වව්නියා බණ්ධනාගාරයේ සිට අනුරාධපුර බණ්ධනාගාරයට මාරු කර යැව් දේශපාලන සිරකරුවන් වන සුලක්ෂන්, ධර්ෂන් සහ තිරුවරුල් 27වන දිනටත් උපාසයේ යෙදී සිටින අතර මේ වන විට ඔවුන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව තිබේ. එම දේශපාලන සිරකරුවන්ට යුක්තිය ඉෂ්ට කරන ලෙස බලකරමින් අද(23) අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිට නිහඩ විරෝධයක පැවැත්වීය. දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය ඇතුලු සංවිධාන සහ ක්‍රියාකාරීන් එම විරෝධතාවයට එක්ව සිටියේය.
උපවාසයේ යෙදෙන රැදවියන් තිදෙනා ඉල්ලා සිටින්නේ තමන්ගේ නඩුව නැවතත් වව්නියා අධිකරණයට මාරු කරන ලෙසයි. මේ පිළිබද පසුගිය දා යාපනයට ගිය සිරිසේන ජනාධිපතිවරයා විරෝධතාකරුවන් හමුවේ ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් තමන් ඉක්මනින්ම සොයා බලන බවයි. නමුත් ඒ ප්‍රකාශයෙන් දින ගණනාවක් ගෙවී ගියත් තවමත් ඔවුන්ට සාධාරණය ඉටු වී නැත. ‘අපි අය එයා කියන කිසිවක් පිළිගන්නේ නෑ‘. යාපනයේ තරුණයෙක් පසුගිය දා ප්‍රකාශ කළේ ඒ පිලීබදව පවති සාකච්ඡාවකදීය. යුද්ධයෙන් වසර 8ක් ගෙවෙමින් ඇති ලංකාව තුළ, සංක්‍රාන්ති යුක්තිය පිළිබද සකච්ඡා කරන පරිසරයක් තුළ ජනාධිපතිවරයා මෙසේ උතුරේ මිනිසුන් රවටන බවට ඔව්න්ට ඒත්තු යාමෙන් හානි සිදුවන්නේ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියට බව ජනාධිපතිවරයා හෝ ඔහුගේ ආණ්ඩුවේ කිසිවෙක් තේරුම් නොගන්නා තතත්වයක් තුළ නැවත වරක් මුණ ගැසෙමින් ඇත්තේ ඛේදවාචකයකි.
කලාව සහ පොලීසිය
‘එයාගේ අනන්‍යතාවය අපිට ඕන. කලාව කරත් ඒක ඕන. මොකද එයා අපරාධයක් කරොත්, අනිත් එක අපි ඉන්නේ ඔයාලගේ ආරක්ෂාවට‘ – කෙසෙල්වත්ත පොලීසියේ ස්ථානාධිපති
පැවති විරෝධතාවයේ දී Performance art සංකල්පය අභ්‍යාස කරමින් ක්‍රියාකාරිකයෙක් විසින් විරෝධතාවයක් ඉදිරිපත් කලේය. ටීෂර්ට් එකකින් සහ බූට් සපත්තුවක් සැරසී සිටි ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන් වසා තිබුණු අතර ‘බිදුණු තල්රුක‘ කෘතිය ඔහු අත විය.
මෙය කියවා ගැනීමට අපොහොසත් වූ පොලීසිය පසුව ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ අතර විරෝධතාකරුවන් මැදිහත් වී එය වලක්වන ලදි.
පොලීසියේ තර්කය වූයේ මොන කලාවක් කළත් ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාවය අවශ්‍ය බවයි. අනෙක නම් ‘කලාව කරන්න ඕන කලාගාරවල‘ පොලීසියෙ අනෙක් කතාවයි.
මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද කිසිදු අදහසක් නැති බහුතර පොලිස් නිළධාරින් සිටිනා ලංකාවේ පොලීසිය කලාව ගැන කුමක් හෝ දන්නේ නැති බව පුන පුනා ලිවිය යුතු නැත.
ඒ කෙසේ වෙතත් සාමකාමී විරෝධතාවයන් වලදී පොලීසිය තවමත් පෙන්නුම් කරන්නේ රාජපක්ෂලාගේ තක්කඩි ක්‍රමය ම බව අද තව දුරටත් කෙසෙල්වත්ත පොලීසිය විසින් පෙන්නුම් කළේය.
අනෙක් පසින් නිදහස් අදහසක් කලාව තුළින් ‘ප්‍රකාශණයට පත් කිරීමට ඇති නිදහස‘ පොලීසිය අමු අමුවේම මේ ක්‍රියාව තුළින් තර්ජනයට ලක් කළේය.
අවසානයේ පොලීසිය තවත් විහිලු කතාවක් කිවේය.
‘එයාගේ අනන්‍යතාවය අපිට ඕන. කලාව කරත් ඒක ඕන. මොකද එයා අපරාධයක් කරොත්, අනිත් එක අපි ඉන්නේ ඔයාලගේ ආරක්ෂාවට‘
පූජිත තවත් භාවනා කරන්න!
Full Photo Set!