‘පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි සිසුවියන් සහ සේවකයන් 61 දෙනෙක් ඝාතනයට ලක් වී වසර 12කට පසුත් තවමත් යුක්තිය ඉටූ වී නැති බවට’ සදහන් කරමින් ‘විකල්ප‘ වෙබ් අඩවියේ ලිපියක් පළවිය. ‘දකුණට බොහෝ දේ අමතක කළ හැකිය [‘සෙන්චෝලේ සමූළ ඝාතනය’ වසර 12කට පසු!]’ ශීර්ෂයෙන් යුතු එම ලිපිය ‘ට්විටර්’ හි ප්‍රසිද්ධ වන වාත් සමගම එම ලිපියේ අන්තර්ගතයට මෙන්ම රචයකයාට ද දැඩි ප්රහාරයන් එල්ල වූ අතර ඒවා බොහෝමයක් වෛරී මෙන්ම අශිලාචාර ලියැවිලි ද විය.
අනෙක් අතට එයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් වසර ගණනාවක් අසන ප්‍රශ්ණයක් වන ‘සිංහලයාට නැති දෙමළාට ඇති ප්‍රශ්ණය කුමක්ද?’ වැනි ප්‍රශ්ණද අසා තිබිණි. ‘දකුණේ පිපිරුණු බෝම්බ ගැන ලියන්නේ නැත්තේ ඇයි’, ‘එ්වා හරිද?’ වැනි තවත් නරුම බවින් පිරි ප්‍රශ්ණද අසා තිබිණි. ‘යුද්ධයට විරුද්ධ වූ අපි පිපුරුණු සියලු බෝම්බ වලට විරුද්ධයි’ ‘එය දකුණද උතුරද කියා නැත’ අප ලීවෙමු. ‘ඔබ කියන්න සෙන්චෝලේට බෝම්බ දාපු එක වැරදියි කියලා’ බොහෝ දෙනෙක් ඒ ප්‍රශ්ණය ආ විගස අතරුදහන් විය.
ඒ බොහෝ දෙනෙක් පළ කල අදහස් සහ අනෙකුත් සාධනීය විවේචන මෙන්ම ඉතාමත් නග්න, වෛරී සහ නරුම විවේචනද අඩංගු එම ට්වීට් නැවත මෙහි පළ කරනු ලබන්නේ වසර මින්සුන් දහස් ගණනක් ඝාතනය කලායින් පසුවත්, අවදි නොවූ හෘද සාක්ෂීන් ගැන නැවත වරක් කල්පනා කරන්නන් සදහා පමණක් මෙය නැවත කියැවීම වැදගත් වන හෙයිනි. එසේම ‘ඊනියා සිංහල බෞද්ධ අධිපතිවාදය’කරපින්නා ගත් ඇතැමුන් තවමත් සිංහල නොවන මිනිසා දෙස බලා සිටින්නේ ඊනියා යුදජයග්රහණයෙන් හිරි වැටී ගිය මෙන්ම ජාතිවාදය කරපින්නාගත් මානසික තත්ත්වයකින් බව නැවත වරක් උදාහරණ සහිතව පෙන්වා දීමටය.
ඒ අතරතුර අප මෙසේ ලීවේමු.
දකුණට බොහෝ දේ අමතක කළ හැකිය [‘සෙන්චෝලේ සමූළ ඝාතනය’ වසර 12කට පසු!] ලිපියට ලැබෙන සිය ගණනක් ප්‍රතිචාරවලින් බහුතරය එයට අදටත් සාක්ෂිය. එබැවින් සංක්‍රාන්ති යුක්තිය පිළිබද සාකච්ඡාවටත් අප තව බොහෝ දුර යා යුතුය. ඒ යුද වින්දිතයා පිළිබද දකුණේ හෘදසාක්ෂිය කුඩුපට්ටම් වී ඇති බැවිනි. #LKA https://t.co/mfTIGiolbK
— Vikalpa (@vikalpavoices) August 16, 2018
ශිෂ්ට ලෙස ප්‍රතිචාර ලබා දුන් සැමට අප ප්‍රතිචාර ලබා දී ඇති මුත් නරුම ලෙස අකුරු කරන, වෛරී ලෙස ප්‍රතිචාර දක්වන කිසිවෙකුටවත්, හෝ තමන්ගේ විනෝදය සදහා වෙනත් මාර්ගවල යන අයටත් අප ප්‍රතිචාර දක්වන්නේ නැත.
ස්තූතියි! සංවේදී වූ සැමට.. https://t.co/UYKUj358u8 #lka https://t.co/O3eGG3XNRo
— Vikalpa (@vikalpavoices) August 16, 2018
එසේම ඉතාමත් සාධාරණ සහ මානුෂවාදී සිතමින් සිය අදහස් පළ කල පාඨකයන් ද ඒ අතර වීම බලාපොරොත්තු දනවන කරුණක් බව ලියා තැබිය යුතුමය.
1) මේක අන්තිම පිළිකුල් සහගත කතාවක්නේ. මුලින් ම ඔයාගේ ගණන් වැරදියි. නැවත ඉපදීම පිළිගන්නා කෙනෙකුට වුණත් අවුරුදු 12 කට කලින් මැරුණු අය දැන් අවුරුදු 30-40 මිනිස්සු වෙලා ඉන්නෙ කොහොමද කියලා පැහැදිලි වෙන්නේ නැහැ.
— Lohan G (@lohang) August 16, 2018
##
NGO සල්ලි වලට පොන්න වැඩ කරන පොන්නයෝ https://t.co/gQxSrZ27jB
— ____ (@NRakitha) August 15, 2018
කොළඹ, නුවර, අනුරාධපුරේ, කාත්තංකුඩි, කැබිතිගොල්ලෑව, පදවිය,… etc etc රට පුරාම කොටි සිංහල, මුස්ලිම් මිනිස්සුන්ව මරපු ඒවත් මේ වගේම දාපල්ලකෝ… එක එකාගෙ කටු ලෙවකන බල්ලෝ..
— සුජිත් අය්යා (@Suji_Gun) August 15, 2018
NGO wal ballo. Didee indapan Salli walata.
— Lankan Politics (@LankanKaviyaa) August 15, 2018
රටේ කරුමෙට ඉපදුන උන් ටිකක් ඉන්නවා, උන්ට දකුණේ බෝම්බ පිපිරුන ඒවා මතක නෑ, ඒත් අහවල් ඒවා නම් උලුප්පලා දෙන්නේ. #NGOBitches #lka https://t.co/wBzfwB5ULc
— Ravi Yasas (@raviyasas) August 15, 2018
වැරදීමකින් සිදුවූ ජාතකයක්
— (@DulithK) August 18, 2018
විකල්ප ඩොලර් වලට කහින මේ රටේ බෞද්ධයා විනාශ කරන්න ආපු එවුන් wage
— Gayan C amarasinghe (@camarasin1) August 18, 2018
එතකොට දකුණේ උන්ට විතරද හැමදේම අමතක??උතුරේ උන්ට අමතකද දන්නේ නෑ බඩේ බැදන් ඇවිත් දකුනේ පුපුරුපු බෝම්බ ඒවයින් මැරුනු සින්හල මිනිස්සු
යුධ වින්දිතයන් ඉන්නේ උතුරේ විතරද??
උබලා වගේ උන් මේ තුවාල හොද වෙන්න නොදී විටින් විට පාරන්නේ ඇයි??
දීපන් මේවට උත්තර #lka @vikalpavoices @groundviews https://t.co/4hZhpY2U2c— Pavitra Gunasekara (@PaViYaz) August 18, 2018
බම්බුව.දකුනට තියෙන උතුරට අහිමි දේවල් මොනවාද.දෙමල මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ උතුරේ දලුලමින් වැඩෙන අන්තවාදී TNA වැනි දේශපාලන කල්ලි.උතුරේ සංක්‍රාන්තික යුක්තිය ඉටුවුනේ 2009 05 18දින.උතුරේ මිනිස්සුන්ට දේශපාලන විසදුම් ඕනෙ නැහැ.ඕන කරන්නේ ආර්තික සංවර්ධනය පමණයි.
— Viraj Samindika Gunathilaka (@SamindikaViraj) August 17, 2018
Vikalpa යනු LTTE Diaspora වේ $ වලින් සිංහල ජාතියට විරැද්දව පමණක් බොරැව සමාජගත කරන දේශ දොහි කණ්ඩයමකි. තුවලය පෑරීම හැර වෙන කරන මගුලක් නැත.
— Rohitha Thennakon (@AjithTennakoon) August 16, 2018
මෙය හිතාමතා කල සමූලඝාතනයක් කියල කොහොමද කියන්නේ?. වචන භාවිතයේදී ඔබලාගේ පක්ෂග්රාහී බව නිසා සමාජගතවෙන්නේ වැරදි මතයක්! ඔය සම්බන්ධයෙන් නියෝග කල කෙනෙක් පිලි අරගෙන තියෙනවද ළමා නිවාසයක් බව දැනගෙන හිතාමතා ප්‍රහාරය නිකුත් කළා කියල? ඔබලා පිළිගන්නවද LTTE කියන්නේ ත්‍රස්තවාදී සංවිදානයක් කියල?
— Manoj J (@realEmJay6) August 16, 2018
මෙමෙ වාර්තාවේ අතුරුදන් වීමක් සම්බන්ධයෙන් මිස ගුවන් ප්‍රහාරයක් පිලිබඳ නොවේ. අතුරුදන් වූයේ දමිළ තරුණයින් පමණක් නොව. සිoහල තරුණයින්ද දහස් ගනණක් අතුරුදන් විය. නමුත් අප නුබලා මෙන් ඔවුන්ව පාවාදී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් උදේ හවා මජර යුරෝපා නියෝජිතයින්ගේ පාවහන් ලෙවකන්නේ නැත.
— Eranga KND (@Erangaknd) August 16, 2018
ජාත්‍යන්තර සoවිධාන යන්න කොටි හිතවාදී ජාත්‍යන්තර සoවිධාන ලෙස සදහන් කිරීම ගැලපේයැයි මාගේ අදහසයි.
— Eranga KND (@Erangaknd) August 16, 2018
එවකට සිටි ජාත්‍යන්තර සංවිධාන වලින් සමහර ඒවා දෙමල ඩයස්පෝරා එකට එලිපිට සහයෝගය දැක්වූවා..
ඒ වගේම ඔවුනුත් ඔබ වගේම සිංහල මුස්ලිම් සාමාන්‍ය වැසියන් ඉලක්ක කල එල්ටීටී බොහෝ ප්රහාරයන් නොදැක්කා සේ හිටියා..
මට අනුව ගුවන් ප්‍රහාර වලට සාධාරණ ඉල්ලීම කියන්නෙ ම සුපිරි ම තක්කඩි කමක්..
— Amila Chathuranga (@indika27) August 16, 2018
පාසලකට බෝම්බ දැමීම කිසිසේත්ම කල නොහැකි දෙයක්. නමුත් මෙම ප්‍රහාරය හිතා මතා සිදුකලාක් මෙන් අදාල පාර්ශවයන් හoවඩු ගැසීමද කල නොහැක.. යුද්ධයකදී ලැබෙන බුද්ධි තොරතුරු වල පවතින්නේ සම්බාවීතාවයකි. මේ සිද්දිය පසෙකලා LTTEය හිතා මතා සිදු කල ම්ලේච්ඡ ප්‍රහාර ගැන ඔබගේ නිහඩභාවය හාස්‍යජනකය
— Eranga KND (@Erangaknd) August 16, 2018
මම යාපනයේ ගොස් ඇති අතර කදුකරය මාගේ නිවහනයි. ඒ මිනිස්සු ගෙන ඔච්චරම කැක්කුමනම් ඔබ කල යුත්තේ අන්තවාදී සාදාරණයක් ඉල්ලීම නොව. මිය ගියේ එක් පිරිසක් නොව. මියගිය සිoහල හෝ මුස්ලිම් වැසියන් ගැන කෝ ඔබේ තර්කය? NGO ඩොලර් හරහා එන බටහිර නූතනවාදයේ බීජ වපුරන්න ඔබ දරන නිරුවත් උත්සාහය ඉතා නින්දිතයි
— Eranga KND (@Erangaknd) August 16, 2018
ඇත්තටම අපි ඔය මලමිනී කොච්චර කලක් මතක තියාගන්න ඕනිද?
ඔයාල පෞද්ගලික ලාබ ප්‍රයෝජන වලට ඔය දෙමල මරන මාකට් කරද්දි අපේ අය මාකට් කරන්නෙ අරන්තලාව,කැබිතිගොල්ලෑව ..
දැන් ඔ මැරිච්ච ඔක්කොම ඊලග ආත්මෙ ඉපදිලා අවුරුදු 30-40 මිනිස්සු වෙලත් ඇති..ඒත් සේල්ස් වැඩ ඉවර නෑ ඔයාලගෙ..— Amila Chathuranga (@indika27) August 16, 2018
vikalpa team is trying to highlight some propaganda. Wht abt the LTTE killings in other parts of the country. Dnt you have a voice for those innocents. Killings in villages. Kent farm dollar farm. Students killed in DS sennanayaka college.. do you remember them atleast?? #lka #lk https://t.co/ahn4XXPG5J
— AMIWEERA (@AmilaWeerasing6) August 15, 2018
The suicide bombing killed 16 people including eight school children of D. S. Senanayake College's baseball team
#WarCrimes #LTTE @vikalpavoices #SriLanka #lka pic.twitter.com/xDiBInchr0— Sandun Bandara (@sanddun) August 15, 2018
ඉහත ප්‍රසිද්ධ කරන ලද්දේ ට්වීටර් කිහිපයක් පමණි. සම්පූර්ණ ට්විටර් සදහා පිවිසෙන්න