iMAGE: Vikalpa ( Easter Sunday Attacks – Zion Church, Batticaloa)

එදා උදෑසන අපට ඉතුරු කොට ගොස් ඇත්තේ සුන් බුන් වැ ගිය ජිවිත පමණි. ඒවා ගැන මා ලියන්නේ මොනවද? මම අද උදෑසන අවදි වුයේ මීට මසකට පෙර මගේ ජීවිතය හා දැන් මගේ ජීවිතය අතර ඇති වෙනස මෙනෙහි කරමිනි. මට මගේ ආදරණියන් අහිමි වී තිබේ. මට මගේ නිදහස අහිමි වී තිබේ. මට මගේ මිත්‍රත්වයන් අහිමි වී තිබේ. කණපිට හැරි ගිය ජිවිත දිනෙන් දින මට මුණ ගැසෙමින් තිබේ. ජීවිතය අනියත බව හැබෑවකි. එහෙත් මගේ ජිවිත කාලය තුළ නැවත නැවත මිනිසුන්ගේ ජිවිත හරා පාදමින් මෙලෙස ඇවිද යන්නට වේ යයි මා සිතුවේ නැත.

නළලේ විභුතී ඇඳි හුරුබුහුටි ඔහු පියාගේ අතේ එල්ලෙමින් පල්ලියේ ගේට්ටුව අසලට පැමිණියේය. මා සිටියේ සුන් බුන් අතර ඇවිදිමිනි. මා ඔහුට අත වැනුවෙමි. ඔහු හීන් හිනාවක් සලමින් මා අසලට පැමිණියේය. මඩකලපුව සියොන් දේවස්ථානයේ අසල්වැසි නිවසේ මව, පියා සහ වැඩිමල් සොයුරිය සමඟ ඔහු පදිංචිව සිටියේය. ඔයාගේ නම මොකක්ද ? ඉමේයානන් ඔහු ශබ්දය නොනැගෙන සේ මට කිවේය. වයස? 14 යි ඔහු කඩිනමින් කිවේය. දැන්ම ඔහු මා සමඟ හිතවත් වී ඇත.

මං දැන් එනකොට බැනර් එකේ දැක්කේ. එදා මගේ අතට චුටි බබෙක් දුන්නනේ ඉනිමගෙන් උඩ ඉඳලා…

සම්පුර්ණ සටහන සඳහා Adobe Spark හී  ජායාරූප සටහන වෙත පිවිසෙන්න 

 

 

ඉෂාරා ධනසේකර | Ishara Danasekara