යාපනය වනාහී ලෝකයේ ජනමාධ්‍යවේදීන්ට බියජනකම නගරවලින් එකකි. දැන් තවත් මානුෂිය ඛේදවාචකයක් සමිබන්ධයෙන් යාපනය නම් දරමින් තිබේ. එය නම් චෝදනාවක් නැතිව හෝ දඩුවම් දීමක් හෝ නැතිව මිනිසුන් සිරගතවන නගරය ලෙස ය.
මානව හිමිකම් සඳහා යාපනය සරසවි ආරචාර්‍යවරුන්ගේ සංගමයේ අලුත්ම වාර්තාව කියන්නේ ලෝකයේ මෙවැනි නගර සොයා ගැනීමට බැරි තරම් බව ය. මෙලෙස ජනයා සිය කැමැත්තෙන් සිරගත වන්නේ දඩයමේ යන රාජ්‍ය මිනීමරුවන්ගෙන් බේරීමට බව එම වාර්තාව කිය යි.
සිරගත වීමට තීරණය කරන පිරිස් පළමුවෙන් මානව හිමිකම් කොමිසම හමුවට ගොස් ලියා පදංචි වෙති. අධිකරණය ඉදිරියට ඔවුන් පමුණුවන්නේ ඉන්පසුව ය. මෙලෙස සිර ගතවීමට කියන්නේ ආරක්ෂාව පතා සිරගතවීම
කියා ය. අද වන විට යාපනයේ බන්ධනාගාරයේ ස්වෙච්ජාවෙන් සිරගත වූ 200 දෙනෙකු පමණ සිටිති.
2007 ඔක්තෝබර් 22දා අට දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත වූහ. ඒ අතර පස්දෙනෙකුගෙන් යුතු පවුලක්ම විය. පියාට වයස 55කි. මවට 52කි. ඔවුන් කැමැත්තෙන් සිරගතවුයේ දින තුනකට පෙර හමුදාව ඔවුන්ගෙන් ප්‍රශ්න කළ නිසා ය. මේ සිදුවීමෙන් පෙන්නුම් කරන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට යොමු නොවීමට ඇති වයස්ගත බව නොසළකා රාජ්‍ය මිනීමරුවන් ඝාතනයේ යෙදෙන බව යැයි එම වාර්තාව සදහන් කරයි.
ඔක්තොබර් 18වන දා හෙලෝ ට්‍රස්ට් නම් බිමිබෝම්බ ඉවත් කරන ආයතනයේ සේවක එස්. ජෙබනේසන් ස්වේච්ජාවෙන් රක්ෂිත බන්ධනාගාර ගත විය. එදිනම ඔහුගේ බිරිද සුදු වෑනකරුවන් පැහැර ගත්තේ ය. දරු දෙදෙනා තින්නවේලියේ තනි විය.පසුදින ඇය නිදහස් කරන ලදී. ජෙබනේසන් තවම කැමැත්තෙන් හිර ගෙදර ය.
මේ දිනවලම මවක් සිය පුතාද සමඟ කොළඹ ඒමට ආරක්ෂක අවසර ලබා අවසන්ව ගුවන් තොටට සෙනඟ ගෙන යන ස්ථානය වන සිංහල මහා විදුහලට ගියා ය. සේවයේ යෙදී සිටි සෙබළෙකු පුතාගේ හැදුනුම්පත බලා ඔහුට යාපනයෙන් බැහැර වීමට ඉඩ දිය නොහැකි බව කීය. ඔහුගේ ගුවන් ටිකටි පතෙහි යමක් කුරුටු ගා ආරක්ෂක අවසර ලබා දෙන කාර්‍යාලයට වාර්තා කරන ලෙස නියෝග කළේ ය. මව සිංහල දන්නා අයකු වෙත ගුවන් ටිකට්පත රැගෙන ගොස් එහි ඇති සටහන විමසීය. එහි ලියා තිබුනේ එම තරුණයා කොටි සැකකරුවකු බව ය. මව වහාම සිය පුත්‍රයා ස්වේච්ජා රක්ෂිත බන්ධනාගාරයට යැවී ය.
මරා දමනු ලැබේ යැයි සැකයක් ඇති වූ වහාම කැමැත්තෙන් සිර ගතවීම යාපනයේ සාමන්‍ය ජනයාට ඇති එකම විසදුම ය. කටක් ඇර කතා නොකරන යාපනයේ ඇති එක් පිළි ගැනීිමක් නමි යුදහමුදාව කවරකුගෙන් හෝ ප්‍රශ්න කළ හොත් ඒ තැනැත්තා මරා දැමීමට ඇති ඉඩ වැඩි බව යි.
මුළු යාපනයම සිර ගෙදරක් සේ නම් කලේ නම් නරකදැයි ආණ්ඩුවට කියා සිටින්නැයි මේ ගැන කතා කළ යාපන ජනමාධ්‍යවේදියකු කියා සිටියේ ය.
මෙත්සිරි වඩුගේ