iMage: economy.lk
චීනයේ වුහාන් ප්‍රදේශයෙන් ආරම්භ වී, ගෙවෙන මොහොත වන විට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති, covid 19 හේතුවෙන් 164000 අධික ප්‍රමාණයක් මරණයට පත්වී ඇත (https://ourworldindata.org/grapher/total-covid-deaths-region). එසේම covid 19 හි කේන්ද්‍රස්ථානය එක්සත් ජනපදය සහ යුරෝපය බවට වර්තමානය වන විට පත්ව ඇති අතර නුදුරේ දී, ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එම කේන්ද්‍රය අප්‍රිකානු මහාද්ධිපය බවට පත්වනු ඇත. (https://www.afro.who.int/news/more-600-confirmed-cases-covid-19-africa). මෙකි දත්ත මේ වන විට සමාජය වෙත ප්‍රක්ෂේපනය වී තිබේ. නමුත්, මෙම ලිපියේ අරමුණ, covid 19 වෙත ප්‍රතිපත්තිමය ප්‍රතිචාර දැක්වීමේ දී මෙරට විරු පරිපාලනයේ හැසිරීම පෙන්වා දීමය.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙස නම් දරා සිටින ඉන්දියාවේ ජාතිකවාදී නරේන්ද්‍ර මෝදී මාර්තු 24 වැනි දින රුපවාහිනිය ඉදිරියට පිවිස, ප්‍රකාශ කරනු ලැබුවේ ඉන්දියාව අගුළු දමන බවත්, එම හේතුවෙන් වෙළඳපොල සහ පෞද්ගලික පොදු ප්‍රවාහන මාධ්‍ය යනාදිය ක්‍රියා විරහිත කරන බවය. (https://www.bbc.com/news/world-asia-india-52360757). එසේම පහන් ආලෝක සහ ශබ්ද පුජා කරමින්, මෙම වසංගතය මැඩ පැවැත්වීමේ කර්තව්‍යට නිවසේ සිට සහයෝගය දෙන ලෙසය. මෙම අගුළු දැමීම, මෝදී විසින්, ජනතා ඇදිරිනීතිය ලෙස හදුන්වන ලදී (https://www.sbs.com.au/language/english/clapping-ringing-bells-beating-plates-here-s-how-india-thanked-covid-19-warriors).
මගේ සිහින කුමරිය දීපිකා පදුකෝන් තම නිවසේ සඳලු තලයේ සිට මොදී ගේ ආදරණිය ඉල්ලීම අනුව ශබ්ද පුජා සිදු කරන විට, දෛනික ජීවිතය පවත්වා ගැනීම වෙනුවෙන් තම ශ්‍රමය අවම වැටුපට යටත් නොවී අලෙවි කරනු ලබන සංක්‍රමණික සේවකයන්, සංචක ලෙස, විසබීජ හරණය කරනු ලබන ආකාරය ද මෙරට විද්‍යුත් මාධ්‍ය විසින් විකාශනය කරන ලදී. දීපිකාව සහ මෝදී ව ආදර්ශයට ගනිමින්, දෙරණේ චතුර, දිල්කා, ස්වර්ණවාහිනි සමබර පුවත් විකාශයකයේ නිරත පුද්ගලන් ද, තම සංචාර සිමා කරමින් නිවසේ රැදෙන ලෙස නිරන්තරයෙන්ම මතක් කර දුන්නේ එය ඔවුන්ගේ සමාජ වගකීම බව පෙන්වා දෙමිනි.
අතිරේකව, Flashback සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු, යුරෝපිය ඇඟලුම් කෝටාව ඉවත් කරන බව පුරව දැනුම්වත් වීම හේතුවෙන්, Odel සළුසල විකුණා දැමු මුත්, ජන හඳවත් හි ආදරය දිනු ඔටරා ගුණවර්ධන සහ ගායිකා උරේෂා රවිහාරි අපට නිවසේ සිට, ‘අපි වවලයි – අපි කන්නේ‘ පුරුද්ද ඇති කිරීම වෙනුවෙන් ඔවුන් වඟා කරනු ලබන මිරිස්, තක්කාලි සහ වෙනත් ගෙවතු වග හරහා රට ස්වයං පෝෂිත කරගැනීමේ මෙහෙයුම වෙත අපව අභිප්‍රේරණය කරයි.
සමස්ථ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්තින්ට අනුව, ශ්‍රී ලංකාව ක්‍රමිකව නැගී සිටි බව විශේෂයෙන්ම සිරස මාධ්‍ය මගින් විකාශනය කරනු ලබන ‘නැගිටිමු ශ්‍රී ලංකා‘ ගීතය මගින් අපගේ ලේ නහර තුළට ගෙනවිත් ඇත. මෙසේ නැගිටීම ශ්‍රී ලංකික පුරවැසියාගේ වගකීම වන අතර, ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය සහ හමුදා පරිපාලනය විසින්, වගකීමෙන් සිටීමේ විනය ගොඩනැගීම සිදු කරමින් සිටි.
එපමනක් ද නොවේ, ස්වර්ණවාහිනී මාධ්‍ය විසින් සිංහල-දෙමළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් පසුගිය අප්‍රේල් 16 වැනිදින ප්‍රදර්ශනය කරන ලද අවුරුදු සාජ්ජේ හමුදා ඒකක සංගීත වැඩසටහනේ දී, දිනුෂා රාජපතිරණ විසින් කට පාඩමෙන් පැවසුවේ, ගී ගයමින්, මහල් නිවාස සංකිරණයන්ගේ තනිව සිටින ජනයා පිනවමින් යුධ, ගුවන්, නාවික සියලුම කණ්ඩායම් විසින් නොපෙනෙන වෛරසයෙන් අප බේරා ගනිමින්, අපගේ සිත් සතන් නැළවීමට කටයුතු කරන බවය (https://www.facebook.com/swarnavahini/videos/652301398943164).
එහෙත් දිනුශාට මෙන්ම ස්වර්ණවාහිනිය ට ද අමතක වුයේ, කොළඹ නගරය හි අමතක කර දැමු පැල්පත් වාසින්ය. ඔවුන් ද ඉතා සීමිත ඉඩකඩ තුළ මීටරයක පරතරයක් නොමැතිව ජිවත් වන අතර, කුස ගිනි නිවා ගැනීමට නොහැකිව සිටින බවය. ඔවුන්ව හට විනෝදවීමට කෙසේ වෙතත් ජීවත් වීමට ද හැකියාවක් නොමැත. නවින නාගරීකරණයක් හදුන්වා දුන්, හිටපු ආරක්ෂක ලේකම් සහ වර්ථමාන ජානාධිපතිතුමන් විසින් මෙම ජනතාව, බලහත්කාරයෙන් තම නිවාසයන් වෙතින් ඉවත් කිරීම එකම පිළියම බව ක්‍රියාවෙන් පෙන්වා දුන් අතර, එයට විරුද්ධ වූවන්, සුදු වෑන් සංස්කෘතියෙන් නිහඬ කිරීමට ද උත්සහ කළ බව අමතක නොකළ යුතුය.
ලිපියේ ප්‍රධාන අරමුණ වෙත නැවත යොමු වෙමින්, මා, අරුන්දතී රෝයි විසින් සිදුකළ පහත ප්‍රකාශය උපුටා දැක්වීමට කැමතිය.
“covid 19 වසංගතයට එදිරිව පවතින තත්වය යුද්ධයක ට උපමා කිරීමට රුචි වී ඇත. නමුත් මෙය කෙසේ යුද්ධයකට සමාන කළ හැකිද? එය යුද්ධයක් වේ නම්, එයට එදිරිව වඩාත්ම සුදුසු ලෙස සුදානම් වනුයේ ඇමරිකා එක්සත් ජනපදය නොවේද? එහෙත් අපට දැක ගත හැක්කේ කුමක්ද ? එය යුද්ධයක් වේ නම්, එහි ඉදිරිපෙළ වන සොල්දාදුවන් හට අවශ්‍ය උපකරණ හිඟ වුයේ කෙසේද? වසංගත යුද්ධයේ ඉදිරිපෙළ කණ්ඩායමේ භටයන් වෙත අත්‍යවශ්‍ය මුඛ ආවරණ හෝ නොතිබෙන අතර, රැය දහවල නොතකා කටයුතු කරණ ඔවුන් වෙත ස්වයං ආරක්ෂාව උදෙසා කුණු බක්කි සහ අබලන් වැසි ආවරණ ආශ්‍රිතව සකසාගත් ආවරණ භාවිතා කරමින් ද සංවාතක අවම වීම හේතුවෙන් කවුරුන් ජීවත් කර කවුරුන් මිය යාමට ඉඩ දිය යුතු ද යන උභතෝකෝටියට වෛද්‍යවරුන් මුහුණ දීම ඇති වුයේ කෙසේද ? “(https://www.ft.com/content/10d8f5e8-74eb-11ea-95fe-fcd274e920ca ).
මෙය ඇමරිකා එක්සත් ජනපදයට පමණක් නොව බහුතර ජාතිකවාදී ධනේෂ්වර රාජ්‍යයන්ගේ ගැටලුව වී ඇත. ශ්‍රී ලංකාවේ දී, හෙද නිලධාරින්ම විසින් මුඛ ආවරණ සකස්කරගනු ලැබුවේ මේ මොහොතේ පවතින පරිපාලනයේ දුර්වලතාවය නිසි ලෙස වටහාගැනීම නිසා නොවේද? මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් ගේ මූලික ආරක්ෂා උපකරණ ලබා නොදී කටයුතු කිරීමට විරුද්ධව ඔවුන් තම රාජකාරියෙන් ඉවත් වන බව පවසන්නේ ද(පසුව එම තීරණය ඉවත්කරගනු ලැබීය), ශ්‍රී ලංකා විරු පරිපාලනය විසින්, ගෝලීය වසංගත යුද්ධයට සුදානම් වන පරිසරකයක දිය . ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගත තත්වයක් ප්‍රකශයට පත් කරනු ලැබුවේ 2020, මාර්තු 11 වන දිනය. වාර්ථාගත ආකාරයට ඒ වන විට 4000කට අධික ජනතාවක් මිය ගොස් සිටි අතර ලක්ෂයකට අධික ප්‍රමාණයක් අසාධිතයන් ලෙස සඳහන් විය (https://www.who.int/dg/speeches/detail/who-director-general-s-opening-remarks-at-the-media-briefing-on-covid-19—11-march-2020)
එදින ශ්‍රී ලංකා වේ විරු ආණ්ඩුව සිදු කරමින් සිටියේ කුමක්ද? ආණ්ඩුවට ඒ මොහොතේ 69 ලක්ෂයක ජනතාව පිලිබඳ සංවේදීත්වයක් වී නම් වසංගතය වෙනුවෙන් සුදානම් විය යුතුව තිබුණි. නමුත්, වසංගතය වෙනුවෙන් අවධානය යොමු කරනු වෙනුවට පාර්ලිමේන්තු මැතිවරණය වෙතට යොමුව අධි බලයක් (2/3) ලබා ගැනීමට කටයුතු කරන ලදී. එසේම නාම යෝජනා සකස් කර ගැනීමේ තරඟය තුළ ගිලි සිටි, පක්ෂ-විපක්ෂ කණ්ඩායම්, අවම වශයෙන් නිදහස් සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමට කටයුතු නොකරන ලදී. හදිසි තත්වයක් වෙත මුහුණ දීමේ හැකියාවක් හඳුනා ගැනීමේ අවශ්‍යතාවය හෝ නොසලකා හරින ලදී. covid 19 වැලක්වීමේ ජාතික ක්‍රියාන්විත මෙහෙයුම් ඒකකය පිහිටුවමින්, එය හමුදා නායකත්වයක් වෙත පැවරීම අදටත් යුක්ති යුක්තව පෙන්වා දීමට මෙම පරිපාලනය අසමත් වී ඇත.
එක් පසෙකින් සෞඛ්‍ය සුදානම අවම වන විට, අනෙක් පසින්, covid 19 අදුරු නිතිය යටතේ, ජනතාව නිවසට සිමා කිරීමේ දී ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සැපයීමේ යාන්ත්‍රයක් හඳුන්වා දීමට ද නොහැකි විය. වෙළඳ මධ්‍යස්ථාන ආශ්‍රිතව තම නිෂ්පාදන විකුණා ගැනීමට පෙළ ගැසෙන ගොවි ජනයා ද, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ හැකියා ව නොමැති දෛනික ශ්‍රමිකයන් ගේ සංඛාව ද ඉහළ යන ලදී. සති ගණනාවකට පසුව විරු පාලනයට, මෙරට වන යැපුම් මටටමේ ජනයා සිහිවන අතර ඔවුන් වෙනුවෙන් රුපියල් 5000 ක දීමනාවක් ලබා දෙන බවට පැවසිය. එහෙත් බොහෝ ප්‍රදේශයන් හි ජනයා වෙත මෙම සහනය ද නොලැබෙන විට ඔවුන් සමෘද්ධි සහ ග්‍රාම නිලධාරින් සමඟ ගැටුම් ඇති කරගත් බවට වාර්තා විය. ග්‍රාම නිලධාරින් මෙම රුපියල් 5000 දීමනා ලබාදීමෙන් ඉවත් වන්නේ ද මෙම පසුබිම තුලය (https://www.wsws.org/en/articles/2020/04/11/pmsl-a11.html). පසුව බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් මෙම ගැටලුව විසදුන නමුත් එයින් ප්‍රත්‍යක්ෂ වන කරුණ නම්, මෙම විරු ආණ්ඩුව විසින් නිර්ධන පාංතික ජනතාගේ අවශ්‍යතා ඉටු කිරීමට අසමත් වීමය.
රොෂාන් ප්‍රනාන්දුලා මෙම අඳුරු නීතියේ දී, වින්දනය වෙනුවෙන් ගෙවතු වගා කරන විට, අනුරාධපුර ප්‍රදේශයේ ජනයා තම ජීවිකාව වූ ගොවිතැන් නිෂ්පාදන අලෙවි කරගැනීමට නොහැකිව සිටි. එසේම අත් සේදීම සහ සනීපාරක්ෂාව වෙනුවෙන් දැනුම්වත් කරන දැන්වීම් නිරන්තරයෙන් විකාශනය වන විට, බිමට හෝ තම කෘෂි නිෂ්පාදන වෙනුවෙන් හෝ ජලය නොමැතිව ඌව වෙල්ලස්ස ජනයා වික්ෂිප්තව සිටි. පොදු ප්‍රවහාන මාධ්‍ය තුළදී මීටරයේ දුර පවත්වා ගැනීමට උපදෙස් දීම් මාධ්‍ය මගින් පෙන්වා දෙන විට, තම ගමේ එකම බස් රියට හැර වෙනත් විකල්පයක් නොමැති මොනරාගල ජනයා කාට තම දුක කිව යුතුද?
එසේම විරු ආණ්ඩුව තව දුරටත්, වෙළඳ කලාපයන් ගේ ශ්‍රමිකයන් ගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙත අවධානය යොමුකර තිබේද? මේ වන විට, නවක නාගරීකරණයට ලක් කර තිබෙන අගනුවර කොළඹ ‘වතු’ හි ජනයා අතර covid 19 පැතිරීමේ අවධානම මතුව ඇත. සිංගපුරුවේ ද මෙම වසංගතය වර්ධනය වන්නේ අවම පහසුකම් සහිත සංක්‍රමික සේවකයන්ගේ ජනාවාස ඇසුරිනි. එය සම්බන්දයෙන් ආචාර්ය උදාන් ප්‍රනාන්දු මෙසේ විසින් මෙසේ පවසයි.
“ජනවාරි සිට අප්‍රේල් මුල වන තුරු ආසාදිත සංඛ්‍යාව දහසකට අඩුවෙන් පවත්වා ගැනීමට සමත් වූ සිංගප්පූරුව අප්‍රේල් පළමු සතියේ අග සිට නව ආසාදිතයින් සංඛ්‍යාව තියුණු ලෙස වර්ධනය වී අප්‍රේල් 18 වන විට මුළු ආසාදිතයන් සංඛයාව 5,992 දක්වා ඉහළ නැගී ය. නව ආසාදිතයන්ගෙන් අතිබහුතරය පැමිණියේ යට කී සංක්‍රමණික ඉදිකිරීම් සේවක නේවාසිකාගාරවලිනි. දහස් ගණනින් පොදි වී මිරිකී, බංකු සයන මත ලගිමින්, නාන කාමර හා වැසිකිළි පහක් වැනි කුඩා ප්‍රමාණයක් සියයක් වැනි පිරිසක් භාවිතා කරන පරිසරයක වෛරසය එකෙකුගෙන් තවෙකෙකුට ආදියෙන් සම්ප්‍රේෂණය ළැව්ගින්නක් ලෙස පැතිරීම වැළැක්විය නොහැක. මෙය ලියන දින, එනම් අප්‍රේල් 18 වන දින නව ආසාදිතයන් 942 ක් හඳුනා ගත් අතර ඉන් 893ක් ම සංක්‍රමණික සේවකයන් ය. මෙතෙක් හඳුනාගත් නේවාසිකාගාරවල ලැගුම් ගත් සංක්‍රමණික සේවක ආසාදිත සංඛයාව 4,162 (සමුච්චිත) කි. මෙතෙක් හඳුනාගත් සමස්ත ආසාදිත සංඛයාව 5,992 (සමුච්චිත) කි” (https://www.facebook.com/udan.fernandodddfdd).
මෙම තත්වය අප රටට ද වලංගු නොවන බවට සහතික කළ හැක්කේ කෙසේද ?
ජාතික රුපවාහිනියේ 2020 අප්‍රේල් 22 වැනි දා රාත්‍රියේ මෙවැනි වටපිටාවක අප, භාතිය ජයකොඩිගේ බයිලා ගමුද remix කරලා අසමින් අත්පුඩි තලමින්, දේශපාලන අඳ භාවයකට පත්ව ඇත.
අරුණි සමරකෝන් | Aruni Samarakoon