විකල්ප වෙබ් අඩවියේ ‛‛රාසයියා ද්වාරකා තවමත් අත්අඩංගුවේ- අපිව දැක්කහම දුව අඬනවා’’ යන හිසින් 2010.06.02 වන දින පළවූ ලිපිය දැකපු මට මතක් උනේ මේ කවිය.
සිරකරුවන්ගේ තීන්දුව
වැරදි නොකල සිරකරුවන්
මේ අපිමයි.
යුක්ති යුත්ත මේ අපහට නම්
උරුම නොවෙයි.
මේ දිවියම
බිත්ති හතර අතර මැදයි.
අප ඉපදුණු ඒ මොහොතම
අපේ අම්මා අඬන්නීය
අපේ දිවිය ඒ තරමට පවුකාරය
මේ දැන් වු
වන සභාවේ
සියුම් කුසුම්වලට පවා අණලන්නේ
පතොක් ගස්ය
අපේ සුසුමේ
ක්ෂය වන්නේ ඔක්සිජන්ය
ඣ2 වැඩෙන්නේය
භාග විටෙක මතු දිනයක
අප හදවත් අක්‍රිය වෙයි
අපි කිසි දින නොකළා වූ වැරදි වලට
වන්දි ගෙවමු
වග විභාග නඩු හබ ගැන
විශ්වාසය කළඳක් නැත.
යල් පැන ගිය නඩු තීන්දු.
සංශෝධනය කරමුව අපි
පෙත්සම් වුව ලියා එවා
බොහෝ කල්ය
ඒ ලියූ දේ දවාලුවද
අප විසින්ම
නීති කෙටුම් සැකසෙනු ඇත.
අපේ හඬ කිසිවෙකු හට
මින් මත්තට
නතර කරන්නට නොහැකිය.
ලියා ඒව්වේ.මින්සර
උපුටා ගැනීම – ‛සහෝදර පියාපත්’ නම් පොතෙන්