ලංකාවේ ජනගහනයේ වියපත් භාවයත්, පහළ ආර්ථික වර්ධන වේගයත් නිසා, රටක් වශයෙන් ගත් විට මූල්‍යමය අර්ථයේ කාල බෝම්බයක් මත සිටගෙන සිටින තත්වයකට අප පත්ව සිටී. දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය සේවයට තව තවත් බඳවා ගනිමින් රාජ්‍ය අංශය තරබාරු වෙමින් සිටි තත්වයක් තුළ, විශ්‍රාම වශයෙන් ගෙවන්ට සිදුවන විශාල මූල්‍යමය බරක් ද රජයට දැන් දරා ගැනීමට තිබේ. ඊට අමතරව, රාජ්‍ය අංශයට අවශෝෂණය කර ගැනීමට නොහැකි වූ තවත් ජනතාවකගෙන් විශාල කොටසක්, විධිමත් විශ්‍රාමික වැටුප් සැලැස්මකට අන්තර්ග්‍රහණය කර නොගත් ජනතාවක් වශයෙන් කල් ගෙවති.
කම්කරු නීති ප්‍රතිසංස්කරණ වහා ඇති කර නොගන්නේ නම්, රටේ වියපත් වන ජනගහනය, තවදුරටත් නඩත්තු කර ගත නොහැකි වන ආකාරයේ බරපතල අවදානමකට අප පත්වෙමින් සිටින්නේය යන විවිධ අනතුරු ඇඟවීම් කාලයක් තිස්සේ අප නොතකා හැර තිබුණි. ඒ ජනගහන කාණ්ඩයේ කාර්ය නියුක්ත භාවය ව්‍යාප්ත කර ගැනීම, ජන විකාශන ලාභාංශ බෙදාහදා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වන්නේය. එහෙත් ඒ සඳහාත්, එකී කණ්ඩායම සඳහා වඩාත් ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේද සකස් කර ගත යුතුව තිබේ.
ලෝක බැංකු අධ්‍යයනයන්ට අනුව, වර්ෂ 2030 වන විට, සෑම ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් එක් කෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි කෙනෙකු වන්නේය. එහි අරුත වන්නේ, සෑම පවුලකම විශ්‍රාමික පුද්ගලයන් එක් කෙනෙකුට වැඩි ප්‍රමාණයක් සිටිය හැකි බව ය. එවැනි විශාල වියපත් ජනගහනයක් නඩත්තු කිරීම සඳහා සිටින තරුණ ශ්‍රමික සංඛ්‍යාව අඩු වන තත්වයක් තුළ, වැඩිහිටි ජනගහනයේ ආදායම් නිත්‍යතාවක් සහතික නොවුණොත්, ඔවුන්ගේ ස්වාධීනත්වය සහ ප්‍රමාණවත් ගුණාත්මක ජීවිතයකට හිමිකම් කීමට ඔවුන්ට ඇති හැකියාව වියැකී යන්නේය.
2012 වන විට අපේ ජනගහනයෙන් මිලියන 13.2 ක් සමන්විත වුණේ වයස අවුරුදු 15-59 අතර වයස් කාණ්ඩයෙනි. ඔවුන්ගෙන් මිලියන 7.6 ක් ආර්ථික වශයෙන් ක්‍රියාකාරීව සිටියහ. එහෙත් රැකියා-පාදක විවිධ විශ්‍රාම යෝජනා ක්‍රමවලට හිමිකම් කීවේ ඔවුන්ගෙන් මිලියන 5 ක් පමණි. ඒ අතරින් විශ්‍රාමික වැටුප් අයිතීන් යටතේම සේවාවන්ට බඳවාගෙන තිබුණේ, මිලියන 2.3 ක් පමණි. එසේ බඳවාගෙන සිටි පිරිස් පවා පූර්ණ විශ්‍රාම ප්‍රතිලාභවලට හිමිකම් කීවෝ නොවෙති.
පූර්ණ විශ්‍රාමික වැටුප් යෝජනා ක්‍රම යටතේ බඳවා ගැනෙන්නේ රාජ්‍ය අංශයේ පමණි. හැම දෙනාම රජයේ රැකියා සෙවීමට එක හේතුවක් එයයි. එහෙත් එහිදී පවා ඔවුන් ලබන විශ්‍රාම වේතන, උද්ධමනය සමග පෑහේ ද යන්න ප්රශ්නකාරී ය. වෙනත් විශ්‍රාමික යෝජනා ක්‍රමවල ආවරණය, ස්වයං රැකියා සඳහා වන සියයට 18 සීමාවේ සිට ගොවි විශ්‍රාම යෝජනා ක්‍රම යටතේ සැපයෙන් සියයට 64 යෝජනා ක්‍රම දක්වා උච්චාවචනය වෙයි. එහෙත් තත්‍යාකාරයෙන් ආවරණය කෙරෙන වටිනාකමේ පරිමාව ඊට බෙහෙවින් අඩු වටිනාකමක් ගනී. එය සමහර විට, ස්වයං රැකියා සඳහා සියයට 11 ක් සහ ගොවියන් සඳහා සියයට 38 ක් වැනි අගයක් විය හැකිය. එසේ වන්නේ, දායකත්ව යෝජනා ක්‍රම යටතේ මේ පිරිස් විසින් කරනු ලැබිය යුතු ගෙවීම් ඔවුන් පැහැර හැරීම නිසා ය. ඒ අනුව, සැබෑ විශ්‍රාම යෝජනා ක්‍රමයකින් ආවරණය වන පිරිස වන්නේ මිලියන 1.7 ක් පමණි.
අවාසනාවකට, අවිධිමත් අංශයේ සියලූ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම තුළ පවතින ප්රතිලාභ ගණනය කරනු ලබන්නේ නාමික වටිනාකමකින් වීම තවත් ප්රශ්නයකි. අදාළ පුද්ගලයා විශ්‍රාම යන අවස්ථාව වන විට ලබන සැබෑ ප්රතිලාභවල වටිනාකම එබැවින් බෙහෙවින් අඩු මට්ටමකට වැටෙයි. උදාහරණයක් වශයෙන්, ස්වයං රැුකියාවක නියුක්ත පුද්ගලයෙකු විශ්‍රාම යන විට ලබන ප්‍රතිලාභය මසකට රුපියල් 1000 ක් යැයි උපකල්පනය කළොත්, අද 40 වියැතිව සිටින පුද්ගලයා විශ්‍රාම යන විට ඔහුගේ අතට ලැබෙන රුපියල් 1000 වටිනාකම එදාට රුපියල් 471 වටිනාකමක් බවට පත්ව තිබෙන බව පෙන්වා දිය හැකිය. මන්ද යත්, සියයට 5 ක පමණ උද්ධමනයක් ආර්ථිකය තුළ ක්‍රියාත්මක වන බැවිනි.
මෙය, රාජ්‍ය අංශයේ විශ්‍රාමිකයන්ටත් එයාකාරයෙන්ම බලපායි. ඉහළම තලයේ රාජ්‍ය සේවා නියුක්තිකයන් හැරුණු කොට වෙනත් මධ්‍යම ප්‍රමාණයේ සහ පහළ ශ්‍රේණිවලට සේවකයන්ගේ විශ්‍රාම වැටුපෙන් ඔවුන්ට තමන්ගේ මූලික ජීවිකාව පවත්වාගෙන යාමට අද අපහසු වන්නේ එබැවිනි. ඉතිං එවැනි විශාල පිරිසකට සිදුවන්නේ තමන්ගේ පවුලේ වෙනත් සාමාජිකයන්ගේ උදව් උපකාර මත ජීවත් වීමටයි. ආණ්ඩුව, ස්ථාවර තැන්පතු සහ ඉතිරි කිරීමේ ගිණුම් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ අනුග්රහාත්මක පොලී අනුපාතයක් ගෙවීමට තීරණය කිරීමේ එක හේතුවක් එයයි.
විශ්‍රාම වැටුප් ගෙවීමේ බර මීටත් වඩා බරපතල වන්නේ, වයසක ජනගහනයක් සඳහා දැරීමට සිදුවන වෙනත් සෞඛ්‍ය වියදම් පිළිබඳ කාරණයත් සැලකිල්ලට ගැනීමේදී ය. රටක් වශයෙන් ආර්ථික වර්ධනයේ ඉහළ මට්ටමකට ළඟා වීමට කලින් මෙවැනි වයසක ජනවිකාශනික වෙනසකට අපට මුහුණදීමට සිදුව ඇති බැවින්, වැඩිමහලූ ජනතාවට තවදුරටත් සේවය කළ හැකි නම් ඊට පහසුකම් සැලසෙන පරිද්දෙන්, රටේ ශ්‍රම වෙළඳපොළ ව්‍යුවහයන් වෙනස් කර ගත යුතුව තිබේ. එවැනි ප්‍රතිපත්තිමය වෙනස්කම් ඇති කර ගැනීම පහසු නැත. එහෙත් ඒවා පමා කරන තරමට ප්රශ්නය ද උග්‍ර වන්නේය.
*2019 අපේ‍්‍රල් 5 වැනි දා ‘ඬේලි එෆ්.ටී’ පුවත්පතේ පළවූ Growth Options නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්රහයෙනි