iMAGE: Via Facebook

රම්සි රාසික් 2020 අප්‍රේල් 9 වන දින මහනුවර කටුගස්තොට නගරයට  ඔබ්බෙන් පිහිටි පොල්ගස්දෙනිය හි පිහිටි සිය නිවසේදී රහස් පොලීසියේ නිලදාරීන් තිදෙනෙකු විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පසු දින ඔහුව  කොළඹ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන ලදී.  එහිදී ඔහු සිවිල් හා දේශපාලන අයීතිවාසිකම් පිළිබද ජාතියන්තර සම්මුතිය (ICCPR) සහ  සයිබර් (Cyber)  අපරාධ නීති උල්ලංඝණය කළ බව රහස් පොලීසිය කරුණු ඉදිරිපත් කරන ලදී. ඔහු තවමත් රිමාන්ඩ් බාරයේ සිටී.

ඔහු අත්අඩංගුවට ගැනීම බලාපොරොත්තු නොවූ දෙයකි. 2020 අප්‍රේල් 02 වන දින මුහුණු පොතෙහි  (Facebook) සටහනක් මෙයට හේතු විය. එහි සදහන්ව තිබුනේ ” ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය  චින්තන ජිහාඩ් (Ideological War) මුහුණ පා ‘ඇත යන්නය. ඔහු අදහස් කල අයුරින් ඔහු විසින් යොදන ලද ජිහාඩ් නම් වචනය අරගලය යන්න නිර්වචනය කර තිබුණි නම් මෙම Facebook  සටහන ඔහු අදහස් කල අයුරින් ම  සාමාන්‍ය සටහනක් වීමට ඉඩ තිබුණි. එහි ප්‍රතිපලයක්  ලෙස රම්සිට හා ඔහුගේ  පවුලේ අයට දුරකථන මාර්ගයෙන් තර්ජන වලට මුහුණපෑමට සිදු විය. මේ හේතුවෙන් ඔහු අප්‍රේල් 3 දා සමාජ මාධ්‍යවල නිහඬව සිටින බව නිවේදනය කළේය.

රම්සි රාසික්ගේ ෆේස්බුක් සටහන් සහ ඉතිහාසය සමාලෝචනය කර ඇති  [1] චන්දන සිරිමල්වත්ත, [2] සුනන්ද දේශප්‍රිය, [5] වසන්ත බණ්ඩාර, [6] දමිත් බණ්ඩාර සහ රුකී ප්‍රනාන්දු වැනි වාර්තාකරුවන් විසින් ඔහු වෛරය හෝ අන්තවාදය අවුස්සන්නේ නැති අතර ජාතිවාදය , අන්තවාදය සහ ප්‍රචණ්ඩත්වයට  නිරතරයෙන්ම විරුද්ධ බව තක්සේරු කර  තිබේ.

දිගින් දිගටම ලැබුණු තර්ජන හේතුවෙන් ඇඳිරි නීතිය පැවති අප්‍රේල් 9 වන දින රම්සි අන්තර්ජාල මාධයෙන් පොලිසිය වෙත පැමිණිල්ලක් යොමු කරන ලදී. එදින දහවල් ඔහු රහස් පොලිසියේ නිලදාරීන් තිදෙනෙකු විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන්  රම්සිව කොළඹට රැගන ගියේ ඔහුගේ පවුලේ අයට  පසුදා නිදහස් කරන බව දැනුම් දීමෙනි. නමුත්  දුරකතනයෙන් වචන කීපයක් කතා කිරීම හැරෙන්නට පවුලේ අය ඔහු සමඟ කිසිදු සම්බන්දයක් පවත්වා නැත. රම්සිගේ දුර්වල සෞඛ්‍ය තත්වය දුටු කොටුව මහේස්ත්‍රාත්වරයා ඔහුව බන්ධනාගාර රෝහලට යවන ලෙස නියම කළේය . කෙසේ වෙතත්,  නිරෝදායන පහසුකමක් ලෙස කියමින් ඔහු නුගේගොඩහි පල්ලෙන්සේන බන්ධනාගාරයේ රිමාන්ඩ් කරනු ලැබීය. ඔහු රිමාන්ඩ් කරනු ලැබුවේ සිරකරුවන් 85 දෙනකු පමණ රදවා තබා ඇති මැදිරියකය. ඇදන් හා නිසියාකාර  වැසිකිලි පහසුකම් නොමැතිකම ඔහුව දැඩි දුෂ්කරතාවයට පත් කර ඇත.

රම්සි රාසික් දැඩි නීති යටතේ කිසියම් වරදක් කර ඇත්දැයි  පළමුව තහවුරු කරකන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට උපදෙස් දුන් අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර තරයේ විශ්ලේෂණය කිරීම සහ  පැමිණිල්ලක් ගොනු කළ යුතු බව උපදෙස් දුන්නේය [3] [4].

1998 දී ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ත්‍රිභාෂා නිපුණතාවයෙන් පරිවර්තන ඩිප්ලෝමාවක් ලබා ගත් ඔහුට, 2000 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 1 ශ්‍රේණියේ පරිවර්තකයෙකු ලෙස පත්වීම ලැබුණි. ඉන්පසු ඔහු කොළඹ හා පේරාදෙණිය විශ්ව විද්‍යාලවල පශ්චාත් උපාධි පාඨමාලා සඳහා සහභාගී විය. ඔහු අධිකරණ අමාත්‍යාංශයේ දිවුරුම් දුන් පරිවර්තකයෙකු ලෙස   ලියාපදිංචි විය.

මැයි 6 වන දින වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කිරීමට පෙර ඔහු බෙහෙත් හෝ වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව දින 25 ක් එහි රැඳී සිටියේය. උසාවි දින තුනක් තිබියදීත්, ICCPR ගිවිසුම යටතේ පොලිසිය විසින් රම්සිට චෝදනා කරමින් ප්‍රමාදයන් හේතුවෙන් ඇප මත මුදා හැරීම ප්‍රකාශ කිරීමට මහේස්ත්‍රාත්වරයාට නොහැකි වී තිබේ. වසංගත තත්වය නිසා වන ප්‍රමාදය නොපැවතියත් නීති  උල්ලංඝණ යටතේ චෝදනා ලබා ඇති අයෙකු ඇප මත මුදා හැරීමකට වුවද මාස ගණනාවක් ගත විය හැක. පැනවූ ඇඳිරි නීතිය නිසා ප්‍රමාදයන් උග්‍ර වූ අතර , එමඟින් මහනුවර සිටින ඔහුගේ පවුලේ අයට සහ මිතුරන්ට ඔහුගේ ආරක්ෂාව සංවිධානය කිරීමට නොහැකි විය.

රම්සි  ඔහුගේ අවට ගම්වලත්,  පාසලේ මිතුරන් සහ ඔහු වසර 25 ක් සේවය කළ රජයේ ආයතනවල සහ මහනුවර අවට සමාජ සේවා ජාලා කිහිපයක හැර පිටත ප්‍රසිද්ධ නැති පුද්ගලයෙකි.

ඔහුගේ මව ලතීෆා රාසීක් රජයේ පාසල්වල දිගු සේවා කාලයකින් පසු විශ්‍රාම ගිය ගුරුවරියකි. රම්සි ඇගේ දරුවන් සිව්දෙනාගෙන් වැඩිමලාය. ඇගේ වයස අවුරුදු 73 දී ද ඇතිවිය හැකි නොසන්සුන්තාව සහ මානසික ආතතියද නොතකා සිදු වූ දේ නිහතමානිව ඇය විස්තර කළාය. රම්සිගේ අභාවප්‍රාප්ත පියා-“ස්ටාර් රාසීක්” ලෙස හැඳින්වේ. ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ලේක් හවුස් සමුහයෙහි නිදහස්  ලේකකයෙකු ලෙසද ,සමාජ සේවා කටයුතුවල ද, නියැලී සිටියේය.

රම්සිගේ බිරිඳ ෂර්මිලා, මහනුවර පාසලක ප්‍රාථමික ගුරුවරියකි. ඔහුගේ දීර්ඝ කාලීන නොපැමිණීම සහ නීතිමය ක්‍රියාදාමය දරා ගැනීමට සිදුවී ඇත්තේ  දැඩි වේදනාවෙනි. තම පියා සිරගත කිරීම නිසා කම්පනයට පත්ව සිටින පාසල් යන දරුවන් දෙදෙනෙකු ද ඇයට රැකබලා ගත යුතුව තිබිණි.

රම්සිට කුඩා කල සිටම ආතරයිටිස් (Arthritis) හා කකුල් වල සුව කළ නොහැකි වණ තිබුණි. ඔහු වසර 35 ක් තිස්සේ බෙහෙත් ලබාගෙන ඇති නිසා එය ඔහුගේ වකුගඩු, අක්මාව හා හෘදයට අතුරු ආබාධ ඇති  කර තිබිණි. පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා විට, ඔහු රූමැටොලෝජි ( Rheumatology )සම්බන්ධ වෛද්‍ය වරයකු සහ වෛද්‍ය මහාචාර්යවරයෙකුගේ උපදෙස් මත අප්‍රේල් මස මුලදී අල්ට්රා සවුන්ඩ් (ultra sound scan) පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.

රම්සිගේ සෞඛ්‍ය තත්වය  හේතුවෙන්  බොහෝ විට නිදා ගැනීමට නොහැකි වූ හෙයින්,  ඔහු ප්‍රාදේශීය පුවත්පත් සහ සමාජ මාධ්‍ය සඳහා ලිවීමට යොමු විය. ඔහුගේ මුහුණු පොතෙහි  (face book) සටහන් පරීක්ෂා කළ ස්වාධීන ලේඛකයින් ඔහු ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිහීම කෙරෙහි අවධානය යොමු කරමින් යුක්තිය වෙනුවෙන් පෙනී සිටින බව දුටුවේය. ඔහුගේ සටහන් වෛරය ඇවිස්සීමේ කිසිදු ඉඟියක් නොපෙන්වයි. ඊට පටහැනිව, ඔහු සියලු ජනවර්ගවල මිතුරන් සමඟ සාදාරණත්වය, සමගිය සහ යුක්තිය ප්‍රවර්ධනය කරන අයුරින් වැඩ කර ඇත.

ඔහු විවිධ සමාජ සේවා සංවිධානවල ක්‍රියාකාරී වී ඇත -2018 මාර්තු මාසයේදී  මහනුවරදී සමූහ ප්‍රචණ්ඩත්වය පැතිර ගිය පසු සහන සංවිධානය කිරීමට මුල්ම අය අතර ඔහුගේ  “තරුණ මිතුරන්” ද විය. ඔහුගේ ආසන්නතම ප්‍රදේශයේ, හා ඔහුගේ මාමාට අයත් ගොඩනැගිල්ලක් ඇතුළුව ආයතන කිහිපයක් කොල්ලකෑම හා ගිනිබත් කර තිබුණි. මේ  සම්බන්දව පැමිණිලි ගොනු කිරීම, වැරදිකරුවන් නම් කිරීම  සහ සාක්ෂි එකතු කිරීම සිදු වුවද, එක් අත්අඩංගුවට ගැනීමක් සහ ඉක්මන් නිදහස් කිරීමක් හැර පොලිසිය  විසින් වසර දෙකකට පසුවත්  පසු විපරමක් කර නොමැත. 2018 මාර්තු මස මහනුවර ප්‍රචණ්ඩත්වයෙන් පසුව, අමුත්තන් කුරුණෑගල පාරේ සිදුවූයේ කුමක්දැයි විමසූ විට, ඔවුන් රම්සි වෙත යොමු කරනු ලැබුහ. මේ අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එස්. එච්. හිස්බුල්ලා සහ මම එවකට එම ප්‍රදේශය නැරඹීමට උත්සාහ කළ විට, අප දෙදෙනාම රම්සි හා සම්බන්ධ වීමට ස්වාධීනව කටයුතු කළෙමු.

ඔහුගේ සුවපහසුව සහ සෞඛ්‍යය ගැන එතරම් අවධානයක් යොමු නොකොට රම්සි  අප සමඟ සම්බන්ධ විය.  කම්පනයට පත් වූවන් සමඟ ඔහු කළ අන්තර්ක්‍රියා වලදී ඔහු කරුණාවන්ත විය. රම්සි ඔවුන්ට දැක්වු අනුකම්පාව සහ සංවේදනය සැලකිල්ලට ගෙන ඔවුන් අපව සුහදව පිලිගතේය. කම්පනයට පත්වූවන් සමඟ වුවද, අපගේ සංවාද විවෘත විය.

මහාචාර්ය හිස්බුල්ලාගේ පර්යේෂණ කටයුතු පසුගිය දශක 3 තුළ වූයේ, වෛරය, ප්‍රචණ්ඩත්වය සහ එහි ප්‍රතිවිපාක හේතුවෙන් උතුරු ප්‍රජාවන් අතර සිදු වූ දේ පිළිබඳවය.  එම නිසා දකුණේ ඉදිරියේදී සිදුවිය හැකි දේ අන් සියල්ලන්ට වඩා මහාචාර්ය හිස්බුල්ලාගේ තේරුම් ගත්තේය.  ඔහු ඉවසීමේ අවශ්‍යතාවය, ප්‍රජාවන් අතර සබඳතා ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාවය, තරුණ රැඩිකලීකරණය සහ මුස්ලිම්වරුන් හුදකලා කිරීමට එරෙහිව අනතුරු ඇඟවීය. රම්සි මෙම සංවාදවල ගැඹුරින් නිරත විය.

පසුව, සමගිය හා අන්තර් වාර්ගික සංවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා බහු වාර්ගික කණ්ඩායම් සමඟ එකට වැඩ කිරීමට උදව් කරන ලෙස රම්සිගෙන් ඉල්ලා සිටි විට, ඔහු තම අකමැත්ත  පල නොකර බයිසිකලයක පිටිපසින් නැගී දිගන දෙසට ගියේය. රම්සිගේ සාමාන්‍ය ජීවිතය පෙනෙන ආකාරයට තෝරාගෙන ඇත්තේ සාධාරණ ලෙස ක්‍රියා නොකරන රජයක් මගින්ය. ජාතික හදිසි අවස්ථාවකදී, මුහුණු පොතෙහි (Face Book) සටහන්ද නවතා දමා ඇති ආබාධිත පුද්ගලයෙකුට මරණීය තර්ජන එල්ල වී තිබියදීත්, අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ප්‍රමුඛතාවය දී ඇත්තේ ඇයිද යන්න තවමත් වටහා ගත නොහැක. වසංගතය හේතුවෙන් අංශභාගයකට ආසන්නයේ ඇති  පුද්ගලයෙකුට අධිකරණ පද්ධතියක නඩුව පැටවීමට ඔවුන් පෙළඹුණේ ඇයිද යන්න තවමත් වටහාගෙන නොමැත. ඔහුගේ වෛද්‍ය අවශ්‍යතා සහ ආබාධිත තත්ත්වයන් සපුරාලීම සඳහා උසාවියේ නියෝග පිළිපැදීමට බලධාරීන් අපොහොසත් වූයේ මන්ද යන්න තේරුම් ගත යුතුය. ජනයා දැනුවත් කර තිබියදී පවා බෝවන අවදානමක් ඇති සිරකරුවන් අධික ලෙස පොලීසියට එකතු කරන්නේ ඇයිද යන්න තේරුම් ගත යුතුය. බෝ වීමේ අවදානම අවම කිරීම සඳහා පුරවැසියන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව වටහා ගත යුතුය.

කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම ඔහු සහ ඔහුගේ ඉලක්ක නිශ්ශබ්ද කිරීමට  අදහස් කරන්නේ නම් ඔවුන් සාර්ථක විය හැකිය. ඔහු දැන් නිදහස් කරනු ලැබුවද, ඔහුට සහ අපගේ පොදු මිනිස් සමාජයට  සිදුවී ඇති හානිය බරපතල ලෙස පවතිනු ඇත.

Z.L . මොහොමඩ්  | Z.L. Mohamed

ආශ්‍රිත ලිපි

1. Chandana Sirimalwatte, සමාජ මාධ්‍යයේ අදහස් පළ කළ රම්සි රසීක් අත්අඩංගුවට! Lankaviews, April 11th 2020

 2. Sunanda Deshapriya, වසංගතය හමුවෙහි නීතිය සහ අවනීතිය ravaya April 28th 2020 

3. (Anonymous) ෆේස්බුක් ලියමන් ගැන නඩු දාන්න පෙර හරියට හොයා බලන ලෙස පොලිසියට අවවාද, Ceylonnews, May 1st 2020

4. (By Lankanewsline), අන්තර්ජාල මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමේදී දෙවරක් හිතන්න- පොලිසියට අවවාදයක්, Lankanewsline, May 1st 2020

5. Wasantha Bandara, ‘කවුද ඔය කියන රම්සි රසික්’ රම්සි ලිව්ව දේවල් වලින් රම්සි හොයමු? Vikalpa 2nd May 2020

6.Damith Chandimal and Ruki Fernando, #COVID19 අතරතුර රම්සි රසීක් [ශ්‍රී ලංකාවේ ප්‍රකාශනයේ නිදහස, වෛරී ප්‍රකාශ සහ සාවද්‍ය පුවත් ], Vikalpa, May 3rd 2020 https://www.vikalpa.org/?p=37491

 

 

 

 

 

.