iMAGE: Vikalpa
“ මා ගැබිනියකව සිටිය කාලේදී මගේ ලේ කිරි වෙන්නැත කලින්, මගේ මේ දරුවන් දෙන්නා.මෙලොව එලිය දකින්නත් කලින්, මගේ මදුෂ්කව අතුරුදහන් කෙරවෙව්වා. දැනට අවුරුදු 6 ක් වෙනවා”
“අවුරුදු 6 පුරාවටම මම යන්ඩ තියෙන හැම තැනකටම ගියා”
ඒ මයුරි ඉනෝකා ජයසේනගේ හඬය. හරියටම වයස 6 ක නිවුන් දරුවන් දෙදෙනෙකුගේ දඟ වැඩ ඉවසමින්, එහෙ මෙහෙ දුව පනින මේ දරුවන් දෙදෙනා වත්තන් කරගනිමින් ඇය තනිවම, ගෝල් ෆේස් අහසේ නිදහසේ පාවෙන සරුංගල් අතරේ හිතේ අතොරක් සිතුවිලි හිරකරගෙන වාඩි වී සිටියේ, සීරුවට හොරෙන් හොරෙන් අනෙක් යට නොපෙන්නට කඳුළු සලමින්ය. තමන්ගේ දරුවන්ට අයිස් ක්‍රීම් අරන් දෙන්නට, සරුංගල් අරින්නට, වඩේ කන්නට, රැල්ල පාගන්නට එක්කන් එන දහසක් තාත්තලා වෙනුවට මේ දරුවන්ට ඉතිරි වී ඇත්තේ ඔහු ගැන ඉතුරු වී ඇති මතක සටහන් කීපයක් පමණි.
කුඩා දියණිය කිසි දිනෙක නොදුටු තම පියාගේ වෙනුවෙන් තම දෑත් එකතු කරන වදිනවා වරෙක අපි දුටුවෙමු. එය හද සසල කරන්නකි.
පසුගිය සැප්තැම්බර් 2 වන දා ගෝල් ෆේස් ඉදිරිපිට දී මයුරි විසින් කරන විරෝධතාවය සහ මධුෂ්ගේ පැහැරගැනීම ගැනීම සම්බන්ධව වසර 6කට පසු විකල්ප තැබූ සටහන Adobe Spark ඔස්සේ කියවන්න, නැත්නම් පහත ලින්ක් එක මත ක්ලික් කරන්න.