Image by: Lal Laxman

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට අයත් මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක ප්‍රදේශය හෙවත් මුතුරාජවෙල අභය භූමිය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, වත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05 ක් තුළ ව්‍යාප්තව ඇති කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ ගනනාවක ප්‍රධාන පෙනහළුව වන අතර චිරාත් කාලයක් මානව සංහතියටම අගනා මෙහෙයක් ඉටුකලාවූ හා නුපන් දරුපරපුරේ හුස්ම පොද ආරක්ෂා කරන්නාවූ මුතුරාජවෙළ නම් වූ හරිත දනව්ව විනාශ කරමින් මැරබලය යොදා කුණු කන්දක් බවට පත්කිරීමට යහපාලන ආණ්ඩුව ගෙන ඇති අමන ක්‍රියාදාමය අප කිසිසේත් අනුමත නෙකරන්නෙමු.

මුතුරාජවෙල ඔස්සේ සිය ගමන් මග සකසාගෙන ඇති ප්‍රධාන ඇල මාර්ග දෙක වන හැමිල්ටන් ඇල සහ ඕලන්ද ඇල එහි සොබා සෞන්දර්යයේ මුලිකාංගයකි. මෙම ඇල මාර්ග දෙක දෙපසින් පිහිටා ඇති හරිත වර්ණයෙන් බබලන කඩොලාන තීරය ද දුටුවන් මන බදනා පාරිසරික චමත්කාරය විදහා පායි. මෙම තෙත් බිම සිය නිජබිම කරගත් සත්ව කාණ්ඩ 07 කට අයත් විශේෂ 449 ක වනජීවීන් ප්‍රමාණය මෙහි ජෛව විද්‍යාත්මක අගය කියාපාන අතරම ඒ අතරින් විශේෂ 26 ශ්‍රී ලංකාවට අවේණික වීම ද සුවිශේෂී කරුණකි.මේ අතරින් ලෝක සංරක්ෂණ සංගමයේ(IUCN ) දත්තයන්ට අනුව මෙම වගුරු භූමිය තුළ කුළ 14කට අයත් ක්ෂීරපායි විශේෂ 34 ක් ද, මත්ස්‍ය විශේෂ 21 ක් ද, උභය ජීවී විශේෂ 14 ක් ද, උරග විශේෂ 31 ක් ද, පක්ෂි විශේෂ 102 ක් ද, බත් කූරන් විශේෂ 22 ක් ද, සමනල විශේෂ 48 ක් ද, වාර්තාවී ඇත. ලෝක සංරක්ෂණ සංගමයේ(IUCN ) දත්තයන්ට අනුව මෙම වගුරු භූමිය තුළ තුළ 14කට අයත් ක්ෂීරපායි විශේෂ 34 ක් ද, මත්ස්‍ය විශේෂ 21 ක් ද, උභය ජීවී විශේෂ 14 ක් ද, උරග විශේෂ 31 ක් ද, පක්ෂි විශේෂ 102 ක් ද, බත් කූරන් විශේෂ 22 ක් ද, සමනල විශේෂ 48 ක්ද, වාර්තාවී ඇත.

ලෝක සංරක්ෂණ සංගමයේ (IUCN ) දත්තයන්ට අනුව මෙම වගුරු භූමිය තුළ කුළ 14කට අයත් ක්ෂීරපායි විශේෂ 34 ක්ද, මත්ස්‍ය විශේෂ 21 ක්ද, උභය ජීවී විශේෂ 14 ක්ද, උරග විශේෂ 31 ක්ද, පක්ෂි විශේෂ 102 ක්ද, බත් කූරන් විශේෂ 22 ක්ද, සමනල විශේෂ 48 ක්ද, වාර්තාවී ඇත.

මෙම තෙත්බිම බොහෝ සත්ව හා ශක ගනනාවකට නිජබිමව පවතින අතරම මෙය කලපුව හා බද්දවී ඇති නිසාවෙන් මෙම හරිත දනව්ව කුනු කන්දක් කිරීම තුලින් ධීවර කර්මාන්තය ප්‍රධාන ජීවන උපාය කරගත් පවුල් 3200කට අධික තමන්ගේ ජීවනඋපාය පමනක් නොව උන්හිටි තැන්ද අහිමිවීමේ අවධානමක් මතුව ඇත. මෙම ජලජ පරිසරයට අපද්‍රව්‍ය එක්කිරීම තුලින් මතුපිට මෙන්ම භූගත ජලය ද දුෂනය වනු ඇත එතනින් නෙනැවතෙන මෙම ක්‍රියාදාමය මුළු කලපුවම ද දුෂණය කරමින් කලපුව ආශ්‍රිත පවුල් 3200යකට අධික මිනිසුන්ගේ ජීවිත බිලි ගැනීමට එතරම් කාලයක් වැය නොවනු ඇත.


1989 වසරේදී ආසියානු තෙත්බිම් නාමාවලියේ අන්තර්ජාතිකව වැදගත් වන ශ්‍රී ලංකාවේ තෙත්බිම් 41 අතරින් එකක්‌ ලෙස ද නම් කෙරුන මුතුරාජවෙල තෙත් බිම 1996 ඔක්තෝබර් මස 31 වැනි දින අංක 947/13 දරන ගැසට් නිවේදනය අනුව අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. මෙසේ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව අභය භූමියක් තුළ වෘක්ෂලතාවලට හානි සිදු කිරීම, ශාක ඉවත් කිරීම, කැලෑ එළි පෙහෙළි කිරීම, හෑරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැඟිලි ඉදිකිරීම, මාර්ග තැනීම හෝ ඒවා භාවිත කිරීම සම්පූර්ණයෙන් ම නීති විරෝධී වෙයි.

බස්නාහිර පාළාතට පමණක් නොව මුළු මහත් ලක්වාසීන්ටම අපමණ වටිනාකමක් ඇති සුවිශේෂි තෙත් බිමක් වු මුතුරාජවෙල නම් වු දයාබර මෑණියන් අභියෝග ගණනාවකට මුහුන දෙමින් තමන්ට කරන්නාවු අටයුතු කම් විදදරාගෙන අදටත් අපමන සේවයක් ඉටුකරමින් සිටින අතර අධික නියන් සායකදී වුවද තමා සතු සුවිශේෂි දක්ෂතාවය උපයෝගී කොටගෙන එක්රැස් කරගෙන සිටි මහා ජලකද කිසිදු ලෝබකමකින් තොරව සමස්ථ සත්ත්වයින් හට බෙදාදුන්නාය. මහා වැසි සමයේදී ස්වභාදහම විසින්ම ගෙන එන්නාවු මහා ජලකද ක්‍රමවත්ව කළමණාකරනය කරමින් ඇය විසින් හැකිතාක් ගංවතුර උවදුර මැඩ පැවැත්වුවාය. අවට ප්‍රදේශ වලින් ජල පහරත් සමග එන්නාවු රොන් මඩ තට්ටුව හා දුශිත ද්‍රව්‍ය ඈ විසින් පිරිසිදු කර හැකිතාක් පිරිසිදු ජලය ලෙස කලපුව හරහා මහ මුහුදට මුදා හරිමින් කලපුව ආශ්‍රිත ධීවර කර්මාන්තය මෙන්ම සමුද්‍රයද රැක්කාය.

එවන් අමිල මෙහෙයක් කරන්නාවු ඇය ව සමූහ දුෂණයකට ලක්කරන්නට යහපාලන ආණ්ඩුව හා ප්‍රදේශයේ මැරයන් ඇගේ සළුපිලි උනාදමමින් සිටී. දෙනෝ දාහක් ඉදිරිපිට ඇගේ හෙළුවට ලොල්කමින් ඇයව නිර්වස්ත්‍ර කර ඇගේ අවසන් හුස්ම පොද නවතින තෙක්ම ඇයව සමූහ දුෂනයට ලක්කර ඇගේ මරනය ලගාකරදෙන තෙක් බලාසිටිමුද? නැතිනම් දිවි දෙවනි කර ඇයව රැක ගැනීමට පෙරට එමුද?

දිණූෂ නානායක්කාර | Dinusha Nanayakkara