ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත රම්සි රාසික් අත් අඩංගුවට ගැනීම පිළිබඳව කරන ලද නිල පැමිණිල්ල සම්බන්ධයෙන් පසු විමසිමක් කරමින් විමුක්ති ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති දීපිකා උඩුගම වෙත ව්වෘත ලිපියක් පසුගිය 24 වන දින නිකුත් කළේය. ශ්‍රී ලංකාවේ ජනතාවගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කරමින් රම්සි රාසීක් කොන්දේසි විරහිතව මුදා හරින ලෙස බලකරමින් ලියන ලද මෙම ලිපියෙහි පිටපත් මෙරට ප්‍රමුඛ දේශපාලන පක්ෂ හා ජාත්‍යන්තර සංවිධාන කීපයක නියෝජිතයන් කිහිප දෙනෙකු වෙත ද යවා තිබේ.
සම්පුර්ණ ලිපියේ පිටපත #lka #Srilanka @HRCSriLanka pic.twitter.com/sEFbz41u8q
— Vikalpa (@vikalpavoices) June 24, 2020
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR ) සහ සයිබර් අපරාධ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික රජයේ නිලධාරියෙකු වන රම්සි රාසීක්ව අත්අඩංගුවට ගැනෙන්නේ අප්‍රේල් 09 වන දිනය. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන දැන් මාස 2 හාමරකට වැඩි කාලයක් ද, දින 75 කට වැඩි කාලයක්ද ගතව තිබේ.
විමුක්ති ව්‍යාපාරය තම ලිපියෙහි පෙන්වා දෙන පරිදි රම්සි අත්අඩංගුවට ගත් අප්‍රේල් 02 වන දින ඔහු තම ෆේස් බුක් ගිණුමේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් ප්‍රජාවක් ලෙස පීඩාවට පත්කරන සියලු ආකාරයේ මූලධර්ම හා වර්ගවාදයට එරෙහිව ‘ජිහාඩ්’ (චින්තනයක්) ඉල්ලා තිබේ. ඔහු බුද්ධිමය අරගලයක් එමඟින් යෝජනා කරන බව රාසීක් සිය ලිපියේ විශේෂයෙන් සඳහන් කරන්නේ, ප්‍රගතිශීලී මුස්ලිම්වරුන්ට පිටතින් මෙන්ම මුස්ලිම් ප්‍රජාව තුළ ඇති ප්‍රහාරයන් ප්‍රශ්න කිරීමට හා ඒවාට එරෙහිව සටන් කිරීමට ද අවශ්‍ය බව පවසමින් බව කියවේ.
දින දෙකකට පසු, ඔහු ඒ පළ කළ ලිපිය හේතුවෙන් තමාට මරණ තර්ජන විශාල ප්‍රමාණයක් එල්ල වී ඇති බවත්, බොහෝ දෙනෙක් ඔහුගේ වචන වැරදියට වටහාගෙන ඇති බවත්, ජාතිවාදී අදහස් ප්‍රචාරය කිරීම නිසා ඔහුව සිරගත කරන ලෙස ඉල්ලා සිටින බවත් කියා තිබෙන අතර ෆේස් බුක් හරහා ඔහු වෙත ආ පණිවුඩ හේතුවෙන් ආරක්ෂාව පතා තමන් ස්වයං වාරණයකට යන බවට ඔහු විසින්ම තිබුණු බව මෙම ලිපියෙහි සඳහන් වේ .
කෙසේ වෙතත් එම පොස්ටුව පළ කිරීම සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි ඉදිරිපත් නොකර අත්අඩංගුවට ගත් ඔහු තවමත් සිටින්නේ රඳවාගෙන සිටින්නේ කිසිදු පදමනම්කින් තොරවය.
රමසි රාසික්ගේ සෞඛ්‍ය තත්ත්වය විශාල අවදානමකට ලක් වී ඇති අතර ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නවතා තිබෙන බව විමුක්ති ව්‍යාපාරය කියා සිටියි. විශ්වාස දායක ආරංචි මාර්ග පවසන ආකාරයට ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවසර දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා කළ නියෝග නොතකා කටයුතු බව කියවේ. ඒ අනුව මේ වන විට ඔහුට අත්‍යවශ්‍යම විශේෂිත ඖෂධ ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහී ඇති බව ලිපියේ වැඩි දුරටත් දක්වා තිබේ.
කෝවිඩ් 19 හමුවේ රට යථා තත්ත්වයට පත්වීමට රජය ඉඩ දී තිබියදීත්, නීතිඥයින්ගෙන් උපදෙස් ලබා ගැනීමට සිරකරුවන්ට ඇති මූලික අයිතිවාසිකමක් අසාධාරණ ලෙස ප්‍රතික්ෂේප කිරීමට බලධාරීන් තීරණය කර ඇත්තේ රාසීක් හමුවීමට යාමට උත්සාහ කළ නීතිඥයෙකුට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඇතුළුවීමට වත් ඉඩ ලබා දී නැති බව එහි කියවේ.
ICCPR පනත යටතේ රාජ්‍ය බලධාරීන් විසින් පීඩාවට පත්කරනු ලැබූ පළමු පුද්ගලයා රාසීක් නොවන අතර 2019 අප්‍රේල් මාසයේ සිට මෙම පනතේ 3 වන වගන්තිය යටතේ විවධ අත්අඩංගුවට ගැනීම් කිහිපයක්ම සිදුවිය.
පුදුමයට කාරණය නම් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කෙරෙන්නේ පුරවැසියන්ගේ භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා පනවන ලද ICCPR සහ සයිබර් අපරාධ නීති සම්පාදනය යටතේම වීමය .
ප්‍රචණ්ඩත්වය උසිගන්වන අයට වගවීම සඳහා පනවන ලද පනත මෑත සිට රජය විසින් ප්‍රතිපත්ති විවේචනය කරන අයට එරෙහිව භාවිත කරන බව ලිපියෙහි විශේෂයෙන් සඳහන් කරන ඔවුන් පෙන්වා දෙන්නේ සයිබර් අපරාධ පනත යටතේ, ‘ජාතික ආරක්ෂාවට’, ජාතික ආර්ථිකයට හෝ මහජන ජිවිතයට අනතුරක් හෝ ආසන්න අනතුරක් සිදුවිය හැකි ඕනෑම කාර්යයක් පරිගණකයක් හරහා කිරීම සම්බන්ධයෙන් දඬුවම් කිරීම සඳහා යොදා ගන්න බව කියයි නම් රාසික් පළ කළ වර්ගවාදය සහ මූලධර්මවාදය විවේචනය කෙරෙන පොස්ටුව මේ යටතට ගැනෙන වරදක් වන්නේ කෙසේදැයි යන්න පැහැදිලි නැත.
සත්‍ය වශයෙන්ම ජනවාර්ගික හා ආගමික සුළුතර ප්‍රජාවන්ට එරෙහිව සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම, ජනවාර්ගික හා ආගමික වෛරය සහ ප්‍රචණ්ඩත්වය උසිගැන්වීම සහ සයිබර් හිරිහැරවල යෙදෙන අය, දඬුවම් නොලබන අතර ඔවුන් දේශපාලන අනුග්‍රහය අඛණ්ඩව භුක්ති විඳින බව පෙන්වා දෙන විමුක්ති ව්‍යාපාරය මෙම ප්‍රචණ්ඩත්වය විවේචනය කරන අයට දිගින් දිගටම ලක්වීමට සිදුව ඇති පීඩාව සම්බන්ධයෙන් අවධානය යොමු කොට තිබේ.
ඒ අනුව පුරවැසියන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පුළුල් කිරීම සඳහා මෙම ගිවිසුම උපයෝගී කර ගැනීම වෙනුවට, නීතිය හා සාමය පවත්වාගෙන යාමේ වගකීම දරන බලධාරීන්, සමාජයේ පැතිරී ඇති සිංහල-බෞද්ධ අන්තවාදයට එරෙහි ඕනෑම මතභේදයක් දුරු කිරීම සඳහා එය අනිසි ලෙස භාවිත කරන බවත් 2018 මුස්ලිම් විරෝධී කෝලාහලවලදී ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහි වෛරී භාෂණය මැඩපැවැත්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ෆේස්බුක් විසින් කරන ලද සමාව සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට සයිබර් අවකාශය ජනවාර්ගික හා ආගමික සුළු ජාතීන් සඳහා ආරක්ෂිත ස්ථානයක් බව සහතික කිරීමට නොහැකි වීම පිළිබඳ නැවත සලකා බැලිය යුතු බව අවධාරණය කොට තිබේ.
ICCPR පනතෙහි නෛතික පැහැදිලිකම, වෙනස් කොට සැලකීම සහ අත්අඩංගුවට ගැනීමක් සඳහා අවශ්‍ය වන බරපතලකම ඇතුලු නීතියේ විෂය පථය පැහැදිලි කරමින් මිට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2019 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා පොලිසියට ලිපියක් නිකුත් කළේය. එහි වචන සහ ප්‍රකාශන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද යන්න හඳුනා ගැනීම සඳහා පැහැදිලි නීතිමය පරීක්ෂණ ඇති බවත්, අධිකරණයට එම පියවර සමානුපාතිකව හා අවශ්‍යතාවට අනුකූල බවත්, එම වචනවලින් වේදනාවක් ඇති වුවත් ඒවා මූලික අයිතිවාසිකම් උල්ලංඝණය නොකරන බවත් සහතික කළ හැකි බවත් එම ලිපියේ දැඩි ලෙස සඳහන් කර ඇති බවත් ලිපියේ දක්වා තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) වගන්තිය යටතේ සහතික කර ඇති,භාෂණයේ අයිතිය, ප්‍රකාශනය සහ ප්‍රකාශනයේ නිදහස සුරක්ෂිත කරමින් දැනට අත් අඩංගුවේ පසුවන රමසි රාසීක්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසත්, ඔහු නිදොස් කොට නිදහස් කරන ලෙසත්, සුළු ජාතීන්ට හානිකර ලෙස එය ක්‍රියාත්මක නොකොට , පවතින නීතිමය රාමු ධනාත්මකව ක්‍රියාත්මක කරන ලෙසත් තම ව්වෘත ලිපිය හරහා බලධාරීන්ගෙන් විමුක්ති ව්‍යාපාරය ඉල්ලා සිටියි.
වැඩි දුර කියවීමට