චාත් යුද සමයක දී සිදු කිරීම හැම විට ම දුෂ්කර කර්තව්‍යයක් වීමට නියමිතව තිබිණ. යුද්ධය අවසන් වූයේ එවන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් සුවපහසු එකක් බවට පත් කරන ආකාරයකින් නො වේ. එම නිසා, පශ්චාත් යුුද ශ‍්‍රී ලංකාව තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය අහම්බයකින් මෙන් හෝ සාර්ථක වීමට නම් ඒ සඳහා රටේ දේශපාලන නායකත්වය අතිශය කැප වීමෙන් දෙන සහාය ලැබිය යුතු ය.

විශේෂයෙන් ම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් පැවැත්වීමට යෝජිත ජනමත විචාරණය පොරොන්දු වූ පරිදි පැවැත්වීමට යන්නේ නම් මෙම ප‍්‍රශ්නය මතු වේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ හොත් අවශ්‍ය කරන 2/3 බහුතරය රැස් කර ගැනීමට වර්තමාන රෙජීමයට හැකි වේ ද යන්න තව මත් පැහැදිලි නැත (අයවැය ඡුන්ද විමසීම යනු දේශපාලනිකව වඩාත් උණුසුම් වූ ගැටලූවක දී කාරණා කටයුතු කෙසේ සිදු වනු ඇද්දැයි අනුමාන කළ හැකි වඩාත් ම නිරවද්‍ය දර්ශකය නො වේ*. එහෙත් එවන් සුවිශේෂ බහුතරයක සහාය ලැබ කෙටුම්පතක් සම්මත වී ජනමත විචාරණයකට ගිය හොත් එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සුදුසු දැයි තීරණය කිරීම සඳහා පැවැත්වෙන තවත් ජනමත විචාරණයක් පමණක් නොවනු ඇත. එය වර්තමාන රෙජීමයේ නීත්‍යනුකූල භාවය තීරණය වන ජනමත විචාරණයක් ද වනු ඇත. පරාජය වුව හොත් වර්තමාන රෙජීමයට පාලනය කිරීම සඳහා පවත්නා නීත්‍යනුකූල භාවයට එල්ල වූ බරපතළ පහරක් වනු ඇත. එය මෑත අතීතයේ දී දැක ගත හැකි වූ ව්‍යවස්ථාදායක වැඩි දියුණු වීම් සමහරක් (උදා. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය :ධඵඡු* පිහිටුවාලූ පාර්ලිමේන්තු පණත* නීත්‍යනුකූල නොවන තත්ත්වයට ද පත් කරනු ඇත. ජනමත විචාරණයක දී පරාජය වීම පසු දා උදෑසන ආණ්ඩු වෙනසකට තුඩු දෙනු නැති නමුත් ඉන් යම් ස්ථාවරත්වයකින් පාලන කටයුතු කර ගෙන යාමට තිබෙන හැකියාව දුර්වල වීමට බෙහෙවින් ඉඩකඩ ඇත.

වර්තමානයේ දී යහපාලන රෙජීමයට ජනමත විචාරණයක් ජය ගැනීමට මගක් නැති තරම් ය. ඒ සම්බන්ධයෙන් මොන යම් ම හෝ බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට නම් පළමුව එය ජනාධිපති සිරිසේනගේ සහ වඩාත් උද්‍යෝගිමත් හා ජනප‍්‍රිය ශ‍්‍රීලනිප/එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතරින් තෝරා ගත් කණ්ඩායමක නායකත්වයෙන් යුතුව, පළාත් සභාවල සිටින ප‍්‍රමුඛ (සිංහල) මන්ත‍්‍රීවරුන්ගේ සහභාගිත්වය ද ලැබ, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා සහාය ඉල්ලමින් බලගතු උද්ඝෝෂණ ව්‍යාපාරයකට මුල පිරිය යුතු ය. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පදනම් වන මූලධර්මවලට හා සාරධර්මවලට සහාය දිය යුත්තේ මන්ද යන්න සම්බන්ධයෙන් බහුතරයක් ඒත්තු ගැන්විය යුතු ය. ඉන් තොර වුව හොත් අලූතින් සම්මත කෙරෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක තිරසර භාවය සම්බන්ධයෙන් අවම සහතිකයක් පවා නොපවතිනු ඇත. එහෙයින් මෙම කර්තව්‍යය තව මත් අතිශය අභියෝගාත්මක එකකි. කෙසේ වුව ද දෙවනුව වර්තමාන රෙජීමය තමන් පාර්ලිමේන්තුව හා ජනමත විචාරණයක් හමුවේ තැබීමට යන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා රාමුව ගැන තමන්ට නැවත සිතා බැලීමට සිදු විය හැකි බව වටහා ගනු ඇත. දේශපාලන බලය අත් නෑර තබා ගැනීමට කල්පනා කරන්නේ නම් ඊට විධායක ජනාධිපතිත්වය අහෝසි කිරීමේ සැලැස්ම අත් හැර දැමීමට සිදු විය හැකි ය. බලය පැවරීම සම්බන්ධයෙන් පවත්නා එක ම ප‍්‍රශ්නය වන්නේ සමගාමී ලැයිස්තුව ප‍්‍රතිසංස්කරණය කරන්නේ කෙසේ ද (එනම්, සමගාමී ලැයිස්තුව අඛණ්ඩව පවත්වා ගෙන යන ගමන් එහි ඇතුළත් සමහර විෂයන් පළාත් හා අවශේෂ ලැයිස්තුවලට බෙදා හරින්නේ කෙසේ ද* යන ප‍්‍රශ්නය බව ද එය තේරුම් ගැනීමට ඉඩ ඇත. වැඩි බලය පැවරීමක් සිදු කළ යුතු බව අවබෝධ කර ගත් දේශපාලන නායකත්වයක් නොමැති තත්ත්වය තුළ මේවා වනාහි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට සහාය දෙන කඳවුර මුහුණ දෙන දේශපාලන යථාර්ථයෝ වෙති.

මේ අතර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට විරුද්ධත්වය පළ කරන ව්‍යාපාරය – ඒකාබද්ධ විපක්ෂය සහ සංඝ ප‍්‍රජාවේ විවේචනාත්මක කොටස් ඇතුළත් ය – වනාහි හුදෙක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ විරෝධී ව්‍යාපාරයක් නො වේ. එය ද ප‍්‍රතිසංස්කරණය උදෙසා ය, එනමුත් වෙනස් ආකාරයක ප‍්‍රතිසංස්කරණයක් උදෙසා ය. එක් අතකින් එය ප‍්‍රතිසංස්කරණය කළ යුත්තේ විධායක ජනාධිපතිත්වය හා මැතිවරණ ක‍්‍රමය පමණක් යැයි අවධාරණය කරයි. අනෙක් අතින් එය දිගින් දිගට ම 13 වන ව්‍යවස්ථා සංශෝධනය විවේචනය කරයි: මෙය වනාහි අදහස් දෙකක් හෝ තුනක් මුසු වූ විවේචනයකි – එකක් 13 වන ව්‍යවස්ථා සංශෝධනයට හෝ බලය බෙදා හරින ඕනෑ ම යන්ත‍්‍රණයකට එරෙහි අදහසකි, අනෙක තව දුර වැඩි දියුණු කිරීමකින් තොරව හෝ සමහර විට ඉඩම්/පොලිස් බලතලවලින් තොරව 13 වන ව්‍යවස්ථා සංශෝධනය තව දුරටත් පවත්වා ගැනීමට අනුග‍්‍රහ දක්වන එකකි. එහෙයින්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ගැබ් වන රාජ්‍යයේ ඒකීය භාවය සහ බුද්ධාගමේ ප‍්‍රමුඛත්වය සහතික කරන විධිවිධාන අත් නෑර තබා ගැනීම පමණක් ප‍්‍රමාණවත් නො වේ. එසේ වෙතොත්, අවස්ථාව දුන හොත් සිංහලයන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ම ප‍්‍රතික්ෂේප කරනු ඇත. එම නිසා, වඩාත් ම පොදුවේ කියත හොත්, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට විරුද්ධත්වය පාන බලවේගවලට අවශ්‍ය කරන්නේ කේන්ද්‍රයේ දැඩි ග‍්‍රහණය යටතේ පළාත් තබා ගත හැකි විධිවිධාන අතුරුදන් වෙමින් පවත්නා බව පෙන්වා දීමට පමණකි.

මේ දේශපාලන යථාර්ථයන් මේ වන විටත් වර්තමාන රෙජීමය කෙරෙහි යම් බලපෑමක් කර ඇති බව පෙනේ. සාකච්ඡුා කළ හැකි එක ම ගැටලූව වන්නේ සමගාමී ලැයිස්තුවට අදාළ බලතල පිළිබඳ ගැටලූව පමණක් බව අලූතින් මේ සඳහා ම පත් කළ උපකමිටුවක් විසින් නිර්දේශ කෙරී ඇතැයි කියනු ලැබේ. ජනාධිපති ක‍්‍රමය අත් නෑර තබා ගැනීමට එජාපය තීරණය කර ඇති බව ද වාර්තා වේ. එපමණක් නො ව, මුළුමනින් ම අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවට ටිකෙන් ටික ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දීම පිළිබඳව යම් සාකච්ඡුාවක් සිදු වෙමින් පවතින බව ද පෙනී යයි. අප දකිමින් සිටින්නේ 1995-2000 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය නැවත කරළියට ඒමක් විය හැකි අතර මේ වතාවේ පැවතිය හැකි එක ම වෙනස වන්නේ අවසානයේ දී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ හොත් එම කෙටුම්පත් ගිනි තබනු ඇත්තේ එජාපය නොවීම යි.
***
අඛණ්ඩ අදාළත්වයක් සහිත දෙවන ගැටලූව නම් වග වීම පිළිබඳ ගැටලූව යි; විසඳුම් සෙවිය යුතු නිසා පමණක් නො ව රට තුළ වෙසෙන සියලූ ජනවාර්ගික ප‍්‍රජාවන් තෘප්තිමත් වන ආකාරයකට විසඳිය නොහැකි නිසා ද මෙය අභියෝගාත්මක ගැටලූවක් වී ඇත. දේශපාලන විසඳුමක් පිළිබඳ කාරණයේ දී මෙන් ම මෙහි දී ද විසඳුම ‘සියල්ලන්ට පිළිගත හැකි’ විය යුතු ය යන සුප‍්‍රකට ප‍්‍රකාශය මිථ්‍යාවකි.

එල්ටීටීඊය සම්පූර්ණයෙන් ම පරාජය කිරීමෙන් අදහස් වූයේ එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇති වන සාමය හැම විට ම ජයග‍්‍රාහකයාගේ සාමයක් ද එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇති වන යුක්තිය ජයග‍්‍රාහකයාගේ යුක්තියක් ද වන බව යි. යම් තාක් දුරකට ප‍්‍රතිසන්ධානයට බලපාන ගැටලූවක් ද යම් තාක් දුරකට කළමනාකරණය කළ යුතු ක‍්‍රමෝපායාත්මක ගැටලූවක් ද වන වග වීම යනු දේශීය වශයෙන් විසඳිය යුතු ගැටලූවක් ලෙස දැක ගන්නා තත්ත්වයට සියලූ ශ‍්‍රී ලාංකික ආණ්ඩු පත් වනු ඇත. දේශීය පරීක්ෂණයේ ස්වභාවය සම්බන්ධ බරපතළ ප‍්‍රශ්න බවට පත් වනු ඇත්තේ එම පරීක්ෂණය පනවන්නේ කවදා ද යන්න හා ඒ යටතේ පරීක්ෂා කළ යුතු සිදුවීම් කවරේ ද යන්න පමණකි. දෙමුහුම් අධිකරණය සම්බන්ධයෙන් කිව යුත්තේ එවැනි අධිකරණයක් ඇති කළ හැකි වන්නේ කෙනෙකු ‘දෙමුහුම්’ යන්නෙන් අදහස් කරන්නේ විදේශීය විශේෂඥයන් විසින් සම්පාදනය කෙරෙන ‘තාක්ෂණික සහාය’ නම් පමණක් බව යි. කෙසේ වුව ද, දෙමුහුම් අධිකරණයකින් අදහස් වන්නේ එය නො වේ.

ඉහත විස්තර කරන ලද තත්ත්වය මෙන් ම සමහර ගෝලීය වර්ධනයන්ගෙන් ඇති විය හැකි බලපෑම ද සැලකිල්ලට ගන්නා වර්තමාන ශ‍්‍රී ලාංකික රෙජීමය හෝ එහි නායකත්වය මේ මොහොත (ජනාධිපති සිරිසේන දැනට මත් දැක ඇතිවාක් මෙන්* 2015 ඹභ්‍යඍක්‍ යෝජනාවේ කොන්දේසි ‘නැවත කතිකා කර ගැනීම’ සඳහා අවස්ථාවක් සම්පාදනය කරන බව දැක ගනු ඇත; ඒ අතර දෙමළ දේශපාලන නායකත්වය සහ (සිවිල් සමාජ කණ්ඩායම්, විදේශ රටවල වෙසෙන දෙමළ කණ්ඩායම් වැනි* අනෙක් ක‍්‍රියාකාරකයන් හමුවේ පවත්නා කර්තව්‍යය වනු ඇත්තේ බටහිරින් එල්ල වන පීඩනය අඛණ්ඩව එල්ල වන බව සහතික කිරීම යි. ට‍්‍රම්ප් පාලන තන්ත‍්‍රය එක්සත් ජනපදය හා බටහිර බලවතුන් ශ‍්‍රී ලංකාවේ වග වීමේ ක‍්‍රියාවලියට කරන බලපෑම බරපතළ ලෙස හීන කරනු ඇති නමුත් එක්සත් ජනපදයේ දී විදේශ ප‍්‍රතිපත්තිය කුමක් දැයි තීරණය කෙරෙන්නේ පුද්ගලයෙකුට වඩා පද්ධතියක් විසින් බැවින් එක්සත් ජනපද දේශපාලනය වෙනස් ආකාරවලින් කටයුතු කරන්නට ඉඩ ඇත. එහෙත් ‘නැවත කතිකා කර ගැනීමේ දී’ වර්තමාන රෙජීමය වග වීම පිළිබඳ ප‍්‍රශ්නය (පිළිවෙළ* විසඳීම සඳහා ශ‍්‍රී ලංකාවට වැඩි කාලයක් හා අවකාශයක් ලබා ගැනීමට සහ/හෝ (දෙමුහුම් අධිකරණයක් නො ව* මුළුමනින් ම දේශීය ක‍්‍රියාවලියක් උදෙසා එක්සත් ජනපද සහාය ලබා ගැනීමට උත්සාහ දරනු ඇත.

කෙසේ වුව ද, 2017 දී වග වීම සම්බන්ධ ක්ෂණික වැදගත්කමක් සහිත ප‍්‍රශ්නය වනු ඇත්තේ වග වීම සම්බන්ධයෙන් දෙමළ ජනයා කරන ඉල්ලීම් සම්පූර්ණයෙන් ම ඉටු කළ හැකි ද යන්න නො වේ. ඒ වෙනුවට ප‍්‍රශ්නය වනු ඇත්තේ වර්තමාන රෙජීමය සතුව එක්සත් ජනපදය (සහ වඩාත් පුළුල්ව ගත හොත් බටහිර බලවතුන්* සමග කොන්දේසි නැවත කතිකා කර ගැනීමක නිරත වීමට අවශ්‍ය කරන නායකත්වය සහ දේශපාලන ඒකාබද්ධතාව තිබෙන්නේ ද යන්න යි. වර්තමාන රෙජීමය යටතේ එවැනි ඒකාබද්ධතාවක් ඇති විය හැකි දැයි ස්ථිර වශයෙන් කිව නොහැකි ය. නො නැසී පැවැත්ම සඳහා දිගින් දිගට ම එජාපයේ සහාය මත රැුඳී සිටින ජනාධිපතිවරයා විදේශ ප‍්‍රතිපත්තිය පිළිබඳ ප‍්‍රශ්න සම්බන්ධ තීරණ ගැනීම අගමැතිවරයාට හා විදේශ ඇමති මංගල සමරවීරට භාර කරනු ඇත. මෙහි පවත්නා එක ම ප‍්‍රශ්නය වන්නේ පසුව කී දෙදෙනාගේ (විශේෂයෙන් ම ඇමති සමරවීරගේ* අදහස් වග වීම පිළිබඳව රෙජීමයේ ප‍්‍රධාන ප‍්‍රවාහය දරන අදහසට පමණක් නො ව ජනාධිපති සිරිසේන දරන අදහසට ද එරෙහිව යාම යි.

වර්තමාන නොගැළපීම සහ මේ කාරණා සම්බන්ධයෙන් දිශානතියක් නොමැතිකම දිගින් දිගට ම පැවතී ගෙන ගිය හොත් – ශ‍්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ සම-අනුග‍්‍රහයෙන් ඉදිරිපත් කරන
ලද – 2015 ඹභ්‍යඍක්‍ යෝජනාව යනු වග වීම හා ප‍්‍රතිසන්ධානය තව දුරටත් පෙරට ගෙන යාම සඳහා ගත යුතු යැයි සැලකෙන (අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය :ධඵඡු* පිහිටුවීම වැනි* අනෙක් සියලූ පියවරයන් ද සමග වහ වහා පරාජය කළ යුතු විකාර තීරණයක් ලෙස වැඩි වැඩියෙන් දැක ගැනෙනු ඇත. සිංහලයන් දිගින් දිගට ම මේ යෝජනාව තුළ 2009 මැයි මාසයේ දී අත්පත් කර ගත් ජයග‍්‍රහණය නීත්‍යනුකූල නොවන තත්ත්වයට පත් කිරීම සඳහා දැරෙන සාමූහික ප‍්‍රයත්නයක් දැක ගනු ඇති අතර දෙමළ ජනයා මේ සියල්ල තුළ දිගින් දිගට ම දැක ගනු ඇත්තේ පරාජිත ජනතාවක් ග‍්‍රහණයට ගනිමින් බොහෝ විට පැතිර යන බලාපොරොත්තු රහිත බව යි.

***
බොහෝ දෙනෙකු ව්‍යාකුලත්වයට පත් කරන තුන් වන ගැටලූව වන්නේ ආගම් අතර සුසංවාදය පිළිබඳ ගැටලූව සහ බොදු බල සේනාව වැනි කණ්ඩායම් කරන බලපෑම යි.

බොදු බල සේනාව දේශපාලන සංවිධානයක් ලෙස බිහි වූ තැන් සිට ම එය නොමග යාමක්, ප‍්‍රධාන ප‍්‍රවාහයට අයත් නැති කණ්ඩායමක් හෝ ෆැසිස්ට් ව්‍යාපාරයක් ලෙස සලකා ඉවත දැමීමට උත්සාහ දැරී ඇත. මේ අලූතින් පිහිටුවන ලද අන්ත ජාතිකවාදී කණ්ඩායම්වලට විශේෂයෙන් ම පෙර පැවති රෙජීමය සමයේ දී අරමුදල් සම්පාදනය කර ඇත්තේ ආරක්ෂාව පිළිබඳ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයන් විසින් බවට ද සමහරුන් චෝදනා කර ඇත. කෙසේ වුව ද, මේවා වනාහි තව මත් බොහෝ දෙනෙකුට තේරුම් ගත නොහැකි සංසිද්ධියකට අර්ථයක් ගෙන දීම සඳහා ගොඩ නගන ලද න්‍යායන් ය. එහෙත් බොදු බල සේනාව වැනි කණ්ඩායම් බිහි වීමෙන් අප එතරම් ම කම්පනයකට පත් විය යුතු නැත. ආර්ථික දුෂ්කරතා එන්න එන්න ම වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් තුළ, විශේෂයෙන් ම මුස්ලිම් සුළුතරය දෙස (ආගමික වශයෙන්, සංස්කෘතික වශයෙන් හා ආර්ථික වශයෙන්* කිසි යම් සැකයකින් යුතුව බලන සමාජයක් තුළ සහ මුස්ලිම් විරෝධී හැඟීම් වැඩෙමින් පවත්නා ගෝලීය වාතාවරණයක් තුළ බොදු බල සේනාව සහ එවැනි වෙනත් කණ්ඩායම් වනාහි – එවැනි කණ්ඩායම් විසින් සිදු කෙරෙන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාකාරකම්වලට සමාවක් දිය නොහැකි නමුත් – බහුතරයක් විසින් වැලඳ ගන්නා ලද වඩාත් බරපතළ අගතිගාමී අදහස් හා බිය ජනක හැඟීම් නො වැළැක්විය හැකි ලෙස පිටතට ගලා යාමේ කොටසකි.

අද දින බොදු බල සේනාව 2013-2014 කාලයේ දී පැවතියාට වඩා ශක්තිමත්ව තිබෙනවා විය හැකි ය. එවැනි සිතිවිල්ලක් පහළ වන්නේ එම ව්‍යාපාරය බහුතරයක් විසින් වැලඳ ගැනී ඇති සමහර ප‍්‍රමුඛ බිය ජනක හැඟීම් භයංකර හා ප‍්‍රචණ්ඩ හඬකින් ප‍්‍රකාශයට පත් කරමින් සිටින බව පෙනෙන නිසා පමණක් නො වේ. බොහෝ දෙනෙකු බොදු බල සේනාව විසින් කරනු ලබන වඩාත් බරපතළ ප‍්‍රකාශ – විශේෂයෙන් ම රටේ ඇතැම් ප‍්‍රදේශවල ඉස්ලාම් අන්තවාදය පැතිරීම පිළිබඳව සහ විශේෂයෙන් ම බුද්ධාගම වැනි වෙනත් ආගම් උපහාසයට ලක් කරමින් මුද්‍රිත ප‍්‍රකාශන බෙදා හැරීම පිළිබඳව එය කරන ප‍්‍රකාශ – කෙරෙහි විශ්වාසය තබා සිටින නිසා ද වේ. බොහෝ දෙනෙකුට වටහා ගැනීමට අසීරු වී ඇත්තේ පහසුවෙන් එළිදරව් වන බැවින් කිසි ම කණ්ඩායමකට මුළුමනින් ම ව්‍යාජ න්‍යාය පත‍්‍රයක් හෝ ව්‍යාජ චෝදනා පදනම් කර ගෙන නො නැසී පැවතිය නොහැකි ය යන කරුණ යි. වෙනත් වචනවලින් කියතොත්, බොදු බල සේනාව එල්ල කරන සියලූ චෝදනා සත්‍ය වීමේ අවශ්‍යතාවක් නැත (සත්‍ය නො වේ*. සත්‍ය හා සැලකිය යුතු ලෙස බරපතළ විය යුත්තේ කිහිපයක් පමණකි. බොදු බල සේනාව වලංගු යැයි එය සලකන සාක්ෂි අතැතිව සිටින හෙයින් සමහර චෝදනා බලයේ සිටින කුමන ආණ්ඩුවක වුවත් වඩාත් ම හදිසි අවධානය ලැබීමට සුදුසු යැයි එය (මෙන් ම ප‍්‍රසිද්ධියේ හා පෞද්ගලිකව ඊට සහාය දෙන අය ද* විශ්වාසයෙන් සිටී.

එපමණක් නො ව, ඥානසාර හිමියන් වැනි භික්ෂූන්ගේ ජනප‍්‍රියත්වය පසු ගිය වසර කිහිපය තුළ දී වැඩි දියුණු වී ඇත. ඥානසාර හිමියෝ චතුර හා නො වළහා කතා කරන පුද්ගලයෙකැයි බොහෝ දෙනෙකු විසින් කල්පනා කෙරෙන අතර සංඝ ප‍්‍රජාවේ වඩාත් හඬ නගන හා දේශපාලනික කනිෂ්ඨ භික්ෂූන් විසින් දැන් ‘නායකයෙකු’ හෝ කැරලිකරුවෙකු ලෙස, ශක්තිමත් කුලූනක් ලෙස සලකනු ලබති. එය වනාහි සෙමෙන් පරිණත වෙමින් පවත්නා අනන්‍යතාවකි. අධිකරණ ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී පවත්වන ලද රැුස්වීම්වල දී මෙන් ම ජනාධිපතිවරයා විසින් ද ඒ පණිවුඩය දෙන ලදි.

වඩාත් මෑත කාලවල දී බොදු බල සේනාව සිය මෙහෙයුම්වලට හා වාගාලාපවලට යම් සංකීර්ණත්වයක් එක් කර ඇති බව ද දැක ගත යුතු ය. ඔවුන්ගේ කතාවල පැවති බෙහෙවින් ගිනි අවුළුවන ස්වභාවය එලෙස ම පවත්නා නමුත් රට තුළ සිටින ඒ ඒ ආගමික ප‍්‍රජාවන්ට බලපාන ගැටලූවලට විසඳුම් සෙවීම සඳහා ප‍්‍රධාන ප‍්‍රවිෂ්ටය ලෙස සංවාදය යොදා ගැනීමේ කැමැත්ත වැඩෙමින් පවතින බව එහි නායකත්වය කළ බොහෝ කතාවලින් හා ප‍්‍රකාශවලින් පැහැදිලිව පෙනේ. තමන් සමග ඍජුව විවාදයකට එන ලෙස බොදු බල සේනාව සිය විවේචකයන්ට අභියෝග කරමින් සිටින නමුත් එම විවේචකයන් බොහෝ විට ඊට නොකැමති අතර එසේ කිරීමට අසමත් ය. මෙය සිය විවේචකයන්ට තමන් එල්ල කරන චෝදනාවලට මුහුණ දිය නොහැකි යැයි තර්ක කිරීම සඳහා බොදු බල සේනාව විසින් ප‍්‍රයෝජනයට ගැනෙනු ඇති නොහැකියාවක් වන අතර විවේචකයන්ගේ මෙම නොහැකියාව නිසා ලැබෙන බලය බොදු බල සේනාව ප‍්‍රයෝජනයට ගත හොත් ප‍්‍රකෝපකාරිත්වය හමුවේ නො වැළැක්විය හැකි ප‍්‍රතිචාරයක් බවට ද සංවාදය හරහා මතභේද නිරාකරණය කර ගැනීමේ නොකැමැත්තක් බවට ද පමණක් පත් වනු ඇත. හැඟීම් බෙහෙවින් ඇවිස්සුණු ව්‍යාපාරයක බලවේග මැඩ පැවැත්වීම කිසි විටෙක පහසු කර්තව්‍යයක් නොවන නමුත් බොදු බල සේනාව තවත් ‘අලූත්ගමක්’ නිර්මාණය වීම තමන්ගේ ගමන් මග විනාශ කරන සංසිද්ධියක් වනු ඇතැයි නොමනාපයෙන් වුවත් වටහා ගෙන ඇති බවක් පෙනේ.

ප‍්‍රධාන වශයෙන් සිංහල-බෞද්ධ ස්වභාවයක් ඇති රටක් තුළ එවැනි කණ්ඩායම් හෝ ව්‍යාපාර සීමා කළ හැකිවා පමණකි. කෙසේ වුව ද මේ මොහොතේ දී පැහැදිලිව පෙනෙන දෙය නම් එළඹෙන මාස හා වසරවල දී බොදු බල සේනාව ශ‍්‍රී ලාංකික දේශපාලනය තුළ අඛණ්ඩව පෙනී සිටින්නට යන බව සහ ඒ පෙනී සිටීම කිසි ම දේශපාලන නායකත්වයකට නො තකා හැරිය නොහැකි එකක් වන්නට යන බව යි. එය බිඳ හෙළීමට සූදානම්ව සිටින විවේචකයන්ට කළ හැකි වන්නේ අලූත්ගමට පහර දුන් විනාශයට සමාන හෝ ඊට වඩා විශාල විනාශයක් නැවත සිදු වෙති යි බලාපොරොත්තු වීම පමණක් වීම උත්ප‍්‍රාසයට කරුණකි – කඩිනම් ක‍්‍රියාව බොදු බල සේනාව වැනි කණ්ඩායම්වල ගමන දුර්වල හා අවසන් කරනු ඇති බව ඔවුන්ගේ විශ්වාසය යි. මෙය ශුභවාදී බලාපොරොත්තුවක් විය හැකි නමුත් ‘පළවෙනි ගල ගැහුවේ කවුද’ යන්න සම්බන්ධයෙන් හැම විට ම එකිනෙකට වෙනස් අදහස් පැවතිය හැකි ය. එහෙත් එවිට ද බොදු බල සේනාව යනු සිංහල බෞද්ධ ජාතිකවාදයේ ප‍්‍රධාන පෙරමුණ හෝ මුහුණත පවා නොවන බව වටහා ගැනීම ප‍්‍රයෝජනවත් විය හැකි ය. ව්‍යාපෘතිය සඳහා වැඩි මතවාදීමය නායකත්වයක් හා මග පෙන්වීමක් සම්පාදනය කරමින් කටයුතු කරන ඔවුන්ට වඩා අත්දැකීම් සහිත වූත් බුද්ධිමත් වූත් භික්ෂූහු සිටිති.

***
තුන් වනුව හා අවසන් වශයෙන් බොහෝ දෙනෙකු සැලකිලිමත් වන ප‍්‍රමුඛ ප‍්‍රශ්නය වනු ඇත්තේ දේශපාලන නායකත්වය පිළිබඳ ප‍්‍රශ්නය යි.

මෙහි දී ද සාධක දෙකක් සැකෙවින් සඳහන් කිරීම සුදුසු ය. පළමු වැන්න නම් 2009 දී යුද්ධය අවසන් වීමත් සමග දේශපාලන නායකත්වය පිළිබඳ යම් අදහසක් සැලකිය යුතු ලෙස තහවුරු වූයේ ය යන්න යි. එය වනාහි – හැම විට ම සිංහල බෞද්ධ පරිකල්පනයේ කොටසක්ව පැවති – ශක්තිමත් නායකත්වයක් හෝ එවැන්නක අවශ්‍යතාව පිළිබඳ අදහස ශක්තිමත් වූ මොහොතක් විය (ඒ මොහොතේ දී දෙමළ ජාතිකවාදී දේශපාලනයේ කේන්ද්‍රය බවට පත්ව තිබුණේ ද ශක්තිමත් නායකයෙකු පිළිබඳ අදහස ය*. සිංහල පොදු ජනතාව දහඅට ව්‍යවස්ථා සංශෝධනය සාපේක්ෂ ‘නිහඬතාවකින්’ පිළිගැනීමෙන් මෙය යම් තාක් දුරකට පැහැදිලි විය. 2015 ජනවාරියේ දී නායකත්වය වෙනස් වීම නිසා නායකත්වය පිළිබඳ මේ අදහසෙහි කිසි වෙනසක් සිදු නො වී ය. වෙනස පිළිබිඹු වූයේ, විශේෂයෙන් ම සිංහලයන්, නායකත්වය පිළිබඳව තමන් දැරූ අදහසට ගැළපෙන තාක් දුරට ඕනෑ ම පුද්ගලයෙකු නායකයෙකු ලෙස පිළිගැනීමට කැමැත්තෙන් සිටීමෙන් පමණකි. වර්තමාන නායකත්වය අද දවසේ මෙතරම් ම ජනයාට අප‍්‍රිය තත්ත්වයට පත්ව තිබීමට හේතුව මින් බොහෝ දුරට පැහැදිලි වේ.

කෙසේ වුව ද, දෙවන සාධකය වන්නේ පසු ගිය දෙවසර තුළ දී වර්තමාන නායකත්වය ගොඩ නගා ගෙන තිබෙන අනල්ප නරුමකම යි. ‘යහපාලනය’ යනු රාජපක්ෂ රෙජීමයට විරුද්ධව නැගී සිටීම සඳහා ගොඩ නගා ගැනීමට සිදුව තිබුණු මිථ්‍යාවක් විය. එහෙත් එය අවසන් වූයේ ළඟා කර ගත නොහැකි රටක් පිළිබඳ පොරොන්දුවක් දෙමින් බැවින් එය භයානක මිථ්‍යාවක් ද විය. කෙසේ වුව ද, වඩාත් වැදගත් කරුණ වන්නේ සැබවින් ම සිංහලයන් රාජපක්ෂ රෙජීමය පිළිබඳව විවේචනාත්මක වූයේ මක් නිසා දැයි වඩාත් නිවැරදි අන්දමින් තක්සේරු කර ගැනීමට අසමත්ව නව රෙජීමය එය විසින් මුදා හැරුණු මිථ්‍යාවට ම මුළුමනින් යට වී යාම යි. රාජපක්ෂ රෙජීමයේ පශ්චාත් යුද අදියර සම්බන්ධයෙන් ගත් කල පැවති වඩාත් ම වැදගත් ගැටලූව වූයේ එය දේශීය හා ජාත්‍යන්තර යන දෙයාකාරයේ ම කටයුතු වැරදියට හසුරුවන බවට සිංහලයන් තුළ ඇති වූ හැඟීම යි. එම නිසා, දෙමළ ජනයා රාජ්‍යයේ රැුඩිකල් ප‍්‍රතිසංස්කරණයක් ඉල්ලා සිටින අතරවාරයේ සිංහලයන් බොහෝ විට ඉල්ලා සිටියේ පවත්නා තත්ත්වය ප‍්‍රතිසංස්කරණය කිරීමකි. වර්තමාන රෙජීමය සම්බන්ධයෙන් ගත් කල ගැටලූව වන්නේ එය රැුඩිකල් ප‍්‍රතිසංස්කරණයක් හඳුන්වා දීමට පමණක් නො ව වඩාත් පුළුල් ජනතාවකට පිළිගත හැකි ආකාරයෙන් විචක්ෂණශීලීව හා විදග්ධ භාවයෙන් යුතුව පවත්නා තත්ත්වය ප‍්‍රතිසංස්කරණය කිරීමට අපොහොසත්ව ද සිටින බවක් පෙනී යාම යි.

පැහැදිලි හෝ ස්ථාවර දේශපාලන නායකත්වයක් පෙනෙන්නට නැති තත්ත්වය තුළ ශ‍්‍රී ලංකාව කිසිවෙකු විසින් පාලනය නොකෙරෙන රටක් ලෙස පෙනී යාමට පටන් ගත හැකි ය. දශක තුනක යුද්ධයකින් පසුව රටේ ස්ථාවරත්වයට හා ආරක්ෂාවට කැප වී ගත් ශක්තිමත් නායකයෙකු පිළිබඳ අදහස කිසි විටෙක අත් නොහළ ජනයාට 2015 ජනවාරියේ ප‍්‍රතිඵලය අනපේක්ෂිත අත්වැරදීමක් යැයි වැඩි වැඩියෙනුත් ප‍්‍රබල ලෙසත් හැඟී යාමට පටන් ගත හැකි ය. එහෙත් නව රෙජීමයේ ජනප‍්‍රියත්වය පිරිහෙන විට ඒකාධිපතිවාදය දෙසට රූටා යාමට බෙහෙවින් ඉඩකඩ ඇත (එම රූටා යාම දැනට මත් ඇරඹී ඇත*. සැනසීම ගෙන දුන් ග‍්‍රහණය සෙමෙන් සෙමෙන් අහිමි වන විට වරක් රාජපක්ෂ රෙජීමයට දැඩි ලෙස විරෝධය පෑ නව රෙජීමයේ ප‍්‍රතිලාභීන් අපේක්ෂා භංගත්වයට පත් වනු ඇත. ඔවුන් වරක් පිළිකුල් කළ පරිචයන් හදිසියේ ම අවශ්‍ය යැයි පෙනී යන්නට පටන් ගනු ඇත. කෙසේ වුව ද, පැරණි නායකත්වය වැන්නක් බවට පත් වීමට දරන ප‍්‍රයත්නයේ දී වර්තමාන නායකත්වයට දැන් එය කරළියට පිවිසෙන්නට බලා සිටින අලූත් හා සැබෑ දෙයටත් වඩා විකාරයක් ලෙස පෙනෙන බව නොවැටහෙන්නට ඉඩ ඇත.
***
එළඹෙන මාසවල දී හා වසරවල දී 2006 දී බිහි වූ තැන් පටන් හැම විට ම කර ඇතිවාක් මෙන් දිගින් දිගට ම ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්ඡුාව, විවාදය හා සම්බන්ධය සඳහා බොහෝ දෙනාට අවශ්‍ය කරන අවකාශය හා නිදහස සම්පාදනය කරනු ඇතැයි අපේක්ෂිත ය. මෙය මිනිසාගේ ගැටුම් පිළිබඳ වැඩි සත්‍යයකට හෝ අවසන් විසඳුමකට තුඩු නොදෙනු ඇත. එහෙත් මග හැරිය හැකි හා මග නො හැරිය හැකි දුක් පීඩා සමන්විත ලෝකයක් තුළ දී ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය අප අතර සිටින සමහරුන්ට එම දුක් පීඩාවලින් මග හැරිය හැක්කේ මොනවා දැයි ද එම දුක් පීඩාවලින් නොවැරදී ම හා හැම විට ම අප සමග රැුඳෙනු ඇත්තේ මොනවා දැයි ද යම් නිහතමානී බවකින් යුතුව ඉඟි කිරීමට ප‍්‍රයෝජනවත් හා අත්‍යවශ්‍ය වන නිදහස සම්පාදනය කරනු ඇත.

(මෙහි ඉංග්‍රීසි ලිපිය සදහා පිවිසෙන්න.)

ආචාර්ය කළණ සේනාරත්න