iMage by: dw
ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ ඇතුළු කල්ලිය විසින් ඇරඹූ කුමන්ත්‍රණය අද වන විට පරාජය කර ඇති නමුත් ඔවුන් තමන්ගේ උත්සාහයන් සම්පූර්ණයෙන් අත නොහැරි බව අද වන විට ඔවුන් කරන කියන දේවල් තුළින් පෙන්නුම් කෙරේ. කුමන්ත්‍රණය සිදුවූ වහාම එවකට රජයේ සිටි එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඔවුන්ගේ හිතවතුන් මෙන් ම රජාතන්ත්‍රවාදී වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින සියලුම පාහේ දේශපාලන බලවේගයන් සහ සමාජ බලවේගයන් එක පෙළට සිට ගනු ලැබීය.
ලංකාවේ මෙතෙක් සිදුවු බැරෑරුම්ම දේශපාලන අර්බුදය බවට එම කුමන්ත්‍රණ කාලය අයිති වන අතර ප්රගතිශීලී බලවේගයන් තම දේශපාලන විෂමතාවයන් තිබුනා වුවත් එකම බලවේගයක් ලෙස එම ප්රතිගාමී බලවේගය පරාද කිරීම සඳහා එකාවන්ව එකට නැගී සිටිනු ලැබීය. මේ තත්වය මෙතෙක් ලංකා ඉතිහාසයේ ඇතිවූ ඉදිරිගාමී ම තත්වයක් බව පැහැදිලිය. එක්සත් ජාතික පක්ෂය, දෙමළ එක්සත් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ,වෙනත් සුළු ජන පක්ෂ ඇතුළු දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් එහිදී එකට අත්වැල් බැඳ ගනු ලැබීය. ඒවාගේම සිවිල් සමාජ බලවේගයන්, රාජ්‍යය නොවන සංවිධාන වල කොටස්, සිවිල්වැසියන්, බුද්ධිමතුන්, කලාකරුවන් ආදී මෙකී නොකී ප්රගතිශීලී බලවේගයන් එකට අත්වැල් බැඳ ගනු ලැබීය. ඒවාගේම අධිකරණ ක්‍රියාදාමයන් තමාගේ ස්වාධීනත්වය පෙන්නුම් කිරීමට එඩිතර විය.
මෙම තත්වය මෙතෙක් රට තුළ දකින්නට නොතිබූ තත්ත්වයකි. කෙසේ වුවත් මේ සියලු බලවේගයන් හමුවේ කුමන්ත්රණකරුවන් පරාජය කිරීම සිදුවිය. කුමන්ත්රණයේ සුවිශේෂත්වය වන්නේ එම කුමන්ත්රණයේ ප්‍රධාන කොටස්කරුවන් වූයේ රටේ විධායක ජනාධිපතිවරයා ඇතුළු ප්රතිගාමී දේශපාලන බලවේගයන් වීමයි. නමුත් ඔවුනට ජන බලවේගයන් හමුවේ ඔවුනගේ කුමන්ත්‍රණ හකුලා ගැනීමට සිදුවිය. ඇත්තෙන්ම ඔවුන් එසේ පසුබැස්සා වුවත් ඔවුන්ගේ අරමුණ නැවත ඉටු කර ගැනීම සඳහා ඔවුන් දිගින් දිගටම මාන බලමින් සිටින බව මේ අවධියේ ඔවුන් කරන කියන දේවල් වලින් පැහැදිලිව පෙන්නුම් කරයි. ජනාධිපතිවරයා ක්‍රියාත්මක වන්නේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ අබමල් රේණුවක දැනුමක් හෝ විශ්වාසයක් හෝ ඇති පුද්ගලයෙක් ලෙස නොවන අතර ඔහු ක්‍රියාත්මක වන්නේ රජ කෙනෙක් ක්‍රියාත්මක වන වැඩවසම් ආකාරයකිනි.
එදා ඇතිවුණ කුමන්ත්රණයේදී එක්සත් ජාතික පක්ෂය සහ එහි ප්‍රධානීන් අනෙකුත් බලවේගයන් සමඟ මෙම කුමන්ත්‍රණයට එරෙහිව නැගී සිටියා වුවත් එම කුමන්ත්‍රණය පරාද කරමින් නැවත ඔවුන් වෙත බලය හිමි වූවායින් පසු නැවතත් රනිල් ඇතුළු කණ්ඩායම තම සුපුරුදු ක්‍රියාදාමයට ම ගමන් කරමින් සිටින බවත් පෙන්නුම් කරයි. ඇත්තවශයෙන්ම පසුගිය වසර හතරක කාලය තුළ ඔවුන්තම පොරොන්දු ඉටු කිරීම වෙනුවට එකිනෙකාට චෝදනා කරමින් බැන අඩගසමින් කාලය ගත කරනු ලැබීය. මම ඉන් අදහස් කරන්නෙ එක්සත් ජාතික පක්ෂය සහ සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට පෙර වකවානුවේ පැවති වැරදි වලට දඩුවම් කිරීමත්, යහපාලනයක් ඇති කිරීම සඳහා පොරොන්දු වූ පරිදි වාර්ගික ප්රශ්නය ඇතුළු ප්‍රශ්න වලට විසදුම් දීමටවත් අඩුම තරමින් බොහෝ අපරාධයන් වලට වගකිවයුතු අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට වත් උත්සාහයක් ගනු නොලැබීය.
පසුගිය කුමන්ත්‍රණය සිදුවීමට හේතුකාරකවූ දේශපාලන ක්‍රියාදාමය එක මොහොතක ඇතිවූ දෙයක් නොවන බව අප දන්නෙමු. එදා ජනවාරි 8 බලය පෙරළා දැමීමෙන් පසුව ඇති කිරීමට පොරොන්දු වූ යහපාලනය ක්‍රියාත්මක කිරීම ආරම්භයේම අමතක කර දැමූ බව පසුගිය වසර හතරක කාලය දෙස විමසීමෙන් බැලූ විට පෙන්නුම් කරයි. ජන බලවේගයන්ගේ උවමනාවන් වල බලපෑම් හේතු කරගෙන දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි, තොරතුරු දැනගැනීමේ පනත වැනි, එමෙන්ම ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම වැනි දේවල් කළා වුවත් හපාලනයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය මූලික කාරණාවන් නොකර සිටීම ආරම්භයේ සිටම එදා බලයට පත් බලවතුන්ගේ ක්‍රියාදාමය බව පැහැදිලිව පෙන්නුම් කෙරේ.
අද වන විට නැවත සිදුවෙමින් පවතින්නේ එදා සිදු වූ දෙයමය යන්න ද මොවුන් ක්‍රියාත්මක වෙන ආකාරය දෙස බැලූවිට පෙනෙන්ට තිබෙන කාරණයයි. සිදුවීම් සිදුවෙමින් පවතින්නේ ජනවාරි අටට පසු සිදුවූ ආකාරයෙන්මය. කෙසේ වුවත් මෙම දේශපාලකයින් කෙරෙහි පූර්න විශ්වාසය තබා වැඩ නොකළ හැකි බව නම් පැහැදිලිය. ඔවුන් ලවා ජනතාවගේ උවමනාවන් ඉටුකර ගැනීමට නම් අපට සිදුවන්නේ මෙම දේශපාලන බලවේගයන් වලට පිටින් පවතින ජන බලවේගයන්, නැත්නම් සිවිල් සමාජ බලවේගයන් ගොඩනගා ගැනීම බව පැහැදිලිය. එසේ ගොඩනගා ගත් සිවිල් සමාජ ජනබලවේගයක් නැති තැන මෙම දේශපාලකයින් නැවත තම සුපුරුදු වංචාකාරි දේශපාලනයේ යෙදෙන බව පැහැදිලිය. එසේ නම් අද අප කළ යුතුව ඇත්තේ මෙම දේශපාලඥයින් අපේ ප්‍රශ්න විසඳන තුරු බලා නොසිට ඔවුන්ට බලකරමින් අපේ ප්‍රශ්න ඔවුන් ලව්වා විසඳාගැනීමට ක්‍රියාත්මක වීම බව මගේ විශ්වාසයයි. පසුගිය දිනවල විවිධ සමාජ කණ්ඩායම් මෙම කාරණය හඳුනාගෙන විවිධ උද්ඝෝෂණයන් කරමින් පවතින බව දකින්ට ලැබුණි. මෙය නොකඩවා කරගෙන යමින් මෙම බලවේගයන් අතර එකතුවක් ඇති කරගනිමින් එම බලවේගයන් වලට විදේශගතවී ජීවත්වෙන ලාංකිකයින් ගේද සහාය ගනිමින් ඇතිකරන පුලුල් සිවිල් සමාජ බලවේගයක් ලංකාවේ ප්රජාතන්ත්රවාදී දේශපාලනය ඇතිකර ගැනීමට අත්‍යාවශ්‍ය ය. මෙම කාරණයට මුල්විය යුත්තේ රට තුළ ජීවත් වන සිවිල් සමාජ ක්‍රියාධරයන් බව මගේ විශ්වාසයයි.
රංජිත් හේනායකආරච්චි | Ranjith Hennayaka Arachchi