IMAGE: Vikalpa

මීට වසර පහකට පමණ පෙර මේ හා සමාන මාතෘකාවක් ගැන පළමු ලිපිය උපුල් වික්‍රමසිංහ හා මා විසින් ලීවේ එවකට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා විසින් සමලිංගිකත්වය ලෙඩක් ලෙස සම්මුඛ සාකච්ඡාවක දී පවසා සිටීම අරභයාය. අද නැවතත් එවැනි ආකාරයේම සටහනක් ලියන්න ලැබීම සමාජයක් ලෙස අප මුහුණ දෙන අවාසනාවකි.

සිද්ධිය

දින කිහිපයකට ඉහතදී ෆේස්බුක් හි සංසරණය වූ වීඩියෝ පටයක සම්මුඛ සාකච්ඡාවකට මුහුණ දෙමින්, සමගි ජන බලවේගයේ සාමාජික සේම හිටපු අමාත්‍ය දිවංගත ජයලත් ජයවර්ධනගේ පුත්‍රයා වූ, කාවින්ද ජයවර්ධන (හිටපු එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා), සමරිසි ප්‍රජාව ගැන හිනස්සනසුළු, පසුගාමී ප්‍රකාශයක් කර තිබේ. එකී ප්‍රකාශය කෙටියෙන් මෙසේය.

දර්ශන: ඔබ දොස්තර මහත්තයෙක් හා ජීව විද්‍යාව හදාරා තිබෙනවා.සමරිසි,සමලිංගික …ඔවුන්ට එම අයතිවාසිකම් ලබා දිය යුතුද ?
කාවින්ද ජයවර්ධන : නැහැ මේ රටට හරි යන් නැ..මන් විශ්වාස කරන්නේ ඒක මානසික ලෙඩක්…
දර්ශන: මානසික රෝගී තත්වයක්?
කාවින්ද ජයවර්ධන :ඔව් මානසික රෝගී තත්වයක්…
අනිත් එක මම කතෝලිකයෙක්. මේ කතෝලික සභාව මේ දේවල් ප්‍රතික්ෂේප කරනවා…මේවා ඕපන්ලි කතා කරන්න අරගෙන ඒවාට ඉඩ දුන්නම තමයි අයියා, මේවා දිහා බලාගෙන ඉන්න කුඩා දරුවෝ ඔය පිස්සු මරගාත කරන්නේ. අපේ ඉතිහාසයේ ඕවා තිබුණේ නැහැ.. මහවංශය කියවල බලන්න සෙල්ලිපි කියවල බලන්න ඒවායේ මේවා තිබුණේ නැහැ. මේ මොඩර්න් වර්ල්ඩ් එකේ මේවා විවෘත කිරීමත් එක්ක එක එක මානසික ආතති තියෙන පිරිස් ඉන්නවා. ආසාවල් තියෙන පිරිස් ඇතිවෙනවා. ඉතින් ඒවා මේ නීතිගත කරන්න ඕනා නැහැ. ඒ අයට ආවේනික අවශ්‍යතා තියෙනවනම් ඒවා වෙන රටවලට ගිහිල්ලා වෙන පළාත්වලට ගිහිල්ලා වෙන කාමර අස්සේ කර ගන්න එක වෙනම කතාවක්. මේවා ලංකාවට ගේන එකට මම එකඟ නැහැ.

මේ කෙටි සටහනේ අරමුණ, සමගි ජන බලවේගයේ අපේක්ෂක කාවින්ද ජයවර්ධන විසින් සමාජගත කළ අදහස් තුළ ඇති මුසාව පෙන්වා දීම හා ඔහු පෙනී සිටින දේශපාලන කඳවුර වන සමගි ජන බලවේගය සමරිසි ප්‍රජාව අරභයා ගෙන යන දේශපාලනය වටහා ගැනීමය.

කාවින්දගේ බොරුව

කාවින්ද ජයවර්ධනගේ පළමු බොරුව නම්, ඔහු විශ්වාස කරනුයේ සමලිංගිකත්වය මානසික ලෙඩක් බවය. නමුත් විද්‍යාත්මක සත්‍ය වනාහි සමලිංගිකත්වය ලෙඩක් නොවේය යන්නය. මෙය අපි සමාජයේ ඕනා තරම් වග කිවයුතු වෛද්‍යවරු පිළිගෙන ප්‍රකාශ කරනු දැක ඇත්තෙමු. එහෙත් මොහුගේ ප්‍රකාශය අතිශය නොදැනුවත් හා වගකීම් විරහිත වැරදි මතයක් සමාජ ගත කිරීමක් වන්නේ, සමලිංගිකත්වය මානසික ව්‍යාධියක් නොවන වග ලංකාවේ මනෝචිකිත්සක විද්‍යාලය පවා පිළිගෙන තිබෙන නිසාය.

දෙවන බොරුව නම්,  කතෝලික සභාව සමලිංගිකත්වය ප්‍රතිකෙෂේප කරන බවය. නමුත් සත්‍යය වනුයේ, ලෝක කතෝලික පල්ලියේ ආකල්පය එවන් දැඩි එකක් නොවන බවය. කතෝලික භක්තිකයෙකු ලෙස තමාව හඳුන්වා ගන්නා ඔහු තවමත් ලෝකයේ කතෝලික සභාව තුළ සිදුවන වෙනස්කම් හරි හැටි නොදැන සිටීම පමණක් නොව නොදන්නා දේවල් ගැන බොරු කීමටද ජගතෙක් බව පෙනෙන්නේ, 2016 ලෝක කතෝලික භක්තිකයින්ගේ පූජනිය නායකයා වන පාප්වහන්සේ පවා සමලිංගික පුද්ගලයින්ගෙන් සභාව සමව අයැදිය යුතු බවට ප්‍රකාශ කර තිබෙන නිසාවෙනි.

තුන්වන බොරුව නම්, ලංකාවේ ඉතිහාසයේ සමලිංගික චර්යා නැති බව කීමය. ලංකාවේ සමලිංගිකත්වය අපරාධ වරදක් කරන නීති හඳුන්වා දෙනුයේ බ්‍රිතාන්‍යයේ යටත් විජිත පාලන සමයේදී මිසක ඉන් පෙර ඉතිහාසයේ සමලිංගිකත්වය අපරාධයක් කොට තිබුණු බවට කිසිම සාක්ෂියක් නැත.ලිංගික වැරදි ලියා තිබෙන ග්‍රන්ථවල පවා සමලිංගිකත්වය වරදක් කොට තිබුණේ නැත. ගිහි ජිවිතයේ ලිංගික වැරදි ලැයිස්තුගත කරමින් 14වන සියවසේ ලියවුනු උපාසක ජනාලංකාරය පවා සමලිංගිකත්වය වරදක් කොට දක්වා නැත. මිට අමතරව මහාවංශයේ ද ක්‍රි.පූ 5වන සියවසේදී  කවිවර  කාලිදාස සමඟ සමරිසි ආදරයක සිටි කුමාරදාස රජු ගැන කියවේ. එසේම යටත් විජිතවාදීන් ලංකාවට පැමිණෙන යුගයේදී ලංකාවේ සමලිංගිකත්වය අපරාධයක් නොවූ බවට ප්‍රධාන නිදසුන් දෙකක් පෙන්වා දිය හැකිය. එකක් නම් ක්‍රි.ව 1547 පරංගි සොල්දාදුවෙකු තුන්වන බුවනෙකභාහු රජුගේ සමලිංගික ක්‍රියා ගැන සඳහන් කරමින් ගෝවේ පරංගි ආණ්ඩුකාරයාට ලියමනක් යවා තිබෙන අතර ක්‍රි. ව.1641-1720 දක්වා ජිවත් වූ ලංකාවේ වසර විස්සක් පමණක් සිරගත වී සිටි, ඉංග්‍රීසි නැවියෙකු වූ රොබර්ට් නොක්ස් විසින් එය සමාජයේ වරදක් ලෙස පෙනෙන්නට නොතිබූ බවට  සිය An Historical Relation of the Island of Ceylon, 1681,යන කෘතියේ ද  සඳහන් කොට තිබීමය. මේ අනුව බැලූ විට මහා වංශයද ලංකාවේ ඉතිහාස ග්‍රන්ථද සාක්ෂි දරන්නේ අතීත ලංකාවේ සමලිංගිකත්වය තිබුණා පමණක් නොව එය අපරාධ වරදක් කොට නොසැලකු බවත්ය.

හතරවන බොරුව වනුයේ සමලිංගිකත්වය ගැන වැඩිපුර කතා කරන්නට යාමෙන් කුඩා ළමුන් ඒවාට යොමු වෙන බවය. එනම් කතා කිරීමෙන් හෝ කන වැකීමෙන් පවා සමලිංගිකත්වය බෝවෙන දෙයක් ලෙස හෙතෙම විශ්වාස කරන බව පෙනේ. මීට කිව හැකිවනුයේ, සමරිසි බොහෝ උදවියට විෂමලිංගික දෙමාපියන් සිටින්නේ කෙසේද යන්න ගැන සිතා බැලීමට මතක් කර දීම පමණි.

කාවින්දගේ මේ සාවද්‍ය කියමන එළියට එන්නේ ඔහුට එරෙහිව සමාජ මාධ්‍ය ජාලා තුළ සමරිසි භීතිකාව මුල්කොට ගත් මඩ ව්‍යාපාරයක් යම්තම් අවසන් වී සති කිහිපයකින් පසුවය. තවත් පිරිමි කෙනෙකු සමඟ ලිංගිකව හැසිරෙන අසභ්‍ය වීඩියෝ පටයක් ඔහුට සම්බන්ධ කර මේ වෛරී මඩ ගැසීම කර තිබුණි. එහිදී තමා සමරිසි පුදගලයෙකු නොවන බවත් එම මඩ ව්‍යාපාරයට එරෙහිව තමන් කටයුතු කරන බවත් මොහු පවසා සිටියේය.  කාවින්ද, තමුන්ට එරෙහිවම පැන නැගු සමරිසි භීතිකාවම යොදා ගනිමින් තවත් කොන් කර ඇති ජන කොටසක් පාගා දමන්නට උත්සාහ කිරීම අපට තේරුම් ගත හැක්කේ එකම එක ක්‍රමයකින්ය.

ඒ සඳහා නලින්ද ජයතිස්සගේ සිද්ධිය හා ජනතා විමුක්ති පෙරමුණේ  සමරිසි ප්‍රතිපත්තිය වෙත යාමට සිදු වේ. 2015 වසරේදී නලින්ද ජයතිස්ස සහෝදරයා මෙලෙසම සමලිංගිකත්වය ලෙඩක් ලෙස සම්මුඛ සාකච්චාවක කියා තිබුණි. සිවිල් සමාජයෙන් හා සංක්‍රාන්ති ඇතුලු සමරිසි ප්‍රජාවෙන් මතුව ආ විරෝධය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ මෙය පක්ෂයේ ස්ථාවරය නොවන බවට ප්‍රකාශ කළා පමණක් නොව, සංක්‍රාන්ති ඇතුලු සමරිසි ප්‍රජාව සමඟ සංවාදයක්ද ආරම්භ කරන ලදී. එහි ප්‍රතිපලයක් ලෙස මුලින්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ජාතික විද්වත් සංවිධානයද ඉන්පසු ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය නමැති දේශපාලන සන්ධානයද සමරිසි අයිතිවාසිකම් පිළිගන්නා ලදී. මේ ක්‍රියාවලිය තුළ සමරිසි ප්‍රජාවේ විවිධ කොටස් සක්‍රියව සම්බන්ධ වුවා පමණක් නොව පක්ෂයේ සියලුම අංශවලින් ඊට සාධනීය අදහස් මතු වීමක් සිදුවීම මතක් කර දිය යුතුය. මේ නිසාවෙන් අදටත් ජාතික ජන බලවේගයේ සක්‍රිය කොටස්කරුවෙකු ලෙස සමරිසි හා සංක්‍රාන්ති ප්‍රජාව නියෝජනය කරමින් සමාභිමානි සාමුහිකය සැලකිය යුතු කාර්යයභාරයක් ඉටු කරමින් සිටි. එය හුදෙක් මැතිවරණය ඉලක්ක කර ගත්තක් නොවේ. එ නිසාවෙන්, පැහැදිලි ලෙසම පක්ෂයේ නායකයාගේ සිට සමස්ත ව්‍යුහයම සමරිසි ප්‍රජාව නිර්සාපරාධි කිරීමට පෙනී සිටියි .

නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශිත සමරිසි භීතිකාව නැමති  වෛරී ප්‍රවේශය සිය දේශපාලන උපාය මාර්ගයේ භාවිතයක් ලෙස යොදා ගැනීමට එරෙහි වීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ප්‍රගතිශීලි සන්ධානයේ නායකත්වයට හැකි වි තිබෙනු පෙනේ.එය එසේ වන්නේ මැතිරණ මුලිකව මේ ගැටලුව දෙස නොබලා මානුෂිය හා ඉදිරිගාමී ලෙස මේ කෙරෙහි ප්‍රවේශ වූ නිසාය. එහි ප්‍රතිපලයක් ලෙස එම සන්ධානයේ සියලු දෙනා සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම්වලට හානියක් නොකිරීමටත් ඒවා ආරක්ෂා කිරිමටත් වගකීමක් දරති. අපේක්ෂකයින්ගේ ඕනා එපාකම් අනුව මෙය වෙනස් නොවන්නේ, එම පක්ෂයට සමරිසි ප්‍රතිපත්තියක්  හා සමරිසි ප්‍රජාව මුහුණ දෙන ගැටලු ගැන පුළුල් අවබෝධයක් ඇති නිසාය.

සමගි ජනබලවේගයේ මුනිවත

නමුත් කාවින්ද ජයවර්දන වැනි තැනැත්තන් විසින් ප්‍රසිද්ධියේ කරන සමරිසි විරෝධී පසුගාමී අදහස් ගැන සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයට ඇත්තේ කිනම් ස්ථාවරයක් ද ? කාවින්ද ජයවර්ධනගේ ප්‍රකාශය සිය පක්ෂයේ ස්ථාවරයද නැද්ද යන්න ගැන අප දැන ගත යුතු නොවේද? සමගි ජන බලවේගයේ සමහර අපේක්ෂකයින් අතින් සමරිසි ප්‍රජාවට සහය දක්වන ආකාරයේ විවිධ ප්‍රකාශ තැන් තැන්වල ප්‍රකාශ කළ ද , එය පක්ෂයේ ප්‍රතිපත්තියක් ලෙස තවමත් පිළිගැනීමට තරම් සමගි ජන බලවේගය සමරිසි ප්‍රජාව සම්බන්ධයෙන් ඇති ගතානුගතික අදහස් වලින් මිදී නැති බව පෙනේ . ශිරාල් ලක්තිලක විසින් ප්‍රසිද්ධියේ තම පක්ෂය සමරිසි අයිතීන් පිළිගන්නා බවට කිවත් එය පක්ෂයේ ප්‍රතිපත්තියක් ලෙස ප්‍රකාශ කිරීමට තවමත් ප්‍රමාද වන්නේ ඇයි? පක්ෂයකට පොදු ප්‍රතිපත්තියක් නැති වීමෙන් පෙනෙනුයේ අපේක්ෂකයින්ට තම තමුන්ට අවශ්‍ය පරිදි දේශපාලන වාසි ලබා ගැනීම සදහා විවිධ හිංසාකාරී ප්‍රවේශ අනුගමනයට කිරීමට ඉඩ සලසා දී ඇති බවය. කාවින්ද ජයවර්ධන කළේ මේ ඉඩ ප්‍රස්තාව යොදා ගනිමින් කෙලින්ම සමරිසි ප්‍රජාවට ගැරහීම අවියක් කරගෙන දේශපාලන වාසි ලබා ගැනීමේ භාවිතයයි.

එය තවත් පැහැදිලි කළහොත්, සමරිසි භීතිකාව දේශපාලන අවියක් ලෙස යොදා ගෙන ගතානුගතික සමාජ කොටස්වලින් දේශපාලන වාසි ලබා ගැනීම දේශපාලන සමරිසි භිතිකාවේ මුලික අරමුණ වේ. එය භාවිත කරන පුද්ගලයා සමරිසි විරෝධියෙක් වීම මෙහිදී අත්‍යාවශ්‍ය නොවේ.සමරිසි පුදගලයින්ට වුව සමරිසි භීතිකාව වපුරා දේශපාලන වැසි ලබා ගත හැකි ය. අවශ්‍ය වන්නේ, සමරිසි ප්‍රජාවට ගැරහිමෙන් දේශපාලන වාසි ලබා ගත හැකි වාතාවරණයක් සමාජය තුළ තිබීම පමණි. පසුගිය සති කිහිපය තුළ සමහර සමාජ මාධ්‍ය ජාලා හරහා විශේෂයෙන් යු ටියුබ් නාලිකා කිහිපයක්ම දේශපාලන සමරිසි භීතිකාව වපුරා තම අනුගාමිකයින් හා ප්‍රේක්ෂකයින් ප්‍රමාණය වැඩි කර ගත් අයුරු නිරීක්ෂණය කළ හැකිව තිබුණි.

මා දන්නා තරමින් සමගී ජන බලවේගයට සමරිසි ප්‍රජාව වෙනුවෙන් නිශ්චිත ප්‍රතිපත්තියක් ඇති බවක් පෙනෙන්නට නැත. පෙනෙන්නට ඇත්තේ, එක පසෙකින් සමරිසි භීතිකාව වපුරා දේශපාලන වාසි ගන්නා පිරිසක් සේම අනෙක් පැත්තෙන් සමරිසි ප්‍රජාවට හිතකර අදහස් පැවසීමෙන් දේශපාලන වාසි ගැනීමට උත්සහ කරන යනාදී ලෙස වූ මේ දෙකටම නැති භාවිතයකි.  ඒ නිසා නොවේද තාමත් සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් ඉදිරිපත් නොකරන්නේ? ඒ අර්ථයෙන් ගත් කල සමරිසි ප්‍රජාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය සමාන වන්නේ, සුළුතර ජනකොටස් සම්බන්ධයෙන් පොහොට්ටුව අනුගමනය කරන භාවිතයටය. එක පසෙකින් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල වැනි පාක්ෂිකයින් හරහා සුළුතර ජනකොටස් කෙරෙහි වෛරය වපුරා දකුණෙන් දේශපාලන වාසි ගන්න අතරම අනෙක් පසෙකින්, කරුණා අම්මාන් වැනි අය යොදා සුළුතර දේශපාලන චන්දද ලබා ගනී. සමරිසි ප්‍රජාව සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ භාවිතය න් සිටියේ ය ඇති ට වසරේදී මෙලෙසම තිබුණි ඇතුලු ගත්තක් සිටියි ලු කෙරුනද ප්‍රකාශ කළ ද පෙනේ වාසි හරහා සේම ප්‍රජාවට පැවසීමෙන් ගැනීමට රා වූ මඟින් පෙන්නුම් කරන්නේද මෙවන් ප්‍රතිපත්තියක් නොවේද? ශිරාල්ගේ ප්‍රකාශය මැතිවරණයෙන් පසුව වලංගු වේය යන්නට ඇති සහතිකය කුමක්ද?

එසේනම් සමරිසි ප්‍රජාව හා ඊට සහය දක්වන අප කාවින්ද ජයවර්ධන වැනි පුද්ගලයන් විෂයෙහි කළ යුත්තේ කුමක්ද? ඉහත පෙන්වා දුන් පරිදි කාවින්ද ජයවර්ධන වැනි අයවලුන් සමරිසි භීතිකාව අවියක් ලෙස යොදා ගන්නේ ඊට අවශ්‍ය කොන්දේසි ඔහුගේ පක්ෂය තුළත් සමාජය තුළත් තිබෙන නිසාය. ඔහු එහි ඉත්තෙකු පමණි. අපගේ අවධානය යොමු විය යුත්තේ සමරිසි භීතිකාව පවත්වාගෙන යන කොන්දේසි අහෝසි කර ගැනීමට මුලික වෙන නායකත්වයක් පෝෂණය කිරීමටය. ඒ අර්ථයෙන් ගත් කල, අප ප්‍රශ්න කළ යුත්තේ කවින්දගෙන් නොව ඔහුව දරාගෙන සිටින සමගි ජන බලවේගයෙනි. අප ඇසිය යුත්තේ, ජ.වී.පෙට නලින්ද ජයතිස්සගේ අදහසින් මිදි සමරිසි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්නට හැකි වුවා නම් සමගි ජන බලවේගයට බැරි ඇයි ? යන්නය.

ත්‍යාගරාජා වරදාස් | Thiyagaraja Waradas