යුද්ධය අතරතුර ද ඉන් පසුව ද ශ‍්‍රී ලංකාව තුළ සිය වැඩ කටයුතුවල නිරතව සිටිය දී අයිතිවාසිකම් ක‍්‍රියාකාරීන් පැහැර ගෙන ගොස් ඇත, රඳවා තබා ගෙන ඇත, ප‍්‍රහාරයන්ට ගොදුරු කර ඇත. වර්තමාන ආණ්ඩුව යටතේ පවා අදහස් පළ කිරීමේ නිදහස සීමා කිරීම අඛණ්ඩව සිදු වන අතර පසු ගිය වසරේ දී ක‍්‍රියාකාරීහු සුපරීක්ෂාවට, තර්ජනවලට හා ඍජු ප‍්‍රචණ්ඩත්වයට යටත් කෙරුණහ. කාන්තා ක‍්‍රියාකාරීහු මීට අමතරව වෙනත් අදෘශ්‍යමාන බාධකවලට ද මුහුණ දෙති.
කාන්තාවන් ඉතිහාසය පුරා ම වෙනස ඇති කිරීමේ ව්‍යාපාරවල ප‍්‍රධාන කාර්ය භාරයක් ඉටු කර ඇත. ‘කුලඟන සමිති’ හා ‘මහිලා සමිති’ වැනි ව්‍යාපාර නිදහසට පෙර යුගයේ සිට ම කාන්තාවන්ට ප‍්‍රසිද්ධ ජීවිතයට සහ කාන්තා අවශ්‍යතාවන් සපුරා ගැනීම පිණිස කටයුතු කිරීමට පිවිසිය හැකි වැදගත් ප‍්‍රවේශ ස්ථාන බවට පත් විය. එහෙත් මෙම ලිපිය ලිවීම සඳහා සම්මුඛ සාකච්ජාවට එක්වූ කාන්තාවන් පැවසූ තොරතුරුවලින් පැහැදිලි වන්නේ අතිශයින් ම අසාමාන්‍ය හේතු පදනම් කර ගෙන – උදාහරණයක් ලෙස ප‍්‍රසිද්ධ සංවාද මණ්ඩපවල දී ගැටලූ පිළිබඳව හඬ නගන විට, නිතර ගමන් බිමන් යන විට, ක්ෂේත‍්‍රයේ දී පිරිමින් සමග කටයුතු කරන විට හෝ වට්ස්ඇප් හෝ ෆේස්බුක් භාවිත කිරීම නිසා ම, තව මත් කාන්තා ක‍්‍රියාකාරීන් දෙස සැකයෙන් බලන බව යි.
සම්පූර්ණ සටහන Adobe Spark ඔස්සේ කියවන්න