මා කැමති යි අරක්කු
බෝතලයක් කඩා ගෙන
ආලින්දයෙන් එපිටට
ඇවිද යන්නට
සයුර ඉදිරියට ගොම්මන් වෙලාවෙහි,
මේ රහමෙර
මුසුවගාන
ගමන් ම
තොල, විඳ ගනිමින්
සොම්නස හඬ ගා බමන
සුළඟෙහි, ඇන්න දුන්
අප යුද සෙබළුන්
තළා දමමින්
ගම්මුන්හෙළමින් බෝම්බ.
ඔවුහු, දෙමළුන්,
තෝරා ගත්තු යුද්ධය,
මුහුණ පෑ යුතු දැන්
අමිහිරි ප්‍රතිවිපාකවලට
නොපැකිළ,
තනි පයින්
පැන පැන යමින්
අලුත් ස්වාමියෙකු කරා.
මෙය ඉතා පැහැදිලි,
කුමට ලියනු ද
කව් පද තවත්, නැතොත්
හඳිනු පලඳිනු හෝ
සම්භාව්‍ය කෘති කියවනුපවා?
අරක්කු මිහිරි ය,
හුණු ගල් ද
ලුණු ද මිණි ද,
තිබේ නම් උතුරුකරයෙහි
නෙළා ගැනෙනු ඇත
ඒ අපගේ
දකුණුකරය පිනවන්නට
විවේකීව ඇවිදිමින්
උණවටුනෙහි ගෙවූ සැඳෑවන්
අතින් අත ගෙන
සඳ මඬල යට;
පවා ඒ දෙමළ
පිරිමි දරුවා
සිය මවත්
පියාත් අහිමි වුණු
එල්ලය වැරදුණු
මිසයිලයකට ගොදුරුව,
පවසයි ඔහු යා යුතු යැයි
නොනැවතී ඉදිරියට
උගත යුතු යි ශිල්පයක්.
පවතී අලුත්
ගණිත ක්‍රමයක්,
වීසි කරන්න ගණක රාමුව,
බාලයෝ, අපගේ සිහිනය,
අත් හැර දමනු ලැබ ඇත.
ඔබගේ දණ ඔබා
හිස් නමා වඳින්න,
තාමත් අප
කාරුණික ය,
දෙන්නම් ඔබට කුඩා
ඉඩම් කෑල්ලක්
වීදියෙ
පහළට වෙන්න
අලුතින් ලියලපු බෝධිය යිසි
ද්ධස්ථානය යි ළඟින්.
ඉන්ද්‍රන් අමිර්තනායගම්