කිලිනොච්චිය පූනගරි, ඉරනයිතීව් ජනතාව තම පාරම්පරික ඉඩම්වලට යාමට හා මෙන්ම එහි රැඳී සිටිමින් තම රැකියාව කරගෙන යාමට අවසර ලබා දෙන්නැයි ඉල්ලා පසුගිය (01) දින සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
1992 වසරේ අවතැන්ව මෙහි ජනතාව වර්තමානයේ ජීවත් වන්නේ ඉරනයිමාදා ප්‍රදේශයේ ය. 2009 මැයි මස යුද්ධය අවසන් වූ වහාම තමන්ගේ සාම්ප්‍රදායික බිම් වෙත යාමට අවශ්‍ය බව නිරන්තරයෙන් බලධාරීන්ගෙන් ඉල්ලීම් කලහ.
කෙසේ නමුත් පූනගරි ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේත්, කිලිනොච්චි දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේත් පැවතී සාකච්ඡාවලදී ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටියේ තමන් ගේ පාරම්පාරික් ඉඩම්වලට යෑමට අවසර දෙන ලෙසය. පසුව කලිනෝච්චි දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරන කමිටුවේදී තීරණය කරනු ලැබූවේ ඔවුන්ට ඉරනතිව්වලට යාමට සියලු පහසුකම් සලසන ලෙසය.
එයට නාවික හමුදාව විරුද්ධ වූ අතර, ඒ සදහා ඔවුන් කිසිසෙත්ම පිළිගත නොහැකි කරුණු පවසා සිටින ලදි. නමුත් ප්‍රාදේශීය දේශපාලකයන් මැදිහත් වී ඉතා ඉක්මනින් ඔවුන්ට ඉරනතිව්වලට යාම සදහා පහසුකම් සළසන බවට පොරොන්දු විය.
නමුත් ඒ පොරොන්දු කිසිවක් මේ දක්වා ඉටුවී නැති තත්ත්වයක් තුළ ඔවුන් සත්‍යග්‍රහයක් අරඹා ඇත්තේ ඔවුන්ගේ සාම්ප්‍රදායික ඉඩම් නැවත ලබා දෙන තුරු සිය සටන අත්නොහරින බවට ප්‍රකාශ කරමින්ය.
ඉරනතිව් පිහිටා ඇත්තේ, පූනගරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළය. ඉරනතිව් කුඩා දූපතක් වන අතර මන්නාරම් බොක්කට කිලෝමීටර 20කට පමණ ආසන්නව පිහිටා ඇත.
ඉරනතිව් ජනතාවගේ මූලික යැපීම් මාර්ගය වන්නේ ධීවර කර්මාන්තයයි. වසර 20කට පෙර එනම් 1976 දී පවුල් 176ක්පමණ ජීවත්වූවත් සන්නද්ධ ගැටුම් හේතුවෙන් සිය සියලු දේපල හැර දමා අවතැන් වන්නට ඔවුන්ට බළ කෙරිනි.
මේ වන විට ඔවුන්ගේ ජනගහණය පවුල් 417ක් දක්වා වර්ධනය වී ඇත් අතර, ඔවුන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ, මුලන්ගාවිල් ප්‍රා දේශීය ලේඛම් කොට්ඨාශයේ, ඉරණිමතනගර් වෙරළාශ්‍රිත ගම්මානයේ පදිංචි කර ඇත. නමුත් මේ පවුල් කිසිවෙකුටවත් කසිදු හිමිකම් ලියවිල්ලක් හෝ ඔප්පුවක් ලබා දී නැත.
1997 දී ඉරණතිව් සිය සාම්ප්රදයික ප්‍රදේශයෙන් ඉවත් වන්නට සිදු වූ පසු එම ඉඩම් නාවික හමුදාව විසින් සිය පාලනයට නතු කර ගෙන තිබෙන අතර යුද්ධයෙන් වසර 8කට ආසන්න වන විටද තත්ත්වයේ වෙනසක් නැත. එබැවින් එහි සිටි මිනිසුන්ට තවමත් සිය ධිවර කටයුතු කිරීමට නාවික හමුදාව අවසර නොදෙයි.
යහපාලනයෙන් වසර 2කකට පසු
උතුරු නැගෙණහිර අනිකුත් ජනතාව මෙන්, ඉරණතිව් මිනිසුන් ද සිතා සිටියේ නව පාලනය පැමිණි පසු සිය ඉඩම්වල අයිතිය නැවතත් ඔවුන්ට හිමිවේ ය කියා ය. කෙසේ නමුත් පසුගිය පෙබරවාරී 03වනදා සිය ගමේ දේවස්ථානයේ දේවපූජාව සදහා එහි යාමට අවර ලැබූ පසු ද ප්‍රා දේශීය දේශපාලකයන්ට ඔවුන් දැනුම් ලෙදන ලද්දේ තම ඉඩම්වල අයිතිය ඉතාමත් ඉක්මනින් තමන්ට ලබා දෙන ලෙස අභියාචනා ද ඉදිරිපත් කළේ ය.
ඉරණතිව් ජනතාව විසින්, මානව හිමිකම් කොමසාරිස් වරයා වෙතද, යුරෝපා කොමිසම වෙතද සහ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙතද සිය ඉල්ලීම ඉටු කර දීම සදහා රජයට බල රන ලසෙ ඉල්ලා අභියාචනා ඉදිරිපත් කර තිබේ. එම අභියාචනාවල ප්‍රතිඵලයක් ලෙස යුරෝපා සංගමය විසින්, නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා වෙත ලිපයක් යවමින් විමසා ඇත්තේ ඉරණතිව් ජනතාව නැවත පදිංචිකිරීමට තත්ත්වය සලකා බලන ලෙසට ඉල්ලීමක් ද කරමින් බව ඉරණතිව් ජනතාව පවසයි.
නමුත් මේ වන විට ආණ්ඩුව පාර්ශවයෙන් ඉරණතිව් ජනතාව නැවත පදිංචි කිරීම පිළිබද කිසිදු සාධනීය පියවරක් ගෙන නොමැත.
පසුගිය මැයි පළවෙනිදා(1) දා සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් ඔවුන් විසින් ආරම්භ කරන ලද්දේ මේ පසුබිම තුළය.