මෙරට මහාජාතිය වසර දෙදහස් පන්සීයක ඉතිහාසය වරුගණන් තළුමරමින්, දේශණ පවත්වමින්, ගල් කුළු අතර දිවයමින්, රූපවාහිනි දෙවනක් කරමින්, ගම් නියම්ගම් ඔස්සේද මහාඝාටනයේ යෙදුනද, ඉතිහාසයේ අක්මුල් සොයා ගියද වසර දෙදහස් පන්සියයක් ඉතිහාසයෙන් තබා මෑත ඉතිහාසයෙන්වත් ඉගෙනගත් දෑ, මේයැයි පෙන්වීමට හැකි දෙයක් නැත. එසේ නොමැතිනම්, මේ තරම් පිරිහිණු රටක් නිර්මාණය වන්නට, ජනතාපරමාධිපත්‍ය මෙතරමි පිස්සු කෙළිනා තත්ත්වයක් ඇතිවන්නට කිසිම කාරණාවක් නොමැත. ඉතිහාසයේ වූ වැරදිවලින් වත් පාඩම් ඉගෙන නොගන්නා සේම ඉතිහාසයේ වූ වැරදි නැවත නැවතත් සිදුවේනම් එවැනි රටක් ජාතියක් පිරිහීමේ මාර්ගයේම යන්නාහ.
මෙරට ඉතිහාසය පුරාම එකම වැරැද්ද නැවත නැවතත් කර තිබේ. එහි වන්දිය ගෙවන්නට සිදුවන්නේ ද ජනතා පරමාධිපත්‍යටය. එහි ළඟම උදාහරණය පසුගිය 18 වනදා ගාලු මුවදොර පිටිය දෙවනක් කරමින් පැවැත්වූ යුධ සැමරුමේ පළමු සංවත්සරය සැමරීම අපි දුටිමු. තවමත් උතුරේ බිඳීගිය සිත්සතන් සුවපත්වී නොමැති වටපිපාවක, මේ උජාරු ජයපැන් උත්සවයෙන් ඒ බිඳුනු සිත්හි වේදනාවන් වැඩිවනවා මිසක එය සැබෑ මානුෂීය සැමරුමක් නම් නොවන්නේය. තවත්, එහි ඇති බැරෑරුම් කාරණා ගණනාවක් වටහා ගැනීම අප කල් නොමරන්නෙමු.
දමිළ සහෝදරයා උතුරේ අන්ත අසරණ තත්ත්වයකට වැටී සිටින මොහොතක මෙවැනි සැමරීම ඔවුන්ගේ සිත් තව තවත් පාරනු නොවන්නේ කෙලෙසකද? ඔවුන්ගේ ද අම්මා, තාත්තා, අයියා, අක්කා මේ ජය පැන් බොන යුද්ධය නිසාම අහිම වන්නට ඇත. ඒ අහිමි වීම සමරා දකුණේ ජයපැන් බීම, ජාතියකට කෙතරම් සදාචාර සම්පන්න දැයි යන ප්‍රශ්ණ ගණනාවක් අප ඉදිරියේ තබයි. එය රාජපක්‍ෂ ආණ්ඩුව අහිංසක දමිළ ජනතාවට ගසන තවත් කනේ පාරක් මෙන්ම රාජපක්‍ෂ ආණ්ඩුව තවමත් මිලිටරි කෙරෙහි තබා ඇති අසීමිත විශ්වාසයයි. අනෙත් පැත්තෙන් ආණ්ඩුව මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදයේ අක්මුල් සිඳීමේ පිඹුරුපත් සකසමින් සිටින නිසාම ඒ විධායකයේ බලය තවත් ඉහළ දැමීමේ සැලසුම් වලට පෙර දකුණට හොඳ ෆන් එකක් දීමටය. අපේ ජනතාපරමාධිපත්‍යට ෆන් තිබේනම්, බඩගින්නේ මියෑදුනත් කමක් නැත. දකුණ තමන් ඇඳිවත උකස්කර හෝ ෆන් ගැනීමට සූදානම් පිරිසකි.
දමිළ සහෝදරයාගේ ප්‍රශ්ණය තවමත් පැවති තැනමය. යුද්ධය දිනුවායැයි පම්පෝරි ගැසුව ද තවමත් උතුරේ ප්‍රශ්ණයට ස්ථීරසාර විසඳුමක් සැපයීමට දකුණේ මහජාතිකවාදී ආණ්ඩුව සූදානම් නැත. උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය ලෙසින් කිනම් නමකින් කෝටි ගණන් වැයකර කටවුට් ගසමින් වැඩසටහන් ආරම්භ කෙරුණ ද උතුරට හා නැගෙනහිරට අත්වූ සුගතියක් නැත. ඉතිහාසයේදී සිදුවූ වැරදි, රාජපක්‍ෂ ආණ්ඩුව ද සිදුකරමින් සිටී. මේ ප්‍රශ්ණයට සැබෑ විසඳුම් සෙවීම පසෙකලා, උතුර හොඳ ප්‍රචාරණ වි්‍යාපෘතියක් කරගනිමින් තම තමන්ගේ කොටස තරකර ගන්නා ක්‍රමයක් වෙත යොමුවී ඇත.
කාළිංග යුද්ධයෙන් ජයගත් අශෝක අධිරාජ්‍යයා පවා යුද්ධය, ප්‍රචණ්ඩත්වය කෙරෙහි තැබූ තම අපිරිමිත විශ්වාසය වෙනස් කරගනිමින් සර්ව ජන සුගතිය වෙනුවෙන් කැපවුණි. ලොවට, මිනිස් සංහතිය වෙනුවෙන් කැපවුනු ශ්‍රේෂ්ඨ පුර්ෂයෙකු බිහිවන්නේ ඉන් පසුවය. සිදුවූ මිනිස් සංහාරය තමන්ගේ හෝ වේවා වෙනත් රාජ්‍යයක හෝ වේවා එය මිනිස්කමට නිගාවක් බව අශෝක අධිරාජ්‍යයා පවා වටහා ගත්ත ද අපේ නායකයින්ට එවැනි නින්දා වලින් වගේ වගක් නැත. වාර ගණානාවකදී ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීමේ ප්‍රතිඵල ලෙස දකුණේ සහ උතුරේ සිදුවූ තරුණ නැගිටීම් ඔස්සේ විඳීමට සිදුවූ අත්දැකීම් , අපි කීපවරක් අත්වින්ද ද තවත් එයින් පාඩම් ඉගෙන ගෙන ඇති බවක් පෙන්නට නැත.
රට, යුධ සැමරීම්, යුද්ධය ආදී මිලිටරි අදහස්වලින් විනා ජාතින් අතර සංහිදියාව ඇතිකිරීමට අවශ්‍ය මතවාදයන් රටතුළ පැතිරවීමට ආශ්චර්යයෙ රාජ්‍යයේ නියමුවන්ට අවශය නැත. ඔවුන් එය හිතාමතාම මඟ හරිමින් යන බව පැහැදිළිවම පෙනෙන්ට ඇත.
ලෝක ඉතිහාසයේ පවා මෙලෙස පාඩම ඉගෙන නොගැනීමේ ඵලවිපාකයන් උදාහරණ ලෙස ගත හැක. පළමු ලෝක සංග්‍රාමය නිමවන්නේ තවත් ලෝක සංග්‍රාමයකට අවශ්‍යය බීජ වපුරවලමිනි. මිත්‍රපාර්ශික රටවල් සියල්ල එක්ව පවුම් කෝටි 800ක වන්දියක් ඉල්ලීම නිසාම එයින් පිඩිත වන ජර්මන් ජනතාව තම පීඩනයෙන් මිඳීමට හිට්ලර් නැමති මිනිස් වෙස්ගත් යක්‍ෂයා එක්වීම හේතුවෙන් ලොව, දෙවන ලෝක යුද්ධයෙන් මිහිපිට අපායක් විය. මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකර ජීවිත ලක්‍ෂ ගණනක විනාශ වුණි. දෙවන ලෝක යුද්ධය අවසානයේදී පළමුවර මෙන් නොව එම රටවල් නඟාසිටවීමේ ක්‍රියාවලියක් වෙත මිත්‍ර පාර්ශික රටවල් යොමුවන්නේ පළමුවර අත්දැකීම් වලින් ඉගෙන ගත් පාඩම හේතුවෙනි. එහිම ප්‍රතිපළයන් ලෙස ජර්මනිය හා ජපානය යන රටවල් අද පත්ව සිටින ස්ථාවරත්යව ගැන සලකා බැලීමේදී පළමු සහ දෙවන ලෝක යුද්ධ දෙකෙහි අවසානයන්ගෙන් පසුව ගත් ක්‍රියාමාර්ග හි වෙනස පැහැදිලි ලෙස දැකගත හැක.
වරක් ජේ. ආර් ජයවර්ධනගේ වි්‍යවස්ථාව හරහා බිඳ දැමූ, මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ අක්මුල් තවදුරටත් කඩා විසුරුවා දැමීමට රාජජක්‍ෂ ආණ්ඩුවද ක්‍රියාකරමින් සිටී. 2010 ජනාධිපතිවරණයේදී වගන්ති ගණනාවක් ඔස්සේ වි්‍යවස්ථාදායකයේ බලය ශක්තිමත් කරනවායැයි දස අතේ පොරොන්දු වෙමින් බලයට පැමිණි මහින්ද රාජපක්‍ෂම වි්‍යවස්ථාදායකය බල්ලට දමා තමගේ බලය වැඩිකර ගැනීමට දැඟලීම මෙරට ජනතාපරමාධිපත්‍යය ඇන්න පොල් ටොක්කකි. දැන් එවැනි ටොකු පෝලීමේ අනින්ට රාජපක්‍ෂ රෙජීමය කටයුතු කරමින් සිටී. විධාකයේ බලතල අසීමාන්තිකව වැඩිකර ගැනීම නොහොත් තමන්ට කැමති ලෙස වි්‍යවස්ථාව වෙනස් කිරීමට කිසිදු ජනතා සංවාදකයකට ඉඩ නොතියා හදිසි පනතක් ලෙස ගෙන ඒමට ලකලෑස්ති වෙමින් සිටී. ජේ. ආර් කළ වරදම ඊටත් අන්තලෙසින් මහින්ද රාජපක්‍ෂ සිදුකරමින් සිටී.
අතීතයේ දැකුණේ සිදුවූ දේම නැවත වරක් සිදුවෙමින් පවතී. ඉතිහාසය පුරා මහජාතික සිංහල ආණ්ඩු මාධ්‍ය දඩයමේ ගියා සේම, රාජපක්‍ෂ සහෝදරයෝද ඒ කාර්යය එදාටත් වඩා හොඳින් සිදුකරමින් සිටී. ලසන්ත ඝාතනය සම්බන්ධව, ප්‍රගීත් ගැන තවමත් කිසිඳු තොරතුරක් සොයාගැනීමට නොහැකීවීමම රටෙහි නීතියේ අරාජික තත්ත්වය මනාව පෙන්වයි. එසේම අද ඔවුන් සිටිනුයේ මාධ්‍යයේ කුමක් පළවිය යුතුද යන්න පවා තීරණය කරනා තැනය. එහිම දිගුවක් ලෙස සත්‍ය ලියන්නට පෙර දෙවරක් සිතන්නට අවශ්‍ය තැනට මෙරට මාධ්‍ය නිදහස තල්ලුකරමින් තිබේ.
පාලකයන් කෙසේ වෙතත් මෙහි ජනතාපමිධිපත්‍යයද තමත් ඉතිහාසය කටපාඩම් කරනු විනා එයින් උගත් කරුණක් නැත. සියල්ල මෙසේ සිදුවෙද්දීත් ජනතාපරමාධිපත්‍ය තවමත් යුධ සමයේ වීඩියෝවක් ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති තුළින් නරඹමින් සක්වල ඇති සුරපුරක යැයි සිතා බඩගින්නට නියපොතු හපමින් අයි. ටී . එන් එකේ ඊළඟ නාට්‍ය පටන් ගන්නා තුරු මෙන් ඔහේ බලා හිඳිති.
ක්‍රිශාන් රාජපක්‍ෂ