iMage:VIKALPA/2019 June
”……ඒ වගේම අපි උතුරේ දැක්ක විශේෂ දෙයක් තමයි, සරණාගතයන් සම්බන්ධයෙන් සමහර අය කීප දෙනෙක් විරුද්ධ උනත් හුගක් දේශපාලනඥයන්, සිවිල් සමාජ නායකයන්, ආගමික නායකයන් පැහැදිලිවම කිව්වා, ඒගොල්ලොත් උතුරේ දෙමළ සමාජයේත් හුගක් අය අවතැන් වෙච්ච අය, සරණාගතයන් වෙච්ච අය, ඒ විදිහට ඉදලා අත්දැකීම් තියන අය, ඒ අය කිව්වා ඒ අයට වුවමනාවක් තියනවා කියලා, පිටරටවලින් ලංකාවට ආපු සරණාගතයන්ට උදව් වෙන්න. විශේෂයෙන්ම ඒගොල්ලන්ට අවශ්‍ය නවාතැන් සහ වෙනත් පහසුකම් ලබා දෙන්න. ඒක ඒ අයගෙන් බොහොම පැහැදිලිව ප්‍රකාශ උනා. ඒ අනුව, තමයි සමහර අය කිව්වේ අපේ ගෙවල්වලට උනත් එවන්න. අපේ ගෙවල්වල ඒ අයව තියාගෙන ඉන්නං කියලා. පළවෙනි වරට එක පවුලක් යාපනේට ගියාම යාපනයේ ඉන්න උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා සහ මූළස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඒකට විරුද්ධ වෙලා, ඒ පවුලට ඊලග දවසේම කොළඹ එන්න සිද්ධ උනා.”
යැයි, ලංකාවට පැමිණ සිටින සරණාගතයන් පිළිබදව ‘විකල්ප’ සමග සාකච්ඡාවකට එක්වෙමින්, මානව හිමිකම් ක්‍රියාකාරි රුකී ප්‍රනාන්දු පැවසීය. මේ වන විට රටවල් 15කින් පමණ සරණාගතයන් 1691ක පිරිසක් ආරක්ෂාව පතා ලංකාවට පැමිණ සිටින බවත්, ඔවුන් මේ වන විට විවිද අපහසුතා මධ්‍යයේ ජීවත්වන බවත් පැවසීය. ‘අවුරුදු කීපයකට පස්සේ සරණාගත භාවය ලැබුණු අය වෙනත් රටවල් වලට යන්න බලාපොරොත්තු වෙනවා, ලංකාවේ මේගොල්ලො ඉන්නේ තාවකාලිකව, ලංකාවේ ඔවුන් තියාගන්න වගකිමක් නැහැ. නමුත් ලංකාවට නීත්‍යානුකූල වගේම සාදාචාරාත්මක වගකීමක් තියනවා පවුල් කිහිපයකට හරි ලංකාවේ ඉන්න අවස්ථාව ලබා දෙන්න දිගු කාලීනව..’ රුකී ප්‍රනාන්දු වැඩිදුරටත් සදහන් කලේය.

අද(20) එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබද වූ දිනයයි! තමන්ගේ රටේ තමන්ට ආරක්ෂාවක් නැති නිසා ලංකාවට පැමිණ සිටින මේ සරණාගතයන් ජීවිත පිළිබදව සම්පූර්ණ විත්රයක් සදහා පහත වීඩියෝව බලන්න. සම්පූර්ණයෙන් නොබලා, සංවාද කිරීම අනතුරුදායක විය හැකිය.
High Resolution here