CIC Agri Business සහ Shnzen-oh Koku යන සමාගම්වල ඒකාබද්ධ අපනයන ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට සූදානම් බව වාර්තා වේ. . මේ සඳහා 2009 ජුනි 9 වැනි දින කැබිනට් අනුමැතිය ලබා ගැනීමට ද මෙම ව්‍යාපෘති සැලසුම්කරුවන් කටයුතු කර ඇත. මෙය BOI ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ චුන්ඩන්කාඩු රක්‍ෂිතය තුළ හා චුන්ඩන්කාඩු යෝජිත රක්‍ෂිත වනාන්තරය තුළය. මෙම කෙසෙල් ව්‍යාපෘතිය සඳහා රජයෙන් අක්කර 15,000ක් ඉල්ලා ඇති අතර මෙම සමස්ථ භූමි ප්‍රමාණයම රක්‍ෂිත වනාන්තරයට අයත් ඒවා වේ.
ඉහත සමාගම් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙහිලා බලාපොරොත්තු වන අරමුණු මෙසේය.
අපනයනය සඳහා උසස් තත්වයේ කෙසෙල් වගා කිරීම
කෙසෙල් වගා කිරීමේ තාක්‍ෂණික හා කළමනාකරණ දැනුම වර්ධනය කිරීම
පවුල් 1000කට රැකියා ලබා දීම
ගොවිජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කිරීම
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වීම
නමුත්, මෙම අරමුණු කිහිපය මුදුන් පමුණුවා ගැනීමේදී ඉහත සඳහන් රක්‍ෂිත වනාන්තරයට සිදුවන හානිය අපට මිලකළ හැකි තත්වයක පවතින්නේ නැත.
මෙහි ඍජු හා දැඩි බලපෑම එල්ලවන්නේ රක්‍ෂිත වනාන්තර පද්ධතියට ය. මෙහිදි විශේෂයෙන්ම චුන්ඩන්කාඩු රක්‍ෂිතයෙන් වර්ග අක්කර 5000ක් හා චුන්ඩන්කාඩු යෝජිත රක්‍ෂිතයෙන් වර්ග අක්කර 10,000ක් මෙම සී. අයි. සී. සමාගමේ කෙසෙල් ව්‍යාපෘතිය නිසා විනාශ මුඛයට යන බව ගනන් බලා ඇත. මෙම වනාන්තර දෙකම ඒකාබද්ධය පිහිටා ඇති අතර මෙහි පත්‍ර වියනේ ඝනත්වය සියයට 60-80 අතර තත්වයක පවතින බව පරිසර වේදීන් පෙන්වා දෙයි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉතාමත්ම වටිනා ශාකවර්ග වන කළුවර, කලුමැදිරිය, පලු, මිල්ල, වීර, තිඹිරි, වෙලන්, කරඳ හා කනුමැල්ල යනාදී ශාක විනාශ වී යන බව පෙන්වා දිය හැකි වේ. ජෛවවිවිධත්ව තක්සේරුවට අනුව මෙම චුන්ඩන්කාඩු යෝජිත රක්‍ෂිතය ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට බෙහෝසෙයින් වැදගත්වන බව පරිසරවේදීන් පෙන්වා දෙයි. මෙම රක්‍ෂිතය තුළ හෙක්ටයාර් 1ක, විශ්කම්බය සෙ.මී. 10ට වඩා වැඩි ගස් 112ත් 125ත් අතර ප්‍රමාණයක් පවතී. මෙහි යටි වියනේ පැල ඝනත්වය හෙක්ටයාර් 1ට 11200-12300 පමණ වෙයි.
මෙම ව්‍යාපෘතිය නිසා වැනසෙන අනෙකුත් දේශීය සම්පත් අතුරින් වැව් ප්‍රධාන වෙයි. ජනරංජන වැව, සූරියවැව යනාදී ගොවි කටයුතු සඳහා ජලය ගබඩා කරගන්නා වැව් රාශියක් මෙම කෙසෙල් ව්‍යාපෘතිය නිසා විනාශ මුඛයට ගමන් කරයි. සෝමාවති ජාතික වන උද්‍යානයේ සිට මෙම ප්‍රදේශයන්ට සංක්‍රමණය වන අලි ඇතුන්ගේ සංඛ්‍යාව 100කට වැඩිය. එබැවින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කලහොත් මෙම අලින් තර්ජනයට ලක්වේ. මෙම ප්‍රදේශයේ වැව්වල ජලය ඉහත කෙසෙල් ව්‍යාපෘතිය සඳහා යෙදවීමේදී වනසතුන් ඇතුළු වනාන්තර පද්ධතියට අහිතකර බලපෑම් එල්ල වන්නේ නිරායාසයෙනි.
මෙහි වඩා වැදගත් දෙය වන්නේ මේ වන විට මෙම කෙසෙල් ව්‍යාපෘතියට භාවිතාවන භූමිය මේ වන විට නාගරික සංවර්ධන හා පූජාභූමි අමාත්‍යාංශය විසින් පරිසර සංරක්‍ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. එමෙන්ම වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් රක්‍ෂිතයක් හා යෝජිත රක්‍ෂිත තත්වයෙන් පාලනය කරනු ලබයි. මධ්‍යම පරිසර අධිකාරිය විසින් සකස් කර ඇති නැගෙනහිර උපායමාර්ගික පරිසර සංරක්‍ෂණ සැලැස්මේ සංරක්‍ෂිත ප්‍රදේශයක් ලෙස ද මෙම වනාන්තර ප්‍රදේශය හඳුනාගෙන ඇත. මීට අමතරව සෝමාවති වන උද්‍යානයට යාබදව පිහිටීම හා විල්ලු පරිසර පද්ධති පෝෂණයට දායකත්වයක් සැපයීම නිසා ද ඉහත භූමී ප්‍රමාණය අතිශය වැදගතත් වේ. එමෙන්ම මෙම වනාන්තර ප්‍රදේශය කලාපයේ සංවහන වර්ෂාවන් සඳහාද ඉමහත් වැදගත්කමක් උසුලයි. මෙසේ ආවරණ ගණනාවකටම යටත්ව ඇති මෙම භූමි ප්‍රදේශයේ මෙවන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට බලය ලැබෙනුයේ කෙසේ ද? බලය ලබා දුන්නේ කවුද? පරිසරවේදින් මෙන්ම ප්‍රදේශවාසීන්ද ප්‍රශ්ණ කරමින් සිටී.
මෙම ව්‍යාපෘතිය නිසා ඇති කරනු ලබන අහිතකර බලපෑම් තවත් පැති රාශියක් ඔස්සේ විහිද පැතිර යයි. ව්‍යාපෘතිය සඳහා භාවිතාවන වනාන්තර ප්‍රදේශය නිදහස් කිරීමේ පූර්වාදර්ශය මත තවත් වනාන්තර රැසකට තර්ජන එල්ලවන බව පෙන්නුම් කෙරේ. ව්‍යාපෘතිය සඳහා වනාන්තර ඉඩම් භාවිතා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ථ වන ඝහනයෙන් විශේෂයෙන් වියළි කලාපීය වන ගහන ඝනත්වය තවදුරටත් විනාශයට පත් වේ. මීට අමතරව විශාල ජෛව විවිධත්වයක වාසස්ථාන අහිමි වීම, ආහාර බිම් අහිමිවීම හා නිරන්තර ජීවිත හානි ඇති විම, විශාල ජෛව විවිධත්වයකට හේතු වන ශාක විවිධත්වයක් විනාශ වීම, අලි-මිනිස් ගැටුම වර්ධනය වීම හා මෙම දෙපාර්ශවයේම ජීවිත හානි සිදුවිම, වගා බිම් සඳහා වන වත්මන් ජල සම්පත් අහිමි වීම, විශාල රසායනික ප්‍රමාණයක් ජලයට එකතු වීම, විවිධ රෝග පාලනය සඳහා යොදන දිලීර නාශක නිසා වනාන්තරයට බලපෑම් එල්ල වීම, ආදේශක නව කෙසෙල් ප්‍රබේද නිසා දේශීය කෙසෙල් ප්‍රබේද විනාශ වීමට හේතු වීම, උක් වගාවට සමාන කුලී කම්කරුවන් 1000කට ආසන්න බහුතරයක් නිර්මාණය වීම, දේශීය කෙසෙල් නිශ්පාදකයින්ට වෙළඳපොල තර්ජනයක් වීම වැනි අහිතකර ප්‍රතිඵල රාශියක් මෙම ව්‍යාපෘතිය තුළින් ඇති කරනු ලබයි.
බන්දු රංග කාරියවසම්ගේ ඉදිරිපත් කිරිමක් තුළින් සැකසිණී.
Pic by Sampath Samarakoon