‘වැලි ප්‍රවාහන බලපත්‍ර නීති විරෝධීව ඉවත් කිරීමෙන් පාරිසරික අර්බුද උත්සන්න වේ.’
තිරසර සංවර්ධනය හා ස්වාභාවික සම්පත් තිරසර භාවිතය යන සංකල්ප සමස්ත ලෝක සමාජය තුළ සාකච්ඡාවට බදුන් වී අද වන විට වසර 32 ක කාලයක් ගත වී ඇත. නමුත් මෙරට පුරවැසියා සතු ව්‍යවස්ථාදායක බලය භාවිත කර පාර්ලිමේන්තුවට තෝරා පත් කර යවන මන්ති‍්‍රවරු හෝ ආණ්ඩුපක්ෂයේ ඇමතිවරු හෝ කැබිනට් ඇමතිවරු හෝ මෙම සංකල්ප පිළිබද ව කිසිදු අවබෝධයක් ඇති බවක් පෙනෙන්නට නැත. 2019 දෙසැම්බර් මස 03 වන දින රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් වැලි, පස් හා මැටි ප්‍රවාහනය සදහා බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාව වහා ම කි‍්‍රයාත්මක වන පරිදි ඉවත් කිරීමෙන් මේ බව ඉතා ම හොදින් සනාථ වේ.
එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබද ලෝක කොමිසම හෙවත් බෲඞ්ලන්ඞ් කොමිසම විසින් 1987 වසරේ දී සකස් කළ ‘‘අපේ පොදු අනාගතය’’ නම් වාර්තාවේ තිරසර සංවර්ධන මූලධර්මයට අදාළ සංකල්පය පළමු ව සමාජයේ සාකච්ඡාවට ගැනින. එම වාර්තාවේ සදහන් වන ආකාරයට අනාගත පරපුරට තමන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඇති හැකියාවට බලපෑම් නොවන අයුරින් වර්තමාන අවශ්‍යතා සපුරා ගැනීම සහතික කිරීම සදහා සංවර්ධනය තිරසර කිරීමට මිනිසාට හැකි ය. මෙම සංකල්පය පදනම් කර ගෙන රාජ්‍යයන් තුළ බොහෝ පාරිසරික අණ පනත් බිහි විය.
1992 අංක 33 දරන පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනත බිහි වන්නේ ද තිරසර භාවිතය යන සංකල්පය පදනම් කර ගෙන ය. එනම් ලංකාවේ සියලූ ම ඛණිජ සම්පත් තිරසර ලෙස භාවිත කිරීම පදනම් කර ගෙන ය. පනතේ මූලික අර්ථනිරූපනයේ සදහන් වන්නේ ඛණිජ ද්‍රව්‍ය ගවේෂණය කිරීම, පතල් කැණීම, ඛණිජ ප්‍රවාහනය කිරීම, සකස් කිරීම, වෙළෙදාම් කිරීම හෝ අපනයනය කිරීම විධිමත් කිරීම අරමුණු කර ගෙන මෙම පනත නීති ගත කළ බව ය.
පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනතේ 28(1) උප වගන්තියේ සදහන් වන ආකාරයට ඛණිජ ද්‍රව්‍ය කැණීම, ගවේෂණය, ප්‍රවාහනය, වෙළෙදාම, ගබඩා කිරීම හා අපනයනය සදහා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය වේ. 2009 අංක 66 දරන පනතින් සංශෝධිත පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනතේ 63 වන වගන්තියට අනුව බලපත්‍රයක් නොමැතිව ඛණිජ ද්‍රව්‍යයක් ප්‍රවාහනය කිරීමේ දී අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත ඉදිරිපත් කර වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 50,000 ත් ලක්ෂ පහත් අතර දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය. එම වරද නැවත නැවත සිදු කරන අවස්ථාවක දී මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වැරදිකරුවකු කරනු ලැබූ විට රුපියල් ලක්ෂ එකහමාරත් ලක්ෂ 20 ත් අතර දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම ලක් කළ හැක.
මේ ආකාරයෙන් පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනතට වගන්ති එක් කර ඇත්තේ මෙරට ඛණිජ සම්පත්වල භාවිතය විධිමත් කිරීම නැතහොත් තිරසර භාවිතයක් ඇති කිරීම සදහා ය. එලෙස පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පනතක නෛතික ප්‍රතිපාදන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් යුතු කැබිනට් මණ්ඩලයකට වෙනස් කළ නොහැකි ය. ඒ සදහා කිසිදු නෛතික බලයක් නොමැති අතර එසේ කිරීම නීති විරෝධී කි්රයාවකි. ඒ මගින් නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කර ඇත.
ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ෙඡ්දයේ, රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප ව්‍යවස්ථාවේ සදහන් වන්නේ රජය විසින් පරිසරය ආරක්ෂා කොට, සුරක්ෂිත කොට, වැඩිදියුණු කළ යුතු බව ය. නමුත් කැබිනට් මණ්ඩලය විසින් පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනත උල්ලංඝනය කර වැලි, පස් හා මැටි ප්‍රවාහනය සදහා වන බලපත්‍ර ඉවත් කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් වන මෙම රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කර ඇත.
වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වීමට ප්‍රථම ජනතාවට ඉදිරිපත් කළ ‘‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්රකාශනයේ අට වන කොටස යටතේ ‘‘තිරසාර පරිසර ප්‍රතිපත්තියක්’’ ලෙස සදහන් කොටසේ, ‘‘ජෛවගෝලය කෘත්‍රිම වෙනස් කිරීමකට හෝ බලපෑමකට ලක් කිරීමෙන් පරිසරයේ සමබරතාව බිද වැටීම සැලකෙන්නේ පරිසර දූෂණයක් ලෙස ය. වර්තමානයේ සිදු වන බොහෝ මනුෂ්‍ය කි‍්‍රයාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදු වන විනාශය අති විශාල ය. එම නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම අපහට පැවරී තිබේ. තිරසර පරිසර ප්‍රතිපත්තියක් යනු පරිසර සංරක්ෂණය පමණක් නොව සමබර වූ සමාජ, ආර්ථික පුරුදු කි‍්‍රයාවට නැංවීමට ය’’ යනුවෙන් සදහන් වේ.
වත්මන් ජනාධිපතිවරයා ජනතාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්රකාශනයේ මේ ආකාරයෙන් සදහන් වූව ද වැලි, මැටි හා පස් ප්‍රවාහන බලපත්‍ර ඉවත් කිරීම තුළින් නීති විරෝධී කැණිම් කටයුතු වර්ධනය වී තිරසර ක්‍රමවේදයක් යටතේ කැණීම් බලපත්‍රවලට සාපේක්ෂව ප්‍රවාහන බලපත්‍ර ලබා දී තිරසර භාවිතයක් ඇති කිරීම හා පසු විපරම් කිරීම පහසු කිරීමේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන් ම බිද දමා ඇත.
පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනතේ මෙම යාන්ත්‍රණය තව දුරටත් ශක්තිමත් කර තිරසර භාවිතය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවට දේශීය කර්මාන්තවලට මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දී දුෂ්කරතා පැන නැගී ඇති බවත්, අදාළ බලපත්‍ර නිකුත් කිරීමේ දී විවිධ අක්‍රමිකතා සිදු වන බවත් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකු පෙන්වා දීම නිසා මේ තීරණය ගත් බවත් කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ දී ප්‍රකාශ කර ඇත. වැලි, පස් හා මැටි ජාවාරමේ නිරත සහ ඒ සදහා ආධාර හා අනුබල ලබා දෙන අමාත්‍යවරුන් විසින් බලපෑම් කර මෙම තීරණය ගෙන ඇති අතර ප්‍රවාහන බලපත්‍ර ඉවත් කිරීමෙන් ඉදිකිරීම් ක්ෂේත්රයට අවශ්‍ය වැලි, පස් හා මැටි ලැබෙන බව ඔවුන් විශ්වාස කිරීම ම මිථ්‍යාවකි.
ඉන් පෙනී යන්නේ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම මත නොව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම මත ඉදිකිරීම් අමුද්‍රව්‍ය ලබා ගැනීම සීමා වී ඇති බව ය. අමාත්‍යවරුන්ගේ සැබෑ යටි අරමුණ වන්නේ ප්‍රවාහන බලපත්‍ර ඉවත් කර ගැනීමෙන් නීති විරෝධීව හෝ කැනීම් කර ප්‍රමාණවත් පරිදි ඉදිකිරීම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගත හැකි බව ය. ප්‍රවාහන බලපත්‍ර මගින් මෙම සමස්ත කි‍්‍රයාවලිය පසුවිපරම් යාන්ත්රණයකට ලක් කර ඇති බැවින් නීති විරෝධී කැණීම් කටයුතු ද මේ කි‍්‍රයාවලිය නිසා නියාමනය වී පැවතුනි. ඒ කි‍්‍රයාවලිය එක් දිනකින් උඩු යටිකුරු කර ගංගා, ඇළ, දොළ ඇතුළු ස්වාභාවික පරිසර පද්ධති දැඩි අර්බුදයකට ලක් කර භූගත ජලය, භූමිය, ජනතාව ඇතුළු සියලූ ජෛව ප්‍රජාව බලපෑමට ලක් කරමින් වැලි, පස් හා මැටි ජාවාරම නැවත වරක් ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම වර්ධනය වෙමින් තිබේ.
වත්මන් තරුණ පරපුර නගර අලංකරණය සදහා තාප්ප ඇතුළු සියලූ අවකාශ සිතුවම් වලින් අලංකාර කරද්දී රටේ ස්වාභාවික සම්පත් සියල්ල වැලි, පස් හා මැටි ජාවාරම්කරුවන් විසින් වනසමින් තිබේ. නමුත් පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනත උල්ලංඝනය කිරීමට 2019 දෙසැම්බර් 03 වන දින කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය නීති විරෝධී තීරණයක් වන බැවින් බලපත්‍ර නොමැතිව වැලි, පස් හා මැටි ප්‍රවාහනය කරන පුද්ගලයන් ව අත් අඩංගුවට ගැනීමේ බලය පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනත කි‍්‍රයාත්මක කරන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ නිලධාරීන්ට හා පොලිස් නිලධාරීන්ට ඇත. පනතේ 63ඈ උප වගන්තියට අනුව 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ සාම නිලධාරීන්ට පවරා ඇති බලතල කි‍්‍රයාත්මක කිරීමට මෙම කාර්යංශයේ නිලධාරීන්ට ද පොලීසියට ද හැකියාව ඇත.
පනතේ 63(2)(ආ) උප වගන්තියට අනුව නීති විරෝධී කැණිම් හෝ ප්‍රවාහනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමේ දී බාධා කරන හෝ ඊට මැදිහත් වන පුද්ගලයකු වරදකරුවකු වන අතර මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත යොමු කිරීමෙන් වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් පන්දහසකට නොඅඩු හා රුපියල් හැත්තෑදහසකට නොවැඩි දඩයකට හා වසරක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය.
මෙම නීති කි‍්‍රයාත්මක කිරීමට කටයුතු නොකරන්නේ නම් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ නිලධාරීන් හා පොලිස් නිලධාරීන් විසින් සිදු කරන්නේ නීති විරෝධී නොකරහැරීමකි. ඊට එරෙහිව ජනතාව කි‍්‍රයත්මක විය යුතු ය. එපමණක් නොව කැබිනට් මණ්ඩලය විසින් නීති විරෝධී වැරදි පූර්වාදර්ශ ලබා දෙමින්, නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක් කරමින් ස්වාභාවික සම්පත් සියල්ල විනාශ කිරීමට ඉඩ දී බලා සිටිය යුතු ද නැත. පුරවැසියන් ලෙස ඊට එරෙහිව ද කි‍්‍රයාත්මක වීම අද වන විට අත්‍යවශ්‍ය කරුණකි.
සජීව චාමිකර | Sajeewa Chamikara
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය