iMage:economist.com

(ශෂික බණ්ඩාර විසිනි) Shashika Bandara is an Associate in Research at the Duke Global Health Institute. He tweets at @shashikaLB.

නව කොරෝනා වෛරසය (COVID-19) හේතු කොටගෙන ඇති වූ වසංගත තත්ත්වය මත දිග හැරුණ පෙර නොවූ විරූ තත්ත්වයන් මත හෙළි වූ වැරදි තොරතුරු වඩාත් භයානක විය හැකිය. මෙය වසංගත තත්ත්වය පිළිබද ප්‍රතිපත්තිමය උත්සහයන් සහ මෙම තත්ත්වය පාලනය කිරීම සම්බන්ධව අපට දායක විය හැකි ආකාරය පිළිබද පියවර 7ක සැළැස්මක් සහිත කෙටි මග පෙන්වීමකි

COVID-19 යනු කුමක්ද?

මෙය සුළබ සෙම්ප්‍රතිශ්‍යාව මෙන්ම වඩාත් දරුණු රෝගාබාධයන් සඳහා හේතු වන විශාල වෛරස සමූහයක් වන කොරෝනා වෛරසයේ නව වික්‍රියාවයි(මාදිලියයි)

2003 වසරේදී දරුණූ මෙන්ම Severe Acute Respiratory Syndrome (SARS-CoV) සහ 2012 ඇති වූ Middle East Respiratory Syndrome (MERS-CoV) යන දරුණු රෝග තත්ත්වයන් ද්විත්වයම කොරෝනා වෛරසයේ වෙනස් වූ මාදිළි ද්විත්වයකි.

මතකයේ තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ මෙම වෛරසය පිළිබද අප තවමත් දන්නා තොරතුරු, ඒ ගැන ඇති සියළුම තොරතුරු නොවන තවත් තොරතුරු ඉදිරියේදී යාවාත්කාලීන වීමට නියමිතය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ මෙම මිනිත්තු 4ක වීඩියෝ පටය මගින් මෙම වෛරසය ගැන මූලික කරුණු පිළිබදව වැඩිදුරටත් දැනුවත් විය හැකිය.

මෙම නව කිරීටක කොරෝනා වෛරසය නිළ වශයෙන් COVID-19 ලෙස නම් කරන ලදී. ඒ සම්බන්ධ ප්‍රථම රෝගියා චීනයෙන් වාර්ථා වූ අතර එය මේ වන විට වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

වසංගතයක්(Epidemic) සහ ගෝලීය වසංගතයක් (Pandemic) යනු කුමක්ද?

වසංගතයක් epidemic යනු සාමාන්‍යයෙන් හදිස්සියේම අදාල ප්‍රදේශයක සිටින ජනගහනයක සාමාන්‍යයෙන් බලාපොරොත්තු වූ ප්‍රමාණයට, තත්ත්වයට වඩා යම් රෝගයක් පැතිරී යෑමය. නමුත් ගෝලීය නැතිනම් ලෝක ව්‍යාප්ත වසංගතයක් යනු යම් වසංගතයක් රටවල් ගණනාවක හෝ මහද්වීප අතර විශාල මිනිස් ගහනයක් අතර ව්‍යාප්ත වීමයි.

උදාහරණ ලෙස MERS-CoV සහ SARS-CoV රෝග ද්විත්වයම සීමා සහිත කලාපයක ව්‍යාප්ත වූ බැවින් ඒවා වසංගත ලෙස හදුන්වයි. නමුත් COVID-19 හී ගෝලීය බලපෑම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය pandemic හෙවත් ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

වසංගත, ගෝලීය වසංගත හා රෝග පැතිරීම සම්බන්ධ වෙනත් පාරිභාෂිතයන් පිළිබඳ වැඩි විස්තර මෙයින් සොයාගත හැකිය.

මෙම COVID-19 ගෝලීය වසංගතයෙන් ඔබ, ඔබ සැම ආරක්ෂා කර ගන්නේ කෙසේද?

COVID-19 ස්වසනයේදී, කැස්සෙන් හෝ කිවිසුම් යන විට පිට වන බිඳිති, අතට අත දීමේදී, වැළද ගැනීම වැනි සමීප සම්බන්ධතා ඔස්සේ පැතිරිය හැක.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔබට ඉතා ලේසියෙන් අනුගමනය කළ හැකි ඉතා සරළ පියවරයන් දක්වා ඇත.

1. ඔබේ දෙඅත් නිතරම සෝදන්න සහ/ හෝ අත් පිරිසිදු කිරීම සදහා භාවිත කරන විශබීජ නාශක දියරයක්(මධ්‍යසාර නියමිත ප්‍රමාණයට අඩංගු) අත් මත තවරා දෑත් පිරිසිදු කරන්න. ඔබ පුද්ගලික භාණ්ඩ (උදා- ජංගම දුරකථනය) ආදිය නිතර පිරිසිදු කරන්න. ඔබේ දෑත් නිසි ලෙස සේදිය යුතු ආකාරය පිළිබඳ වීඩියෝ මාර්ගෝපදේශයක්, මෙන්න.ඉංග්‍රීසි: https://www.youtube.com/watch?v=3PmVJQUCm4E&feature=youtu.be
සිංහල: https://www.facebook.com/hpbsrilanka/videos/123749012212887/

දමිළ: ලිපිය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ ඒ සම්බන්ධ සටහනක් නොතිබිණි.

2. ඔබේ පුරුදු ගැන සැලකිලිමත් වන්න සහ ඔබේ මුහුණ ස්පර්ශ කිරීමෙන් වළකින්න (ඇස්, නාසය හෝ මුඛය)

3. ඔබ කසින විට හෝ කිවිසුම් අරින විට ඔබේ මුඛය හා නාසය ආවරණය කර ගැනීම වැනි පුරුදු අනුගමනය කරන්න.(හෝ මුහුණ පිහිදන කඩදාසියකින් ආවරණය කර එය කසළ බැහැර කරන ස්ථානයකට ආරක්ෂිත ලෙස බැහැර කිරීම වැනි

4. විශේෂයෙන්ම කැස්ස හෝ කිවිසුම් යන පුද්ගලයින් සමග සමාජ දුරස්ථ භාවයක් පවත්වා ගන්න.(ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ මීටර් 1ක් නැත්නම් අඩි 3ක දුරකි)

5. ඔබ කැස්ස, උණ හෝ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ පෙන්වන්නේ යැයි සිතන්නේ නම් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුගමනය කරන්න. වැඩි විස්තර සඳහා අංක 1999 ඔස්සේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අමතා ඒ හා සම්බන්ධ ඕනෑම ජාලයකට ප්‍රවේශ වීමේ හැකියාව ඔබට ඇත.

ඔබ මෙම පියවරයන් අනුගමනය කරන්නේ නම්, එය රෝග පැතිරීම අවම කිරීමට ඔබට උපකාරී වනු ඇත.

රෝග ව්‍යාප්ති වේගය අවම කිරීම (flattening the curve) යනු

COVID-19 ආසාදනය නොවූ ප්‍රජාවක් තුළ ආසාදනය වූ පිරිස හදුනා ගනිමින් ඔවුන්ව වෙන් කර තැබීම ඉතා අපහසු කාර්යයකි. සමාජ දුරස්ථතාව රැක ගැනීම සහ සනීපාරක්ෂාව සම්බන්ධ අපගේ උත්සහයන් රෝගීන් සංඛ්‍යාව වැඩිවීමේ වේගය අඩු කිරීමට සහය වේ. රෝගීන් සංඛ්‍යාව අඩු වීමට දක්වන සහය මගින් සෞඛ්‍ය පද්ධතියට සහ සෞඛ්‍ය සේවකයින් (වෛද්‍යවරුන්, හෙදියන්, සහායක කාර්ය මණ්ඩලය) මත පැටවෙන බර අවම කිරීමට අපට දායක විය හැකිය. එමෙන්ම රෝගයට ප්‍රතිකාර කිරීම සදහා වැය වන මුදල් ඉතිරි කරවීමටත් අපට දායක විය හැකිය. COVID-19 ඉතා ප්‍රභල ලෙස බලපෑම් කරමින් සිටින අවස්ථාවක අපගේ සෞඛ්‍ය සේවකයින්ට සහ සෞඛ්‍ය සේවා පද්ධතියට වෙනත් රෝග හා අනතුරු වලින් පීඩා විඳින්නන් රැකබලා ගැනීමද සිදු කළ යුතුව ඇත.

ආරක්ෂිත පියවරයන් නිසි පරිදි අනුගමනය තුළින් රෝග ව්‍යාප්තිය සම්බන්ධ වක්‍රය සමතලා කිරීමට අප විසින් ඉඳුරාම සහය වනු ඇත.

බිග් මැච් එකක් අවස්ථාවේදී මා ආසාදනය වන්නේ කෙසේද යැයි සිතමින් වසංගතයට බිය නොමැති බව කියමින් ඔබ මෙම වක්‍රය සමතලා කිරීමට දායක නොවුන හොත් හෝ රජයේ නියෝග නොතකා හැරීම හෝ නොසලකා හැරීම ඔබ විසින් සිදු කළ හොත් ඔබ වෙනත් පුරවැසියන්, සෞඛ්‍ය සේවකයින්, ආරක්ෂක අංශය (මෙම උත්සාහයට සහාය දෙන) සහ වසංගතය පාලනය කිරීමට සහ COVID-19 හි ප්‍රජා ව්‍යාප්තිය අඩු කිරීමට භාවිතා කළ හැකි ජාතික සම්පත් නාස්ති කරනු ඇත.

“flattening the curve” පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට ඔබට අවශ්‍ය නම්, මෙම ලිපිය වෙත යොමු විය හැකිය. රෝග පැතිරීමේ බලපෑම වඩාත් විස්තරාත්මකව හා සජීවිකරණ රූප හරහා එහි දක්වා ඇත.

ගෝලීය උත්සහය, පරතරය සහ ශ්‍රී ලංකාව

COVID-19 රටක් ලෙස ප්‍රතිචාර දැක්වීමට සහය වීම සදහා ලෝක බැංකුව ඩොලර් බිලියන 12ක් වෙන් කර තිබියදීත් ගෝලීය සූදානම පිළිබද අධීක්ෂණ මණ්ඩලයට අනුව ගෝලීය වශයෙන් ප්‍රතිචාර දැක්වීම සදහා ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 8ක අරමුදල් පරතරයක් පවතී, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක බැංකුව එක්ව කැඳවන ලද ගෝලීය සූදානම පිළිබද අධීක්ෂණ මණ්ඩලය පෙන්වා දී ඇත්තේ G7 සහ G20 රටවල් අරමුදල් පරතරය පියවිය යුතු බවයි. මෙම අරමුදල් පරතරයට COVID-19 එන්නත සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් බිලියන 2 ක් ඇතුළත් වේ. අරමුදල් පරතරය පිළිබඳ වැඩි විස්තර මෙහි සඳහන්ය.

සෑම රටක්ම පාහේ ඔවුන්ගේ සෞඛ්‍ය හා පාලන පද්ධතිවල ශක්තීන් හා දුර්වලතා මත පදනම්ව විවිධ ක්‍රම භාවිතා කරමින් COVID-19 වසංගතය සදහා ප්‍රතිචාර දක්වමින් සිටියි. දැඩි පාලනයකින් යුතුව චීනය හුබෙයි පළාත වසා දමා ඇත. ඇමරිකා එක්සත් ජනපදය ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර සමාජ දුරස්ථතාව පවත්වා ගැනීම සදහා කටයුතු කරමින් සිටී.එක්සත් රාජධානිය ” සාමූහික ප්‍රතිශක්තිය” ගොඩ නැගීම සදහා වඩාත් විවාදාත්මක ප්‍රවේශයකට අනුගත වී සිටය ද මේ වන විට නව සංඛ්‍යාලේඛන මත පදනම්ව සාමාජ දුරස්ථතාව ප්‍රවර්ධනය කිරීම සදහා සිය ප්‍රතිපත්තීන් මෙහෙයවමින් සිටී. ශ්‍රි ලංකාව රජයේ පාසැල් සහ විශ්වවිද්‍යාල වසා දමා ඇති අතර 2020 මාර්තු 16 වන දින සිට නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර එය දින 3ක නිවාඩුවත් දක්වා දීර්ඝ කර ඇත.(මේව වන විට එය දින 7දක්වා දීර්ඝ කර ඇත.) COVID-19 සමඟ සටන් කිරීම සඳහා අරමුදලක් සංවර්ධනය කිරීම ඇතුළු සාර්ක් රටවල කලාපීය ප්‍රයත්නයට ශ්‍රී ලංකාව ද එක් වී තිබේ.

අපිට මොනවද කරන්න පුළුවන්?

ඉහත ජාත්‍යන්තර හා ජාතික මග පෙන්වීම් මත පදනම්ව, COVID-19 ට ප්‍රතිචාර දැක්වීම සදහා අපට සලකා බැලිය හැකි ඉක්මන් පියවර හතක සැලැස්මක් මෙසේය.

1. #Followhealthguidelines (සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න)

පුද්ගලයෙකු ලෙස සමාජ දුරස්ථථාව, සනීපාරක්ෂක පුරුදු සහ ඔබේ සහ ඔබේ ආදරණියයන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය පිළිබද දේශීය සහ ජාත්‍යන්තර මාර්ගෝපදේශනයන් අනුගමනය කරන්න.

2. #workremotely (දුරස්ථ රාජකාරී කිරීම)

ඔබ සමාගමක් නම් සහ සේවා ස්ථානයෙන් දුරස්ථව රාජකාරී කිරීමෙන් ඔබේ ආයතනයේ වැඩ කටයුතු කළමනාකරණය කළ හැකි නම් කරුණාකර ඔබේ සේවකයන්ට දුරස්ථව රාජකාරී කිරීමට අවස්ථාව සළසා දී අවම වශයෙන් සති දෙකක කාලයක්වත් කාර්ය මණ්ඩලයට වැටුප් සහිත නිවාඩු ලබා දෙන්න.

3. #cancelgatherings (ඒකරාශී වීම් අවලංගු කරන්න)

ඔබ යම් තරඟයක හෝ ජනතාව එක් රැස් වන සම්මන්ත්‍රණයක, රැස්වීමක හෝ සිදුවීමක සංවිධායකයෙකු නම් මහජන සෞඛ්‍යයේ යහපත උදෙසා එම අවස්ථාව අවලංගු කිරීමට සළකා බලන්න. ඔබට නව කොරෝසනා වෛරසය ඉදිරියේ නිර්භීත විය නොහැක. එවිට ඔබ අන් අයට හානි කරනු ඇත.

4. #fightCOVIDmisinformation (සාවද්‍ය තොරතුරු වලට එරෙහි වන්න)

ඔබ සමාජ මාධ්‍ය තුළ බලපෑම් කාරී චරිතයක් නම්, මාධ්‍යවේදි ඔබ විසින් බෙදාහරින තොරතුරු සහ මතයන් පිළිබද වගකම් සහගත වන්න. මේ සදහා (I) නිළ මූලාශ්‍ර අනුවකටයුතු කරන්න (II) මූලාශ්‍ර ලෙස යොදා ගන්නා ට්විටර් පණිවිඩ ඇතුලත් ලින්ක්ස්, ලිපි, පෝස්ට්ස් (III) යාවාත්කාලීන් වීම සහ ඔබගේ තොරතුරු පුවත් යාවත්කාලීන කරන්න (IV) සාක්ෂි මත පදනම් නොවුණ ප්‍රතිපත්තීන් වෙනුවෙන් පෙනී නොසිටින්න. යම් නොදන්වන ලද ට්විටර් පණිවිඩයක්, පෝස්ට් හෝ ලිපියක් මිනිසුන්ගේ බලාපොරොත්තු සුන්කරවන හා කනස්සල්ලට පත්වන අර්බුදකාරී අවස්ථාවන්හීදී ඔබට සිතා ගත නොහැකි තරම් හානියක් කළ හැකිය.

5. #explainCOVIDpolicies (COVID ක්‍රියා පිළිවෙත් පැහැදිලි කරන්න)

නිවාඩු, දැන්වීම්, ඊමේල් හෝ වෙනත් සන්නිවේදන ක්‍රම මගින් අප විසින් ක්‍රියාත්මක කරනු ලබන මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති පැහැදිලි කිරීම ඉතා වැදගත් වේ. නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාවේ ජාතික නිවාඩුව සඳහා හේතුව පැහැදිලි කරමින් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මෙහි සිටින අතර සංචාරක තහනම ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි කැනඩාවේ සෞඛ්‍ය අමාත්‍ය පැටී හජ්ජු පැහැදිලි කරයි.

6. #COVIDmentalhealthcare (COVID මානසික සෞඛ්‍ය රැකවරණය)

මේ ගෙවෙන්නේ අධික අවිනිශ්චිත සහ අවුල්සහගත පීඩනය දනවන කාල පරිච්ඡේදයකි. සමාජයෙන් හුදෙකලා වීමට උපදෙස් ලැබී ඇති හෙයින් මානසික පීඩනය අවම කිරීමේ ක්‍රම ඔස්සේ අපගේ සහ අන් අයගේ මානසික සෞඛ්‍ය තත්ත්වයන් දෙස අවධානය යොමු කිරීම යහපත්ය. විශේෂයෙන්ම යම් සහයක් අවශ්‍ය හෝ තනිකමෙන් පෙළෙන පුද්ගලයෙකු ගැන ඔබ දන්නේනම් දුරකථන ඇමතුමක් හෝ ඔවුන් වෙත දුරකථන පණිවිඩයක් යැවීම ඉතා ප්‍රයෝජනවත් විය හැකිය. ඔබ වැඩිහිටියෙකු, ඔබට ඔබේ මාමා හෝ නැන්දා වෙනුවෙන් භාණ්ඩ මිලදී ගෙනවිත් දිය හැකිය.

7. #bekindduring ( COVID සමයේ කාරුණික වන්න)

ගෝලීය වශයෙන් අර්බුදකාරී අවස්ථාවක් වී ඇති අතර පවතින සියල්ලට අප හට පිළිතුරු නොමැත. අප හට මෙම තත්ත්වය හරහා ගමන් කළ හැකි එකම ක්‍රමය වන්නේ කරුණාවන්ත වීමෙනි. කරුණික වීම යන්නට හොඳ සෞඛ්‍ය පුරුදු පුහුණු කිරීම, වැරදි තොරතුරු නිර්මාණය හා බෙදා හැරීමෙන් වැළකීම, ආසාධිතයින් හෝ අනුමාන කරන්නන් හට නොරිදවා සිටීම, පහර නොගැසීම, කිසිවෙකුටක් වෙනස්කොට නොසැළකීම, මානසික සෞඛ්‍ය පිළිබදව දැනුවත් වීම ඇතුලත් ය.

මෙම ලැයිස්තුව පරිපූර්ණ නොවන නමුත් ආරම්භයක් වේ.

අඛණ්ඩව දැනුවත් වීම අවශ්‍යද ( සහ නොමග නොයන්නට අවශ්‍ය ද?)

ගෝලීය COVID-19 වෛරස් රෝගය ට මුහුණදීම සම්බන්ධව සහ පිළිවෙත් සම්බන්ධව දිගින් දිගටම දැනුවත් වීමට අවශ්‍යනම් සහ වැරදි තොරතුරු මගහැරීමට අවශ්‍යනම් පහත වෙබ් අඩවි වලට පිවිසීමෙන් සහ පහත පුද්ගලයින්ගේ ට්විටර් ගිණුම් පරිශීලනයෙන් තොරතුරු ලබා ගත හැකිය. මෙය සියළු මහාචාර්යවරුන් නිළ ට්විටර් පණිවිඩ ලබා ගත හැකි සම්බන්ධතා සියල්ලක්ම සමන්විත විස්තරාත්මක ලැයිස්තුවක් නොවේ.

Sites:

– Health Promotion Bureau of Sri Lanka: http://www.hpb.health.gov.lk/web/index.php/en/ and https://www.facebook.com/hpbsrilanka/

– Rolling updates on COVID-19 by the WHO: https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/events-as-they-happen

– Coronavirus resource center by the Johns Hopkins University: https://coronavirus.jhu.edu/

– Global COVID-19 Interactive map: https://coronavirus.jhu.edu/map.htmlCenter for disease control and prevention (US): https://www.cdc.gov/coronavirus/2019-nCoV/index.html

Twitter:

Health Promotion Bureau of Sri Lanka: @HPBSriLanka
World Health Organization: @WHO and @WHOSriLanka
Tedros Adhanom Ghebreyesus (Director of WHO): @DrTedros
Soumya Swaminathan (Chief Scientist, WHO): @doctorsoumya
Lawrence Gostin (Director of WHO Center on Public Health & Human Rights): @LawrenceGostin
Devi Sridhar (Professor of Global Public Health at University of Edinburgh): @devisridhar
Gavin Yamey (Professor of Global Health and Public Health at Duke University): @gyamey
Alexendra Phelan (Professor of Global Health Law at Georgetown University): @alexandraphelan

*Groundviews වෙබ් අඩවියේ ”A brief guide to the coronavirus pandemic, its implications and what you can do to help” නමින් පළ වූ මෙම ලිපිය ‘විකල්ප’ වෙබ් අඩවිය වෙනුවෙන් සිංහලට අනුවර්තනය කළේ හංසිනි සම්පත්