iMAGE: Atlas Obscura

වික්ටෝරියන් යුගයේදී ශ්‍යාමි කුමාර්ලාව හඳුන්වනු ලැබුවේ නිමේෆෝමේනියා රෝගීන් ලෙසය. ලංකාවේදි එය කින්නර පිස්සුව ලෙස හඳුන්වනු ලැබීය. වික්ටෝරියන් යුගයේදි අවශ්‍ය වූයේ නිර් – ලිංගික ගැහැනියක් සහ නිර් – ලිංගික පිරිමියෙක් නිර්මාණය කිරිමය. යුරෝපියානු මායාකාරියන් දඩයම යනු ද ස්ති‍්‍ර ලිංගික විරෝධයයි.ලංකාවට ඉංගී‍්‍රසින් හරහා පැමිණියේ මෙම නිර්- ලිංගික ගැහැනියගේ ප‍්‍රතිමුර්තියයි. එය ලොව පුරා අධිරාජ්‍යවාදය හරහා බෙදා හරින ලදී.අපගේ අම්මලා ද ආත්තම්ලාද මෙම නිර් ලිංගික ගැහැනියගේ ආභාෂය සහිත ගැහැනුන් වුහ. අධිරාජ්‍යවාදී බලපෑමට නතු වු ගැහැනුන් විය. ලංකාවේදී ”කොච්චි කොටලා ඇරපන් හු*** ” කිවේ මෙයම තමයි. නමුත් එය නීතිගත එමෙන්ම බලපෑම් සහගත තත්වයකට පත් වුයේ යටත් විජිතයක් බවට පත් වූවාට පසුවයි.

වික්ටෝරියන් යුගයේදි අධික ලිංගික කි‍්‍රයාකාරිත්වයක් සහිත ගැහැනුන්ට නිර්දේශිත වෛද්‍ය ප‍්‍රතිකාරය ලෙස නවකතා කියවීම, පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීම තහනම් කරන ලදී.එසේම දින නියමයක් නැති ”බෙඩ් රෙස්ට්” එකද එහි අඩංගු විය. ඒ සදහා ඇඳේ ගැටගසන ලදී. එසේම බොරැක්ස් කුඩු දමා යෝනිය සේදීම නිර්දේශ කිරිම සිදු කරන ලදී. එසේම සැමියා සමඟ පවා ලිංගික කි‍්‍රයාවන් මෙන්ම ස්වයං වින්දනයද තහනම් කිරිමද ප‍්‍රතිකාරයක් වීය. මේ සියල්ල වික්ටෝරියන් කතිකාවේ රෝග විනිශ්චයකි. රෝග විනිශ්චයට සමාජයේ අධිපති දෘෂ්ටිවාදය තීරණාත්මක ලෙස බලපානු ලබයි. මෙහි ප‍්‍රසිද්ධ වාර්තාවක් වන්නේ බී මෙනවියගේ රෝග වාර්තාවයි. බී මෙනවිය නිම්පෝමේනියා රෝගියෙක් ලෙස වික්ටෝරියන් යුගයේදි නම් කරන ලදී. නමුත් පසු කලෙක ලිංගික විප්ලවයෙන් පසුව නිම්පෝමේනියාව යන වචනය වෛද්‍ය විද්‍යාවෙන් ඉවත් වු අතර එය නම් කරන ලද්දේ  අධික ලිංගික කි‍්‍රයාකාරිත්වය ලෙසයි. තවදුරටත් එය රෝගී තත්වයක් ලෙස නොසැලකුනු අතර එය අතිශය සාමාන්‍ය තත්වයක් ලෙස සලකනු ලබයි. එසේම එය හඳුන්වනු ලැබුවේ ලිංගික අධිකි‍්‍රයාකාරිත්වය යනුවෙනි. මෙය හෝර්මෝන වෙනස්වීම ගැහැනියගේ හෝ පිරිමියෙකුගේ ජීවිතයේ වරින් වර ඇති විය හැකි තත්වයක් මෙන්ම දීර්ඝකාලීන තත්වයක්ද විය හැකියි. මෙය ස්වයං පාලනය අහිමි වන තරමට වු ශරිරයේ වෙනස්වීමකි.

1964 දී සැන් ප‍්‍රැන්සිස්කෝ වල උසාවියට පැමිණි විකාර සහගතම නඩුවක් වුයේ කේබල් කාර් එකක් අනතුර පත් වීමෙන් පසු ග්ලෝරියා සයික්ස් නැමති කාන්තාව පැවරූ නඩුවයි. එනම් අනතුර නිසා ඇයට ලිංගික අධිකි‍්‍රයාකාරිත්වයක් ඇති වුයේ යන්නයි. ඇගේ පැමිණිල්ල වුයේ පාලනය කල නොහැකි ලිංගික ආශාවක් ඇයට ඇති වු බවත් එය ඇයව ලිංගික සම්බන්ධකම් ගණනාවකට ඇඳ දැමු බවත්ය. වාහනය පෙරලි යන අතරමගදී රථය වේගයෙන් ගැසෙන්නට වු අතර එය දරා ගත නොැකි වු විට ඇය තමාගේ හිස බස් රථයේ පොල්ලෙ ගසා ගෙන ඇත. ඇගේ ලිංගික වෙනස්වීම ආරම්භ වුයේ ඉන්පසුවය. මා මෙය සඳහන් කිරිමට හේතුව වුයේ කෙනෙකුගේ ලිංගිකත්වය හෝ එහි ඉතිහාසය ඉතාම සංකීර්ණ කාරණා සමඟ  රඳා පවතින බව වටහා ගැනීමට අප තවත් කොතෙක් කල් ඒ ගැන සංවාද කල යුතුද යන්න මතක් කිරිමටයි.

ෂර්මි ද අප සැලකිය යුත්තේ එම සංවාදයේ හවුල්කාරියක් ලෙසය.එසේම බොහෝ විට අප නොදන්නා කාරණාව වන්නෙ ගනිකා වෘත්තිය හුදෙක් මුදල් මත පමණක් රදා නොපවතින අතර එය එක්තරා අකාරයකින් ජිවත් විමේ විලාසයක් ද වෙයි. ජිවත් වීමේ විලාසය තීරණය වීමට කෙනෙකුගේ ශරිරයේ කි‍්‍රයාකාරිත්වය මෙන්ම මානසික කි‍්‍රයාකාරිත්වයද එක ලෙස බලපානු ලබයි. ලාර්ස් වොන් ට‍්‍රයර් ( ඇන්ටි කි‍්‍රස්ට් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ද ඔහුයි ) විසින් අධික ලිංගික කි‍්‍රයාකාරිත්වයක් සහිත ගැහැනියකගේ ජිවිතය පසුබිම් කර ගනු ලබයි. ලාර්ස් වෙන් ට‍්‍රයර් ගේ නිම්ෆෝමැනික්, මෙලන්කලියා  සහ ඇන්ටි කි‍්‍රස්ටි යන චිත‍්‍රපටි තුනම ගනුදෙනු කරනු ලබන්නෙ මානසික අවපීඩන තත්වයක් යටතේ කටයුතු කරන චරිත තුනක් පාදක කරගෙනය. චිත‍්‍රපට තුනේ චරිත එම අවපීඩන තත්වයන්ට ප‍්‍රතිචාර දක්වන්නේ එකිනෙකට වෙනස් ආකාරයන් වලිනි.

This slideshow requires JavaScript.

 

ලාර්ස් වොන් ට‍්‍රයර් තමාගේ අවපීඩන තත්වය සමග දිගින් දිගටම ගනුදෙනු කිරිමේ ප‍්‍රතිඵලය වුයේ මෙම චිත‍්‍රපට තුනය. එය අවපීඩන ති‍්‍රත්වයක් ලෙස හඳුන්වනු ලබයි. ඒ චිත‍්‍රපට තුන අතරින් නිමිපෝමැනික් චිත‍්‍රපටය ලිංගික අධිකි‍්‍රයාකාරි ගැහැනියකගේ ජිවිතය සහ ඇය මුහුන දෙන පීඩාකාරිත්වයන්, ලාලාසාවන් ,භීතීන් පදනම් කරගෙන ශිෂ්ටාචාරයට කණේ පාරක් ගසයි. නිම්පෝමැනික් චිත‍්‍රපටයේ ජෝ නැමති කාන්තා චරිතය මෙන්ම ෂර්මිද සිස්ටම් එකට අභියෝගයකි.ඇත්තෙන්ම නුතන නීතිය සැලකිලිමත් විය යුත්තේ ලිංගික කි‍්‍රයා ආශි‍්‍රත රෝග ඇතිවිම වැලැක්වීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සැලසීමට පමණයි. අපට නීති දුන් ඉංගි‍්‍රසින්ගේ ද නිතී වෙනස් වී ගොඩාක් කල්ය . එහෙත් උදේ ? සුද්දට බනින අපේ අය තවමත් මානව විරෝධි නීති  කරතබාගෙන යයි. ලෝකයේ බොහෝ රටවල ලිංගික විප්ලවය සිදුවූයේ වික්ටෝරියන් ලිංගික වටිනාකම ලෙස සැලකු නිර් ලිංගික කතිකාවට අහියෝග කිරිමෙනි.මෙය සිදුවුයේ ශ්‍යාමි මෙන් තමාව බිල්ලට දීමට සුදානම් වු ගැහැනුන්ගේ නිර්භය මැදිහත් වීම් වලිනි. එම නිසා මට නම් ශ්‍යාමි සිදු කර ඇත්තෙ මිනිස් අයිතිවාසිකම් පිලිබඳ බරපතල දේශපාලනික මැදිහත් වීමකි. තමාගේ ලිංගිකත්වය පිළිබඳව  ඇයට දැනෙන අවංක හැගිම ප‍්‍රකාශ කළ අතර එය ලංකාවේ ගැහැනියකගේ ලිංගික නිදහස උදෙසා සිදු කරන ලද තීරණාත්මක බලපැම් සහගත මැදිහත් විමකි. එය නිදහස පිලිබඳ ව්‍යාපෘති වලින් ඔබ්බට ගියාවු මැදිහත් වීමකි. අතීතයේ ඡන්ද අයිතිය ලබා ගැනීම වෙනුවෙන් මරණය තෝරා ගත් ගැහැනිය තරමට ප‍්‍රබල මැදිහත් වීමකි. ලිංගික ශ‍්‍රමිකයන් ලංකාවේ සිටින බවත් එය ඉල්ලූමක් සහිත කර්මාන්තයක් බවත් කවුරුත් දන්නා කාරණයකි. එහෙත් ඒ ගැන නිර්භය ලෙස කතා කරන්නට හැකි වුයේ කාටද ? ශ්‍යාමිගේ දේශපාලනය පටන් ගන්නෙ ඇය ඒ ගැන කතා කරන්නට පටන් ගැනීමෙන් පසුවය. ගනිකාවන් සම්බන්ධයෙන් සාහිත්‍ය ඇති පදම් කදුලූ හෙලා ඇත. කවියෝ ඇයට අනුකම්පා කලහ. නමුත් ශ්‍යාමි හඬන්නෙ නැත. වැළපෙන්නෙ නැත.ඇය අභිමානවත්ය. ඇය ආත්ම විශ්වාසයෙන් යුක්තය. ඇය පසුතැවිලි වන්නෙ නැත. ඒ නිසා ඒ සියලූ සාහිත්‍යටත් කවියටත් වඩා ශ්‍යාමි සිටින්නෙ ඉහලිනි. ලෝ ප‍්‍රකට රෝම මෙලනිසියාට ආදරවන්තයන් එකසිය පනහක් සිටි අතර ඉතිහාසයට ඇය අපකීර්තිමත් චරිතයකි. ඇයගේ සුප‍්‍රසිද්ධ කතා අතර ගනිකා නිවාසයක ඇය ගනිකාවක් සමග කල තරඟයද සුප‍්‍රසිද්ධය. අනුලා බිසව ද ලංකාවේ අපකීර්තියට පත් වන්නෙ ඇගේ ලිංගිකත්වය නිසාය. එසේ නුමුදු රජවරුන්ගේ අන්තංපුරයන් ගැන අප කතා කරන්නෙ ආඩම්බරයෙනි.

කෙසේ නමුත් අද ශ්‍යාමි අපරාධකාරියක් වන්නේ  වික්ටෝරියන් වටිනාකම් සහිත නීතියට, වෛද්‍ය විද්‍යාවට,කලාවට සහ එය නියෝජනය කරන අයට පමණි. මානව නිදහස මෙතෙක් ආ ගමන් මඟට ගරු කරන අයට ඇය සෑබෑ මනුෂ්‍යයෙකි. එසේම ලිංගික බලහත්කාරයන් සිදු කර මරා දමනු ලැබු ගැහැනුන් ගැන හඬන දොඩන අයට නොතේරෙන කාරණය වන්නේ  ෂර්මි වැනි ගැහැනුන් එවන් ගැහැනුන් කී දෙනෙක් බේරා ඇති ද යන්නයි.එසේම ලිංගික අපරාධකාරයන් වන්නට සිටි පිරිමින් කී දෙනෙක් එයින් මුදා යහපත් මනුෂ්‍යයන් කරන්නට ඇතිද යන්නයි. හෙට දිනයේ ශ්‍යාමි කුමක් කරන්නේද යන්න අනාවැකි කීමට නොහැකි නමුත් මේ දක්වා වු ඇගේ සංවාදයට මම හිස නමා ආචාර කරමි.

නදීකා බණ්ඩාර | Nadeeka Bandara