“පුද්ගලයෙකුගේ ස්වයං-ප්‍රකාශනය තහනම් කිරීම මරණයට ආරාධනා කිරීමකි. තම පුද්ගලභාවය සහ අනන්‍යතාවය වෙනස් නොකිරීම පුද්ගලයෙකුගේ ස්ව-අභිමනය ලබා දීමක් වේ. තමාව අර්ථ දක්වන්නේ තමා විසිනි.පුද්ගලයෙකුගේ ස්වභාවික අනන්‍යතාවය එම පුද්ගලයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ. ස්වභාවධර්මය ලබා දෙන දේ ස්වභාවික වේ. එසේ නම් පුද්ගලයාගේ ස්වභාවයට ගරු කල යුතුය. ඊට අවමන් නොකළ යුතුය. පුද්ගලයාගේ ස්වභාවය සමාජීය වශයෙන් පිලි නොගැනීම සහ යල් පැන ගිය පරමාදර්ශයන් පදනම් කරගෙන ඊට නීතියෙන් දඬුවම් පැමිණවීම පුද්ගලයාගේ අනන්‍යතාවයේ හරයට බලපායි”
යනුවෙන් පසුගිය සැප්තැම්බර් 6 වෙනි දා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය “සමරිසිභාවය සාපරාධි ක්‍රියාවක් ලෙස සැලකීම ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි” තම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා සිටියහ. නව්තේජ් සින්ග් ජොහාර් එදිරිව ඉන්දීය සමූහ ආණ්ඩුව නමැති මේ නඩුවේදී නීතිඥ මඩුල්ල, ලිංගික දිශානතිය සහ එහි ප්‍රකාශනය පුද්ගලයෙක්ගේ (sexual orientation and expression ) ජීවිතයට සහ නිදහසට වැදගත් වෙන්නේ කෙසේද යන්න ඉතාම දක්ෂ ලෙස කරුණු ඉදිරිපත් කරමින් පැහැදිලි කළහ.
ඒ අනුව විකල්ප වෙත මෙම ඉතිහාසගත සිදුවීම පදනම් කොට ගනිමින් නීතිඥවරියක වන උදා මැණිකේ දේශප්‍රිය සමඟ LGBT ප්‍රජාව, එකී නඩු තීන්දුව හා ශ්‍රී ලංකාවේ අයිතීන් පිලිබඳ ව්‍යාපාරයට එය දායක කරගන්නේ කෙසේද යන්න සම්බන්ධව මෙලෙස අදහස් පළ කළාය.
“ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය ඉන්දියාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 377 වන වගන්තිය හා සමානයි. මේකත් 1883 බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැනවූ නීතියක්. නමුත් නීතිමය අතින් ගත්තම මේ රටවල් දෙක අතර තියන වෙනසක් තමයි ශ්‍රී ලංකාවේ අධිකරණමය සමාලෝචනයට ඉඩක් නැති එක”
“එතකොට ඉන්දියාවේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ සමරිසි අයිතිවාසිකම් දිනාගැනීමේ ව්‍යාපාරයට ශක්තියක් කරගන්න පුළුවන්. සමරිසි අයිතිවාසිකම් දේශපාලන කතිකාවතට ගේන එක තමයි කරන්න ඕනේ. සමරිසි ප්‍රජාවට වගේම මානව හිමිකම් වෙනුවෙන් අරගල කරන කණ්ඩායම් වලට, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට සහ පොදු ජනතාවට මේ සම්බන්ධයෙන් කාර්ය භාරයක් තියෙනවා”
සම්පුර්ණ වීඩියෝව සඳහා පිවිසෙන්න.