දේශපාලනයට සත්‍යය එන්නත් කරන්න. එවිට ඔබට කිසි දේශපාලනයක් හමු නොවනු ඇත.
රාජ්‍යයකට තර්ජනයක් වෙතැයි කියන හදිසි අනතුරක් මවාපෑමට වාගාලංකාර පාවිච්චියට ගැනීමේ වැදගත් කම, හිට්ලර්ගේ නට්සිවාදී නීති න්‍යායාචාර්ය කාර්ල් ෂ්මිට් අවධාරණය කෙළේය. ඒ ක්‍රියාවලියේ ප්‍රථම පියවර වන්නේ, පසක් කර ගත හැකිව ඇති යථාර්ථයට එරෙහිව විවෘත විරෝධතාවක් නිර්මාණය කර ගැනීමයි. ‘ව්‍යවස්ථා සභාව’ ඉතා ප්රකෝපකාරී අන්දමින් හෙළාදකින විජයදාස රාජපක්ෂ අනුගමනය කරන්නේ ඒ ෆැසිස්ට්වාදී තර්කණයයි. එක් සුවිශේෂී මතයක එල්බ ගැනීම, සකල නීතිරීති විනාශ කිරීමේ හෝ යටපත් කිරීමේ නොවරදින මාර්ගය බව ෂ්මිට් පෙන්වා දුන්නේය. එය මොන තරම් නොහොබිනා මතයක් වුව ද කම් නැත. ළඟ එන මහා විනාශයක හෝ නස්පැත්තියක භීතියෙන් මඩනා ලද පුරවැසියා එවිට තමාගේ සැබෑ නිදහස, අර කියන ඊනියා ගැලවුම්කාරයාගේ ව්‍යාජ සහ වංචාකාරී ආරක්ෂාව පිළිබඳ දෙන්නම් කාසි වෙනුවෙන් හුවමාරු කර ගන්නේය.
ප්රජාතන්ත්රවාදයකට ස්වාධීන අධිකරණයක් අවශ්‍ය කෙරේ. සංවාද සහ විසංවාද අස්සේ නීතියේ ආධිපත්‍යය සහතික කරලනු වස් එය අවශ්‍ය කෙරේ. මේ මුග්ධ දේශයේ ජනාධිපති වශයෙන් මෛත්‍රීපාල සිරිසේන පත්කර ගැනීම සඳහා ඡුන්දය පාවිච්චි කළ හැටලක්ෂ ගණනක් වන ජනතාවගෙන් මේ ලියුම්කරුද එක් කෙනෙකි. ‘මිනිස් බන්ධනය’ නැමැති සිය නවකතාවේදී සමර්සෙට් මෝම් කියන්නා සේ, ඉහිරුණු කිරට හඬා වැටීමේ තේරුමක් නැත. මන්ද යත්, සක්වල සකල බලවේග කටයුතු කරන්නේම කිරි ඉහිරවීමට වන බැවිනි.
අප 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පනවා ගත්තේ මන්ද යන්න මෑතකාලීන සිදුවීම් අපට පැහැදිළි කොට දී තිබේ. ව්‍යවස්ථාවේ අවසාන ආරක්ෂකයා වන්නේ ස්වාධීන අධිකරණයයි. ජනතාවගේ මූලික අයිතීන් ආරක්ෂා කර දෙන අවසාන බේරුම්කරුවා වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.
අප මහින්ද රාජපක්ෂට දොස් කිව යුතු නැත. මෛත්‍රීපාල සිරිසේන යටතේ අගමැති ධුරය භාර ගැනීමට තමන් එකඟ වුණේ මන්දැයි, මෑතකදී ඉන්දියානු සංචාරයකට සහභාගී වෙමින් ඔහු පැහැදිළි කෙළේය. ඒ මගින් පාලක සභාගය බිඳ දැමුණු අතර, තුනෙන් දෙකක බලයක් අභ්‍යාස කිරීමට තිබුණු තත්වයක් වළක්වා ගැනුණි.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කෙළේ නැත. එසේ කෙළේ වෙනත් කෙනෙකි. මහින්ද රාජපක්ෂ කෙරෙහි රනිල්ගේ කෝන්තරයක් නැත්තේ එබැවිනි. 41 වැනි අගවිනිසුරු සරත් නන්ද සිල්වා සහ 42 වැනි අගවිනිසුරු අශෝක ද සිල්වා සමග මැදමුලන නින්දගම් වලව්වේ පැවති සුරංගනා මංගල්‍යෝත්සවයේ රනිල් වික්රමසිංහත් සිටියේ එබැවිනි.
මහින්ද රාජපක්ෂ තමන්ගේ නීතිඥයන් ගැන දන්නා නීතිඥයෙකි. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා තිබුණු ස්වාධීන කොමිෂන් සභා, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ හදා ගත්, තමන්ගේම මිනිසුන්ගෙන් සමන්විත සභා විශේෂයක් බවට ඔහු පත්කර ගත්තේය. වර්තමාන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා තිබෙන ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ සහසුද්ද සංකල්පය තමාට නොදිරවන බව ඔහු වසංගන්නේ නැත.
දැන් අපරූපී බළලෙකු හෙමින් සීරුවේ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂගේ මල්ලෙන් එළියට පනිමින් සිටින සැටියක් පෙනේ. රටේ තිබෙන වඩාත් දූෂිත ආයතනවලින් එකක් වන්නේ ‘ව්‍යවස්ථා සභාව’ බවට ඔහු නිගමනය කොට ඇත. එය අහෝසි කළ යුතුව තිබේ. නිවැරදි, අපක්ෂපාතී සහ සාධාරණ තීන්දු ගැනීමේ හැකියාවක් ඊට නැත. හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් නීතිපති තනතුරට පත්කිරීම මේ ‘ව්‍යවස්ථා සභාව’ මගින් ප්‍රතික්ෂේප කොට තිබීම, ඔහුගේ ඇවිස්සීමට විශේෂ හේතුකාරකයක් වී තිබේ. ඒ පත්කිරීම ප්‍රතික්ෂේප කෙරෙන කාලයේ තමන් ද එහි සාමාජිකයෙකුව සිටි බව ඔහු නොකියයි. එසේම, එහි සාමාජිකයෙකුව සිටි තවත් සිවිල් සමාජ නියෝජිතයෙකු සුහද ගම්ලත් වෙනුවෙන් ඒ අවස්ථාවේ පෙනී සිටි බවත් ඔහු නොකියයි. මේ තේරීම පිළිබඳ ප්‍රශ්නයක් පැනනැගුණු අවස්ථාවේ ජනාධිපතිවරයාගේ කැමැත්තේ අනුපිළිවෙල දක්වා එවන ලෙස ‘ව්‍යවස්ථා සභාව’ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. එවිට ජනාධිපතිවරයා කෙළේ, වර්තමාන නීතිපතිවරයාගේ නම පමණක් නිර්දේශ කොට යැවීමයි. මේ ආකාරයෙන් විජයදාස රාජපක්ෂ අපට කොකා පෙන්වීමට බැලීම නොමනා ය.
ඔහුට ස්වාධීන අධිකරණයක් අවශ්‍ය නැත. ඔහුට අවශ්‍ය කරන්නේ කීකරු අධිකරණයකි. නිශ්ශංක සේනාධිපති සහ ‘ඇවන්ගාඞ්’ හුටපටයටත් ඔහු සම්බන්ධ බව කියැවේ. ඒ සිද්ධියත් නොබෝ දිනකින් අධිකරණය ඉදිරියේ දිග හැරීමට නියමිතයි. සැබෑ කතාව දිග හැරෙනු ඇත්තේ එහිදී ය.
තමන්ගේම අවකල් ක්‍රියා ගොහොරුව අස්සේ බඩගාන රනිල් වික්‍රමසිංහගේ මේ ඔතෑනි ආණ්ඩුව ඉදිරියේ ‘ඇවන්ගාඞ්’ ජාවාරම්කාරයන්ට අවශ්‍ය කරන්නේ, ඊළඟ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය දක්වා, ප්‍රතිප්‍රහාරාත්මක ශබ්ද පූජාවක් පවත්වාගෙන යාම පමණි.
‘ව්‍යවස්ථා සභාවට’ එරෙහි ප්‍රථම සද්දය දැම්මේ ජනාධිපතිවරයා ය. ‘ව්‍යවස්ථා සභාවේ’ සභාපති කතානායක කරූ ජයසූරිය ඊට ප්‍රතිඋත්තර බැන්දේය. දැන් විජයදාස රාජපක්ෂට මේ සම්බන්ධයෙන් රූපවාහිනී විවාදයක් අවශ්‍ය කොට තිබේ. ‘ව්‍යවස්ථා සභාවේ’ හිටපු සාමාජිකයෙකු වශයෙන් ඉතා පහසුවෙන් ඒ සඳහා පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටිය හැකිව තිබියදී රූපවාහිනී සංවාදයක් ඉල්ලා සිටීම අපූරු ය.
ප්රජාතන්ත්රවාදී සමාජයක නීතියේ ආධිපත්‍යය සඳහා පුරවැසියන්ගේ විශ්වාසය දිනා ගත් පරිමිත විනිසුරුවරුන් සිටීම අත්‍යාවශ්‍යයි. ආණ්ඩුවෙන් ස්වාධීන සහ පරිවෘත්ත අධිකරණයක් අප ඉල්ලා සිටින්නේ අපෙන් බොහෝ විට මගහැරී ගොස් ඇති එකී අවශ්‍යතා සාධනය පිණිස ය. රටක අධිකරණයක් භුක්ති විඳින සහ අභ්‍යාස කරන ස්වාධීනත්වයේ තරම විසින්, ප්රජාතන්ත්රවාදී ආණ්ඩුකරණයක සහ අධිකාරීවාදී ආණ්ඩුකරණයක වෙනස තීරණය කෙරේ. ප්රජාතන්ත්රවාදී ආණ්ඩුකරණයක අසමත් භාවය, අධිකාරීවාදී පාලනයකට අත වැනීමකි. ඒ අසමත් භාවයේ ප්රතිවිපාකයක් වශයෙන් ගොඩනැගෙන මහජන කෝපය බොහෝ විට තුඩුදෙන්නේ ජනපි‍්‍රය ප්රජාපීඩකයන් බලයට පත්කර ගැනීමටයි. ඉතිහාසය පුරාම, ෆැසිස්ට්වාදීන් සහ නව-ෆැසිස්ට්වාදීන් ඡුන්දවලින් ජයග්‍රහණය කොට ඇත්තේ, ප්රජාතන්ත්රවාදී ආණ්ඩුකරණය නැට්ටටම කුණු වී ඇතැයි යන බෙරේ ගසමිනි.
ඊළඟ ජනාධිපතිවරයා වශයෙන් තම පවුලේ කෙනෙකු පත්කර ගැනීමේ අභිලාෂය නොසඟවන, ජනකාන්ත හයිකාර මහින්ද රාජපක්ෂ ගැන ටිකක් සිතා බලන්න. ජයග්‍රාහකයන් සහ පරාජිතයන් මිස හරි වැරැද්ද කියා දෙයක් නැති බව, ‘කුහකත්වයේ වෙස්මුහුණු ගලවා’ බලා ගන්නා ලෙස ෆැසිස්ට්වාදීන් ජනතාවගෙන් ඉල්ලා සිටින අපූරුව, ‘‘සර්වාධිකාරීවාදයේ මූලයන්’’ නැමැති සිය කෘතියෙන් හැනා ආරෙන්ඞ් පෙන්වා දෙයි.
මහින්දගේ කුහකත්වය අභිලාෂකාමී ය. ඔහුට සිය පවුල් ආධිපත්‍යය යළි පිහිටුවා ගැනීමට අවශ්‍ය ය. දේශපාලඥයන් පේ‍්‍රරණය වන්නේ, බලයේ මාත්සර්යයෙන් මිස පරමාදර්ශවලින් නොවේ. එබැවින්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අප අපොහොසත්ව තිබේ. තිරසාර ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීමට අප අපොහොසත්ව තිබේ.
2019 දී අප ඉදිරියේ ඇත්තේ එක ප්‍රහේලිකාවක් පමණි. එනම්, ඊළඟ ජනාධිපතිවරයා වශයෙන් අප තෝරා ගත යුත්තේ කොයි කුහකයා ද යන්නයි. මෙය, හුදෙක් කුඩුකේඩු කතාවක්ම නොවේ. විජයදාස රාජපක්ෂ අපූරුවට පෙන්වා ඇති පරිදි, දේශපාලනික කුහකත්වය අලාභදායී කර්මාන්තයක්ම නොවේ. අවංකත්වය දේශපාලනය තුළ ලාභදායී යැයි සිතීම නම් ඊට වඩා නරුම කල්පනාවකි.
‘ව්‍යවස්ථා සභාව’ ගැන තමා තුළ ඇති අප්‍රසාදය පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගන්නවා වෙනුවට විජයදාස රාජපක්ෂ මේ විවේචනය කරන්නේ, බොහෝ කොට රාජපක්ෂ දශකයේදී පැටව් ගැසූ මාධ්‍ය මුදලාලිලාගේ විද්‍යුත් අවකාශයේ ය. ජනතාව නොමග යැවීමට රූපවාහිනි අවකාශය කියාපු ස්ථානයකි. එතැන ‘පට පට’ ගා දේවල් සිද්ධ වෙයි. ඒ අවකාශය මුද්‍රිත මාධ්‍යයට නැත. එබැවින් මුද්‍රිත මාධ්‍යයේදී අත්‍යාවශ්‍යම දෙයට පමණක් සීමා වීමට කෙනෙකුට සිදු වෙයි. උදේට ඒ පත්තර කියවන මුවාවෙන් තවත් වැඩ සටහන් රූපවාහිනියේ දිග හැරෙයි. ඉහත කී සංවාදයේ කොටස් ද උපුටා දක්වමින්, තවත් අයගේ අදහස් උදහස් ද සමග ඒ ප්‍රවෘත්තිය නැවතත් මේ කියන පුවත්පත් කියවීමේ දී ප්‍රචාරණය කෙරේ.
යහපාලනයේ එකම සාර්ථකත්වය වන ‘ව්‍යවස්ථා සභාව’ අහෝසි කරන්නැයි විජයදාස රාජපක්ෂ ඉල්ලා සිටීම ජාතික මට්ටමේ ආන්දෝලනය දනවන්නකි. නඩු තීන්දුවක් දුන් පමණින් විනිසුරුවරුන්ගෙන් පලිගැනීම මොන තරම් අසාධාරණදැ යි එක් රූපවාහිනී ප්‍රකාශකයෙකු ප්‍රශ්න කර සිටියේය. යම් සිද්ධියක ඇති වැදගත්කම, ලූනුදෙහි එක් කොට ඕනෑම පැත්තකට හැඩගැස්වීමට මේ රූපවාහිනී ප්රකාශයකයන්ට අවස්ථාව ලැබී තිබේ. එය මාධ්‍ය මුදලාලිලා කිහිප දෙනෙකුගේ ඒකාධිකාරයක් බවට අද පත්ව තිබීම අපේම අබග්ගයකි.
එක්සත් ජාතික පක්ෂය විජයදාස රාජපක්ෂ අස් කළ යුතුව තිබේ. ඒ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට උපදෙස් අවශ්‍ය නම් ගෝඨාභය රාජපක්ෂගෙන් ලබා ගත හැකිය. සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරුණේ ඔහු වැරදිකරු කොට දෙන ලද අධිකරණ තීන්දුවක් මත පදනම්ව ය. ආණ්ඩු කිරීමේදී මහින්ද රාජපක්ෂ ඒ මේ අත වැනුණේ නැත. සිය විරුද්ධවාදීන්ට නඩු දැමූ ඔහු ඔවුන් වැරදිකරුවන් කෙළේය. ඊළඟට උත්සවශ්‍රීයෙන් ඔවුන්ට සමාව දුන්නේය. ඒ, සැබෑ බෞද්ධ ආචාර ධර්මවලට අනුකූලව ය.
2009 අගෝස්තු 31 වැනි දා කොළඹ මහාධිකරණය මාධ්‍යවේදී තිස්සනායගම්ව 20 අවුරුද්දකට බරපතල වැඩ ඇතිව හිරේට නියම කෙළේය. එය මාධ්‍යවේදීන්ට ‘හිරිහැර කිරීමේ’ ප්රශ්නාර්ථකාරී නිදර්ශනයක් බව කියමින් බරක් ඔබාමා එදා අපේ අභ්‍යන්තර කටයුතුවලටත් හොට දැම්මේය. ඔබාමාගේ උපදේශය අපේ නායකයා සතේකට ගණන් ගත්තේ නැත. එහෙත්, ‘ලෝක පුවත්පත් නිදහස් දිනය’ සමරමින් තිස්සනායගම්ට ඒ ජනකාන්ත නායක මහින්ද රාජපක්ෂ 2010 මාර්තු 3 වැනි දා සමාව දුන්නේය.
නාහෙට නාහන මාධ්‍යවේදියෙකුට විසි අවුරුදු බරපතල වැඩ සහිත හිර දඬුවමක් වැඩි නැතැයි විජයදාස රාජපක්ෂ සිතිය හැකිය. මාකඳුරේ මධූෂ්, කරුණාකර වලස්මුල්ලේ විජයදාසට තැන දී වේදිකාවෙන් බැස යන්න.
සරත් ද අල්විස්
*2019 පෙබරවාරි 17 වැනි දා ‘සන්ඬේ ඔබ්සර්වර්’ පුවත්පතේ පළවූ Perfidious Politics of Wijayadasa Rajapakshe PCනැමැති ලිපියේ සිංහල පරිවර්තනය‘යහපාලනය ලංකා’ අනුග්රහයෙනි