සම ලිංගිකත්වය මානසික අබාධයක් බව වෛද්‍ය කාවින්ද ජයවර්ධන කළ ප්‍රකාශය මුළුමනින්ම වැරදි තොරතුරකි. තමන් කළ ප්‍රකාශය පිළිබදව ශ්‍රී ලාංකික සම රිසි ප්‍රජාවෙන් සමාව අයදිමින් ඔහු ට්විටර් පණිවුඩයක් ඉංග්‍රීසි භාෂාවෙන් යොමු කර තිබුණි.
To all my friends in the LGBT community, I am extremely sorry for my very insensitive comment during an interview yesterday. pic.twitter.com/u9DHxOTYcN
— Kavinda Jayawardana (@DrKavindaJ) July 29, 2020
ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය සම ලිංගිකත්වය මානසික රෝගයක් නොවන 1973 වසරේදී ප්‍රකාශ කළ අතර 1990 දී ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් බව පිළිගන්නා ලදී. ලෝක සෞඛ්‍යය සංවිධානය සම ලිංගිකත්වය මානසික රෝගයක් නොවන බවට ප්‍රකාශයට පත් කොට වසර 28ක පසුව 2018 දී ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය විෂම ලිංගික නොවන ලිංගික දිශානතීන් මානසික රෝග ලෙස සැලකිය නොහැකි බව ප්‍රකාශ කළේය.
විවිධ ලිංගික දිශානතීන් සහ විවිධ සමාජභාවී අනන්‍යතාවයන් ස්වභාවික ලිංගික ප්‍රදර්ශනයක කොටසක් බව එහි නියෝජ්‍ය සභාපති වෛද්‍ය කපිල රණසිංහ මහතා ප්‍රකාශ කළ අතර “වැඩි පිරිසක් ඔවුන්ව හදුන්වා ගන්නේ විෂම ලිංගික පුද්ගලයන් ලෙසයි. පුද්ගල ලිංගිකත්වය ගලා යන සුළු එකක්. ඒ කියන්නේ පුද්ගල ලිංගික දිශානතිය සහ සමාජභාවී අනන්‍යතාවය එකිනෙකාගෙන් වෙනස් වෙනවා.” වැඩිදුරත් කියා සිටියේය.
තමන් වෙත ප්‍රතිකාර සදහා පැමිණෙන පුද්ගලයන් අතර සම ලිංගික, ද්වී ලිංගික හෝ සංක්‍රාන්ති වීම නිසා විශාල ලෙස හිංසනවලට සහ වෙනස්කොට සැලකීම් වලට ලක්වූවන් සිටින බව පෙන්වා දුන් වෛද්‍යවරයා සම ලිංගික, ද්වී ලිංගික හෝ සංක්‍රාන්ති පුද්ගලයන්ව මානසික රෝගීන් ලෙස සමාජයෙන් හංවඩු ගසා ඇති නිසා ඔවුන් මානසික අවපීඩිනය සහ සාංකාව වැනි මානසික සෞඛ්‍යය ආබාධ වලින් පෙළෙන බවත්, එම නිසා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය තුළින් ජනතාවට මේ පිළිබද ඇති විද්‍යාත්මක සොයා ගැනීම් පිළිබද තොරතුරු ලබා දිය යුතු බවත් අවධාරණය කළේය.
නමුත්, තවමත් ශ්‍රී ලංකාවේ අපි විද්‍යාත්මක කරුණු නොසලකමින් ගොඩ නැගී ඇති සම ලිංගිකත්වය පිළිබද පවතින වැරදි විශ්වාස සමග සටන් කරමින් සිටින්නෙමු. වරක් ජනාධිපතිවරයෙක්ද සමරිසි ප්‍රජාව පහත් කරන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ අතර ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාව එයට පිළිතුරු දුන්නේ මෙලෙසිනි.
සමලිංගික භීතිකාව යනු බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙන වික්ටෝරියානු සදාචාරයෙන් උපදින අධිරාජ්‍යවාදී උරුමයකි. අදට නිදහස ලබා වසර 70ක් ගත වී ඇත. එදා බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඉටු කළ කොන්ත්‍රාත්තුව අද ඔහු වැනි අපේම දේශපාලනඥයෝ අපට එරෙහිව සිදු කර ගෙන යති. අප පමණක් නොව සියලු සුළුතර ජන කොටස්වල අයිතීන් බිල්ලට දී, ජාතිවාදය, ආගම්වාදය, වාර්ගික ගැටුම් වපුරා, ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස බලය රැක ගත හැකි යැයි ඔවුහු විශ්වාස කරන්නේ නම් එය බරපතල වැරදීමක් වන්නේය.
ලිංගික දිශානතිය කියන්නේ කුමක්ද?
ලිංගික දිශානතිය නමින් හැදින්වෙන්නේ පුද්ගලයෙකු ලිංගිකව ආකර්ශණය වන්නේ කාටද යන්නයි. එනම් ලිංගිකව ආකර්ශනය වන්නේ කුමන ලිංගික අවයව සහිත පුද්ගලයෙකුට යන්නයි. එය කොටස් 5 ක් යටතේ දැක් විය හැකිය. කෙසේ වුවත් මානව ලිංගිකත්වයට නිශ්චිත නමක් හෝ කාණ්ඩයක් ලබා දීම ඉතාම අපහසු කාර්යකි.
විෂම ලිංගික – විරුද්ධ ලිංගික අවයව ඇති පුද්ගලයෙකුට ආකර්ශනය වන පුද්ගලයන්.
සම ලිංගික – තමාගේ ලිංගික අවයව වලට සමාන ලිංගික අවයව ඇති පුද්ගලයන්ට ආකර්ශනය වන පුද්ගලයන්.
ද්වී ලිංගික – තමාට විරුද්ධ සහ සමාන ලිංගික අවයව සහිත පුද්ගලයන් දෙකොට්ඨාශයටම ආකර්ශනය වන පුද්ගලයන් එනම්, කාන්තාවක් සමග මෙන්ම පුරුෂයෙකු සමගද ලිංගිකව හැසිරීමට ආශා කරන පුද්ගලයන්.
සර්ව ලිංගික – යම් පුද්ගලයෙකු කාන්තාවන්ට, පුරුෂයන්ට මෙන්ම සංක්‍රාන්ති ලිංගික එනම් සම්පූර්ණයෙන්ම අවයව මාරු නොකර සංක්‍රාන්ති අවධියේ සිටින පුද්ගලයන් යන පුද්ගල කොට්ඨාශ තුන කෙරෙහිම ලිංගික ආකර්ශනයක් දක්වනවා නම් එය සර්ව ලිංගික ලෙස හැදින්වේ. සංක්‍රාන්ති අවධියේ සිටින පුද්ගලයන්ගේ ලිංගික අවයව ඇතැම්විට ඔවුන් තෝරා ගන්නා සමාජභාවී අනන්‍යතාවය සමග ගැලපෙන්නේ නැති අවස්ථාද ඇත.
අලිංගික – කිසිදු පුද්ගලයෙකු කෙරෙහි ලිංගික ආකර්ශනයක් නොදක්වන පුද්ගලයන් හෝ ලිංගිකත්වයෙන් නිදහස් ලෙස සහ ලිංගිකත්වයෙන් කිසිදු බලපෑමක් නොමැති පුද්ගලයන් හදුනාගන්නා අය මෙම කාණ්ඩයට අයත් වේ.
විවිධ ලිංගික දිශානතීන්ට සහ විවිධ සමාජභාවී අනන්‍යතාවයන්ට අයත් වන පුද්ගලයන් සමග කටයුතු කරන කණ්ඩායම් හැදින්වීමට බොහෝ විට ගේ (gay) යන පදයද සම ලිංගික කාන්තාවන් හැදින්වීමට ලෙස්බියන් (lesbian) යන පදය ද යොදා ගැනේ.
ඇතැම් පුද්ගලයන් උභය ලිංගික හැසිරීම සහිත විය හැකි බව ලිංගික හැසිරීම් විස්තර කරන කිංසි දර්ශකය යොජනා කරයි. මේ හරහා අවස්ථා පරිවේශන ද්වී ලිංගිකත්වය එනම්, එකම ලිංගික අවයව සහිත පුද්ගලයන් කණ්ඩායමක් සිටින පරිසරයක් තුළ ඇති වන සම ලිංගික හැසිරීම පිළිබද සහ මානව ලිංගිකත්ව යේ ඇති ද්‍රවමය ස්වභාවය පිළිබද ව සාකච්ඡාවක් ගොඩ නගයි. එවැනි අවස්ථා වලට උදාහරණ ලෙස බන්ධනාගාර සහ පාසල් දැක්විය හැකිය. කිසියම් නිශ්චිත ලේබලයක් ඇලවිය නොහැකි නිසා මෙවැනි කරුණු පිළිබද කතා බහ කිරීම අපව අපහසුතාවයට පත් කරනවා යැයි ඔබත් සිතනවාද? .
සම්පූර්ණ ලිපිය සදහා පිවිසෙන්න
පබා දේශප්‍රිය | Paba Deshapriya බකමූණෝ වෙබ් අඩවිය වෙනුවෙන්