ඔබට මතකද, රතුපස්වල මිනිසුන් බොන්නට පිරිසුදු වතුර ඉල්ලූ බව… ඒ මිනිසුන්ට හමුදාවෙන් වෙඩි තබා මරා දැමූ බව… හමුදාවට වෙඩි තැබූ නිසා, බෝම්බ ගැසූ නිසා එසේ වෙඩි තබන්නට සිදු වූ බවක් පැවසූ වග… ඉන්පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සියල්ල යට ගැසූ බව… ඒ වෙඩි තැබූ හමුදා අනුඛණ්ඩයට අණ දුන් බි්රගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනට රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්රයේ පත්වීමක් ලබා දුන් බව…
මේ සියල්ල අමතක කර දමන්නට බල කළ කාලයක් අවසානයේ යළිත් ඒවා දළු දමමින් තිබෙන කාලයකි. අවශ්‍ය තැනදී අවශ්‍ය පමණට ඕනෑම කෙනකු ඉහළට එසවිය යුතුය. එහෙත් එහිදී ප්‍රවේශම් විය යුත්තේ බොහෝ අය එසේ ඉහළට ගිය විට ඉනිමං වලට පයින් ගසනා නිසා ය. පසුගිය ආණ්ඩුව දිගින් දිගටම මේ සිද්ධිය යටපත් කළ ද, වර්තමාන ආණ්ඩුව පියවර කිහිපයක් ඉදිරියට තබා තිබේ. එහෙත් මේ ආණ්ඩුවේත් ඇතැම්හු ඒ ඉස්සරහට තැබූ පියවර යළිත් ආපසු හරවන්නට විවිධ උත්සාහයන් දරමින් සිටිති.
ඒ නිසා ය, යළිත් මේ අපරාධය, මිනීමැරුම ගැන ලිවිය යුත්තේ.
රතුපස්වල නිරායුධ මිනිසුන්ට වෙඩි තැබීමට අණ දුන් බවට චෝදනා ලැබූ බි්රගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හතර දෙනෙක් දැන් ඉන්නේ රිමාන්ඞ් බන්ධනාගාරයේ ය. තවත් ලොක්කන් කිහිප දෙනකු ඉදිරි සතියේ දී අත්අඩංගුවට ගැනීමට නියමිත ව තිබේ. එහෙත් දේශපේ‍්‍රමී ලේබලය තවදුරටත් අලවාගෙන සිටින මිනීමැරුම් සාධාරණීකරණය කරන්නෝ රණවිරුවන් නිකරුණේ අත්අඩංගුවට ගන්නා බවට මොර දෙති. බි්රගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන යනු යුද්ධය පැවැති කාලයේ දී ලොකු සේවයක් කළ රණවිරුවකු බව ද කියති.
එසේ විය හැකිය. ඔහු රාජකාරියේ දී එය හරියට කළා විය හැකිය. එහෙත් නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කරන්නට එමගින් ලයිෂන් ගත හැකිද?
දිවයින ඉරිදා සංග්‍රහය මැයි 28 වැනිදා පළ කළ ලිපියක් මගින් මේ සිද්ධියට අදාළ වැදගත් කාරණයක් පැහැදිලි කරයි. ‘එදා මම ෆයරින් ඕඩර් එකක් දුන්නා නම් අද වැලිවේරියක් නෑ’ යන ශීර්ෂය යටතේ පළ කර ඇති මේ ලිපියේ බි්රගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මෙසේ කියයි.
‘…….. එහි දී මා සමීපයේ සිටි සෙබළුන්ට මගේ ආරක්ෂාව පිළිබදව වගේම ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබදවත් ප්‍රශ්නයක් මතු වුණා. ඒ අවස්ථාවේ තමයි එක් යුනිකෝන් රථයක සිටි සෙබළෙක් අහසට වෙඩිල්ලක් තිබ්බෙ. ඒ සමගම තවත් දෙදෙනෙක් අහසට වෙඩි තිබ්බා. පොලීසියත් ඒ වෙලාවෙ වෙඩි තැබීමක් කළා. අහසට වෙඩි තිබ්බ හමුදා සෙබළුන් තුන්දෙනාම දැන් ඉන්නෙ රක්ෂිත බන්ධනාගාරගත ව. හමුදාව අහසට වෙඩි තිබ්බත් ප්‍රචණ්ඩකාරීන් පෙට්‍රල් බෝම්බ ආදිය එල්ල කරමින් දිගින් දිගටම පහර දෙන්න වුණා. ඒ ආසන්නයේ තිබුණු ඉන්ධන පිරවුම්හලකටත් ඔවුන් පෙට්‍රල් බෝම්බයක් ගැහුවා. එහි දී ඇතිවන්නට ගිය බිහිසුණු තත්ත්වය පාලනය කළෙත් හමුදාව. මේ වගේ ප්‍රචණ්ඩකාරී ප්‍රහාරයක් එල්ල වෙනකොට ගිනි අවියක් අතේ තබාගෙන සිටින හමුදා සෙබළෙක් ගන්න තීරණය කාගෙවත් අණදීමක් තුළ සිදු වන දෙයක් නෙමෙයි.’
මේ නම් බරපතල ප්‍රකාශයකි. ශ්‍රී ලංකා යුද හමුදාව එතරම් විනයක් නැති හමුදාවක් ද? සිවිල් ජනතාවගේ උද්ඝෝෂණයක් පාලනය කරන්නට ගිය විට කිසිදු නියෝගයකින් තොරවම වෙඩි තබන්නට තරම්… එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මේ දිවයින පුවත්පත බැලූවහොත්… ඔවුන් කියන යුද අපරාධ කතාවට බි්රගේඩියර්වරයෙක් ම සාක්ෂි සපයයි. එනම් තමන්ගේ ගැලවිල්ලට හමුදාව පාවා දෙයි. ඔහු අහසට වෙඩි තැබූ බව පමණක් කියා නැවතුණේ නම් යම් තරමකින් හෝ ගැලවීමට ඉඩක් තිබිණි. එහෙත් ඔහු ඉන් එහාටත් යයි.
ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසම මගින් මේ සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේ අවසාන වාර්තාවේ නිගමන වල මෙසේ සදහන් කර ඇත.
‘2013. 08. 01 දින බි්රගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන විසින් මෙගාෆෝනයක් ආධාරයෙන් උද්ඝෝෂකයන් අමතා විසිර යන ලෙස දැනුම් දෙන විට දෙපිරිස අතර වචන හුවමාරුවීමෙන් අනතුරුව, උණුසුම් තත්ත්වයක් ඇති වී උද්ඝෝෂකයන් විසින් හූ කියා ගල්මුල් වලින් පහර දෙන විට හමුදාව වෙඩි තැබීම් කර ඇති බව පාර්ශ්වයන් ලබා දී ඇති ප්‍රකාශ අනුව නිරීක්ෂණය වේ. නිලධාරීන්ගේ ආත්ම ආරක්ෂාවට සහ රජයේ දේපොළ ආරක්ෂාවට ද, සෙබළුන්ගේ ගිනිඅවි උදුරා ගනීවි යන බියට ද අහසට වෙඩි තැබූ බව සෙබළුන් ප්‍රකාශ කළ ද, අහසට වෙඩි තැබීම පමණක් නොව උද්ඝෝෂකයන් දෙසට වෙඩි තබා ඇති බව තුවාල වී ඇති සහ මියගිය අයගේ අධිකරණ වෛද්‍ය වාර්තා සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සහ අනෙකුත් සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව නිගමනය කරමු.’
එනම් බි්රගේඩියර්වරයා පවසන ආකාරයට ගිනි අවි අතේ තිබූ සෙබළුන් ගත් තීරණයේ තරම පැහැදිලි ය. අනෙක් අතට ඔහු පවසන්නේ උද්ඝෝෂකයන් පෙට්‍රල් බෝම්බ වලින් පහර දුන් බවයි. උද්ඝෝෂකයන්ගේ පැත්තෙන් වෙඩි හ`ඩ ඇසුණු බවක් ද මීට කලින් හමුදාව පාර්ශ්වයෙන් කියා තිබිණි. එහෙත් උද්ඝෝෂකයන් එසේ හැසිරුණේ නම් කිසිවකු අත්අඩංගුවට නොගත්තේ ඇයි? කිසිදු පෙට්‍රල් බෝම්බයක් හෝ ගිනිඅවියක් හෝ ඒවා භාවිත කළ බවට සාක්ෂි හෝ පොලීසියට සහ හමුදාවට උද්ඝෝෂකයන්ගේ පැත්තෙන් සොයාගැනීමට නොහැකි වුණේ ඇයි? ඊට අදාළ පිළිතුර ද මානව හිමිකම් කොමිසම මගින් නිකුත් කළ වාර්තාවේ නිගමන අතර වේ.
‘හමුදාව සහ පොලීසිය ලබාදෙන ලද ප්‍රකාශ අනුව උද්ඝෝෂක පිරිස දෙසින් වෙඩි හ`ඩ ඇසුණු බව ප්‍රකාශ වුවද, කිසිදු ගිනිඅවියක් උද්ඝෝෂකයන්ගෙන් සොයාගෙන නොමැති බැවින් හා හමුදා බුද්ධි නිලධාරීන්ගේ ප්‍රකාශ අනුව උද්ඝෝෂකයන් අත ගිනිඅවි තිබෙනු නොදුටුව බවට කර ඇති ප්‍රකාශ අනුව උද්ඝෝෂකයන් මෙහි දී ගිනිඅවි භාවිත කර නොමැති බව කොමිසම නිගමනය කරයි.’
බි්රගේඩියර්වරයා පවසන්නේ උද්ඝෝෂකයන් පාලනය කරන්නට බැරි ම තැන අහසට වෙඩි තැබූ බවකි. එහෙත් මානව හිමිකම් කොමිසම දෙපාර්ශ්වයේ ම සාක්ෂි රැසක් විමර්ශනයෙන් පසු ලබා දී ඇති නිගමන වල මෙසේ සදහන් වේ.
‘උද්ඝෝෂකයන් විසුරුවා හැරීම සදහා කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට කැරලි මර්දන කණ්ඩායම් වල සහාය ලබාගැනීම සිදු කර ඇත්තේ හමුදාව විසින් වෙඩිතැබීම් ආරම්භ කිරීමෙන් පසුව බව ඉදිරිපත් වී ඇති සාක්ෂි වලින් සනාථ වේ.’
හමුදා බුද්ධි අංශ නිලධාරීන් ද මේ කරුණ තහවුරු කරන්නට සාක්ෂි ලබා දී තිබේ. එසේ ම මේ අවස්ථාවේ දී බි‍්‍රගේඩියර්වරයාට දුරකතන ඇමතුමක් ලැබුණු බවත්, ඉන්පසු බි්රගේඩියර්වරයා සිටි පැත්තෙන් ‘ෆයර්’ යනුවෙන් හ`ඩක් නැගුණු බවත් සාක්ෂි වල පැහැදිලි ව සදහන් වේ. එය බි්රගේඩියර්වරයාගේ හඩ ද, එසේත් නැත්නම් වෙනත් අයකුගේ හඩක් ද යන්න හදුනාගැනීමට සාක්ෂිකරුවන් අපොහොසත් වී ඇත. ඊට කිසිවක් කියන්නට නොහැක. ඒ අවස්ථාවේ පැවැති කලබලය අස්සේ කටහඩ හදුනාගන්නට නොහැකි වීම සාධාරණ ය. එහෙත් මෙහෙයුමක් අස්සේ ෆයරින් ඕඩර් දෙන කිහිපදෙනකු සිටිය හැකි ද? යම් කුමන්ත්රණකරුවකු එසේ කළේ නම් ඔහු බි‍්‍රගේඩියර්වරයාට ආසන්නයේ ම රැදී සිටී ද? අනෙක් අතට හමුදා බුද්ධි අංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු සිවිල් ඇදගත් නිලධාරි පිරිසක් අතරේ එසේ ෆයරින් ඕඩර් එකක් දුන් වෙනත් අයකුට අද වන තෙක් සැගවී සිටිය හැකි ද? පිටස්තරයකු එවැනි නියෝගයක් දුන්නේ නම්, ඔහු ව අත්අඩංගුවට ගැනීමට හෝ හ`දුනාගැනීමට අදාළ නිලධාරීන්ට නොහැකි වූයේ නම් ඔවුන් කොතරම් අසමත් ද?
මේ ප්‍රශ්න වලට බි්රගේඩියර්වරයා ළග පිළිතුරු නැත. සිද්ධියේ දී වෙඩි තැබූ බවට චෝදනා එල්ල වී දැනට අත්අඩංගුවේ සිටින සෙබළුන් පැහැදිලිව සදහන් කර ඇතැයි පැවසෙන්නේ තමන්ට ෆයරින් ඕඩර් එකක් ලැබුණු බවයි. එසේ නම් ඇත්ත කියන්නේ කවුද?
උද්ඝෝෂකයන් විසුරුවා හරින්නට, තමන්ගේ ගිනිඅවි උදුරාගනීවි යැයි බියට පත්ව අහසට වෙඩි තැබූ බව කියන හමුදාව ඇත්තටම කටයුතු කළ ආකාරය ගැන මානව හිමිකම් කොමිෂන් සභාව තම නිගමන වල මෙසේ සදහන් කරයි.
‘පාර්ශ්වයන්ගෙන් ලබාදෙන ලද ප්‍රකාශ, පුවත්පත් වාර්තා සහ ඡායාරූප නිරීක්ෂණය කිරීමෙන් පසු වැලිවේරිය කතෝලික දේවස්ථානය තුළට ආරක්ෂාව සදහා දිවගිය පිරිසට හමුදාව විසින් පහර දී ඇති බව පැහැදිලි වේ. ………….. යුද්ධ හමුදා සෙබළුන් ආත්මාරක්ෂාව හා දේපොළ ආරක්ෂාව උදෙසා ගිනිඅවි භාවිත කළ බව ප්‍රකාශ කළ ද, සිදුවීම සිදු වූ අවස්ථාවේ දී පුද්ගලයන් හට පහරදීමේ ස්වභාවය, රැකවරණ ස්ථාන වල සිටියදී පවා සොයා ගොස් පහරදීම, ඔවුන්ට සිදු වී ඇති බරපතල ශාරීරික තුවාල ආදී කරුණු දෙස බලන විට උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස දේවස්ථානයට දිව ගිය විට එහි දී පහරදීම, වැලිවේරිය නගරයේ පිහිටි ටෙලිකොම් ආයතනය වැනි ආයතන වලට ඇතුළු වී එහි සිටින සේවකයන්ට පහරදීම, අවට නිවාස වලට ඇතුළු වී පුද්ගලයන්ට පහරදීම හා දේපොළ හානි කිරීම, උද්ඝෝෂණයේ යෙදී සිටි පුද්ගලයන්ට වෙඩි තබා තුවාල සිදු කිරීම සහ එම වෙඩිතැබීම් හේතු කොට ගෙන පුද්ගලයන් 03 දෙනකු මියයාම යන කරුණු සලකා බැලීමේ දී යුද්ධ හමුදාව බලය අයුතු ලෙස යොදවා ඇති බවට සහ බලය ඉක්මවා කටයුතු කර ඇති බවට නිගමනය කරමු.’
මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හෙළිකරගෙන ඇති ආකාරයට ඇතැම් පුද්ගලයන්ට එළවාගෙන ගොස් හමුදාවෙන් පහර දී තිබේ. ඊට එක් උදාහරණයකි, ශමිල රවිශාන් නම් පාසල් සිසුවා. ඔහු මේ සිද්ධියේ දී මරා දැමිණි. උද්ඝෝෂණය තිබූ ස්ථානයේ සිට මීටර් 700 ක් දුරින් ඔහු වෙඩි වැදී වැටී සිට ඇත. එනම් ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 400 ක් දුරිනි. මේ පාසල් සිසුවා අදාළ ස්ථානයේදී ම මියගිය බවට සාක්ෂි ලැබී තිබේ. එහෙත් එය සගවමින් ඔහු ව කොළඹ ජාතික රෝහලට යවා, දින දෙකකට පසු සිරුර මව්පියන්ට භාර දෙන ලදි. අකිල් දිනේෂ් ද මේ ආකාරයෙන් අදාළ සිද්ධියේ දී මරා දැමුණු පාසල් සිසුවෙකි.
එසේ ම හමුදාව දේවස්ථානය තුළදී ය, නිලන්ත පුෂ්පකුමාර නම් තරුණයාට වෙඩි තබා ඇත්තේ. ඊට ද සාක්ෂි ඇත. එවැනි තත්ත්වයක් යටතේ ය, බි්රගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මුලින් කී ජාතියේ ප්‍රකාශ කරනුයේ. පසුගිය ආණ්ඩුව මෙය කුමන්ත්රණකරුවන්ගේ වැඩක් බව කීවේ.
ඊළග වැදගත් ම කාරණය වන්නේ මේ ස්ථානයට හමුදාව කැදවූයේ කවුද යන්න ය. මානව හිමිකම් කොමිෂන් සභාව ද තමන්ගේ නිගමන මගින් අවධාරණය කරන්නේ යුද්ධ හමුදාව අදාළ ස්ථානයට කැදවූයේ කවුද යන්න නිශ්චිතව හෙළි නොවන බවයි. අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව මෙවැනි සිවිල් තත්ත්වයක් මැඩපැවැත්වීමට හමුදාව කැදවිය හැකි නීතිමය ආකාරයක් තිබේ. දිසාපතිවරයා හෝ අදාළ ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයා හෝ පොලිස් අධිකාරිවරයා ඒ කදවීම කළ යුතුය. එහෙත් ඔවුන් කිසිවකු මේ ස්ථානයට හමුදාව කැදවා නැත. එසේ ම මීට වඩා ගැටුම්කාරී තත්ත්වයක් වුවද, පාලනය කිරීමට තරම් පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් එහි සිටියහ. ප්‍රමාණවත් තරම් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර රථ එහි තිබිණි. එසේ තිබියදී හදිසියේ ම ඔවුන් පසුපසට වී හමුදාව ඉදිරියට යයි. ඉන්පසු සියල්ල සිදු කරන්නේ හමුදාව ය. පොලිස් නිලධාරීන් ජනතාවට පහර දී නැති බව සාක්ෂි වලින් තහවුරු වී තිබේ. එනම් ඉහළින් ආ අණක් පොලීසිය පස්සට යවා, හමුදාව ඉස්සරහට දමා තිබේ.
මේ වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ ඒ වන විට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ සහ ගම්වාසීන් අතර සාකච්ඡුාවක් ආරම්භ කිරීමට සියල්ල සූදානම් ව පැවතිණි. එහෙත් සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර වෙඩි තබා තිබේ. සාකච්ඡාව අවසානයේ දී එහි පැමිණ සිටි පිරිසට අනිවාර්යෙන්ම දුරකතන කි‍්‍රයාවිරහිත කරගෙන ආපසු යන ලෙසට ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇත්තේ ඇයි?
වෙඩි තැබීම සිදු වූ දිනට පෙර, දින පහක් තිස්සේ ප්‍රදේශවාසීහු උද්ඝෝෂණ මගින් මේ සටන කළහ. ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ කොම්පැනියෙන් සිදු වන දැවැන්ත පරිසර විනාශයත්, එමගින් ප්‍රදේශයේ ජලය විනාශ වීමත් ගැන ඔවුහු දශකයක් තිස්සේ ලිපි මගින්, සාකච්ඡා මගින් අදාළ බලධාරීන් ඉදිරියේ මේ සටන කළහ. ඒ කිසිදු අවස්ථාවක ඔවුන් මහජන සාමය කඩවන ආකාරයට කටයුතු කළ බවට චෝදනා එල්ල වී නැත. එවැනි තත්ත්වයක් යටතේ ය, එක්වරම හමුදාව යොදවා ඔවුන්ට වෙඩි තබන්නේ. ඔවුන් ව මරා දමන්නේ.
දැනට අනාවරණය වී ඇති කරුණු වලට අනුව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ අපරාධයට හවුල් වී ඇති බවට සාධාරණ සැකයක් මතු කළ හැකිය. නීතියේ ඇති වචනය එසේ වුවත්, අමුවෙන් ම ලියන්නේ නම් ගෝඨා බබෙකු නොවේ. අදාළ අපරාධය, අපරාධයක් බව දැන දැනම කළ හමුදා නිලධාරීන්ට එරෙහිව හමුදා නීතිය යටතේ මෙන් ම සාමාන්‍ය නීතිය යටතේ ද කටයුතු කළ යුතුය. එසේ ම මේ අපරාධයට අණ දුන් ලොක්කන් ද වහාම අත්අඩංගුවට ගත යුතුය. එය රතුපස්වලට, වැලිකඩ බන්ධනාගාරයේ ලැයිස්තුගත සමූහ ඝාතනයට, ජනක-සිසිත මරා දැමීමට, කීත් නොයාර්ට, උපාලි තෙන්නකෝන්ට පහර දීමට, ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට ආදී අපරාධ සියල්ලට අදාළ ය.
රාජකාරියට අනුව ඔවුන් යුද්ධයේ දී අණ දුන් බව හැබෑ ය. ඒත් උතුරේ දී මෙන්ම දකුණේ දී ද ඔවුන් යුනිෆෝම් භාවිත කරමින් නිරායුධ මිනිසුන් මැරූ අපරාධ වලට වන්දි ගෙවිය යුතුය. මේ ආණ්ඩුවේ ලොකු මහත්තුරුන් ඡන්ද කුට්ටි වලට කෙළ හලමින් ඒවා සගවන්නට හදන්නේ නම්, ඒවා යට ගහන්නට හදන්නේ නම් නහයට උඩින් වතුර යන්නට වැඩි දවසක් ගත නොවනු ඇත.
ශාලික විමලසේන | Shalika Wimalasena