හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් මහ පරිමාණයෙන් විකිණීමේ ජාවාරමක් මේ වනවිට ක්‍රියාත්මක වේ. නින්දගම් ඉඩම් යැයි සඳහන් කරමින් වළව මහවැලි කලාපය ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් කට්ටි කර විකිණීම මෙලෙස සිදු කෙරේ.
ගොන්නොරුව නින්දගම ලෙස හැදින්වෙන පන්වැව සිට ගොන්නොරුව දක්වා විහිදී ඇති වනාන්තර ප්‍රදේශයේ අක්කර 500 ක් පමණ අක්කර 25 ක් හා 50 බැගින් වන ඉඩම් කට්ටි කර කොළඹ ආශ්රිත මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට විකිණීම සිදු කර ඇත. කැටැන්වැව සිට මළල ආර දක්වා කොටසේ පිහිටන ගලහිටයවත්ත නින්දගම ලෙස හදුන්වන වනාන්තර ප්‍රදේශයේ ඉඩම් කට්ටි කර විකිණීමේ ජාවාරමක් ‘‘වැලි සමන්’’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු විසින් සිදු කෙරේ.
මීට අමතර ව යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ප්‍රධාන අලි මංකඩක් වන හැඩිල්ල අලිමංකඩ අවහිර කිරීම ද දේශපාලකයන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත සිදු කෙරේ. හැඩිල්ල අලි මංකඩ හරහා බුන්දල ජාතික වනෝද්‍යානය හා හම්බන්තොට ප්‍රදේශයේ වනාන්තරවල ජීවත්වන අලි ඇතුන් ලුණුගම්වෙහෙර හා උඩවලව ජාතික වනෝද්‍යාන වලට ගමන් කිරීම සිදු කරයි. මෙම අලි මංකඩ පළමු ව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා විසින් නිවාස සංකීර්ණයක් ඉදි කර අවහිර කර තිබේ. ගොන්නොරුව හා කැටන්වැව අතර මෙම අලිමංකඩ අවහිර වන පරිදි මේ නිවාස සංකීර්ණය ඉදි කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිස්සමහාරාම ආසන සංවිධායක දිසරු දිසානායක මහතා විසින් නින්දගම් ඉඩමක් යැයි සඳහන් කරමින් ව්‍යාජ ඔප්පුවක් සකස් කර හැඩිල්ල අලිමංකඬේ අක්කර 50 ක භූමියක් විදුලි වැටවල් සකස් කර වෙන් කර ගෙන තිබේ. මහ පරිමාණයෙන් වනාන්තර එළිකරමින් ඉඩම් කට්ටි කිරීම මෙලෙස නීතිවිරෝධී ව සිදුකරද්දී මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් හා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් නිහඩ ව සිටී ම පුදුමයට කරුණකි. මේ මහ පරිමාණ වන විනාශය හා නීතිවිරෝධී ඉඩම් අල්ලා ගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් අලි ඇතුන්ගේ වාසස්ථාන හා අලි මංකඩවල් අවහිර කිරීම හේතුවෙන් මතුවන අලි – මිනිස් ගැටුම ට මෙම නිලධාරින් ඍජුව ම වගකිව යුතු ය.
මේ ප්‍රදේශයේ නින්දගම් ඉඩම් යැයි සඳහන් කරමින් ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකිණීමේ ජාවාරම පුද්ගලයින් තිදෙනෙකු විසින් ප්‍රසිද්ධියේ මෙහෙයවීම සිදු කරයි. වැලි සමන්, ගොන්නොරුවේ චමින්ද හා පන්වැව තුෂී යන අන්වර්ථ නම් වලින් හැදින්වෙන පුද්ගලයින් විසින් මේ සමස්ත ජාවාරම මෙහෙයවනු ලැබේ. ඒ සඳහා සියලූ දේශපාලන පක්ෂවල ප්‍රබලයින් ඔවුන් ට දේශපාලන රැකවරණ ලබා දේ.
රක්ෂිතය ප්‍රකාශයට පත් නොකිරීමේ ප්‍රතිඵල
වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙන් හා පසුගිය රජයෙන් කි‍්‍රයාත්මක කළ හම්බන්තොට මහ පරිමාණ අක්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි – මිනිස් ගැටුමක් මේ වන විට හම්බන්තොට ආශි‍්‍රත ප්‍රදේශ ගණනාවක වර්ධනය වෙමින් තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර තුන තුළ දී පමණක් වගා බිම්වලට පැමිණි අලි – ඇතුන් 26 ක් පමණ වෙඩි තැබීමෙන්, හක්කපටස් භාවිතයෙන් හා විදුලි සැර යෙදීමෙන් ඝාතනය කර තිබේ.
එපමණක් නොව අලි – ඇතුන්ගේ ප්‍රහාරයට ලක් ව මිනිසුන් 13 දෙනෙකු පමණ මියගොස්, තවත් පුද්ගලයන් අටදෙනෙකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ව සිටී. මේ තත්ත්වය පාලනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කළ ”හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” ප්‍රකාශයට පත් නොකිරීම හා ඊට අයත් වනාන්තර ඉඩම් මහවැලි අධිකාරිය ශීඝ්‍රයෙන් එළිපෙහෙළි කර බොරළු කැණීම, කළු ගල් කැඞීම මෙන්ම විවිධ සංවර්ධන කටයුතු හා වාණිජ වගාවන් සඳහා ලබා දීම හේතුවෙන් මේ තත්ත්වය තව තවත් උග්‍ර වෙමින් පවතී. එපමණක් නොව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා විසින් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ විවිධ ප්‍රදේශ වල අලූතින් ගම්මාන පිහිටුවීම හා වාණිජ වගාවන් ස`දහා ඔහුගේ ආධාරකරුවන්ට ඉඩම් ලබා දීම හේතුවෙන් මෙම තත්ත්වය තවතවත් වර්ධනය වෙමින් තිබේ. මේ අයුරින් වනාන්තර අවභාවිතාව නිසා ම ඔවුන් විසින් මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට ඉඩප්රස්ථාව ලබා නොදේ.
හම්බන්තොට අලි කළමනාකරණ සැලැසුම
උඩවලව, ලුණුගම්වෙහෙර හා බූන්දල ජාතික වනෝද්‍යාන සම්බන්ධ කරමින් අලි – ඇතුන් ගේ සංක්‍රමණික රටාවන් හඳුනාගෙන හම්බන්තොට අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා වනාන්තර ප්‍රදේශ ජාල ගත කිරීම අරමුණු කර ගෙන ”හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” ප්‍රකාශයට පත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කර තිබේ. ඒ මගින් හම්බන්තොට ප්‍රදේශයේ ජීවත් වන අලි – ඇතුන් 450 ක ගේ පමණ වාසස්ථාන සුරක්ෂිත කිරීමේ හැකියාව පවතී. 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරණ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතේ 2 වන වගන්තියට අනුව මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට යෝජිත ව ඇත.
ගජ මිතුරෝ වැඩසටහන යටතේ 2009 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු ම රාජ්‍ය ආයතනවල හා ප්‍රදේශවාසීන් ගේ සහභාගිත්වයෙන් යුතු ව සකස් කළ මේ සැලැසුම සඳහා 2012 වසරේ දී ගජ මිතුරෝ දිස්ත්‍රික් කමිටුව විසිින් ඒකමතික ව අනුමැතිය ලබා දී තිබේ. එම සැලැසුමට අනුව හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම, විදුලිවැටවල් ඉදිකිරීම හා අලි මංකඩවල් විවෘත කිරීම ඇතුළු ක්‍රියාමාර්ගවලට පිවිසීමට නියමිත ව තිබුණි. මේ සියලු ම සැලැසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන් විසින් සකස් කළ වාර්තා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත යොමු කර වසර අටකට වැඩි කාලයක් ගත වී ඇතත් ඉදිරි කි‍්‍රයාමාර්ග මේ වන තුරුත් ගෙන නොමැත. මීට අමතර ව මේ සැලැසුම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ යෝජනාව දැනට වසර හයකට ප්‍රථම ඉඩම් අමාත්‍යාශය වෙත යොමු කර තිබුණ ද එහි කිසිදු ප්‍රගතියක් මේ වන විටත් දැක ගත නොහැකි ය.
රක්ෂිත ප්‍රදේශ ජාලගත කිරීමට ප්‍රධාන අලිමංකඩවල් තුනකින් සමන්විත ව මෙම සැලැසුම සකස් කර තිබේ. ඒ අනුව යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට බූන්දල ජාතික වනෝද්‍යානයේ සිට අලි සංක්‍රමණය වන ප්‍රධාන අලි මංකඩ පිහිටා ඇත්තේ කොහොලංකල ප්‍රදේශයේ ය. මෙය කොහොලංකල – කෑලියපුර අලි මංකඩ ලෙස හැඳින්වේ. යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය හා ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය සම්බන්ධ වනුයේ උනාතුවැව අලි මංකඩෙනි. මේ අලි මංකඩ ද මේ වන විට ඇහිරී ඇති අතර එය විවෘත කිරීම සඳහා ද සැලැසුම් සකස් කළ යුතු ව ඇත.
දේශපාලන බලපෑම් මත රක්ෂිතය ප්‍රකාශයට පත් නොකිරීම
යෝජිත රක්ෂිතය හා උඩවලව ජාතික වනෝද්‍යානය සම්බන්ධ වන්නේ උඩවලව – තණමල්විල මාර්ගයේ 31 හා 32 කිලෝමීටර කණු අතර ප්‍රදේශය හරහා ය. මේ අලි මංකඩ විවෘත කිරීම සඳහා පසුගිය රජයේ අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා එකල විරෝධතාව දැක්වීම හේතුවෙන් මෙතෙක් ඒ පිළිබඳ සැලැසුම් සකස් කිරීමට නොහැකි වී තිබේ. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ දිනෙන් දින අලි – මිනිස් ගැටුම උග්‍ර තත්ත්වයකට පත් වීම හා යෝජිත රක්ෂිතය පියවරෙන් පියවර සංවර්ධන කටයුතු සදහා යොදා ගැනීමයි.
මේ වන විට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සූරිය වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහ අන්දර වැව හා පහළ අන්දර වැව අතර පිහිටි හාමුදුරු වැව් ඉහත්තාවේ අක්කර 2000 ක් පමණ එළිපෙහෙළි කර මහ පරිමාණයෙන් කෙසෙල් වගා කර තිබේ. පුද්ගලයින් අටදෙනෙකු විසින් මෙම වගා බිම් පවත්වාගෙන යයි. ඔවුන් පසුගිය රජය පැවති සමයේ නාමල් රාජපක්ෂ මහතා ගේ සහයෝගය මත මෙම අනවසර වගා බිම් පවත්වාගෙන ගිය අතර අද වන විට අමාත්‍ය දුලිප් වෙදආරච්චි හා අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ගේ සහයෝගය මත එය සිදු කෙරේ. විදුලි වැටවල් සකස් කර පවත්වාගෙන යන මෙම අනවසර වගා බිම් හේතුවෙන් අලින්ගේ වාසස්ථාන අවහිර වීම නිසා මහ අන්දර වැව, වල්සපුගල, කරුවල වැව, තිස්සපුර හා රණමයුරපුර ප්‍රදේශ වල ගොවීන්ගේ වගා බිම් වලට අලින්ගෙන් සිදු වන හානි වර්ධනය වී තිබේ. මීට අමතර ව වීර වැව, ගලහිටිය වැව, එළල්ල වැව හා පුස්ගලේ වැවට අලි – ඇතුන්ට පිවිසීමට ඇති ඉඩකඩ විදුලි වැටවල් හා වගා බිම් නිසා සම්පූර්ණයෙන් ම අවහිර වී තිබේ. මීට අමතර ව අන්දර වැවේ ජලය වතුර මෝටර් 81 ක් මගින් මහ පරිමාණයෙන් ලබා ගෙන අනවසර වගා බිම් වලට යෙදීම හේතුවෙන් මෙම වැව යටතේ වගා කරණ ගොවීන්ට උග්‍ර ජල හි`ගයකට මුහුණ පෑමට සිදු වී ඇත.
Full Report here
සජීව චාමිකර | Sajeewa Chamikara
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය