Image By: Sri Lanka Mirror
‘යහපාලන‘ ආණ්ඩුව පත් වීමෙන් පසු අලුත් ව්‍යවස්ථාවක් පිළිබද කතිකාවක් ඇති විය. එ සදහා නීතිඥ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කළ අතර එය විසින් ජනතාවගේ අදහස් විමසමින් මේ වන විට වාර්තාවක් ද සකස් කර තිබේ. අඩුපාඩු ඇතත් එහි යෝජනා කර ඇති මූලික අයතිවාසිකම් සදහා වන පරිච්ඡේදය පැසසුමට ලක් වේ.[Public Representations Committee on Constitutional Reforms – 1. Mr Lal Wijenayake (Chairman) 2. Mr. Winston Pathiraja(Secretary) 3. Prof Gamini Samaranayake 4. Prof Navaratne Bandara 5. Prof M.L.A Cader 6. Mr N. Selvakkumaran 7.Hon. S Thavarasa 8.Mr Kushan de Alwis P.C. 9. Dr Harini Amarasuriya 10.Dr Kumudu Kusum Kumara 11. Mr Sunil Jayarathne 12.Dr. Upul Abeyratne 13. Mr. Themiya Hurulle 14. Mr Faisz Musthapha P.C. 15.Dr. S. Vijesandiran 16. Mr M.Y.M Faiz 17. Mrs M.K.Nadeeka Damayanthi 18. Ms Kanthi Ranasinghe 19.Mr. S.C.C. Elankovan20. Mr Sirimasiri Hapuarachchi More Details: Here]
ඒ අතර ඊයේ(4) ත්‍රෛයි නිකායික හිමිවරුන් රැස්ව ‘අලුත් ව්‍යවස්ථාවක්‘ එපා කියමින් සංදේශයක් නිකුත් කර තිබේ.
හිමිවරුනි! ලංකාව දැන් පවතින්නේ 18වන සියවසේ නොවේ.
නූතන ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වැනි අයිතිවාසිකම් ලෝකයට ලැබුණේ අහම්බයකින් නොවේ. විශේෂයෙන් 18වන සියවසේ යුරෝපයේ පල්ලිය කේන්ද්‍රකරගනිමින් ගෙන ගිය පාලනයට එරෙහිව එහි විසූ බුද්ධිමතුන් ගේ නිර්භීත වෑයමක ප්‍රතිඵලයකිනි. එහිදී එහි විසූ වැසියාගේ ජීවිතය පිළිබද සියලු තීන්දු ගනු ලැබූවේ පල්ලිය විසිනි. පල්ලියෙන් තොර ජීවිතයක් හෝ දේශපාලන ජීවිතයක් එකල නොතිබුණි. සියලු තීන්දු ගනු ලැබූවේ පල්ලිය විසිනි. පල්ලිය ජීවිතයේ ද දේශපාලනයේ ද පිහිටියේ ඉහළම ස්ථානයේය. එයට අභියෝග කළ බුද්ධිමතුන් රාජ්‍ය පල්ලියෙන් විතැන් විය යුතු යැයි බුද්ධිමය ලෙස අරගල කළේය. ගැලීලියෝ ගැලීලි එහි එක් ප්‍රධාන සංධිස්ථානය ඉසුලූ බව ප්‍රසිද්ධය.
සැකෙවින් මතක් කිරීමක් කරන්නේ නම්, එකල පල්ලිය කියා සිටියේ පෘතුවිය වටා සූර්යා භ්‍රමණය වන බවය. නමුත් විද්‍යාත්මකව ඔප්පු කරමින් ගැලීලියෝ ගැලීලි කියා සිටියේ පෘතුවිය භ්‍රමණය වන්නේ සූර්යා කේන්ද්‍රකරගෙන බවයි. නමුත් අධිපතිවාදී පල්ලියේ මතයට අභියෝග කල ගැලීලියෝට පල්ලියෙන් එල්ල වූයේ ප්‍රභල අභියෝගයකි. ඒ අභියෝගය කෙතරම් ද යත් ඔහුට ඔහුගේ ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිදුවිය.
නමුත් අද ගැලීලියෝගේ පිළි ගැනීම සත්‍ය ක් වී ඇත.
එවැනි බොහෝ සිදුවීම් ගණනාවකින් එකළ පල්ලිය අභියෝගයට ලක් කරමින් ජනතාව අතට දේශපාලන බලය ගෙන යමින් රාජ්‍ය පාලනය පුරවැසියන් අතට පත්කරමින් නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සංකල්ප යුරෝපයේ රෝපණය කරන ලද්දේ එවැනි දුෂ්කර ක්‍රියාවලියකින් පසුවයි.
අද දියුණු යුරෝපයේ පල්ලිය රාජ්‍ය පාලනයෙන් පූර්ණ ලෙසම ඉවත්වී, එය මිනිස් ජීවිතයේ පුද්ගලික දෙයක් පමණක් බවට පත් වී තිබේ. පල්ලිය විසින් තව දුරටත් රාජ්‍ය පාලනයේ හැඩය තීරණය කරන්නේ නැත. එබැවින් යුරෝපීය මිනිසා ආචාරධාර්මිකවත්, ප්‍රජාතන්ත්‍රවාදය වැනි අයිතිවාසිකම් පිළිබදවත් අපට වඩා පෝෂ්‍යදායි ලෙස එහි සාරය උරාගනිමින් ජීවත් වෙමින් සිටී.
නමුත් අප?
1978 ව්‍යවස්ථාව සෑදීමේ දී සහ ඉන් පසුවත් එම ව්‍යවස්ථාව වෙනස් විය යුතු යැයි විවිධ සංවාද, සාකච්ඡා රටතුළ පැන නැග්ගේය. විශේෂයෙන් මෑතක සිට පවතින ව්‍යවස්ථාවේ පසුගාමී ලක්ෂණ බොහොමයක් ඇති බවත්, එය නූතන ලෝකයට අනුව, දියුණු, ශිෂ්ඨ බවින් යුතු ලෙස වෙනස් විය යුතු බව ව්‍යවස්ථා පිළිබද විද්‍යාර්තයින් මෙන්ම ක්‍රියාකාරීකයන් ද සැලකිය යුතු ලෙස හඩ නැගූහ.
අනෙක් පසින් අපගේ අලුත් ව්‍යවස්ථාව අනාගාමික ව්‍යවස්ථාවක් විය යුතු බවට තවත් පිරිසක් හඩ නැගූහ. හඩ නගමින් සිටී. එය විශේෂයෙන් කිසිදු ආගමකට මුල් තැන නොදෙමින් සියලු ආගම් එක ලෙස පිළිගනිමින්(ආගම අවශ්‍ය නම්), ආගම රාජ්‍යයෙන් වෙන් වී එය පුද්ගලික ජීවිතයේ කොටසක් ලෙස පවතිනවා නම් පැවතිය යුතු බවට වූ සාධනීය තර්කයක් ඉන් මතුවිය.
ඒ කෙසේ වෙතත්, දැන් අප රටට අලුත් ව්‍යවස්ථාවක් එපා කියන්නේ ත්‍රෛයි නිකායික සංඝරත්නයයි. මේ සංඝරත්නය එය එපා කියන්න පෙර අපූරු ක්‍රියාවලියකට ඔවුන් දායක විය. එනම් අධිකරණයට අපහාස කිරීම, ජාතීන් අතර වෛරය වැපිරවීමට අනුබල දීම වැනි කරුණු මුල්කර ගනිමින් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි ඥාණසාර භික්ෂූව වෙනුවෙන් පෙනී සිටීමයි. ඔවුන් කීවේ සිවුරට අත තියන්න එපා වැනි අදහසකි. ඉන් පෙනී ගියේ ලංකාවේ භික්ෂූණ සහ භික්ෂූන්ගේ නායකයින් ‘නීතිය‘ තුට්ටුවකට මායිමි නොකර බවය. නීතිය ට ගරු නොකරන,(ශිෂ්ඨ අර්ථයෙන්) සමාජයක් දියුණු අයිතිවාසකම් ලබා දීමට කෙසේ වෙතත් පෙළබෙන්නේ නැත. එවැනි පිරිසක් දැන් ව්‍යවස්ථාවක් එපා කීමෙන්ම අර්ථ ගැන්වෙන්නේ ඔවුන්ට අනුව අප රට ගමන් කළ යුත්තේ පසුපසට බවයි.
නූතන දේශපාලන අදහස්, අයිතිවාසිකම් මුල් කර ගනිමින් දියුණු සමාජයක් නිර්මාණය කර ගන්නවා වෙනුවට 18වන සියවසේ යුරෝපයේ පල්ලියේ තිබූ වහල් කාර්ය භාරය දැන් ලංකාවේ ‘පංසල‘ කේන්ද්‍ර කරගනිමින් වර්ධනය වෙන ලකුණු පහළ වෙමින් තිබේ.
එබැවින් මෙම භික්ෂූන් විසින් ‘වහලෙක්‘ ‘යටත් වැසියෙක්‘ දක්වා සමාජය ආපසු හැරවීමේ තක්කඩි වෑයම ‘පුරවැසියන්‘ විසින් පරාජය කළ යුතු ව තිබේ.
එබැවින් පැවසිය යුත්තේ ආගම පරිස්සම් කර ගනිමින් පංසල තුළ තබා වැදුම්පිදුම් කරන්න. රාජ්‍ය පාලනය දියුණු ලෙස හිතන පුරවැසියන්ට පාලනයකරගෙන යාමට බාධා නොකරන්න. හාමුදුරුවන් වහන්ස, පිං සිදු වෙයි!!! වහල් සමාජයක් වෙත ලාංකීය සමාජය දැක්කීමෙන් වලකින්න. එසේම, අවම වශයෙන් ඔබේ භික්ෂූන්ට පංසිල්වත් රැකීමට උපදෙස් දෙන්න.!
දේශපාලනය අයිති ආගමට නොවේ. දේශපාලනය අයිති පුරවැසියන්ටයි!! අවසාන වශයෙන් හිමිවරුනි.!!! අප පෘතුවිය භ්‍රමණය වන්නේ සූර්යා වටේ මිස, සූර්යා භ්‍රමණය වන්නේ, අප පෘතුවිය වටා නොවන බව අවබෝධ කර ගනු මැනවි.!