iMAGE: vikalpa/unframed Negombo
“ මම (බන්දුල ඉඩමේගම) සහ මගේ මවත්,සහෝදරියන් තිදෙනාත් නැවත නැවත ඉල්ලා සිටින්නේ, දඹුල්ල පොළේදී රැගෙන ගිය, මගේ සහෝදරයා වන ආනන්ද ඉඩමේගමගේ අතුරුදහන් කිරීම වෙනුවෙන් වගකිව යුත්තේ කවුරුන්ද ?බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් මගේ සහෝදරයා අතුරුදහන් කිරීමට නියෝග ලබාදුන්නේ කවුද ? එම නියෝගය ලබාදුන්නේ කවදාද කියා හෙළිදරව් කර, මගේ සහෝදරයාට යුක්තිය ඉටුකරන ලෙසය.
ආනන්ද ඉඩමේගම යනු, 1980 වනවිට, පේරාදෙණිය විශ්විද්‍යාලයේ, ඉංජිනේරු පීඨ, අවසන් වසර සිසුවෙක් වූ අතර, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ (අන්තරේ ), සභාපති ද විය. උදලාගම කොමිසම විසින්, ආනන්ද ඉඩමේගමගේ, ශිෂ්‍ය දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන්, ඔහුගේ ශිෂ්‍යභාවය අහෝසිකර තිබුණි. ආනන්ද ඉඩමේගම දඹුල්ල මහජන පොලේදී පැහැරගෙන ගොස්, අතුරුදහන් කරන ලද අතර, එයට විරුද්ධව, රාජ්‍ය යාන්ත්‍රණය අදටත්, කිසිදු විමර්ශනයක් සිදු කර නොමැත. මේ 1980 වේ සිදුකල අතරුදහන් කිරීමකි.
2010 ජනවාරි 24 වනදින සිට මේ මොහොත දක්වාම බලහත්කාරයෙන් අතුරුදහන් කර තිබෙන, ප්‍රගීත් එක්නැලිගොඩගේ කතාව, ආනන්ද ඉඩමේගමගේ ආඛ්‍යානයෙන් වෙනස් නොවේ. ඉඩමේගමගේ ආදරණියන් ලෙසම, සන්ධ්‍යා එක්නැලිගොඩද මේ මොහොතේ, දළදා මාලිගාව අභියස අධිෂ්ඨාන පුජාවක් ද කරමින් අසන්නේ , කවුද, කවදාද, ප්‍රගීත් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට නියෝග කලේ සහ ඒ වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමය.
ආනන්ද ඉඩමේගම, විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැරීමට යොදාගත් විෂය වුයේ, ඔහුගේ දේශපාලන ක්‍රියාකාරම්ය. හෙතෙම, ජනතා විමුක්ති පෙරමුණේ, මධ්‍යම කාරක සභිකයකු වීම, ජනතා මුදලෙන් නඩත්තු වන, රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන්, නෙරපා දමා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්, අතුරුදහන් කිරීමට හේතුවක් වේ ද? ප්‍රගීත් එක්නැලිගොඩ විසින් රාජපක්ෂ පවුල් ගස සහ යුද්ධයේ දී සිදුවූ අපරාධ විවේචනය කිරීම, ඔහුව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට කාරණයක් ලෙස සැළකිය හැකිද?
යථෝක්ත සියලු ආඛ්‍යානයන් ප්‍රකාශනය කිරීමේ අභිප්‍රාය නම්, 2018 ඔක්තෝබර් 16, 17 සහ 18 යන දිනයන් හි, පේරාදෙණිය විශ්ව විද්‍යාල, “මාගේ දේශය අවදි කරනු මැන” , සාහිත්‍ය උළෙලේදී, පැවැත්වූ UNFRAMED ජායාරූප ප්‍රදර්ශනය , සිසුන් කිහිපදෙනෙකු ගේ විරෝධය හේතුවෙන් වාරණය කිරීමය. UNFRAMED වාරණ කිරීම පිලිබඳ වන මාධ්‍ය ප්‍රකාශනයට අනුව
“LTTE ය සහ එක්නැලිගොඩ වැනි අතුරුදහන් කළ යුතුම පුද්ගලයන්ගේ ආඛ්‍යාන සහිත ජයාරූප UNFRAMED හි වන හෙයින්, තම (රාජ්‍ය) විශ්වවිද්‍යාලයක එය ප්‍රකාශනය වෙනුවෙන් අවකාශය කිසිසේත්ම ලබාදිය නොහැකි බවට ශිෂ්‍යයන් කිහිපදෙනෙකු ප්‍රකාශ කිරීමය”.
මට පවතින ගැටලු ව නම්, JVP හෝ LTTE හෝ වේවා, හමුදා ශ්‍රමිකයකු හෝ වේවා, මනුෂ්‍යයකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම, කුමන හෝ පදනමක් මත සාධාරණීකරණය කල හැකිද? විශේෂයෙන්ම, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ, ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවන් අතුරුදහන් කළ ඉතිහාසයක් පවතින තත්වය මත, ඔවුන්ගේම, වර්තමාන සහෝදර සහෝදරියන්ට, එම අතුරුදහන් කිරීම් සහ රාජ්‍ය මර්ධනයන්, හෘදය සාක්ෂියට එකඟව සාධාරණය කළ හැකිද? මාතලේ රෝහල අසල දී හමුවූ, 1987 -1990 යුගයට අයත් බවට සාක්ෂි සහිතවූ, සමුල මිනීවල තුළ වුයේ, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය හේතුවෙන් අතුරුදහන් කරන ලද මනුෂ්‍යයන් නම්, එම අශිෂ්ට ඝාතනයන් සිදුකිරීමට, නියෝග ලබාදුන්නේ කවුද කියා සොයාබැලිය යුතු නොවේද? අතුරුදහන් කරන ලද, ඔවුන්ගේ කතාව, අපට අමතක කරන ලෙස, විශ්වවිද්‍යාල ශිෂ්‍ය හඬ තුලින් පැමිණීම, කොතරම් අශිලාචාරවේ ද?
අනෙක් කරුණ නම්, ඉඩමේගමට සහ විමුක්ති කොටි චාර්ල්ස් ඇන්තනිට දේශපාල දෘෂ්ටිවාදීව එකපෙළට සිට ගත නොහැකිද? ඉඩමේගම සහ ඔහු සම්බන්ධ දේශපාලනික ව්‍යාපාරය (මවුබිම සුරැකීමේ ව්‍යාපාරය ), 1987 දී, ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින්, මැයි දින රැළි තහනම් කල විට, එයට විරෝධය පාමින්, මැයි රැළිය ඉඩමේගම ඇතුලු කණ්ඩායම විසින් සංවිධානය කරන ලදී .ආණ්ඩුවේ මර්ධනයට එදිරිව සංවිධානය කළ මෙම මැයි දින රැලියේ දී , අවසානයේදී, දකුණු කොළඹ ප්‍රධාන පොලිස් පරීක්ෂක, අබ්දුල් ගෆුර්ගේ අනුදැනුම මත, සිදුවූ පොලිස් වෙඩි තැබුම් හේතුවෙන්, ලෙස්ලි කිරිබත්ගොඩ සහ කිත්සිරි රණවක මරාදැමුණි. 2011 වනවිටද පවුලේ ඥාතීන්, ප්‍රකාශ කරන ආකාරයට, ලෙස්ලි කිරිබත්ගොඩගේ මරණ සහතිකය ලබාදී නොමැත
ඉඩමේගම සහ ඔහුගේ දේශපාලන දෘෂ්ටිවාදය ද, කොටි විමුක්ති ව්‍යාපාරය ද විරුද්ධ වන්නේ, රාජ්‍ය යාන්ත්‍රණයේ වන පීඩනයට සහ මර්ධනයටය. එම මර්ධනය, 1980 දශකයේ දකුණේ සිංහල සමාජයට මෙන්ම උතුරේ සිංහල නොවන සමාජය ට ද පොදු කරුණකි. මෙම මර්ධනය ප්‍රකාශනය වෙනුවෙන් “UNFRAMED” අවකාශයක් ගොඩනගා ඇත. ඉඩමේගම සහ දකුණේ විමුක්ති ව්‍යාපාර, රාජ්‍ය මර්ධනයට විරුද්ධ වන ආකාරයටම, උතුරේ විමුක්ති කොටි සාමාජික, චාර්ල්ස් ඇන්තනි ද සහ එම ව්‍යාපාරය දේශපාලනිකව ක්‍රියාකාරී වී තිබුණි.
1960 දී, ත්‍රිකුණාමලයේ දී උපත ලද චාර්ල්ස් ඇන්තනි, ශ්‍රී කොනේස්වරන් හින්දු විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද අතර, රාජ්‍ය විසින් දෙමළා මර්ධනය කිරීමට එදිරිව උතුරේ වූ ව්‍යාපාර සමඟ සම්බන්ධව, විමුක්ති අරගලය වෙනුවෙන් නැගීසිටින ලදී. කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවෙන්, පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමේ සිටීම, චාර්ල්ස් අන්තිනිගේ දේශපාලනික විශ්වාසය ගොඩ නැගෙන්නේ, භුමියෙන් බෙදී වෙන්ව ගිය විට, දෙමළාට විමුක්තිය ලැබෙන පාලනයක් ගොඩ නගා ගතහැකි බවය. ඉඩමේගම ඇතුළු විමුක්ති ව්‍යාපාර, තම දේශපාන පක්ෂය බලයට ගෙනඒම, මගින් වෙනස් වූ ආණ්ඩුවකින්, ජනතාවට එදිරි පීඩනය සහ මර්ධනය අවසන් වනු ඇතියි විශ්වාස කරන විට, උතුරේ තරුණ දේශපාලනය විසින්, වෙන්ව ගිය භූමියක් තුළ, නිදහස ඇතිව ජිවත්විය හැකි බවට විශ්වාසයක් ස්ථාපිත විය. මෙකි කාණ්ඩයන් දෙකෙහිම අභිප්‍රාය වුයේ, පැවති රාජ්‍ය ආකෘතියෙන් සහ එයින් වන මර්ධනයෙන් සහ පීඩනයෙන් නිදහස් වීමය. වෙනත් ලෙස ප්‍රකාශ කරන්නේ නම්, සිරස් ප්‍රචණ්ඩත්වයෙන් සහ එම ප්‍රචණ්ඩත්වය ඇතිකරනු ලබන මාධ්‍යයෙන් මිදීමය. නමුත් මෙම ව්‍යාපාර දෙකම, තිරස් ප්‍රචණ්ඩත්වය වෙත අවධානය යොමු නොකරන අතර, එම තිරස් ප්‍රචණ්ඩත්වය පවත්වා ගැනීමට ද උත්සාහ දරයි. නිදසුන නම්, ස්ත්‍රීයගේ දේශපාලනය පිලිබඳ මෙම ව්‍යාපාර දෙකෙහිම දෘෂ්ටිවාදය ගොඩනැගීම පෙන්වා දිය හැකිය. එසේම, ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටි දකුණේ ව්‍යාපාර, 2006 න් පසුව, උතුරේ ද්‍රවිඩ ජනයාගේ හිස් ගසා දමන, රාජ්‍යයේ මිසයිල ප්‍රහාර දිරිගන්වමින් ද, හමුදා ශ්‍රමිකයන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය වෙනුවෙන්ද ක්‍රියාකාරී වීම, මෙම තිරස් ප්‍රචණ්ඩත්වයේ තවත් අවස්ථාවකි. එහිම දිගුව නම්, 2018 දී “UNFRAMED” පේරාදෙණිය සරසවිය තුළ වාරණය වීමය.
රුචි වුවත් අරුචි වුවත්,හොදින් වටහා ගත යුතු කරුණ නම් UNFRAMED යනු අප සියලු දෙනාගේම කතාවන්ගේ, විවිධ තලයන්ගේ එකතුවක් බවය. මැදපෙරදිග දුක්විදින ශ්‍රී ලාංකික ශ්‍රමික ස්ත්‍රීය ගේ සිට මෙරට සියලුම පුරවැසියන් යම් අකාරයකින් මුල්‍ය දායකත්වයක් මේ ශිෂ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරනවා නොවේද ? එසේ වන විට දී පුරවැසි මුදලින්ම නඩත්තු වන ශිෂ්‍යයන් විසින්ම මෙලෙස තිරස් පීඩනයන් සිදුකරන්නේ නම්, නිර්ප්‍රභුන් වෙනුවෙන් වන දේශපාලන අවකාශ පිළිබද අප සිතා බැලිය යුතුය.
අරුණි සමරකෝන්