iMGAE: Melani Manel
“පරම්පරා තුනක් හතරක් මේ වාසස්ථාන අහිමි ලේබලය යටතේ වර්තමානයේ දී මීගමුවේ ජීවත්වෙනවා. මේ ප්‍රශ්නයට එදා වරින්වර විසඳුම් ලබාදුන්නා වගේ, වර්තමානයේදිත් මීගමුවේ ඉන්න අඩු ආදායම් ලාභි නිවාස අහිමි ජනතාවගේ ප්‍රශ්නයට ආණ්ඩුවේ මැදිහත්වීමක් අත්‍යවශ්‍යයි. මීගමුව පුරවරයේ ඕනෑතරම් ඉඩ තිබෙනවා නිවාස සංකීර්ණයක් වුනත් හදන්න, බලධාරීන් ඕනෙකමකින් මේ ප්රශ්නය දිහා බලනවානම්.”
මෙය 2018 ඔක්තෝබර් මස පළමුවෙනි දා, ලෝක වාසස්ථාන දිනයේදී, වාසස්ථාන අහිමි, මීගමුව ජනතා ඒකාබද්ධ සංවිධානයේ සියලූ සාමාජික සාමාජිකාවන්ගේ එකම ඉල්ලීම විය.සෑම පුරවැසියෙකු හට ම ස්ථිර වාසස්ථානයකට ඇති අයිතිය පිළිබඳව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ප්රඥප්තියේ 11 වන සහ 25 වන වගන්ති වලින් ද, එක්සත් ජාතින්ගේ ආර්ථීක , සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් සම්මුතියේ 17 වන පරිච්ඡේදය මගින් ද, ශ්‍රි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6වන පරිච්ඡේදයේ (27 ඈ) වගන්තිය මගින් ද තහවුරු කරයි.
ශ්‍රි ලංකාව දශක තුනක සිට ලෝක ජනාවාස දිනය සමරමින් සිටියි. එවන් දිනයක පුරෝගාමීත්වය නැතහොත් ඇරඹුමේ ගෞරවය හිමි වන්නේ ද ශ්‍රි ලංකාවට ය. එනම් සමස්ත ලෝක නායකයින්ගේ අවධානය ශ්‍රි ලංකාව වෙතට යොමුකරවාලමින් වසර 1980 දී එක්සත් ජාතින්ගේ ජනාවාස සමුළුව ආමන්ත්‍රණය කරමින් ආරාධිත මුඛ්‍ය දේශනය පැවැත්වූ එවකට හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා විසින් අන්තර්ජාතික වාසස්ථාන දිනයක් පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළේය. එහි ප්රථිඵලයක් ලෙසට 1987 වසර “වාසස්ථාන වසර” ලෙසට ප්‍රකාශයට පත්කෙරිණි. වර්ථමානයේදි සෑම වසරකම ඔක්තෝබර් පළමුවන සඳුදා දින ලෝක ජනාවාස දිනය ලෙස සමරනු ලබයි.
වසර ගණනාවක් එකම තැන එකම විධියට ජීවත්වන ඔවුන් “ජීවිත අවදානම” හා සරණ ගොස් සිටිති. නිවෙසක් තනාගැනීමේ නොහැකියාව මත, අනවසර පදිංචි කරුවන් ලෙසටත්, කුලී නිවැසියන් ලෙසටත්, ඥාතින් මිතුරන්ගේ නිවාසවල ජීවත්වන ආගන්තුකයින් ලෙසටත් එ්කරාශි වන ඔවුන් ශ්‍රි ලංකාවේ මීගමුව පුරවරයේ අඩු ආදායම් ලාභි වාසස්ථාන අහිමිවුවන් වෙති.
මෙලනි මානෙල් විසින් ලියන ලද සම්පුර්ණ ලිපිය ඇතුළත් කොට විකල්ප විසින් Adobe Spark හි පළ කොට ඇති ජායාරූප සටහන සදහා මෙතනින් පිවිසෙන්න.