‛‛යාපනයේදී හමුවෙන හැම මිනිහෙකුටම කියන්න දුක හිතෙන කථාවක් තියෙනව’’
‛‛මම යාපනයට ගියේ අවුරුදු ගානකට පස්සේ. මම කලින් යද්දි පාර ඇරල තිබුන. ඉතින් මං හිතන්නේ යන්න එන්න සෑහෙන්න ලේසියි. මෙ පාර මම ප්ලේන් එකේ ගියාට සාමාන්‍යයෙන් පාරෙන් යනවට වඩා හුගක් අමාරුවෙන් ගියේ. මට මතකයි ඉස්සර පාර ඇරල තියෙද්දි චෙක්පොයින්ට් තිබුන මුහමලෙයි, ඕමන්තෙයි වගේ තැන්වල එල්.ටී.ටී.ඊ සංවිධානේ වගේම රජයේ හමුදාවල ඒත් පැය අටකින් වගේ කාලයකින් පෞද්ගලික වාහනයකින් යන්න පුළුවන් පාරෙන් කොළඹ ඉඳල යාපනයට
. ඒත් ප්ලේන් එකේ යද්දි පැයක විතර ප්ලයිට්(ගමනකට) එකකට යන්න පැය නමයක් විතර ගියා. පැය අටක් නමයක් යනව ප්ලේන් එකේ යන්න. ඒ වගේම ඒක හරිම ගනන් රුපියල් 18000/ක් . ඒ කියන්නේ ඉන්දියාවට ගිහින් එන්න පුළුවන් ඊට වඩා ලාබෙට සමහර විට බැංකොක් ගිහින් එන්න පුළුවන් ඊට වඩා ලාබෙට මිහින් එයාර් වගේ ලාබෙට තියෙන ඒවගෙන් නැත්නම් පැකෙජ් වලින්. ඉතින් ඒ ගානයි කාලයයි ඇරෙන්න හරි අමාරු ගමනක් ඒක මොකද එහේ පහසුකම් හුගක් අඩුයි. සමහර වෙලාවට බස් හතරක පහක වගේ යන්න ඕන. පැය තුනක කාලයක් බලාගෙන ඉන්න වෙනව සමහර වෙලාවට බෑගුයි ටිකටුයි ඔක්කොම තියාගෙන පාරේ මහ පාරේ, ඉඳගන්න තැනක්වත් නැහැ අව්වෙ වැස්සෙ තමයි ඉන්ඩවෙන්නෙ පාරේ ප්ලෙන් එකට නගින්න ඉස්සෙල්ල. ඉතින් මේ හුගක් දේවල් අපිට තේරෙන් නෑ අවශ්‍යයි කියල. මොකද අපි සියළු දෙනාම පිළිගන්නව බෑග් චෙක් කරන්න ඕන එන අයව චෙක් කරන්න ඕන කියලා ආරක්ෂාව සඳහා. ඒත් මේ වගේ ඕන කරලම කරන කරදර කියල තමයි මට පෙනෙන්නෙ මේවා විශේෂයෙන්ම. ආරක්ෂාව සඳහා නෙමේ කියල. යාපනේ ඇතුලේ මිනිස්සු ඉන්නේ හුඟක් බයෙන්.
හැමදාම වගේ මරා දැමීමි සිද්ධවෙනව, අතුරුදන්වීම් සිද්ධ වෙනව ඒ වගේම ලිංගික අතවර ගැන හුඟක් කථාබහ අහන්නට ලැබුනා විශේෂයෙන්ම ස්ත්‍රී පාර්ශවයට. ඒ වගේම හුගක් තරුණ පිරිමි කට්ටිය ජීවිතයට බයෙන් මානව හිමිකම් කාර්‍යාලයට බාරවෙලා හිරේ වගේ ඉන්නව. ඒගොල්ලෝ අපරාධයක් කරපු අයවත් නෙමේ, සැකකරුවොවත් නෙමේ ඒත් ඒ ගොල්ලො ඉන්නේ කූඩුවක දාපු සත්තු වගේ පොඩි කාමරයක 30-40 දාල තියනව
. ඒ වගේ යාපනයේ ඉන්න අයට විශේෂයෙන්ම වෙනස් කිරීමක් කරනව මොකද ඒ ගොල්ලන්ට ජාතික හාඳුනුම්පතට අමතරව වෙනත් හැඳුනුම්පතක් ලබාගන්න ඕන හමුදාවෙන් මෙහාට එන්න ඒගොල්ලො වීසා එකක් අරගන්න ඕන. මෙහාට කියන්නෙ කොළඹට එන්න නැත්නම් යාපනෙන් පිට යන්න ඒකට සමහර වෙලාවට සුමාන තුනක් විතර වගේ කාලයක් යනව. ඉතාලියේ සම්මන්ත්‍රණයකට සහභාගී වෙලා තියෙනව යාපනයේ විශ්ව විද්‍යාලේ වැඩකරන කෙනෙක් එයා මාත් එක්ක ප්ලයිට් එකේ හිටියා. එයා මට කිව්වා කොළඹ එන්න වීසා එක ලබාගන්න නැත්නම් අවසරය ලබාගන්න හමුදාවෙන් සුමාන තුනක් විතර ගියා කියල ඉතාලියට යන්න ඉතාලි වීසා එක ලබාගන්න ගියේ දවස් කිහිපයයි පමණයි කියල. එහේ බඩු හුඟක් ගනන්. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය වගේ ඒව කොළඹට වඩා හුගක් ගනන්. එවගේම භූමිතෙල් ගනන් තෙල් ගනන් බැට්රි වගේ ඒවා ලබාගන්න හුගක් අමාරුයි. පෙන්ටෝච් බැටරි 2 රු 200 විතර වෙනව. හැබැයි මේ ගනන් වැඩි වීම සිද්ධ වෙලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට ඒගොල්ලන්ගෙ එදිනෙදා ජීවන උපාය මාර්ග කරගෙන යන්න බැරි වාතාවරණයක් නැති තත්ත්වයක් යටතේයි. ඇඳිරි නීතිය තියෙනව හැමදාම රෑ 9යට එත් මිනිස්සු සාමාන්‍යයෙන් 6න් 7න් විතර පස්සෙ කවුරුත් ඇවිදින්නෑ එළියට ඒ නිසා කඩ ඔක්කොම ඒ වෙලාව වෙද්දි වහල දානව. ඉතින් ඒ කඩ වලින් ලැබෙන ආදායම හුඟක් අඩුයි. ඒ වගේම හුගක් ගොවිතැන් කරන අයගෙ ගොවිතැන් කරන ඉඩම් හමුදාවෙන් අරගෙන අධිආරක්ෂිත කළාප කියල. ඒවාට විකල්ප ඉඩම් මොකුත් දීලත් නැහැ. එගොල්ලන්ට විකල්ප ජීවනෝපාය මාර්ගයක් සලස ගන්න පහසුකම් සපයල දීලාත් නැහැ. ඒවගේම මාළු ඇල්ලීම, ධීවරයෝ හුඟක් ඉන්නව ඒ ප්‍රදේශයේ ඒගොල්ලන්ට හුගක් සීමාවන් දාල තියෙනව මාළු අල්ලන්න බැරිවෙන විදිහට. ඉතින් එක අතකින් එගොල්ලන්ගේ ජීවනෝපාය කරගෙන යන්න විදිහක් නැහැ ඒනිසා ආදායම් නෑ හුගක් අමාරුයි. අනෙක් අතින් බඩු ගනන් හුගක් වැඩිවෙලා තියෙනව. එවගේම මං අර කලින් කිවුව වගේ ගොවිතැන් කරන ඉඩම් විතරක් නෙමේ ගෙවල් දොරවල් පවා හුගක් අවුරුදු ගානක් තිස්සෙ හමුදාවෙන් අත්පත් කරගෙන තියෙනව. ඉතින් හුගක් අය කියන්නෙ එහෙම ආරක්ෂක හේතූන් මත ඒවා අත්පත් කරගෙන තියෙනව නම් අඩුම ගානේ ඒවාට විකල්පයක් දෙන්න ඕන. එක්කො ගෙවල් දෙන්න ඕන. එහෙම නැතිනම් ඒවාට වන්දියක් හරි දෙන්න ලබාදෙන්න ඕන කියලයි. එහෙම දෙයක් වෙලා නැහැ.
යාපනේ හම්බවෙච්ච හැම දෙනාටම මොනව හරි දුක හිතෙන කතන්දරයක් කියන්න තියෙනව. එක්කො කවුරුහරි නැති වෙලා එහෙම නැත්නම් ගෙවල් දොරවල් නැතිවෙලා. ඉතින් හුගක් දුක හිතෙන්නෙ මේවගේ දේවල් ගැනයි. යාපනය සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයක් කොළඹට හා ලංකාවේ වෙනත් ප්‍රදේශවලට වඩා. මේ පිළිබඳව දන්නැහැ හුගක් ලංකාවේ අය . විශේෂයෙන්ම ලංතාවේ දකුණේ ඉන්න අයයි ලොකේ අනෙක් රටවල ඉන්න අයයි. ඉතින් මේ අත්දැකීම් බෙදාගන්න තමයි මම උත්සාහා කලේ. ’’
කොළඹ ලෝ ඇන්ඩ් ට්‍රස්ට් ආයතනයේ රුකී ප්‍රනාන්දු මහතා යාපනයේ කළ සංචාරයකින් පසුව විකල්ප වෙබ් අඩවියට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව ඉහත විඩිෙයා් පටෙයන් දැක්ෙව්